කැළණිය විශ්ව – විද්‍යාලයේ දී ඉකුත් ජූනි 30 වැනිදා “ඇගේ ඇස අග” සම්මන්ත්‍රණයේ දී සමන් වික්‍රමආරච්චි සහ ප්‍රභා මනුරත්න විසින් පවත්වන ලද දේශන දෙකට පහතින් ඔබට සවන් දිය හැකිය.
මෑතකදී මහේෂ් හපුගොඩ සහෝදරයා යෝජනා කරනු ලැබුවේ වාමාංශිකයන් ලෙස අපගේ – Leftism – ප්‍රතිවිරෝධයන්ට අප ඉඩ නොදෙන්නේ නම් ඒවා තක්කඩින්ගේ වේදිකා මත රැවු දෙනු ඇත යන්න ය. ලෙනින්වාදයේ උභයාවේගයන් ට ස්ටාලින්වාදී උපක්‍රම විසඳුමක් නොවේ. 2004 වර්ෂයේ ප්‍රතිවිප්ලවීය තර්මිඩෝරයේ දී සැළකිය යුතු කාර්යයක් කළ කෙනෙක් ලෙස හදුන්වමින්ම ප්‍රභා යනු අප ඉදිරිපත් කළ අදහස් වර්ධනය කරන්නියක ලෙස ද හදුනා ගත යුතුය.[antinomy-a contradiction between two beliefs or conclusions that are in themselves reasonable; a paradox – Ontological dimension of Marxist politics.] චිත්‍රපටය ගැන ඇයගේ දේශනය තුළ මතුකළ ප්‍රධාන කාරණා දෙකක් මින් පෙර විචාර වලදී මතු වූයේ නැත.
(1). චරිත එකිනෙකා දෙස නරඹන කෝණය සහ සිනමා කැමරාව (පුඵල්ව සිනමාව) එම චරිත දෙස නරඹන ආකාරය පිළිබඳ පරතරය – gap or subject – අවධාරණය කිරීම. එය දඩුවම්කාරී බැල්මක් ලෙස ප්‍රකාශ කර එහි පිරිමි බව අවධාරණය කිරීම. එනම් ලිංගිකව ක්‍රියාකාරී තරුණ ස්ත්‍රීන්ට එරෙහි අවිඥාණක සමාජ වෛරය මතු කිරීම. අපගේ අවබෝධයට අනුව ප්‍රභාගේ ස්ත්‍රීවාදී කතිකාව සාරාත්මවාදීය. අප යෝජනා කරන්නේ ස්ත්‍රිය පිළිබඳ ප්‍රතිසාරාත්මක (anti essentialist feminism) කතිකාවකි. උදාහරණයක් ලෙස චිත්‍රපටය තුළ ස්ත්‍රිය පිළිබඳ පිරිමි සාරාත්මකවාදයක් ගොඩනංවමින් ඇයට එරෙහි පුරුෂ හිංසනය මතු කළ හැක. නමුත් කෘතිය විසංයෝජනය කරන විට ස්ත්‍රිය පිළිබඳ ප්‍රතිසාරාත්මක කතිකාවක් ද වර්ධනය කළ හැක. එය කප්පාදුවට -symbolic castration- එරෙහිවය.
කලාකරුවෙකු යනු පිරිමියෙක් වන අතරම ස්ත්‍රියක් ද වේ යැයි ඩෙරීඩා අවධාරණය කරන්නේ මේ නිසාය. ඔහුට අනුව යමින් ස්ත්‍රිය == දෙමළා යන ප්‍රවාදය ද ගොඩනැංවිය හැක. මන්ද යත් ස්ත්‍රිය මෙන්ම දෙමළා ද ස්වං-නිශේධනාත්මක – negative concept – සංකල්පයක් නිසාය. එබැවින් ලැකාන්ට අනුව යමින් ‘බැල්ම’ සර්වබලධාරී ද ? නැතහොත් සර්ව-ආබාධිත ද ? යනුවෙන් වර නැගිය හැක. එතැන දී ලෝරා මුල්වී ගේ දැක්ම -Gaze- පිළිබඳ පුරුෂවාදය විසංයෝජනය කළ හැක. පිරිමියා දැක්ම හරහා දර්ශනයේ -scene- සුක්කනම අතට ගන්නවා නොව එය අතහරිනවාය.
(2). ශරීරය විසංයෝජනය වූ ගැහැණුන්ට අප කුමක් කරන්නේද? බොහෝ ස්ත්‍රීවාදීන් තමන්ගේ දර්ශනය ගොඩනගා ඇත්තේ පිරිමින් විසින් අතහරින ලද මිනිස් ශරීරයේ කොටස් ( උදා- ලුසී ඉරිගරේ – තොල් , සිමොන්දි බුවාර් – සමස්ත ස්ත්‍රී ශරීරය, කැතරින් මලබු (මොළය) පදනම් කොට සංකල්ප ගොඩනැගීමෙනි ) නූතන ධනවාදය තුළ රජ කරන්නේ පුරුෂාධිපත්‍යය නොව නරුමවාදීත්වයයි. එතැනදී සංවිධානය ලෙස අපත් තනි පුද්ගලයකු ලෙස ප්‍රභා ත් නරුමවාදීව මල්ලිකා මනුරත්න නම් වියපත් ශරීරය අමතක කර ඇත. ඇය දෙස නැරඹිය හැකි ආශා රාමුවක් (ෆැන්ටසියක්) යළි අපට හමු නොවේ. ඇය නිසා ආදරයෙන් උන්මාද වූ පිරිමින් කොතරම් ඇයව මගහැර ඇත්ද ? එබැවින් සෝබනය සහ සැබෑ ජීවිතය අතර වෙනසක් ඇත. 21 වැනි සියවසේ මාක්ස්වාදයට පසමිතුරුභාවයන් මග හැරිය නොහැක.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. දීප්ති සහෝදරයා වෙත ,
    ඔබ විසින් ප්‍රභා මනුරත්න මහත්මිය විසින් කරන ලද දේශනය අප වෙබ් අවකාශයේ පළ කිරීමට ගත් තීරණය පිලිබඳ මගේ විප්ලවීය ප්‍රණාමය පුදකරමි. (සමන් වික්‍රමාරච්චි මහතා ද ඇතුළුව) අප මේ සියල්ල කරන්නේ මේ පවතින මඩ ගොහොරුවෙන් තව දශමයක් හෝ ගොඩ එනු පිණිසය. පිඩිත නිර්ධනින් වෙනුවෙන් හෙට දිනක් නිර්මාණය කරනු කැමැත්තෙනි. ඔබගේ ජීවිතය ගත වුවේද ඒ සඳහාය. අප ඔබගේ දේශපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේද එම ප්‍රාරම්භක අභිනය වෙනුවෙන් කරන කැපකිරීමක්, දේශපාලනික-ආචාර ධාර්මික ගරු කිරීමක් ලෙසය. ඔබ තුළ ඇති බටහිර ආත්මය නැවත වරක් සමාජයට එළිදරව් වූ අවස්ථාවකි මෙය. මෙම පළකිරීම තුළින් අප විසින් මිට පෙර පක්ෂය තුළ තිබු ගුප්ත අන්තරාවර්ති බවෙන් මිදීමට පළමු පියවර තැබුවා වෙයි. නව වාමවාදී විශ්වීය බවක් වෙත ගමන් කිරීම ට උත්සාහ කළා වන්නේද වෙයි . අපගේම පරස්පරතා සඳහා අප විසින්ම ඉඩ ලබා දුන්නාද වෙයි (ස්ටාලින්වාදී හා මාවෝවාදී වරද කෙරෙන් ඓතිහාසිකව මිදීම නම් අභිනය). අප කතා කරන අපගේ ම පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටියා වන්නේද වේ. ඇගේ කතාවේ අන්තර්ගතය කුමක් වුවත් මේ සටහන අපගේ ක්‍රියාව සම්බන්දයෙන් පමණි. ඇය විසින් ගෙන එන වියපත් ගැහැණිය පිලිබඳ නිරීක්ෂය මා මීට පෙර අසා තිබුණද ඒ ගැන සිතා නොතිබූ බව අවංකව පිලිගනිමි. මෙම ක්‍රියාව විසින් අංශක එකසිය අසුවකින් අපව කාන්ටියානු විශ්වීයත්වය දිශාවට යොමු කරවයි.ඉදිරියටත් අප මෙවන් නිවරදි දේ කරමු. නිර්දන පංතිය අපව පිළි නොගන්නේ නම් ගුඩ් බායි කියමු. දිනුව ද පැරදුන ද ඔබගේ තීරණය සැබවින්ම විප්ලවීය ක්‍රියාවකි. ආචාරය..!
    ‘The task of philosophy is not to provide answers, but to show how the way we perceive a problem can be itself part of a problem’ (Zizek) අප ප්‍රශ්නය ලෙස හදුනාගන්නා දෙය ප්‍රශ්නයේ ම කොටසකි.

    මහේෂ්

  2. නැවත වරක් ඇය අපට English පංතිය පටන් ගන්නවා ඇත..! පභාවතිට දීප්ති සහෝදරයාගේ විප්ලවීය ආචාරය..!

  3. ඒක අහම්භයක්ද,සනස්කෘතිය අතිතයට අය්ති දෙයක් කියල දිප්ති දන්න නිසාද……දිප්තිට අනුව මේ අවතාර නේද..

Comments are closed.