[dropcap color=”black”]බො[/dropcap]හෝදෙනා සිතුවේ 2009 වසරට පසු ජාතික ගැටළුව කියා දෙයක් නැති බවයි. මෙසේ සිතූ සමහරුන්ට මේ වන විට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වී ඇත. එම ලැජ්ජාව අප්පිරියාවක් වන ආකාරය දැන ගැනීමට අවශ්‍ය අය COLOMBO TELEGRAPH වෙබි අඩවිය වෙත යා යුතුය. එම වෙබ් අඩවිය ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් වැටුප් ලබන්නන් පවා වටහා  ගෙන ඇත්තේ දේශපාලන විශ්ලේෂකයන් නම් ගාම්භීර සංකල්පයෙනි. සිවිල් මාධ්‍යයන් විසින් ඔත්තුකරුවන් ච්න්තකයන් ලෙස සලකා ඇත්තේ එම මාධ්‍ය පමණක් නොවේ. රාවය යනුද එවන් පුවත්පතකි.

ලංකාවේ සිවිල් යුද්ධයේ වර්ථමානයේ වීරයන්ව අභිශේක කරන ලද්දේ චීන කොමියුනිස්ට් පක්ෂයයි. තව ටික කලකට පසු උතුරේ පැවැත්වෙන ඡන්දයට පසු ජයග්‍රහනය හිමි වීමට නියමිත ටී.එන්.ඒ එකට උතුරේ කිසිවක් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. මේ වසර අවසාන වන තෙක් ටී.එන්.ඒ එකට විශාල දෙයක් වන්නේ ද නැත. නමුත් තව ටික කලක් යන විට ටී.එන්.ඒ සංවිධානයේ දේශපාලන සුජාතභාවය අහෝසි වනු ඇත. දෙමළ ජාතික ප්‍රශ්ණයට මැද පංතික උත්තර නොසෑහෙන බව එවිට සියළු දෙනාම වටහා ගනු ඇත.

දැනට පවතින සමකාලීන ලෝක දේශපාලන බල තුලනයට අනුව දෙමළ ජාතියට අදාල ප්‍රශ්ණයට කිසිදු උත්තරයක් ලැබෙන්නේ නැත. නමුත් යථාර්ථය සැමදා එකතැන පල් වන්නේ නැත. ඇමෙරිකාවේ ඔබාමා,එංගලන්තයේ කැමරන්,ජර්මනියේ ඇන්ජලා මර්කර්,රුසියාවේ පුටින්, ඉන්දියාවේ ගාන්ධිලා,ප්‍රංශයේ හොලන්ඩේලා යනු සදාකාලික පාලකයන් නොවේ. ඉතිහාසය යනු නිදිහස සර්පිලාකාරව ගමන් කිරීමකි. ලෝක බලවතුන්ගෙන් දෙමළ ප්‍රශ්ණයට අනුමැතිය අවශ්‍ය වන්නේ එක්වරකි. නමුත් දෙමළා පෑගීමට සිංහලයන්ට ලෝක බලවතුන්ගෙන් වසරක් පාසා අනුමැතිය අවශ්‍යය. එය හාස්‍යජනක ක්‍රීඩාවකි. බුද්ධිමත් සිංහල මිනිසෙකුට වැටහී යා යුත්තේ කුමක් ද? අපි මේ සෙල්ලම් කරන්නේ නොදන්නා අනාගතයක් වෙනුවෙන් බවයි. එය ඉතාම භයානක ක්‍රීඩාවක් වන්නේ මේ සෙල්ලම සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති-රීති උල්ලංඝණය කරන ජයසූරිය වැනි ක්‍රීඩකයන් විසින් මෙහෙයවන නිසාය. තවම අප සමග ඔස්ට්‍රේලියාව ක්‍රීඩාකර නැති නිසා දැනට අපට සතුටු විය හැක.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේ බයිලා නෙවේ…..ඒයි කවද්ද බන් උබලගේ කොමියුනිස්ට් (කොම්පිට්ටු)සමාජවාදේ එන්නේ.

  2. මිතුරනි….. ඉහළ කුලේ විග්නේශ්වරන්ලා දේශපාලනටය පැමිණීම ගැන පහළ කුලේ විමල් සහ චම්පක කලබල වීම ගැන දේශපාලන විග්‍රහයක් ඉදිරිපත් කළ හැකිද?

  3. ඉන්දියාවට අප බිය විය යුතු ද? ඉන්දියාවේ පදයට අප නැටිය යුතු ද යනුවෙන් ප්‍රශ්න කිරීමෙහි අර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ප්‍රකාශ කිරීම මිස; අපේ ලොකු අයියා තරහ කර ගැනීම නො වේ. ඔහුට තර්ජනය කිරීම ද නොවේ. ඉන්දු – ලංකා ගිවිසුම ඉන්දියාවේ බලහත්කාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එම ගිවිසුමේ කොන්දේසි දෙපැත්තෙන් ම කැඩී ඇත. එහි එක් අර්ථයක් වන්නේ මේ ගිවිසුම පවත්වාගෙන යා නොහැකි ප්‍රයෝගයක් බව ය. ඉන්දියාවේ අලුත්ම ඉල්ලීම ප්‍රතික්ෂේප වුව එහි මධ්‍යම රජය ඒ ගැන කලබල වී නැත. එහෙත් ටී.එන්.ඒ. සමඟ දිගට ම සාකච්ඡා පවත්වමින් සිටිති. පළාත් සභා සංශෝධනයට ඉඩ නො දෙන්නැ’ යි දෙමළ ජාතික සන්ධානය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

  4. කෝම්පිට්ටු(කොමිනියුස්ට් )සමාජවාදය කවදා ගොඩනැගේවි දැයි තුෂාර ලා මේ භුමිය තුල සිටින තෙක් හිතාගන්න බැරිබව නම් ෂුවර්ය.නමුත් තුෂරලා ,විමල්ලා,චම්පිකලා ,ජිවත්වන සිස්ටම් එක අවුල්බව නම් පැහැදිලිය.දශක ගණනාවක් පුරා තුෂාරලාගේ හිතට නැගෙන අකාරයට තේරුම්ගැනීමේ දේශපාලනයට වගේම,චම්පිකලාගෙ සහ විමල්ලාගේ මගේ ලෝකයට පෙනෙන දේශපාලණයට පවා පවතින වර්තමාන ගෝලීය දේශපාලන ගැටලු තේරුම්ගැනීමටත් බැරිබව ෂුවර්ය.මට තේරෙන අකාරයට මේ ලිපියේ අරමුණ වෙන්නෙ ගෝලීය දේශපාලන සංධර්භය තුල උතුරු නැගෙණහිර ජනතාවගෙ ගැටලු වලට දේශපාලනිකව මැදිහත්වීමට අවශ්‍යය න්‍යයාත්මක විශ්ලේෂණයක් ලෙසයි.වෙන කවරදාටවත් වඩා මූලිකවම අද අවශ්‍යය වන්නේ වෙනස් කිරීමට වඩා වෙනස් කිරීමට අදාල සංධර්භය දේශපාලිනිකව තේරුම් ගැනීමයි.අපි හැමොගේම අරමුණ පවතින සමාජයට වඩා උසස් සමාජයක්!(කෝම්පිට්ටු කොමිනියුස්ට් සමාජවාදයක්)යැයි නරුමවාදී අකාරයට උසස් අරමුණකට අපහාස කරන්න එපා !නොදන්නේනම් හදාරන්න එවිට ඔබට සතුට ලැබේවි!

Comments are closed.