දශක දෙකක පමණ පක්ෂ ඉතිහාසය අප අවලෝකනය කළහොත්, එහි බුද්ධිමය සම්ප්‍රදායට අදාල මූල සාධක දෙකක් හඳුනාගත හැකි ය.

 

1. ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විවාදය – 90 දශකයේ මුල අපගේ සංවාද තලය ආරම්භ වූයේ, සරත් අමුණුගම පටන්ගත් ජෝතිපාල පිළිබඳ විවාදයෙනි.

 

2. 90 දශකය මැද වන විට දී ඉහත විවාදය අප විසින් ‘සංස්කෘතිය’ හුවමාරු වටිනාකම් (හුවමාරු භාණ්ඩ නැතහොත් පාරිභෝගික භාණ්ඩ) තලයට විස්ථාපනය වීමක් ලෙසින් හඳුනාගන්නා ලදී. මෙම තත්වය මඟින් ලංකාවේ ‘පශ්චාත්-නූතනවාදය’ නම් විවාදය හට ගන්නා ලදී.

 

     (A) පසුගිය දශක දෙකක විවාදය තුළ අප ඉහත පළමු ස්ථාවරය අලුත් තත්වයක් දක්වා වර්ධනය කරන ලදී. ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විවාදය ලංකාවේ න්‍යායගත කරන ලද්දේ, නිහාල් පීරිස් ය. ඔහු, එය සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙසින් වර්ධනය කරන ලදී. එමගින්, නිහාල් පොදුජන සංස්කෘතියේ ජනන බලයත්, විදග්ධ සංස්කෘතියේ අව්‍යාජ ස්වාධීනත්වයත් ප්‍රශ්න කරන ලදී. මේ විවාදය වසර 2000 ට පසුව ඉපදුණු පරම්පරාව නොදන්නා අතර ඔවුන්ට මෙම සංස්කෘති දෙක අතර වෙනස අදාළ ද නැත. 

 

          අප පක්ෂයේ ඉතිහාසය ලෙස නව පරම්පරාවට ඉදිරිපත් වී ඇත්තේ, පහත ආකාරයේ කොලාජ් චිත්‍රයකි.

Marlon Brando holding a cat in a scene from the film ‘The Godfather’, 1972. (Photo by Paramount/Getty Images)

 

1. ‘Rights Now’ ආයතනය හරහා සුදර්ශන ගුණවර්ධනගේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘Godfather’ ආකෘතිය- Godfather චිත්‍රපට ත්‍රිත්වයෙන් සාකච්ඡා වන්නේ, ඉතාලියෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ පාතාල ලෝකයේ රජවරුන් වූ පවුලක් වටා ය. සුදර්ශනගේ ම මතයට අනුව, මෙම චිත්‍රපටවලින් ප්‍රකාශයට පත් වූයේ, තමන්ගේ පාතාල ව්‍යාපාර කටයුතු කොහොමද සිවිල් ව්‍යාපාරික තලයකට ගෙන යන්නේ කියන සාධකය යි. එනම්, විනෝද කර්මාන්තය හා දේශපාලන බල ව්‍යුහයට ඇතුල් වන්නේ කෙසේද යන්න එක්තරා තලයක දේශපාලන යුතෝපියාවකි. ඇමෙරිකාව තුළ ධනවාදයට විකල්පයක් නැති තැන ඒ සඳහා යුතේපියාවක් ලෙසින් සකස් වීම චිත්‍රපට ත්‍රිත්වයේ ආඛ්‍යානය යි.

 

පුදුමයට කාරණය වූයේ, සුදර්ශනට ද ප්‍රගතියේ මාවත දිගහැරුණේ, අවිඥාණක තලයක මාෆියා පන්නයේ ආඛ්‍යානයක් හරහා වීමයි. පැරණි වාමාංශිකයින් මාෆියා කතන්දර තමන්ටම කියා ගැනීමෙන් භෞතික දියුණුව සලසා ගැනීම එක්තරා යුතෝපියානු උපක්‍රමයකි.

 

2. ගල්කිස්ස ප්‍රධාන කාර්යාල ව්‍යුහය – Children of Men නම් චිත්‍රපටයේ එක්තරා ස්ථානයක දී ‘තියෝ’ නම් චරිතය Battersea Power Statica වෙත ගමන් කරයි. එය, රජයට අයිති ගොඩනැගිල්ලක් වන අතර ඒ තුළ විවිධ කලාකරුවන්ගේ කෘති එකතුවක් දක්නට ලැබේ. එනම්, සංස්කෘතික භාණ්ඩ ය. මයිකල් ආන්ජලෝගේ ‘ඩේවිඩ්’, පිකාසෝගේ ‘ගුවැර්නිකා’ සහ පින්ක් ෆ්ලොයිඩ් නම් දේශපාලන රොක් සංගීත කණ්ඩායමේ ‘Inflatable Pig’ දක්නට ලැබේ. මේ කලාත්මක මුහුව එක්තරා වඳ යථාර්ථයක් බිහි කර ඇත. සියලුම කලාකෘති හුවමාරු භාණ්ඩ ආකෘතියට වැටුණු විට දී, ඒවා අතර ජනප්‍රිය සහ විදග්ධ කියා වෙනසක් නැත. ධනවාදය, මේ දෙකොටසටම පොදු වෙළෙඳපොළ යථාර්ථයක් බිහි කර ඇත. ඒ අනුව, ගල්කිස්ස ව්‍යුහය යනු, විදග්ධ න්‍යායික සංස්කෘතිය සහ පාතාල ආර්ථිකය අතර රැඩිකල් දෙමුහුම් වීමකි. එනම්, විප්ලවය සඳහා පාතාල ආකෘතිය යොදා ගැනීම එක්තරා ග්‍රාමීය යුතෝපියාවකි.

Flying Pig.

 

3. විදග්ධකරණය කරන ලද හිපි ආශාව – මෙමඟින් නිරූපණය වූයේ, 96-2004 දක්වා සංවිධානයේ වැඩ කළ ක්‍රියාකාරීන්ගේ අවිඥාණක ආශාවයි. මෙම තත්වය, ‘කර්ට් කොබෙන්’ සහ ‘නිර්වාණා’ සංගීත කණ්ඩායම හරහා පැහැදිය හැකි ය. කොබෙන්ගේ ගැටලුව වූයේ, ඔහුගේ සෑම ක්‍රියාවක්ම, අන්තර්ගතයක්ම ඔහුට කලින් මාධ්‍ය එනම්, MTV නාළිකාව දැන සිටීමයි. ඉතිහාසයේ අවසානයට පසුව, රොක් සංගීතඥයෙකු වන්නේ කෙසේද යන්න ඔහුට ප්‍රහේලිකාවක් විය. කොබෙන් තමන් සතු සියලු ‘අන්තර්ගතයන්’ විකිණෙන බව හොඳින් දැන සිටියේය. ඔහුගේ ‘අව්‍යාජත්වය’ MTV සංස්කෘතියට යළි යළිත් පුනරාවර්තනය කළ හැකි විගඩමක් බවට පත් විය. කොබෙන්ට අලුත් විලාසයක් (Style) සොයාගත නොහැකි වූ අතර මියගිය විලාසයන් අනුකරණය කිරීම හැර අන් යමක් ඔහුට ඉතුරු නොවීය. මේ නිසා, ඔහුගේ රොක් සංගීතය පරිකල්පනීය චේම්බරයක් තුළ ගුහාගත විය. අවසානයේ ඔහු මිය යන්නේ, කැළිකසළ රොක් සංගීතයක් ඉතිරි කරමින්ය. එමඟින්, පීඩිත බව හෝ විරෝධාකල්ප බව මතු නොවීය. 90 දශකයේ අග පැමිණි Hip hop සංගීතය මගින් කොබෙන්ගේ ශානරය වැසී ගියේය. හැඟීම්බර ලෝකයට යටින් ඇති අපරාධ සංස්කෘතිය මතු කරමින්, රැප් සංගීතයේ රජා වූ Tupac මතු විය.

CHICAGO – MARCH 1994: Rapper Tupac Shakur performs at the Regal Theater in Chicago, Illinois in March 1994. (Photo By Raymond Boyd/Getty Images)

 

(B) ගැටලුව වන්නේ, අපගේ න්‍යායික අදහස්වල අන්තර්ගතය ද පශ්චාත්-නූතන වූයේ ද යන්නයි. කිසියම් පිරිසක් අපගේ න්‍යායික උරුමයන් විකුණමින් සමාජ අනන්‍යතා තනාගත් බව අපි දන්නෙමු. නමුත්, පශ්චාත්-නූතන සංස්කෘතිය අහවර වී එතැනට ජාතිකවාදය ආදේශ වී නැත. මන්දයත්, මේ ජාතිකවාදයන් ද ”පශ්චාත්-නූතන” වන නිසා ය. ඒවාට, වෙළෙඳපොළ වටිනාකම් මිස අන් හරයක් නැත.

Deepthi.

            දැන්, අපි ඩිල්ශාන් ප්‍රනාන්දු සාකච්ඡා කරන අප පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර දයලෙක්තික ආතතිය කියවමු. අනතුරුව, ඒ පිළිබඳව පොදු අදහසක් ගොනු කිරීමට උත්සාහ කරමු. 

Death drive.

 

]]]]]]]]]]]]]]]]]]]]]]+++++++++++++++++++++++++++}}}}}}}}}}}}}}}}}}}}}}

දැන්, අපි ඩිල්ශාන් ප්‍රනාන්දු සාකච්ඡා කරන අප පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර දයලෙක්තික ආතතිය කියවමු. අනතුරුව, ඒ පිළිබඳව පොදු අදහසක් ගොනු කිරීමට උත්සාහ කරමු. 

 

     මම උත්සාහ කරන්නේ, ලංකාවේ සන්දර්භය තුළ දී අපේ පක්ෂයේ නැතහොත් අපේ සංවිධානයේ ඉතිහාසයේ තිබෙන සාධක, අවස්ථාවන් සහ අපේ දෘෂ්ටිය කියන එක එක්තරා විදිහකට අර්ථකතනය (Interpret) කිරීමටයි. මම හිතන්නේ, ඒක වැදගත්. මගේ යටි පෙළේ තිබෙන ප්‍රශ්නය තමයි, උඩ පල්ලෙහා යාම් වැනි සියලුම දේවල් එක්ක අපි අපේ පැවැත්ම කොහොමද යුක්ති සහගතව කරන්නේ කියන එකයි. දැන්, මං මේක points හතරක් පහක් වශයෙන් කතා කරන්නම්. 

 

        පළවෙනි එක තමයි, මම හිතන්නේ, අපි කොච්චර මොනවා කිව්වත් ලංකාවේ වාමාංශික වරණ (Options) තිබෙන්නේ තුනයි. එකක් තමයි, ක්‍රමය පෙරළීම. ඒ තමයි, වාමාංශික තලයේ දී JVP ප්‍රමුඛ ක්‍රමය පෙරළීම කියන දෘෂ්ටිවාදය පෙරදැරි කරගත් කණ්ඩායම. දෙවෙනි එක තමයි, ක්‍රමය යට ඇති ඇත්ත දේශපාලන ආර්ථිකය විශ්ලේෂණය කිරීම නොහොත් නිව්ටන් ගුණසිංහ, ජයදේව උයන්ගොඩ, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය වගේ බුද්ධිමත් කතිකාව යට ඇති දේශපාලන ආර්ථිකය. තුන්වෙනි එකට තමයි අපි කියන්නේ, පැරණි වම කියලා. ඒ කියන්නේ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි කණ්ඩායම්. ඊළඟට, පොත් කියවීම වගේ විදර්ශනලා ඉන්න නව රැඩිකල් කව වගේ ඒවා තියෙනවා. මම හිතන්නේ, එය අලුත් වරණයක් නොවේ. මට හිතෙන්නේ, ඒවා අර ක්‍රමය පෙරළීම සහ ක්‍රමය යට ඇති දේශපාලන ආර්ථිකය විශ්ලේෂණය කිරීම යන Option දෙකේ තද වෙමින් පවතින ඒවා මිසක්, අලුත් Option එකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ නැත. අපි දන්නවා ගොඩක් වෙලාවට, ඒගොල්ලොන්ගේ දැන් සුමිත් චාමින්ද හරි කාගේහරි කතාවක් දැක්කම තියෙන්නේ, ක්‍රමය පෙරළීම කියලා. උදාහරණයක් ලෙස ගතහොත්, සුමිත් චාමින්ද ‘Pandemic’ නම් පොත පරිවර්තනය කිරීම හරහා උත්සාහ කරන්නේ, අර ක්‍රමය යට තියෙන ඇත්ත හොයා ගන්නවා කියන ආකල්පය යි. මං හිතන්නේ, මෙය අර මීට කලින් හිටපු 1980 ගණන් වල එනම්, නිව්ටන් ගුණසිංහලාගේ, ජයදේව උයන්ගොඩලාගේ කතිකාව තුළින් හොඳින් සිදු විය. 

 

        අපි හිතමු, දැන් යම් කිසි කෙනෙක්ට ලංකාවේ තියෙන දේශපාලනය ඇත්තටම යම්කිසි විදිහකට හිතන්න හරි, කියවන්න හරි ඕනේ නම් කොහේටද යන්නේ? මොකක්ද වෙන්නේ? කියන එක තේරුම් ගන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ, මොන පාරෙන් ආවත් එනම්, සමහර කට්ටිය කැම්පස් වලින් එළියට එනවා. සමහරක් අය, තමන්ගේ ආණ්ඩුවේ රැකියා ආශ්‍රයෙන් මේ දේශපාලනයට එනවා. මේ කවුරු වුණත් ලංකාවේ දේශපාලනය බුද්ධිමත්ව හිතන/ හිතන්න අවශ්‍ය කෙනෙක් මොකක්ද තෝර ගන්නේ? මම හිතන්නේ, ක්‍රමය පෙරළීම තෝර ගන්නේ නැත්තං මම හිතන්නේ නැහැ අර පරණ විදිහට නිව්ටන් ගුණසිංහගේ හරි; ජයදේව උයන්ගොඩගේ හරි; ගණනාථ ඔබේසේකරගේ හරි වැනි අයගේ පොත් ඉතාම හොඳයි. ඒ කියන්නේ, අද මේ JVP එකට වඩා ඒවා ඉතාමත් හොඳයි. නමුත්, මම හිතන්නේ 90 ගණන්වල විශේෂයෙන්, දීප්තිගේ අදහස් එක්ක යම් කිසි දෙයක් ඛණ්ඩනය වෙලා තියෙනවා කියලයි. දැන්, නිව්ටන් ගුණසිංහගේ අදහස් වුණත් ඉතාමත් හොඳට ඒ දේ අධ්‍යනය කරලා තිබුණා වුණත් ආයේ එකට යන්න අමාරුයි. මොකද ඊට පස්සේ, ඊට වඩා අලුත් අදහස් ගොන්නක් දැන් ඇවිල්ලා තියෙන නිසා. මං හිතන්නේ, ඒක තමයි ඔය X කණ්ඩායමේ මුලින් ආපු ඒ කියන්නේ, මං ඒක එක වචනයකට ඌනනය කළොත් මොකක්ද දීප්ති ප්‍රමුඛ X කණ්ඩායම ඒ වෙලාවේ තිබ්බ දේශපාලන ප්‍රවණතාවයට එන්නත් කළේ කියලා, අපිට ඒකට කියන්න පුළුවන් ‘හිස්ටීරියාව’ කියලා. දීප්තිගේ තිබෙන ඔය සියලුම පොත් වලින් ගත්තොත්, මේක තමයි ලොකුම එක. පිටු වශයෙන් ගත්තත්; ආන්දෝලනාත්මක වශයෙන් ගත්තත්; ඒක ලොකුයි. එය හැදෑරීමක් වශයෙන් ගත්තත්; න්‍යායිකව ගත්තත් එක පිළිවෙලකට ආකෘතිගත (Structure) වෙලා තියෙනවා. ලියලා තියෙන ආකාරයට වුණත් ඒක පැහැදිලියි. එවිට, එය තමයි එකපාර තියෙන එන්නත් කිරීම. එනම්, හිස්ටීරියාව නම් හැඟවුම්කාරකය යි. 

 

   දැන්, එතකොට ඔයගොල්ලෝ දන්නවා අර S.B De Silva වගේ කට්ටිය කියන සාමාන්‍ය පරණ මාතෘකා වලින් මේක වෙනස් මාතෘකාවක් කියලා. ඒ කියන්නේ, හිස්ටීරියාව පොතේ නැහැ මෙන්න මෙහෙම: කොළඹ හරි නැත්තං කොහේ හෝ ගමක තියෙන ඇත්ත දේශපාලන-ආර්ථික ප්‍රශ්න; ඒ කියන්නේ, දේපළ බෙදී යාමේ විෂමතාවය නැතහොත්, කෘෂිකර්මය තුළ තිබෙන ආදායම් විෂමතාවය නැතහොත්, රාජ්‍ය සේවයේ තිබෙන විෂමතාවය වගේ මාතෘකා මෙය තුළ නැහැ. දැන්, මෙය සෘජුව ආත්මීයත්වයට කරන මැදිහත් වීමකි. එම නිසා, මාතෘකා වශයෙන් ගතහොත් අර පැරණි අදහස් ගොන්නේ නොතිබිච්ච ලිංගිකත්වය, ස්ත්‍රිය, බලය කියන මාතෘකා නැතහොත් සංකල්ප තුන තමයි ඉතාමත් රැඩිකල් විදිහට මතුපිටට ආවේ. ඒ කියන්නේ, ගෑනු පිරිමි සම්බන්ධතා කියන්නේ මොකක්ද? එතකොට හිස්ටීරියාව නිසා ස්ත්‍රිය කියන්නේ කවුද? ඊළඟට, බලය කියන මාතෘකාව ගතහොත් තවදුරටත් අප විසින් විශ්ලේෂණය කළ යුත්තේ දේපළ නොව බලය කියන එකයි. ඉතිං මම හිතන්නේ, ඔය මං කිව්ව වාමාංශිකව තියෙන options අතරින් මේ හිස්ටීරියාව ප්‍රමුඛ කරගත් මෙන්න මේ අදහස් ඇත්තටම අලුත් කියලයි. එවිට, අප මතක තියාගත යුතු දෙයක් වන්නේ, 89 දී සිදු වුණු කළඹගෑනියේන් පසුව අලුත් විදිහකට මොකක් හරි ඒ කියන්නේ, අපේ ලංකාවේ මොකක්ද ඉස්සරහට ගන්න ඉදිරි පිම්ම කියන එක සම්බන්ධයෙන් මෙන්න මේ අදහස් ඉතාමත් ආකර්ෂණීය යි කියන එකයි. 

 

   මට මතකයි අපි ඒ කාලේ කැම්පස් වල ඉන්නකොට වුණත්, කවුරුහරි කෙනෙක්ට අර ලංකාවේ කොළඹ කේන්ද්‍රීයව වුණත් තිබෙන සංස්කෘතික දේශපාලනයේ ඒ කියන්නේ, ඇත්තටම රැඩිකල් විදිහට කියවන්න මොනාහරි ගන්න ඕනේ නම් ගන්නේ නැත්නම් බලන්නේ දීප්ති ලියන දේවල්. එනම්, බලන්නේ ත්‍රිමාණ සඟරා නැතහොත් මාතොට වැනි සගරා ය. මන්ද, හැමෝටම අලිඛිතව අවබෝධයක් තිබුණා එතන තමයි වැඩක් වෙන්නෙ කියලා – මොකක් හරි රැඩිකල් විදිහට බලන්න ඕනේ නම්, මේක තමයි කියවන්න ඕන; මෙයා මොකක්ද හිතන්නේ ඒ පැත්ත ගැන වගේ. එම නිසා, ගොඩක් ඔය වමට බර කට්ටිය සඳහා එහි තිබෙන සිවිල් නොවන භාවය සම්බන්ධයෙන් නැවුම් ආකර්ෂණයක් මෙන්න මේ අදහස්වල තිබුණා. දැන් ප්‍රශ්නය වන්නේ, මෙය යි. අපි දැන් ඉන්නේ, දේශපාලන පක්ෂයක් විදිහටයි. අර දීප්ති කිව්වා වගේ ආකෘතිය (Form) සහ අන්තර්ගතය (Content) අතර තිබෙන ආතතිය නැතහොත්, ආත්මය (Subject) සහ වස්තුව (Object) අතර තිබෙන ආතතිය අපේ වගේ දේශපාලන සම්බන්ධයකටත් අදාළ ය. උදාහරණයක් ලෙස ගතහොත්, 90 දශකයේ අදහස්වල තිබෙන පසුගාමීත්වය ඛණ්ඩනය කිරීමට තමයි දීප්තිගේ අලුත් අදහස් ආවේ. එවිට, එය අලුත් අන්තර්ගතය (Content) කි. එතකොට, ඒ අලුත් අන්තර්ගතය ඇතුළේ නිකං සරලව ආපු සුමනසිරි ලියනගේ කියන ජාතියේ ඒවට ඒවා කරන්න බෑ. එය අලුතින් සිතීමට සිදුවනවා. එනම්, දැන් අපි කියන්නේ ඔය රාජ්‍ය සුභසාධනය වගේ මාතෘකාවල සැකයක් ඇති වෙනවා කියලා. ඒවා සෘජු අර තිබිච්ච විදිහටම කතා කරන්න බැහැ. 

 

    අපි හිතමු, සුමනසිරි ලියනගේ වගේ එක්කෙනෙක් කියනවා වෘත්තීය සමිති වලින් තමයි ලංකාව වෙනස් කරන්න ඕන වගේ කියලා. අපි ළඟ දැන් අලුත් අදහස් තිබෙන නිසා, වෘත්තීය සමිති ඇතුළේ තියෙන බල රටාවන් කොයි වගේද? ඇයි JVP එක ලිංගිකත්වය ගැන කතා කරන්නේවත් නැත්තේ? මෙකේ ගෑනු කොහෙද ඉන්නේ? ආදරේ කියන්නේ මොකද්ද? වගේ ප්‍රශ්න අහන්න අපිට දැන් පුළුවන්. එම නිසා, අපිට අර ඒගොල්ලො කියන නිකම්ම එක පිළිගන්න අමාරුයි. මන්ද, අපි දැන් අලුත් අදහස් වලට පැමිණ තිබෙන බැවිනි. ඉතින්, මම හිතන්නේ ඒක පැහැදිලි ඛණ්ඩනයක්. එවිට, 90 දශකයේ දී වුණේ අන්තර්ගතයේ පැහැදිලි ඉදිරිගාමීත්වයකි. දැන්, අපි දේශපාලන සංවිධානයක් නැතහොත් පක්ෂයක් නිසා ආකෘතිය (Form) කියන එක මෙන්න මේ පක්ෂය නමැති ආකෘතිය පිටුපසින් පැමිණෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා, ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ, ව්‍යුහයක් (Structure) තියෙන සංවිධානයක් කියලා. ඒකේ ලේකම්ලා ඉන්නවා; විවිධ ස්ථර තිබෙනවා; පිටරට කට්ටිය ඒවට සංවිධානය වන ක්‍රම තිබෙනවා; ගොවිජන සංවිධාන වැනි සංවිධාන තිබෙනවා. ඒ තුළ, ඔන්න ඔය වගේ ව්‍යුහයක් තිබෙනවා. නමුත්, අපේ වගේ සංවිධානයක අර JVP එකේ වගේ ව්‍යුහයක් නැහැ. මේ ප්‍රශ්නය කලින් ඉඳන් ඇවිල්ලා තියෙනවා. ඇයි මේක ව්‍යුහගත (Structural) කරන්නේ නැත්තේ? කියලා නැත්නම්, මේක මීට වඩා සංවිධිත වෙන්නැත්තේ ඇයි? කියලා. මම කියන්නේ, මුල් අවධියේ දී එනම්, 90 ගණන්වල 2000 ගණන්වල මුල් අවධියේ දී, අපි ගෙනාපු අදහස්වල තිබෙන නව්‍යත්වය නිසා තමයි ආකෘතිය (Form) ඒක පස්සෙන් එන්නේ. මන්ද, JVP එක අලුත් අදහස් ගෙනත් නැති බැවිනි. එයාලා මුලින් දාලා තියෙන්නේ පක්ෂය යි. නමුත්, ඒ පක්ෂය සහ ඒ පක්ෂයේ තිබෙන සංවිධිත රටාවේ තිබෙන එකම බැරියර් (Barrier) එක නිසාම තමයි මේ අලුත් අදහස් ඕන වුණේ.  එවිට, අලුතින් මේ හිස්ටීරියාව, ලිංගිකත්වය, ස්ත්‍රිය, බලය, චිත්‍රපටි යනාදිය ගැන කතා කරද්දි ඒ අදහස්වල තිබෙන අලුත්භාවය නැතහොත් රැඩිකල්භාවය නිසා ඒ වෙලාවේ කරන්නට දෙයක් නැත. එනම්, එය අනිවාර්යතාවයකි. ඒ කියන්නේ, අර ආකෘතිය (Form) පිටුපසින් එන්නේ එල්ලීගෙන ය. අදහස් දුවන්නේ ඉස්සරහින් ය. එනම්, සංකල්ප, පොත්, Film, Music වගේ දේවල් යන්නේ ඉස්සරහිනි. ආකෘතිය පැමිණෙන්නේ පිටුපසිනි. 

 

    අපි අනිත් කණ්ඩායම් වලින් වෙනස් වෙන එක තැනක් තමයි, අපි තාමත් කියනවා අපි දේශපාලන පක්ෂයක් කියලා. එවිට, කට්ටියට ප්‍රශ්නයක් පැන නැගෙන්න පුළුවන් පක්ෂයක් කිව්වම අපි JVP එක වගේ නෙමෙයිනේ කියලා. මොකද ඒක සංවිධිත පක්ෂයක් නිසා. හැබැයි, මෙකේ අපි වැටෙන්න හොද නැති ෆැන්ටසිය තමයි JVP එක වගේ පක්ෂ යාන්ත්‍රණයක් සහිතව අපි මේ කතා කරන රැඩිකල් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක. මන්ද, ඒ දෙක එකිනෙකට contradict වන බැවිනි. එය, එසේ වීමට නොහැකි ය. අර යාන්ත්‍රණය ඛණ්ඩනය නොකර මේ වගේ අදහස්වල නිර්මාණශීලීත්වයක් එන්නේ නැත. මන්ද, ආකෘතිය (Form) පැමිණෙන්නේ පිටුපසින් වන නිසා ය. එවිට, ඔය කාරණය ඇතුළේ ආකෘතිය සහ අන්තර්ගතය අතර අනිවාර්ය ආතතියක් (Tension) ඇති වෙනවා. ඒ කියන්නේ, වෙන අර්ථයකින් කිවහොත් දීප්තිගේ අදහස් සහ X කණ්ඩායම හෝ සමබිම හෝ අපේ පක්ෂය අතර ආතතියක් අනිවාර්යයෙන් ඇති වීමයි. මොකද අදහස් එන්නේ, ඉස්සරහින් සහ පක්ෂය එන්නේ, පිටුපසින් වන නිසා ය. එය, එසේ නැතිව වෙන කරන්නට විදිහක් නැත. මන්ද, මුල් විප්ලවය ඇති වුණේ අර අදහස්වලින් වන නිසා ය. එසේ නැතිව ආකෘතිය (Form) නිසා නොවේ.

 

    එවිට, දැන් අපට පක්ෂය කියන්නේ ආකෘතියක් ද? නැතහොත් අන්තර්ගතයක් ද? කියලා ප්‍රශ්නයක් ඇසීමට හැකි ය. මම හිතන්නේ, මේ ප්‍රශ්නය වැරදිය. මොකද පක්ෂය කියලා කියන්නේ, ආකෘතියකුත් අන්තර්ගතයකුත් නොවන නිසා ය. මම හිතන්නේ, එතැන තියෙනවා ඔය ස්ටාලින්වාදය කියන එකේ ප්‍රශ්නයත්. අර හේගල් කියනවා වගේ පක්ෂය කියලා කියන්නේ, සයිට් (Site) එකකි. එහි සිංහල වචනය වන්නේ, අඩවිය යි. ඒ කියන්නේ, දැන් හේගල්ගේ අර්ථයෙනුත් රාජ්‍යය කියලා කියන්නෙත් ආකෘතියක්වත් අන්තර්ගතයක්වත් නොවේ. එය, යම්කිසි ආකාරයක සයිට් එකක් නැතහොත් අඩවියකි. එවිට, ඒ අර්ථයෙන්, පක්ෂය වගේ තියෙන ඒ හා සමාන ඉතුරු අඩවි දෙක තමයි විවාහය (Marriage) සහ රාජ්‍යය (State) කියන්නේ. දැන් ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් පැන නැගෙන්න පුළුවන් විවාහය යි මේ දෙක අතරයි තිබෙන සම්බන්ධය කුමක්ද? කියලා. 

 

   හේගල්ගේ (මාක්ස් ද විවේචනය කරන) පොතේ හේගල්ට අනුව, අපේ ශිෂ්ටාචාරයේ ප්‍රධානතම ආචාරධර්මීය ප්‍රවණතා දෙක වන්නේ, නීතිය (Law) සහ ආදරය (Love) යි. එවිට, නීතිය ක්‍රියාත්මක වන Site එක තමයි රාජ්‍යය කියන්නේ. ඇත්තටම, හේගල්ගේ අර්ථයෙන් ගතහොත් ආදරය කියලා කියන්නේ, ආත්මීයව අපට ළඟාකර ගත හැකි ඉහළම ආත්මීය නිදහසයි. එනම්, කෙනෙක් තමන් තෝරාගත්ත කෙනෙක්ට කොන්දේසි විරහිතව මුළු ජීවිත කාලයම කැප කිරීමයි. නමුත්, ආදරය ක්‍රියාත්මක වන Site එක වන්නේ විවාහය (Marriage) යි. උදාහරණයක් ලෙස ගතහොත්, අපට තේරෙනවා රාජ්‍යයකින් පිට නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක මාෆියාවක් කියලා. මේක ගොඩක් අප්‍රිකානු රටවල්වල දක්නට ලැබෙනවා. හේගල්ගේ තියෙනවා ‘ඉතිහාසයේ දර්ශනය’ (Philosophy of History) කියලා පොතක්. හැබැයි, මම හිතන්නේ, උදාහරණ දෙකකින් කිවහොත්, අතීතයේ චීනය කියලා කියන්නේ ඇත්තටම නීතිය සංස්ථාපිත කරපු රටක්. ඒ කියන්නේ, රාජ්‍යයට අදාළ ආයතනික ව්‍යූහයන් චීනයේ අවුරුදු 2000 කට 3000 කට පෙර සිටම ගෙනත් තිබෙනවා. එවිට, හේගල් කියන්නේ, චීනයේ නීතිය (Law), රාජ්‍යය කියන එක ඒ කාලෙම පැමිණියාට සදාචාරය (Morality), ආත්මීය තලයේ වර්ධනය නැතහොත්, යුරෝපයේ තිබිච්ච විදිහට ඒ කාලේ තිබුණේ නැහැ කියා ය. ඒ කියන්නේ, ඒ කාලයේ චීනයේ ආත්මීයත්වයක් තිබී නැත. අනෙක් පැත්තට, මොංගෝලියාව කියන්නේ ඒකේ අනිත් පැත්ත. දැනටත්, ඔය ඒ රටේ තිබෙන kung fu, karate වැනි සටන්වල තිබෙන්නේ ගහගන්න එකකට වඩා ආධ්‍යාත්මිකභාවයකි (Spirituality). එවිට, හේගල්ගේ අදහස වන්නේ, මොංගෝලියාවේ ඒ ආධ්‍යාත්මිකභාවය ඕනාවට වඩා ඇවිල්ල තිබුණ නමුත් එය ආචාරධාර්මික රාජ්‍යයක් බවයි. එනම්, අපේ පුද්ගලයන්ගෙන් පිට යම්කිසි නීතිමය ආධිපත්‍යයක් පිහිටවලා තිබුණේ නැත යන්නය. 

 

    එවිට, මගේ Point එක තමයි විවාහය (Marriage) සහ රාජ්‍යය (State) යනු, අපේ ආචාරධාර්මික තලයේ නැතහොත්, ඉතිහාසයේ වර්ධනය වෙච්ච මූලික Site දෙක බවයි. නමුත්, එතැන තිබෙන වැදගත්ම සංකල්පය වන්නේ, මේ දෙක අතර තිබෙන විශාල ස්ථරය නැතහොත්, අඩවිය යි. මෙයට හේගල් කියන්නේ, සිවිල් සමාජය (Civil Society) කියලයි. දැන් අපි මෙය හඳුන්වන්නේ, Capitalism කියලයි. එනම්, මේ මැද තිබෙන කොටස නැතහොත්, Habitual Domain එක වැනි අපි පුරුද්දට කරන දේවල්. දැන්, අපි එදිනෙදා ජීවිතයේ නීතිය අනුගමනය කරමින් කරන දේවල් සහ ආදරය සහ ආත්මීයව කරන දේවල් ගත්තහම, ගොඩක් තිබෙන්නේ පුරුද්දට කරන දේවල්ය. මේ සිවිල් ස්තරය කියන්නේ, ඔන්න ඔය මැද තියෙන එකටයි. මම කියන්නේ, පක්ෂය කියලා කියන්නෙත් ඔන්න ඔය Site එකටයි. ඒ කියන්නේ, මැද කොටස නියෝජනය කරන Site එකකි. එනම්, දේශපාලනයේ දී පුරුදු කොටස නියෝජනය කරන Site එකයි. සමාජීයව ගත්තහම මේ සිවිල් සමාජය කියලා කියන්නේ, ඇත්තටම රාජ්‍යයත් නොවන, අපේ නිවසත් නොවන, විවාහයත් නැතහොත් ආදරයත් නොවන, අනෙක් අය අතර තිබෙන අන්තර්-ආත්මීයතාවයකි (Inter-Subjectivity). අපට අනිත් අයත් සමඟ තිබෙන සම්බන්ධතාවය ගොඩ නැඟෙන්නේ, රාජ්‍යයෙනුත් නොව පවුලෙනුත් නොව සිවිල් සමාජය තුළිනි. අප එකිනෙකාගේ අන්‍යෝන්‍ය සහයෝගය නැතහොත්, අප එකිනෙකාගේ අවශ්‍යතාවයන්/ Needs (අප අනෙකා මත පරායත්ත වන අවශ්‍යතාවයන්) පදනම් වන්නේ, මේ මත ය. උදාහරණයක් ලෙස, මාක්ස්වාදී අර්ථයෙන් ගතහොත්, අපිට අවශ්‍ය අවශ්‍යතාවයන් අපිම හදාගෙන කන්නේ නැත. ඒවා, වෙන අය හදලා තමයි Market එකෙන් අප වෙතට පැමිණෙන්නේ. එවිට, ඒ Market එක සහ මෙන්න මේ අන්තර් අවශ්‍යතාවයන් සංහිඳවනු ලබන්නේ, මේ සිවිල් සමාජය නමැති අඩවියෙනි. අඩවිය (Site) කියන්නේ, ආත්මීය කොටසක්වත් වාස්තවික කොටසක්වත් නොවේ. අපි සාමාන්‍යයෙන් මනෝවිශ්ලේෂණාත්මක අර්ථයෙන් මෙය හදුන්වනු ලබන්නේ, Virtual Domain කියා ය.

 

    දැන්, අපේ වගේ රටවල්වල ඔන්න ඔය මැද කොටස හදුන්වන්න පරණ හොඳ නමක් තිබෙනවා. ඒ කියන්නේ, ඔය මැද කොටසේ අන්තර් මනුෂ්‍ය සබඳතාවයන් ලංකාව සහ දකුණු ආසියාතික රටවල්වල තිබෙන ඔය වගේ සම්බන්ධතාවයන්වල; එනම්, අපි හිටගන්න විදිහ, කන බොන විදිහ, පාරෙදි මිනිහෙක් හම්බුනාම කතා කරන විදිහ යනාදිය යි. මේවා, අප විසින් පුරුද්දට කරන දේවල්ය. මේවා, හිතලා ආත්මීයව නැතහොත්, ආදරේට කරන දේවල් නොවේ. නීතිය නිසා කරන දේවලුත් නොවේ. මා කලින් කිව්වා වගේ, මෙය හදුන්වන පැරණි නම තමයි ‘කුලය’ නැත්නම්, ‘කුල මානසිකත්වය’ කියන්නේ. කුලය කියලා මෙතන අදහස් කරන්නේ, ගොවිගම ද බෙරගම ද කියන එක නොවේ. දීප්ති මෙය හැදින්වූයේ, ජනශ්‍රුතිය 

කියලා ය. එනම්, අපි නොදැනුවත්වම අපේ ඔළුවේ තිබෙන අදහස් සහ අපි පුරුද්දට කරන දේවල්ය. 

 

      දැන් මේ අර්ථයෙන්, අපි අපේ සංවිධානයේ දී වෙච්ච ප්‍රධානතම errors දෙක පිළිබඳව සලකා බලමු. මම මෙහිදී උත්සාහ කරන්නේ, මම මේ කිව්ව ආකෘතිය (Form), අන්තර්ගතය (Content) සහ මැද කොටස නැතහොත්, සයිට් (Site) එක අතරින් අපේ errors දෙක කියවීමටයි. එනම්, 2004 සහ මහින්ද ප්‍රියදර්ශන කියන සාධක දෙක කියවීමටයි. දැන් ඉන්න ගොඩක් අය 2004 දී සිදුවුණු සිදුවීම පිළිබඳව දන්නවා. ඒ තමයි, ඒ වෙලාවේ හිටපු එක්තරා පිරිසක් තීරණාත්මක කණ්ඩායමක් හදාගෙන එළියට යාම. අපි දැන්, මේක අර්ථකථනය කරන්නේ කොහොමද? මම හිතන්නේ ඇත්තටම අදහස්වල (Content) ඉදිරිගාමීත්වය යටතේ යනකොට, පක්ෂය නමැති සයිට් (Site) එක එන්නේ පිටුපසින් කියලයි. එවිට, මේ දෙක අතර නිරායාසයෙන්ම ආතතියක් (Tension) ඇති වෙනවා. ඒ නිසා, මම හිතන්නේ, මගේ අර්ථකථනය වන්නේ, 2004 දී සිදු වුණේ මේ අදහස්වල ආතතිය excess එකක් වීමයි. ඒ කියන්නේ, 2004 වගේ අවධියක දී අදහස් තමයි මේ ආතතිය තුළ දී excessive වන්නේ. ඒ කියන්නේ, වැඩිමනක් කොටස තිබෙන්නේ අදහස් තුළ ය. එනම්, ඒ වෙලාවේ තිබුණු, කතා කරපු හිස්ටීරියාව වගේ ගොඩක් දේවල්. එවිට, මම හිතන්නේ, 2004 දී සිදු වුණේ මේ ආතතියෙන් අදහස්වල excess එක වැඩි වීමයි. ඒ නිසා තමයි, ඔය JVP එක කරනවා වගේ, ඒ වෙලාවේ නූතන ඒකාධිපතිත්වයක් පැන නැගුණේ. මා කලින් කියූ පරිදි, JVP එක කියන්නේ නීතිය සහ ආදරය කියන අන්තර් සන්දර්භ දෙකෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ පක්ෂය නීතිමය විදිහකට ව්‍යුහගත කරපු පක්ෂයකි. මේ අතරින්, අපි වැනි සංවිධානයක් කියලා කියන්නේ, ආදරය සහ ආත්මීයත්වය තුළින් සංවිධානය වුණු සංවිධානයකි. මම හිතන්නේ, මේ අන්ත දෙකම වැරදි ය. එනම්, මේ අන්ත දෙක වන්නේ, JVP එක සම්පූර්ණයෙන්ම ව්‍යුහගත විදිහකට සංවිධානය කරපු එකක් වීම සහ 2004 සහ ඊට පසුව අප වැනි සංවිධානයක් සම්පූර්ණයෙන්ම ආත්මීය පදනමක් මත සංවිධානය වුණු සංවිධානයක් වීම යන්න ය. ඉන්පසුව, මේ දෙකම පුපුරා යන ලදී. මන්ද, මේ දෙකම අර මැද කොටස මඟහරින බැවිනි. 

 

     මැද කොටස වන්නේ, සිවිල් සමාජය සහ කුලය යි. කුලය කියන්නේ, සරල උදාහරණයකින් කිවහොත්, අපි Office එකක නැතහොත් පක්ෂයක කොහේ හෝ පුටුවක ඉඳගෙන ඉන්න විට දී, අපි දන්න කවුරුන් හෝ ළඟට ආවොත් මම දන්නවා නිරායාසයෙන්ම කවුරුන් ආවොත් ද නැගිටින්න ඕනේ; කවුරුන් ආවොත් ද නැගිටින්න ඕනේ නැත්තේ කියලා. කොහොමද අපි එක දන්නේ? අපිට කවුරුවත් ඒක කියලා දීලා නෑනේ? අන්න, ඒක තමයි කුලය කියන්නේ. අපේ Hierarchy එකක් තියෙනවා නැතහොත්, මෙයා වැදගත් මෙයාට වඩා වගේ virtually අපේ ඔළුවේ මෙන්න මේ වගේ නීති රීති වගයක් තිබෙනවා. මාක්ස්වාදී අර්ථයෙන්, දේශපාලන ආර්ථිකය කියලා කියන්නේ මෙන්න මේකටයි. මම හිතන විදිහට, මේවා වෙනස් කරන එක තමයි අමාරුම දෙය වන්නේ. පවුලකදී ගත්තොත් පුරුද්දට කරන දේවල් අපි දන්නවා. ඒ කියන්නේ, ශ්‍රමය බෙදී යාම (Division of Labor) අපි පුරුද්දෙන් දන්නවා. නමුත්, බටහිර සමාජය 

තුළ දී මෙය වෙනස්ය. මෙහෙට වඩා එහේ Civil Society එක Improve වෙලා තියෙන්නේ. අපේ වගේ රටවල්වල ඒක ඒ විදිහට Transform වෙලා නැහැ. ඒ නිසා, මම හිතන්නේ, 2004 දී අර අදහස්වල තියෙන excess එක නිසා එය පුපුරා ගිය බවයි. මන්ද, ඒ නිසා තමයි ඒ වෙලාවේදි හැමවෙලේම වෙනත් විකල්ප අදහස් වලින් Attack එක ආවේ. එනම්, දීප්ති මේ ජිජැක් ගැන කියලා තියෙන එක වැරදියි; දීප්ති මේක ඉතාම narrow විදිහකට කියවන්නේ වැනි ඒවා ය. මහින්ද ප්‍රියදර්ශන යුගයේ දී පුපුරා ගියේ, ආකෘතිය 

(Form) යි. මන්ද, මේ මහින්ද ප්‍රියදර්ශන අපේ සංවිධානය තුළ තේ බිබී සිටි බැවිනි. ඒ කියන්නේ එය සම්පූර්ණයෙන්ම legalize වෙලා තමයි තිබුණේ. මට මතකයි මම එහේ class යනකොට නිමල් බාත්රූම් එකට ගියාම flush කරන්නේ මෙහෙමයි, flush එක කැඩුනොත් ඔයා මෙයාට කියන්න, එන්න පරක්කු උනොත් මෙන්න මෙයාට call එකක් දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ, එය සම්පූර්ණයෙන්ම ව්‍යුහගත (Structural) වෙලා තිබුණේ. එය, අපේ වගේ සංවිධානයකට අලුත් ය. මන්ද, එහෙම කරන්නේ JVP එක වන බැවිනි. මෙහෙම වුණාම මෙහෙම කරන්න වගේ නීතිමය රාමුවක් එහි තිබුණි. එතකොට, ඒ වෙලාවේ ඇති වෙලා තිබ්බ ප්‍රශ්නය තමයි කොහොමද ඇත්තට දේශපාලනය කරන්නේ? කියලා. මන්ද, දැන් ආකෘතිය (Form) පැමිණෙන්නේ, පිටුපසින් වන 

නිසා ය. මගේ මතය වන්නේ, මේ දෙකේදීම වැරැද්ද වුණේ අර මැද කොටස නැති වීමයි. එවිට, අදහසක් විදිහට මම කළ යුත්තේ මොකක්ද කියලා ඇහුවොත්, මම ඇත්තටම හිතන්නේ අපිට අවශ්‍ය මේ Site එක ප්‍රතිනිර්මාණය කළ යුතුයි කියලයි. මන්ද, අපේ වගේ රටක මෙය කිරීම ඉතාමත් අසීරු ය. මොකද අපි සමාජීයව ගත්තත්, අපේ සිවිල් ජීවිත මනෝවිශ්ලේෂණාත්මක අර්ථයෙන් ගත්තත්, හරිම අර්චනකාමී (Fetish) වන බැවිනි. අපි මිනිස්සු එක්ක කිට්ටු වැඩි ය. අපි යාළුවා කවුද? වෙනත් Stranger කෙනෙක් හෝ Neighbor කෙනෙක් කියන්නේ කවුද? කියලා වෙන් කරගන්න දන්නේ නෑ. මෙය, අප පක්ෂයට ද අදාළ ය. මොකද නැත්තං වෙන්නේ, අර ආතතිය පුපුරා යාමයි. ඒ නිසා, මම කියන්නේ අපිට අලුත් සුසමාදර්ශයක් අවශ්‍ය බවයි.

 

   උදාහරණයක් විදිහට, මේ වගේ දේශපාලන සාකච්ඡාවකින් පස්සේ අවකාශය තියෙන්නේ එනම්, දැන් මේ සාකච්ඡාව කරලා ඉවර වෙලා ගියාට පස්සේ, අපි කරන දේවල් වන calls දෙන විදිහ, කතා කරන විදිහ, කාටද කතා කරන්න ඕන වගේ ඒවා කියන්නේ අපි පුරුද්දට කරන දේවල් ය. ඒ නිසා, මම කියන්නේ, මෙන්න මේ පුරුදු කොටස අපි වෙනස් කරගන්න ඕනි කියලයි. අපේ පක්ෂ ඉතිහාසයට අනුව, අපි අදහස් වලින් තමයි අනිත් හැමෝටම වඩා ඉස්සරහින් සිටින්නේ. ඒ අදහස් වලින් ඉස්සරහින් සිටීම නිසා තමයි අර ආකෘතිය (Form) පිටිපස්සෙන් පැමිණියේ. එම නිසා, මේ දෙක අතර ඇති වූ ආතති දෙකෙන් විශාල පුපුරා යාම් දෙකක් සිදු වුණා. හැබැයි, ඒ දෙකම පුපුරලා යන්න සහ මෙන්න මේ ආතතිය ඇති වීම අතර තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය විදිහට මම දකින්නේ, මේ දෙකම නොවේ. මේ දෙක අතර තිබෙන අපේ Habitual Sites නැතහොත් Civil Site එකත්; මේ පුරුදු අපි විසින් වෙනස් නොකර ගතහොත්; අලුත් සුසමාදර්ශයන් ඇති නොකළහොත්; මේ අපි කියන කුල මානසිකත්වය වෙනස් නොකළහොත් එක්කෝ අපි JVP වෙනවා නැතහොත්, ආපහු X කණ්ඩායම වගේ වෙනවා. ඒ කියන්නේ, කිසිම යාන්ත්‍රණයක් නැති සම්පූර්ණයෙන්ම ආත්මීයව සැකසුණු දෙයක් බවට පත් වෙනවා. මේ දෙකම, අපිට තවදුරටත් කරන්න බැහැ. එම නිසා, අර මැද කොටස අනිවාර්යයෙන්ම ප්‍රතිනිර්මාණය කළ යුතු ය.

  • Transcripted by Deepana Chathrapani Gunarathne 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මමං දීප්තිගේ හිස්ටිරියාව පොත හෙම මුදලට ගත්තේ මහින්ද ගේ යාළුවගෙන් මට මතක විධිහට. මම නිතරම කතා කරනවා ඒ දවස් වල සහෝදරයට.මට පක්ෂෙට එන්න පුලුවන්ද කියල බලන්න . ඒ සහෝ කවදාවත් කියන්නේ නැහැ එන්න කියල. පස්සේ තේරුනා එහෙම පක්ෂයක් නැහැ කියල. හිස්ටිරියාව පොතෙන් තමයි මම ගොඩක් ඉගෙන ගත්තේ ඒ පිළිබඳව. දීප්ති ජිජැක් ගැන කතා කරන කාලේ ජිජැක් ගැන මම දැනගෙන හිටියත්, ජිජැක් ලියන ඒවා වැඩිපුර කියෙව්වේ දීප්තිගේ ලිපි කියෙව්වට පස්සේ, ඉතින් ඒ දෙකටම ස්තූතියි
    මේ මම විවාහ ගැන ලියපු එකක් කාලෙකට ඉස්සර
    සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි – 4

  2. මේක මේ මාලන් ලිව්ව එකක්.
    පෙර සටහන: මෙය 2011 අප්‍රේල් 22 වැනි දින හැන්දෑව | හෙට එච්චර කළුවර නෑ බ්ලොග් අඬවියේ පළ කළ සටහනකි. සමහරක් උදාහරණ යොදා ගෙන ඇත්තේ අදාල කාලයට ගැලපෙන්නට බව කරුණාවෙන් සළකන්න.

    ඉස්සර හිටියා ලොකු අයියා කෙනෙක්!

    නම දීප්තී.

    (ඒ අයියා දැන්නම් කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නැහැ)

    ඒ අයියා වටේ මල්ලිලා, නංගිලා ගොඩාක් උන්නා.

    කට්ටිය රත්මලානට වෙලා
    “කිරි කිරි බෝලේ, රැලි රැලි මාලේ” කර කර තමයි හිටියේ.

    ඔය දීප්ති අයියයි, එයාගේ මල්ලි බබාලයි, නංගි බබාලවයි ඇදින්නුවේ (se)’X කණ්ඩායම’ කියලා.

    ඒ ගොල්ලෝ ගැහුවා මැගසීන් එකක්.
    නම “ලන්ඩොන්”

    මම ඔය කියන කාලේ වෙනකොට දීප්ති අයියා හරිම බලගතුයි හරිය.

    කොටින්ම කිව්වොත් දීප්ති අයියගේ ඔළුව උඩින් කපුටෙක් තියා දෙවියෙක් වත් යන්නේ නැහැ. එයා ඒ තරම් බලගතුයි. දීප්ති අයියා ගහයි කියලා බයට ඔය දවස් වල රීරී යකා රෑ මැද්දට ඒලියට බහින්නේත් නැහැ.

    “නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා”කියලා මනුස්ස ලෝකෙ කතාවක් තියෙනවනේ. “දීප්තිට ගහලා දලේ වරද්ද ගන්න එපා” කියලා නාග ලෝකේ කතාවක් තියෙනෙවා කියලා, වැඩිහිටියෝ කතාවෙනවා මට හොඳට මතකයි.

    කොහොමහරි ඔය දවස් වල දීප්ති අයියා අද කාලේ මහින්ද මහත්තයා තරම්ම බලගතුයි (මහින්ද මහත්තයගේ විස්කම් ගැන මෙතනින් කියවන්න). ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද දීප්ති අයියා කෙතරම් බලගතුද කියලා.

    මම අහල තියෙන විදිහට ඒ කාලේ “ටයිම්” සඟරාවේ බලගතු ලිස්ට් එකක් හදලා නැත්තේ දීප්ති අයියා තරම්ම අනිත් මිනිස්සු බලගතු නැති නිසාලු. සරලවම කිව්වොත් දීප්ති අයියා අංක එක වෙනකොට ඒට පස්සේ බලගතුම පුද්ගලයව ගනින්න වෙන්නේ 501 වැනි අංකේ ඉදගෙනලු. ඉතින් ලිස්ට් හදලා බම්බු ගහන්නය!

    ඉස්සර කලා නිර්මාණයක් කළහම දිප්ති අයියගේ අනුමැතිය ලැබීම හරිම වැදගත්.

    අලුතින් වාහනයක් ගත්තම කතරගම දෙවියන්ට භාර වෙනවා වගේ, ඔය කාලේ කවුරු හරි කලා කාරයෙක් මොකක් හරි නිර්මාණයක් කරලා මුලින්ම පෙන්නනේ අපේ ඔය දීප්ති අයියට තමයි. එහෙම පෙන්නගන්න එකත් ලේසි වැඩක් නෙමෙයි ඕං. හරියට අර මහින්ද මහත්තයගේ එළියන්ත වයිට් දොස්තර මහත්තයට පෙන්නව වගේ තමයි.

    ඉස්සර ඔය දීප්ති අයියලගේ ගෙවල් පැත්තේ ටේස් කඩල කාරයෝ, බොම්බයි මොටයි කාරයෝ, ලොලිපොප් කාරයෝ මාර තොගයක් එකතු වෙලා හිටියා, දිප්ති අයියට තමන්ගේ නිර්මාණ පෙන්නගන්න බලන් ඉන්න කලාකාරයන්ට ටේස් කඩල, බොම්බයි මොටයි, ලොලිපොප් විකුණන්න. (කොටින්ම ඔහොම කඩල විකුණලා වීල් එකක් පාරට දාපු අයියා කෙනෙක්වත් මම දන්නවා).

    කොහොමහරි අමාරුවෙන් හරි දීප්ති අයියට කාලා නිර්මාණය පෙන්න ගත්තා කියමු, දීප්ති අයිය ඒක බලලා කිව්වොත් “මරු” කියලා, ආයේ අහන්න දෙයක් නැහැ ඒක ඉතින් සුපර් හිට් තමයි, සම්මාන පිට සම්මාන ලබන්නේ. කෙලින්ම ආයේ කාන්ස් වල රන් කැමරාව (Caméra d’Or) තමයි.

    එයා මුකුත් නොකියා හිටියොත් ඒත් අවුලක් නැහැ.

    හැබැයි බැරි වෙලාවත් එයා ඒකට අකමැති වුනොත්, ඉවරම ඉවර තමයි!
    ආයේ ඉතින් ගෝඨාභයට තරහා ගියා වගේ තමයි. (හූස් ලසන්ත?)
    කෙළින්ම නිර්මාණයත් කුණු බක්කියට, කලාකාරයත් ඊට පස්සේ කුණු බක්කියට.
    ඔහොම කුණු බක්කියට වැටුණු කාලා කාරයෝ කීපදෙනෙක්ම මම දන්නවා. එක් කෙනෙක් දැන් ගෝල් ෆේස් එකේ කපල්ස් වලට බැළුම් විකුණනවා.

    “දීප්තිගේ සාපේ” කියලලු ඕකට කියන්නේ.

    දීප්ති කුමාර ගුණරත්න ඔහුගේ හොඳම මිතුරා වන නිර්මාල් රංජිත් සමඟ ඡායාරූපයකට පෙනී සිටි මොහොතක්

    “මචන්, ‘ඉර මැදියම’ ෆිල්ම් එකේ විචාරයක් තියෙනවා, යමුද?” එහෙම අහන්නේ මගේ විස්ස විද්‍යාල ගජයා මුදිත.

    “යමු, කවුද කරන්නේ?”

    “දීප්ති කුමාර ගුණරත්න” ඔහු කිව්වේ ගැඹුරු හඬින්.

    “අම්මට සිරි! යමු යමු”

    මට එහෙම කියවෙන්නේ දීප්ති කියන අයියව අපි වගේ බයියන්ගේ ඇස් දෙකෙන් බලා ගන්න ලැබෙන එකත් ලොකු චාන්ස් එකක් නිසා.

    මේ ගමනට වෙන ෆැකල්ටි එකක් ඉගනගත්තත් අපේ ෆැකල්ටියෙ වැඩි කාලයක් නාස්ති කරපු, පාර්ට් ටයිම් ඉගෙන ගන්න ෆුල් ටයිම් ජීවත් වෙන එරන්දත් එකතු වෙනවා.

    කොහොමහරි දේශනේ පටන්ගන්න තිබ්බේ හතරට, චන්ද්‍රිකාගේ වෙලාවෙන් සුපුරුදු පරිදි අපි මහවැලි කේන්ද්‍රය ලඟට යද්දි හතරාමාරට විතර ඇති.

    ගේට්ටුව ලඟ මහ කලබලයක්, විස්සක විතර සෙනගක් එහෙට දුවනවා මෙහෙට දුවනවා. එක විකාරයයි.
    අපි මූණෙන් මුණ බලාගත්තා.

    “මොකෝ බන් මේ?”

    ගේට්ටුව වහලා, ඉබ්බෙකුත් දාලා.

    අපි ඒ සෙට් එක පහු කරගෙන කෙළින්ම ගියා සිකුයුරිටි අයිය ලඟට.

    “ඇයි දේශනේ නැද්ද?”
    “දේශනේ තියෙනවා මල්ලි, ඒත් ඔය එළියේ ඉන්න කට්ටියව ඇතුලට ගන්න එපා කියලා අපිට කිව්ව. ඒක නිසා දැන් කාවවත් ඇතුලට ගන්න වෙන්නේ නැහැ”

    “මලා දැන් මොකෝ කරන්නේ?”

    අපිත් හිමීට කිට්ටු වුනා අර දඟල දඟල ඉන්න කාණ්ඩේ ලඟට.

    කොණ්ඩේ කපපු අක්කලා, කරාබු දාපු අයියලා,
    චේ ගුවේරා, බොබ් මාලේ.
    කැපිච්ච පණුවෝ වගේ.

    “මුන්ට මොකෝ බන් වෙලා තියෙන්නේ” මම ඇහුවා මුදිතගෙන්

    “මොකක් හරි ලොකු අවුලක්නම් තියෙන පාටයි”

    “දීප්තී දැන් අපි ද්‍රොහියෝද එතකොට?”
    “උබ අපිට මෙහෙමයි නේද සළකන්නේ?”

    මහවැලි කෙන්ද්‍රය දිහාට අත් දික්කර කර ඒ අය කෑගහනවා.

    මේ නාඩගමට අපිට හිනා යන්න ආවත් අපිත් සද්ද නැතුව ඉන්නවා බලාගෙන.

    “හොඳ වෙලාවට පරක්කු වෙලා ආවේ” එහෙම කිව්වේ එරන්ද
    “ඇයි ඒ?”
    “ඇතුලට ගියානම් මේ ආතල් එක නෑනේ”

    විනාඩි පහක් විතර යද්දි අපිටත් එහෙන් මෙහෙන් කොනක් අල්ලගන්න පුළුවන් වුනා. (se)”X කණ්ඩායම” දෙකට කැඩිලා, මේ ඒළියේ ඉන්න සෙට් එක දීප්ති අයියා එයාගේ කණ්ඩායමෙන් එළවලා.
    මේ සෙට් එක ඇතුලට අරන් නැහැ, අළුයම ලූ කෙළ පිඩක් වගේ ගේට්ටුවෙන්ම කපලා දාලා.

    දිවෙන් දිව ගාගෙන හිටපු අයනේ පවු දුක ඇති. ඒකයි මෙච්චර දගලන්නේ.

    ඔහොම ටික වෙලාවක් හති වැටෙනකම් දගල දගල ඉදලා, හිටි හැටියේ එක හාදයෙක් ගොඩවුනා මහවැලි කෙන්ද්‍රයේ කොට තාප්පේ උඩට.
    මැයි දින කථාවක් වගේ මහා හයියෙන්, පොර මොනවදෝ මොනවදෝ කියොගෙන ගියා.
    කථාව ඉවරයි කට්ටිය අත්පුඩි ගැහුවා, අපිත් අත්පුඩි ගැහුවා.

    තව එකෙක් ගොඩවුනා, පොරත් මොනවදෝ මොනවදෝ දෙඩෙව්වා, බැස්සා.
    කට්ටිය අත්පුඩි ගැහුවා, අපිත් අත්පුඩි ගැහුවා.

    තවත් එකෙක් ගොඩවුනා, පොරත් මොනවදෝ මොනවදෝ දෙඩෙව්වා, බැස්සා.
    කට්ටිය අත්පුඩි ගැහුවා, අපිත් අත්පුඩි ගැහුවා.

    ඊට පස්සේ ගොඩවුනා කොන්ඩේ බොකුටු බොකුටු උස කොල්ලෙක්.

    “අම්මට හුඩු වන්ගීශයා” මුදිත කෑගහුවා
    “කෑ ගහන්න එපා මෝඩයෝ, අනිත් එවුන් හිතයි අපි හෙණ ගොඩයෝ කියලා”
    “යකෝ වන්ගීශයා බන්”
    “කවුරු?”
    “මුගේ තත්තා තමයි අහවල් පත්තරේ කර්තෘ, අහවලා” ඔහු සිංහලබෞද්ධ ජාතික පුවත් පතක කර්තෘ කෙනෙක්ගේ නමක් කිව්වා.

    කොණ්ඩේ බොකුටු බොකුටු කොල්ලා කථාව ඉවර කරලා බැස්සා.
    කට්ටිය අත්පුඩි ගැහුවා අපිත් අත්පුඩි ගැහුවා.

    “කමෝන් වන්ගීශ”

    කොන්ඩේ බොකුටු බොකුටු කොල්ලට මුදිත කෑගහපු එක ඇහුනා,
    “අඩෝ මුදිතයා” එහෙම කියාගෙන පොර අපි ලඟට ආවා.
    කාටද ආඩම්බර දේශකය දැන් අපි ලඟ මෙහෙම මෙහෙම. ඊටත් හපන් අහවල් පත්තරේ අහවලාගේ පුතා.

    “මේ මචන් මාලන්, මේ එරන්ද”
    “හලෝ”
    “හලෝ”

    දැන් අපිත් නිකන් මේ සෙට් එකේම කට්ටිය වගේනේ.

    කවි කථා වාරය යන අතරේ,

    “ඉවරයි ඉවරයි, කට්ටිය එළියට එන්නයි හදන්නේ” එකෙක් කෑගැහුවා.

    ඕන් ඉතින් ආයේ සෙට් එක කලබල වුනා.

    [පසුබිමෙන් භයංකාර සංගීතයක් වාදනය වේ, ඇත්තට එහෙම වුනේ නෑ එහෙම හිතා ගන්ඩ]

    දේශනේ ඉවරයි.

    ඈතින් දොරෙන් එළියට එන දීප්ති අයියාය,
    මෑතින් පුක කැඩුනු කඩියන් මෙන් දඟලන ද්‍රොහීන්ය,

    ආයෙත් ඈතින් සක්මන් ගමනින් එන දීප්ති අයියාය.
    මෑතින් පොළවේ පස් කන ද්‍රෝහීන්ය.

    “මචන් ඇක්ශන් ෆිල්ම් එකක හීරෝට දැනෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ” එරන්ද කිව්වා
    “කටවගෙන හිටු, ගුටි කන්නේ නැතුව”

    සක්මන් ගමනින් දේශන ශාලාවෙන් එළියට ආපු දීප්ති අයියත් අපිත් අතර තිබ්බේ මීටර් පනහක විතර දුරක්, එයා තාම ඇතුළේ, ද්‍රොහීන් තාප්පෙන් එළියේ.

    ඊට පස්සේ නවත්වලා තිබ්බ සුදු පාට කාර් එකට එයා ගොඩවුනා, දෙපැත්තෙන් තවත් දෙන්නෙක් එයාව මැදි කරගෙන වාඩි වුනා.
    හරියට මනාල මහත්තයව මැදි කරගෙන නගින දෙවන මනමාලයෝ වගේ.

    [කාර් එක එන පාර තියෙන්නේ ද්‍රෝහීන් ඉන්න තාප්පයට හරියටම ලම්බකව]
    [පහත සිදුවීම ස්ලොමොශන් සිදුවෙතැයි උපකල්පනය කළ යුතුය]

    ගේට්ටුව ඇරියා,
    ඇතුළේ ඉදලා කාර් එක හීමීට හිමීට ගෙට්ටුව දිහාට එනවා.

    ද්‍රෝහින් ගේට්ටුව දෙසට කෑගහමින් දුව යනවා

    හීමීට එන කාර් එක
    වේගෙන් ඒ දෙසට දුව යන ද්‍රොහීන්

    ගෙට්ටුව – කාර් එක – ද්‍රොහීන් [මාරුවෙන් මාරුවට ඡේදනය]

    කාර් එක ගේට්ටුව පහු කළා, කාර් එක එළියට ආවා
    කාර් එක විහාරමහා දේවී උද්‍යනය ඉදිරියෙන් දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවත අද්දරට ආවා.

    පාරට ලම්බකව කාර් එක, කාර් එකට සමාන්තරව පේළි ගැහිලා ඉන්න ද්‍රෝහීන් සහ අපි
    [ඒ කියන්නේ අපිත් පාරට ලම්බකයි]

    අපි සහ දීප්ති අයියා මෙහෙම මෙහෙම.

    දීප්ති අයියා හිටියේ ඉදිරිය බලාගෙන (හැමදාම වගේ)

    [තාමත් ස්ලෝ මෝශන්]

    ඊට පස්සේ එයා; දීප්ති අයියා මුහුණ හැරෙව්වා,
    අංශකෙන් අංශකේ අපි දිහාට.
    හරියට අර කැරකෙන ටේබල් ෆැන් එකක් වගේ.
    දඩින් දඩින් දඩින් [පසුබිමින් කුහුල දනවන සංගීතය]

    අපිට පිටු පසින් කාර් එක දිහාවට වේගෙන් [ඒත් ස්ලො මෝශන්] දුවගෙන එන ද්‍රොහීන් සෙට් එක.

    දීප්ති අයියා අපි දිහා බැලීමත්, ද්‍රොහීන් අපි හිටපු තැන පහු කරගෙන ගියෙත් එකම මොහොතක.

    ඒ මොහොත තමයි අම්මපා මොහොත,

    මුළු ආනන්ද කුමාරස්වාමි මාවතම කළු කුහරයක් වුනා, මම හිතුවා විහාරමහා දේවී පාක් එකම ඒක ඇතුලට ඇදිලයයි කියලා.

    “දී ප් තී ..ඉ ..ඉ ..ඉ ..ඉ ..ඉ ”

    ඒත් එක්කම කාර් එක රුන්ගාලා ඉදිරියට ඇදිලා ගියා.
    මේ සියල්ලටම ගත්වුනේ එක් අංශුමාත්‍රයක් විතරයි.

    මහා වැස්සක් වැහල පෑයුවා වගේ!

    ඊට පස්සේ

    හැමදාම වගේ
    හිස්කම…

    “මචන්, උම්බල දන්නවද ඔය දීප්ති අයියා හදිස්සියේ කොහෙද ගියේ කියලා?” එරන්ද නිහැඩියාව බින්දා.

    “කොහෙද?”

    “සිරස රන් දෙපැය බලන්න”

    එතකොට වෙලාව හතට පහයි.

    ඊට පස්සේ අපි රහුමානියා එකෙන් පරාටා කාලා ගෙදර ආවා.

    -ලිව්වේ මාලන්
    2011/04/22

Comments are closed.