The great lesson of state socialism was indeed that an immediate abolition of private property and market-regulated exchange, in the absence of concrete forms of social regulation of the process of production, necessarily resuscitates direct relations of servitude and domination.

(A) සමාජය තවමත් ඇයි පක්ෂයක අවශ්‍යතාවය නැති යුගයකට ගමන් කර නැත්තේ ඇයි?

-නිර්ධන පන්තිය ස්වයං-අනන්‍ය ( Self-Identical ) නැත. එය ඇතුලතින් බෙදී ඇත. නිර්ධනයාට තමන්ගේම ආශාව විදේශිකය- අභිරහසකි.

(B) කෞට්ස්කිගේ මතයට අනුව වැඩ කරන පන්තියේ පක්ෂයක් සදහා වැඩ කරන්නේ නැති ( බුද්ධිමය ශ්‍රමය) පන්තියේ බුද්ධිමතුන් අවශ්‍ය කරයි. මෙම අදහස තදබල ලෙස විවේචනයට ලක්ව ඇත. සාමාන්‍යෙයන් මෙම අදහස සලකා බැලෙන්නේ විදග්ධ කේන්ද්‍රීය, වැඩ කරන පන්තිය ගැන විශ්වාසයකින් තොරව සාදා ගන්නා ලද එකක් ලෙසිනි.

මෙම විවාදයේ දී ලෙනින් සහ කෞට්ස්කි අතර වෙනසක් ඇත. කෞට්ස්කිට අනුව බුද්ධිමතුන් පන්ති අරගලයට බාහිරින් පවතින්නේය. නමුත් ලෙනින්ට අනුව බුද්ධිමතුන් පිටස්තරයන් වන්නේ ආර්ථික අරගලයට මිස පන්ති අරගලයට නොවේ. ඒ අනුව පක්ෂයේ පර්යාවලෝකනය පන්ති අරගලයට පිටතින් නොපවතියි.

(C) කෙසේ වෙතත් පක්ෂයක් ආර්ථික අරගලයට පිටතින් පවතිනවා යැයි සැලකීම නිවරදිය. මෙම කරුණ නිසා වැඩ කරන පන්තිය “බුර්ෂුවා පන්තිය” හෝ ඔවුන්ගේ ‘දෘෂ්ටිවාදය’ (Ideology) මගින් වැඩ කරන පන්තිය අවිඥාණකව පාලනය වනවා යැයි කීම සාධාරණය. මන්ද යත් බුද්ධිමතුන් ගේ ආර්ථික පැවැත්ම වැඩ කරන පන්තියේ පක්ෂයකට බාහිර නිසාය. මෙම නොදැනුම නිසා බුද්ධිමතුන්ගේ අදහස් ඕපපාතික,ස්වාධීන,ප්‍රජාත්‍රාන්ත්‍රික,සහේතුක,නිශ්ක්‍රීය ඒවා ලෙස පෙනී යාම අහම්බයක් නොවේ. ධනවාදී සාමාජයේ ප්‍රතිවිරෝධතාවයන් “පසමිතුරුතාවයන්ට” විස්ථාපනය වනවා කියන්නේ මෙම සාධකයටය.

(D) ඉහත කරුණු නිසා වැඩ කරන පන්තිය යනු බුර්ෂුවා ‘ආත්මයකි’. වැඩ කරන පන්තියට නිර්ධනයෙකු වීමට චින්තනයේ ( ව්‍යවහාරය) ඛණ්ඩනයක් අවශ්‍යය. මේ සදහා අවශ්‍ය ආකෘතියට තමයි අපි කියන්නේ විප්ලවවාදී පක්ෂය කියල.

(E) සමාජ සමස්ථය තුල තමන්ගේ පිහිටුම සාධනය කිරීමට පක්ෂයකට බාහිරින් බුද්ධිමතුන් අවශ්‍යය. බුද්ධිමය මැදිහත්වීමක් අවශ්‍යය. එම මැදිහත්වීමට අවශ්‍ය සංඝටක සංවිධානය කිරීම පක්ෂයයි.

(F) පක්ෂය බාහිර බුද්ධිමතුන් සමග අනන්‍ය වන්නේ හෝ තුල්‍ය වන්නේ නැත. ලෙනින්ට අනුව පක්ෂයක සාමාජිකත්වය කම්කරුවන් මෙන්ම බුද්ධිමතුන් ද ඇතුලත්ය. පක්ෂය ඇතුලතත් ඉන් පිටතදීත් ඔවුන් අතර වන බෙදුම් රේඛාව නිශ්චිත නැත. එය අවිනිශ්චිතය. පක්ෂයකට මිනිසුන් ගැන අනුභුතික හැගීමක් තිබීමෙන් ඵලක් නැත. මෙම සාධකය නිසා පක්ෂය ආකෘතිය ගන්නේ පිටතිනි. පක්ෂයට තම මංපෙත සාධනය කළ හැකි වන්නේ පිටතිනි. අප සිතනවාට වඩා බාහිරත්වය රැඩිකල්ය. පක්ෂයකට ශුද්ධ වූ ‘ඇතුලතක්'(Inside) නැත. මෙවන් ඇතුලතක් වෙනුවෙන් සටන් කිරීම අවසාන වශයෙන් උදව් කරන්නේ ධනවාදය ඝර්ෂණයකින් තොරව ක්‍රියාත්ම විය හැක යන ප්‍රවාදයටය. එනම් මේ මහා අසාර අමානුෂික ධනවාදී සමාජ සම්බන්ධතා ලෝකයෙන් පරිභාහිර අකනිටා බ්‍රහ්ම ලෝකයක් ලෙස පක්ෂයේ ‘ඇතුලත’ පැවතිය හැක යන්නය. එවිට පක්ෂයේ ‘ඇතුලත’ සාමාජිකයන් පිරිසක් බිහිවන අතර ඔවුන් බාහිරට සාපේක්ෂව වඩාත්ම විඥාණවාදීන් වීමට අවකාශයක් බිහිවිය හැක.

මනෝ විශ්ලේෂණයට අනුව ස්වයං-විශ්ලේෂණය යනුවෙන් දෙයක් නැත. විශ්ලේෂණය සිදු වන්නේ තමන්ට පිටතින් ‘විදේශික’ ආත්මයක් විශ්ලේෂකයා ලෙස පෙනී සිටියි නම් පමණි. එනම් පක්ෂය තුළ “මහා-අනෙකා” යනුවෙන් කෙනෙක් නොපවතිය යන්නය.

(G) ඉහත සංසන්දනයට අනුව පක්ෂය දන්නේ නැත්තේ ‘තම’ ආශාවයි. ආශාව පාරාන්ධය. එබැවින් එය අවිඥාණකය. – උදාහරණයක් ලෙස රුවන් වැලිසෑය නිර්මාණය වූයේ ඇයිදැයි යන්න අප නොදන්නෙමු. එපමණක් නොව එය දුටු ගැමුණු දන්නේ ද නැත.අපගේ භක්තිය විද්‍යාමාන වන්නේ අපගේ විවිධ භාවිතාවන්, ක්‍රියාවන්, අගතීන් රෝග ලක්ෂණයන් හරහාය. ආශාව අපව තෝරනවා මිස අප ආශාව තෝරා ගන්නවා නොවේ.

(H) අප ගේ ආශාව නොදන්නා නිසා වැඩ කරන පන්තිය ඇතුලතින් දෙකට බෙදී පවතියි. අපගේ මෙම බෙදීම ගැනත් එම බෙදීම දේශපාලනයට ඇති සම්බන්ධයත් වටහා ගැනීම පන්තියට සාපේක්ෂව විදේශීය බාහිර වැඩකි. මේ අර්ථයෙන් පක්ෂය අතිතීරණාත්මක අන්තර්ගතයක් සහ අලුත් දැනුමක් නිෂ්පාදනය කරයි. පක්ෂය සියල්ල දන්නේ නැත. නමුත් පක්ෂය දැනුම පවතින තත්ත්වය තුළ ස්ථානයක් යෝජනා කරයි. එය වාස්ථවික විග්‍රහයන්ට අනුව ‘බොලදය’.

(I) පක්ෂය අපගෙන් ඉල්ලා සිටින්නේ සාමුහික අනන්‍යතාවයක් ඇතුලත ‘මම'(I) යන්න ස්ථානගත කළ හැක්කේ කෙසේද යන්නය. පක්ෂය මෙසේ කියයි. “අප සමග සටන් කරන්න, අප වෙනුවෙන් සටන් කරන්න, ඔබගේ සත්‍යය පක්ෂයේ මතය තුළ දිනවන්න. නමුත් මේ කිසිවක් තනිවම කරන්න එපා-පක්ෂයෙන් පිටත එය කරන්න එපා. තමන්ගේ පුද්ගලික මතය (යථාර්තය නිපදවන්නේ පුද්ගලයා බව අමතක නොකර ) හරහා පක්ෂයේ මතය කරවන්නට උත්සහකරන්න එපා”. එමගින් නොමග යන්නේ පක්ෂය නොව තමාමය.

ඔබේ අදහස කියන්න...