යථාර්තය පිළිබඳ අපගේ ආකල්ප සංස්ලේෂනය වන්නේ වාද දෙකකිනි ,

 1. විජේවීරවාදය – පුහුණුව – Practice – ලංකාවේ වාමාංශික අනුභුතිඋත්තරත්වය   Ground එක /දැනුම

-Epistemology – මිනිසාට අව්ඥානයක් නැත යන ආකල්පය

 2. සිංහල ට්‍රොට්ස්කිවාදය – න්‍යාය – Theory – ලංකාවේ සද්භාවවේදය- Ontology -දේශපාලන සදාචාරය – හොඳ/නරක ගැටලුව – යථාර්ථයට තාර්කික දැනුමෙන් පිටත දෙයක් නැත.

අභිප්‍රාය – නුතන ධනවාදයට මුහුන දිය හැකි ක්‍රියාකාරිකයකු පුහුණු කිරීම .

ඒ සඳහා සමතික්‍රමනය කල යුත්තේ ඉහත සිංහල පහල මැදපන්තික දෘෂ්ටියයි .

Lenin-

පසුගිය මාස කිහිපය තුළ අප විසින් සංවිධානය කරන ලද පන්ති වලට සහභාගි වූ සහෝදර – සහෝදරියන් සහ අලුතින් පන්ති වලට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින අය වෙතයි..

අපි විසින් පන්ති පවත්වන ලද කිරුළපන ස්ථානයෙන් ඉවත් වීමට සිදුවූ නිසා පසුගිය සති දෙකක පමණ කාලයක සිට පන්ති පැවැත්වීමට ස්ථානයක් නොතිබීම හේතුවෙන් විධිමත්ව ඔබට එකී අධ්‍යාපනික වැඩසටහන් වලට සහභාගි වීමට නොහැකි විය.

මේ වන විට අපට බත්තරමුල්ලෙන් ස්ථානයක් ලැබී තිබෙන අතර ලබන සදුදා සිට නැවත ඹබට සුපුරුදු පරිදි අධ්‍යාපනික වැඩසටහන් වලට සහභාගි විය හැකිය.

පන්ති පැවැත්වෙන දිනයන් ඔබට පුද්ගලිකව දැනුම් දෙන අතර අලුතින් පන්ති වලට සහභාගි වීමට කැමැත්තෙන් සිටින සහෝදර සහෝදරියන් a2zmovement@gmail.com යන ඊමේල් ලිපිනයට අයැදුම්පත් එවන්න. නව පන්ති පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුමු දෙනු ලැබේ.
  “ අප ජීවත් වන්නේ සෑබෑ ලොවක , සෑබෑ මිනිසුන් අතර නොවේ . අප ජීවත් වන්නේ වචන වලින් ‘දෙය’ ( Thing )    මරා    සංඥව බිහිකර , එමගින් ඇති වු සංඥ ලෝකයක් තුලය. එබැවින් මිනිසුන් ශික්ෂණය කිරීම සහ ශික්ෂණය වීම ද අයත් වන්නේ සෑබෑ ලොවකට නොව සංඥා ලෝකයකටය. මාක්ස් ෆොයර්බාත් තිසීස වලදී සකච්ඡා කරන ‘සෑබෑ ලෝකය’ සෑබෑ ක‍්‍රියාකාරීත්වය යන ප‍්‍රායෝගික වහර පවා සංඥ ක‍්‍රියාකාරීත්වයක් ලෙස නිවැරිදි විය යුතුය.“

ස්ටෝආ පක්ෂ පාසල ඔබ වෙත කවුලුවක් විවර කර දී ඇත.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Epistemology කියල මම හිතුවේ දැනුම ගැන හා දැනුමේ පරාසය ගැන ඉගෙන ගැනීම හැටියට. කොහොමද කෙලෙසද වගේ දෙයක්. ontology කියල මම හිතුවේ අපේ existence එක ගැන තිබෙන ප්‍රශ්නය හා ඒ ගැන යන සාකච්චාව කියල. අපි මෙතන ඉන්නේ කෙලෙසද?
    ඒකට Epistemology – මිනිසාට අව්ඥානයක් නැත යන ආකල්පය හා ලංකාවේ සද්භාවවේදය- Ontology -දේශපාලන සදාචාරය – හොඳ/නරක ගැටලුව යන දෙකින් කියන්නේ මේ ගැන ටිකක් පටු විධිහට කතා කිරීමක් නේද? එහෙම නැත්නම් වෙනත් විධිහකින් අර්ථ දැක්වීමක්ද?

Comments are closed.