වරක් ප්‍රාන්ස් කෆ්කා ප්‍රකාශ කරන ලද්දේ ‘අවදි වීම’ (wake up) අතිශයින්ම අවදානම් මොහොත බවයි. පුද්ගලයකු සිහිනයක් තුළ ජීවත් වීම හෝ යථාර්ථයට ආවේෂ වී ජීවත් වීම එතරම් භයානක නැත. දෘෂ්ටිවාදයේ දෘෂ්ටිකෝණයෙන් නරඹන විට අවදි වන ලෝකයට පෙර අපගේ දෑස් මතට ඇස් කණ්නාඩි පැමිණෙයි. 2011 දී ජ.වි.පෙ සිහිනයෙන් එම පක්ෂය තුළ පිරිසක් අවදි වූ බවට සැකයක් නැත. නමුත් ඔවුන්ගේ දෑස් මතට වැටුනේ ‘පව්කාර’ ඇස් කණ්නාඩි යුවළකි. X දේශපාලන වයාපාරය නම් අන්තරාභවික සමාජ වයාපාරයට අදාළව භාවිතාවක් මිස ඒ ගැන නයායක් තිබුණේ නැත. අල්තුෂර්ට අනුව සාත්‍රගේ දේෂපාලනයට වටිනාකමක් තිබුණේය. නමුත් අල්තුෂර් සාත්‍රගෙන් ඇසුවේ දේශපාලන ප්‍රශ්නයකි. ” ඔබගේ කැපවීමට නයායක් නැහැ නේද ? ”

Infinity pool 2-
X දේශපාලනය මේ වනවිට හදුනාගෙන ඇති පරිදි එය ‘ආසියාතික ගුප්තභාවය’ තුළින් නූතන ආත්මය නිපදවන සුළු දේශපාලනයකි. ඔටෝමාන් අධිරාජ්ය 1300 සිට 1922 දක්වා තුර්කියේ පැවතියේය. තුර්කිය යනු යුරෝපය හා ආසියාව යා කරන රටකි. මෙහි මෑතකදී එහි ජනාධිපති අර්ඩොගාන්ගේ බිරිද මෙසේ ප්‍රකාශ කළාය. ” ඔටෝමාන් සුල්තාන්වරයාගේ අන්තක්පුරය ස්තියට අධ්යාපන ආයතනයකි.” මින් අදහස් වන්නේ තුර්කි ආත්මයේ අදුරයි. නේපාලයේ රාජ්යත්වය වසර 200 ක් පැවතුණි. එය අවසාන කරනු ලැබුවේ මාඕවාදීන්ය. නමුත් නේපාල වැසියා තවමත් නූතනත්වයට ඇහැරී නැත. ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ දශක 4 ක් තිස්සේ සිංහල මිනිසාට ඔහුගේ සාරය සොයාදීමට උත්සහ දරයි. L.T.T.E ය දෙමළ ආත්මය අවදි කළ මුත් එම වයාපාරය දේශපාලනිකව පරාජය විය. 
2004 වර්ෂයේදී ලංකාවේ පැරණි ට්‍රොට්ස්කිවාදී වම ” X දේශපාලනය නම් කරන ලද්දේ සංස්කෘතික දේශපාලනය නමිනි. නමුත් එසේ නම් කළ පැරණි සහ ගෝත්‍රවාදී වම්මුන් බියෙන් සැළී ගියේ මන්ද ? මයිකල් හැනකිගේ Funny Games චිත්‍රපටය සිංහල ගුප්ත මිනිසාට පෙන්නුවේ X දේශපාලනයයි. එය නැරඹූ ට්‍රොට්ස්කිට අනුරාගික වමෙක් මෙසේ උදාන වාක්යක් ප්‍රකාශ කළේය. ‘ගොල්ෆ් පිති ගත්ත තරුණයන් දෙදෙනා වගේ අපටත් මිනිස්සු පාලනය කරන්න ඇත්නම්….’  ට්‍රොට්ස්කිවාදී සංකේත වෙස්මුහුණ ඉරාගෙන ඒ මතු වූයේ ස්ටැලින්වාදී විපරිත දේශපාලනයයි. සුදු ටී-ෂර්ටයකින් සහ සුදු කොට කළිසමකින් (සුදු මේස් සහ සුදු ඩෙක් සපත්තු දැමූ) සැරසුණු අංගඡේදක දේශපාලනයකට කැළෑවෙන් ගාලුපාර හරහා නගරයට පැන්න පවුකාරයන් සම්මුඛ වීම ඉතිහාසයේ සරදමකි.
අපගේ දේශපාලන වයාපාරයේ භාවිතාව ගැන නයායක් සංයුක්තව ඉදිරිපත් කිරීමට මේ දක්වා අප අසමත් විය. පසුගිය දිනෙක මීගමුවේ පැවති සම්මන්ත්‍රණයකදී මහේෂ් හපුගොඩ සහෝදරයා අපගේ වයාපාරයේ භාවිතාව සංයුක්තව නයායගත කරන ලදී. [Form] ක්ෂුද්‍ර තලයේ අපට හිමි තැන මහෙක්ශය තලයට රැගෙන යාමේදී මේ නයායගත කිරීම ඓතිහාසිකය. ඝෝෂාකාරී කරච්චලයක් තරමට ඉදිරිපත් කරන ලද සංස්කෘතික දේශපාලන අච්චුවේ තාර්කික අඩංගුව අදින් පසු අහෝසි වනු ඇත. වාචාලයන්ට මින් පසු හිමිවන්නේ ඉතිහාසයේ කුණුබක්කියයි. දෙමාපියන් රමණයේ යෙදෙන මොහොතකදී අවදි වන පිරිම දරුවකුගේ අනාගත ලිංගික ජීවිතය ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයෙන් විදාරණය වෙයි. පවුකාරයන් වහාම කළ යුත්තේ ‘කොමියුන’ සෑදීමට හදිස්සි නොවී, තමන්ගේ යතුරුපැදිවල අංක තහඩු ජැකට් වලින් සගවන්නේ නැතිව යථාර්ථය ප්‍රබන්දයක් සේ වටහා ගැනීමයි. ජ.වි.පෙ සත්තු වත්තෙන් පැන්න මිනිසුන් බේකරියට පැන “පාන්, ඉඩම්, නිදහස” ඉල්ලමින් සිටිති.
ඇහැරෙන්න ! වඩාත්ම හාස්ය වන්නේ මිනිසුන්ව ඇහැරීම සදහා සුදුසුම ස්ථානය මීගමුව වීමය. පරමාණුව සොයාගත්තේ මීගමුවෙනි. ඒ සදහා අප ගෙවන ලද වන්දිය ……….

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “අපි ගොවි ආර්ථිකය තුල රජු කියන අහගෙන ඔහේ හිටිය. නිශ්චිත අකර්මන්යතාවයක”

  2. “Colonial Mentality” වශයෙන් නිතර පට්ට ගසන වචන දෙකේ දයලෙක්තිකය එනම් එය “සුද්දා සිතන ආකාරයට සිතීම නොව ගතානුගතිකත්වය උත්කර්ෂයට නැන්වීම” බව මෙතරම් පැහැදිලිව කෙරෙනු දේශනයක් හෝ ලියනලද ලිපියක් මට මෙතෙක් හමුවී නැහැ. ඒ ගැන මහේෂ්ට මගේ හර්දයන්ගම ස්තුතිය. මෙතන මට පෙනෙන ප්‍රධාන අභියෝගය තමයි මේ අහිමි නොවිමම නේද අපේ අය මහත් ආඩම්බරයට පත්වෙන කරුණත් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අපේ අය කියනවා “බලන්න සුද්දට බැරිවුනානේ මෙච්චර බල පරාක්‍රමයක් තිබිලත් අපේ සංස්කෘතිය වෙනස්කරන්න” කියල. එතකොට මේ අයට අපි කිව්වම නැහැ වෙන්න තිබ්බේ එක තමයි කියල ඒ අය කියාවී “මුන්ට පිස්සු. මෙච්ච්චර අමාරුවෙන් අපි අපේකම රැකගත්ත මුන් කියනවා සුද්ද ඒක නැතිකරානම් හොදයි කියල” ඉතින් අපිට අහුවුන එකෙන් ගහන්න පටන් ගනීවි. ඉතින් මේ අභියෝගයට මුහුණ දෙන ගමන් තමයි ඉස්සරහට යන්න වෙන්නේ. කෙසේ වුනත්, පෙරටුගාමී පක්ෂයට සහ දීප්ති ගේ මේ අත්නොහරින උත්සාහයට නිතර සුබපතන්නෙකු වශයෙන් මගේ ප්‍රාර්තනාව පෙරටුගාමී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙලවල් සාර්ථක වීම සදහා මේ “දීප්ති-මහේෂ්-පුෂ්පජිත් සුසංයෝගය” නොබිදි පවතිවා යන්නයි.

Comments are closed.