[dropcap color=”green”]ලං[/dropcap]කාවේ සාමාන්‍ය මිනිසුන් අහලවත් නැති දෘෂ්ටිවාදයක් තියෙනව දේශපාලනික නිවරදිභාවය (political correctness ) කියල.මේ න්‍යායට අනුව අධිපති සමාජ බලරටාවේ සුළු-ජාතිකයන්ට,ස්ත්‍රීන්ට,ප්‍රජාතන්ත්‍රවාදයට හානි වන භාවිතාවන්ගෙන්,වචන වලින් ඉවත් වෙනව. උදාහරණයක් වශයෙන් මේ න්‍යාය අනුගමනය කරන විට යම් දේශණයකදී  පිරිමියෙක් මෙහෙම කියනව.සුදු පිරිමියෙක් හැටියට ඔබව ඇමතීමේ දී …. අර්ජුන පරාක්‍රම කියන්නේ 90 දශකය මැද දී මේ  PC ලෙඩේ ලංකාවේ විශ්ව-විද්‍යාල වලට බෝ කරපු ප්‍රථමයා. ඒක ඔහුට ඇමරිකාවේ දි ඉගෙන ගන්නකොට බෝ වෙච්ච ලෙඩක්.( සමාවෙන්න!මම සුදු පිරිමියෙක්)

අර්ජුන පරාක්‍රම තමන්ගේ ප්‍රසිද්ධ සමාජීය,ජීවිතයේ දී ස්ත්‍රීන්ට විරුද්ධව අපහාස වන වචන නොකියන,උගන්වන විට ශේක්පියර් ගේ සුදු භාවය ප්‍රශ්ණ කරන, ප්‍රමිතිගත ඉංග්‍රීසියේ ප්‍රමිතිය ප්‍රශ්ණ කරන,ඇකඩමියාවේ පුරුෂාධිපත්‍යය ප්‍රශ්ණ කරන,වැදගත් තැන්වල නොවැදගත් විදිහට හැසිරෙන,රැඩිකල් හිටපු විශ්ව-විද්‍යාල ගුරුවරයෙක්.ධනවාදය ක්‍රියාත්මක වන විට නිසර්ගයෙන් ක්‍රියාත්මක වන පුරුෂාධිපත්‍යය ප්‍රශ්ණ කරපු කෙනෙක්. නමුත් ඔහු අසංවේදී වුනේ මොකටද?

දේශපාලනිකව නිවරදිව හැසිරීම නිසා මිනිසුන්ට අලුත් පහසුවක් ඇති වුනා. ඒ තමයි සමාජය ඉස්සරහ ස්ත්‍රියට ඉතාම හිතවත් ව රගපාලා  තමන්ගේ පුද්ගලික ජීවිතයේ දී තම බිරිදට ගෙදර වැඩ සියල්ල බාර දෙන්න. ස්ත්‍රින් ට සමාජය ඉස්සරහ සමතැන දෙන්න කතා කරන පුරුෂයෙක් තමන්ගේ පුද්ගලික නිදන කාමරය ඇතුලත ඒ සමතැන ආරක්ෂා කරන්නෙ නැහැ. මේ තමයි නරුමවාදය පෙනී සිටින ආකාරය. සමාජ ජීවිතයේ දී හික්මෙනව. පුද්ගලික ජීවිතයේ දී අශ්ලීල වෙනව.

මේ න්‍යාය අර්ජුනටත් අදාලයි.ඔහුගේ දේශපාලනිකව නිවරදි සමාජය ජීවිතයට රහසින් පැවති පුද්ගලික විශ්වයේ හැඩය කුමක්ද?කොළඹ විශ්ව-විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වුනාට පස්සේ පීඨාධිපතිතුමා වැසිකිලියට යන හැම අවස්ථාවකටම ඉස්සෙල්ල වයසක පියුන් මහත්තයට ඒක සෝදන්න වුනා. අර්ජුන ගේ කාර්යාල කටයුතු වලට සහය වුන ශිෂ්‍යාවක් වහලියක් වගේ සේවය කරා. පන්තියේ ඉගෙන ගත්නකොට භාෂාවේ එක වචනයක් හරි වැරදියට ලිවිවොත් හරි, කිවිවොත් හරි එයාව හෑල්ලුවට ලක් කරා. අර්ජුන ගේ අත්බෑගය, ලැප්ටොප් එක,වතුර බෝතලය,ෆයිල් කවර ගෙනියන්න වහල් හමුදාවක් බිහි වුනා. මේ තමයි පිතෘ ආධිපත්‍යය දෘෂ්‍යමාණයෙන් ගිලිහී ගිහින් වල් විදිහට රහසින් ප්‍රායෝගික ජීවිතයට නැවත ඇතුල් වෙච්ච හැටි. ඒ අනුව දැන් පුරුෂාධිපත්‍යය කියන්නේ ගැහැනුන් යට කිරීම නෙවි. චාටුවෙන් වැඩ ගැනීම.මේකම නලින් සුවාරිස්ට,ස්ත්‍රින් සම්බන්ධව අදාල කරොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින අයට දහවලටවත් නින්ද යන එකක් නැහැ. තමාරා කුනනායගම් කියන්නේ සුවාරිස් ගේ රාත්‍රී ජීවිතයේ එක නිශාචර පැත්තක් විතරයි. ඉතිං මේ අය ගැන තව කතා කරන්න අවශ්‍ය නම් නහයේ ඇගිලි ගහගන්න කතා කරන්න පුළුවන්. ඉතිං මේ දේශපාලන නිවරදිභාවය ගැන නොදැන හිටපු අර්ජුන පරාක්‍රම පශ්චාත්-නූතනවාදය එන්නේ මොකාටද කියල අහන එක පුදුමයක් ද? හනා අරෙන්ඩ් CIA එකත් එක්ක එකතු වෙලා කරපු දේවලුත් අපිට පස්සෙ කතා කරන්න පුළුවන්.

ඔබේ අදහස කියන්න...