[dropcap color=”black”]ප[/dropcap]ළමුවෙන්ම මෙවැනි සමාජයක් යනු කළමණාකරනය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත නූතන තත්ත්වයකි.මෙවැනි සමාජයක් ඇත්තට පවතින්නක් නොව ඇත්ත ලෙස පෙනී යන සමාජයකි. සමාජ යථාර්ථය සහ නාට්‍ය හෝ සිනමා දර්ශණයන් අතර වෙනසක් නැත. පශ්චාත්-නූතන ආඥාදායකත්වයක් පවතින විට එම රට තුළ පවතින දේශපාලන පක්ෂ යනු අටවන ලද ඒවාය. විපක්ෂය යනු ද අටවන ලද්දකි. මෙවැනි සමාජයක් තුළ ව්‍යාජ වංචා,දූෂණ, බිහිවන අතර ඒවා රූපවාහිනී මාලා නාටකයකට වඩා වැඩිමනක් දෙයක් නෙවි. මෙවැනි සමාජයකදී සියළු දේවල් මහජන සම්බන්ධතා (PR) ගැටළුවකට ඌණනය වන අතර දේශපාලන ක්‍රමය පුද්ගලික අවකාශයක් බවට පත්වෙයි. මෙවන් තත්ත්වයක් නිර්මාණය මෙවන් තත්ත්වයක් නිර්මාණය වූ විට උදේට ලිබරල්වාදීව පුවත්පත් වල ප්‍රවෘත්ති කියවන මාධ්‍යෙව්දීයෙක් රාත්‍රියේ බීමත්ව ජාතිවාදී කෝලාහල වලට සම්බන්ධ විය හැක.

පශ්චාත්-නූතන පාලකයෙකු පිළිබද න්‍යාය අපට සොයා ගත හැක්කේ රුසියන් ජනාධිපති වැලැඩ්මීර් පුටින්ගේ හිටපු උපදේශක වැලැද්ස්ලාව් සුකෝවිගෙනි. සියල්ල ඔහු කරන්නේ තම කාර්යාලීය මේසය මත ඇති දුරකථනයෙනි. එක දුරකථන ඇමතුමකින් ඔහුට සිවිල් අයිතිවාසිකම් උදෙසා එන්.ජී.ඕ උද්ඝාෂණයක් සංවිධානය කළ හැක. එම දුරකථනයම පාවිච්චි කර ඊළගට ඇමතුමක් දී ඉහත උද්ඝොෂණය කඩාප්පල් කිරීමට ජාතිවාදී මැරයන් පිරිසක් එවිය හැක. උදේට ඔහු නබකෝවිච්ගේ නවකතාවක් ගැන දේශණයක් පවත්වන අතර හවසට ඔහුම නබකෝවිච්ගේ පොත් ගිණිතබන ජාතිවාදී කලාකරුවන් පිරිසක් සංවිධානය කළ හැක. තවත් සැන්දෑවක ඔහු ආගම විවේචනය කරන රැඩිකල්වාදියෙකු වන අතර පසුදා උදයේ ඩර්තොඩොක්ස් පල්ලියේ පියතුමන්ලා සමග කලුලෝගු හැදගෙන ආගමික භාවනාවක යෙදිය හැක. රුසියාවේදී මෙයට කියන්නේ PR වීම කියාය. ආණ්ඩුවත්, විපක්ෂයත්, කලාවත් නොකලාවත්, ආගමත් නොආගමත්, යන සියල්ල ඇත්තේ පුටින් තුළ මිස ඉන් පිටත නොවේ. ආණ්ඩුවට තරම්ම මිනිස්සුත් නරක නිසා එතරම් ගැටළුක් නැත.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔබට මතකද හිරු කණ්ඩායම ! අපි හිරු ළඟදීම අලුත් වැඩක් බලාපොරොත්තු වන්න අපේ රෝහිත භාෂණ සහෝදරයා සමගින්. අපි ජාතිවාදය කතාකලේ මේ දැන් වෙන දේවල් 100% දැනගෙනය. සමහරු එවෙලේ වෙන වෙන දේවල් කර දැන් දෙමල ගැන කතා කරයි.
    http://hinteka.wordpress.com/2013/04/06/%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%85-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B7%83%E0%B6%B4/

Comments are closed.