ජාතිකත්වය සහ ජාතිවාදය මත පදනම් වූ කඳවුර 2019 ජනාධිපතිවරණයේ දී  ජයග්‍රාහී වී ඇති අතර ‘ප්‍රජාතන්ත්‍රය’ වෙනුවෙන් පෙනී සිටි පාර්ශවය පරාජය වී ඇත. මෙම ධ්‍රැවීයකරණය පිළිබඳව සමහරෙක් අන්ධයන් මෙන් හැසිරෙන අතර තව සමහරුන් මෝඩ පණ්ඩිතයන් ලෙස හැසිරෙයි.  ඉදිරියට ලංකාවට අවශ්‍ය කරන්නේ, එක් පැත්තකින් බිම් මට්ටමේ කතිකාවන් ය. අනෙක් පැත්තෙන් අවශ්‍ය කරන්නේ, රාජපක්ෂවාදයේ මාධ්‍ය කතිකාවට සාර්ථකව මුහුණ දිය හැකි, බුද්ධියේ ආලෝකය ගමන් මාර්ගය කරගත් වාම දේශපාලනයකි. ඒ සඳහා, අපගේ පැත්තෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම්ය. පළමුවෙන්ම කිව යුත්තේ, වමේ ඉදිරි දැක්ම තුළ ‘සිවිල් යුද්ධය’ මිස සහරාන්වාදී-foco ග්‍රාමීය සුළු ධනේශ්වර චින්තනයකට ඉඩ නැති බවයි. අපගේ පැත්තෙන්, අපි 2007 වසරේ සිට මෙම foco-සහරාන්වාදයට මුහුණ දෙන්නෙමු. අනිත් පැත්තෙන්, තවදුරටත් වාමාංශික දේශපාලනය තුළ බඩුකාරවාදයට-male hysterical womanizer– ද අපි ඉඩ නොදෙන්නෙමු. 2007 වර්ෂයේ සිට අපගේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘Rights Now’ නම් ප්‍රජාතන්ත්‍රවාදය  වෙනුවෙන් සටන් කළ සිවිල් ව්‍යාපාරය ද විනාශ කරන ලද්දේ මානසික බඩුකාරයෙකි. 2014 වර්ෂයේ දී foco-සහරාන්වාදීන් අපව UNP කාරයන් ලෙස හංවඩු ගැසුවේ ඉහත බඩුකාරයා නිසාය. දැන් මේ දෙපිරිසම දේශපාලනිකව පරාජය වී ඇත.

                  නූතන ධනේශ්වර සමාජ නිෂ්පාදනයේ මුඛ්‍ය ගැටලුව වන්නේ, මිනිසුන් සහ මුදල් පාලනයට නතු කර ගන්නේ කෙසේද යන්නයි.[How to control people and money] මේ සඳහා, ඇමරිකන් රාජ්‍යයට එක් පිළිතුරක් ඇති අතර  අනෙක් පසින් ‘චීන කොමියුනිස්ට් පක්ෂයට’ තව පිළිතුරක් ඇත. ලෝකයේ අනෙක් රටවලට සිදු වී ඇත්තේ ඉහත විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමටයි. ඒ සඳහා තෙවැනි හෝ නොබැඳි මාවතක් නැත. තෙවැනි විකල්පයට ගමන් කරන අයට හමු වන්නේ ලිබියාවයි.

                    දේශපාලන ආකෘතියක් ලෙස ගත්විට, ‘ජනප්‍රිය ජාතිවාදය’ –National Populism-සහ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය හෝ කොමියුනිස්ට්වාදය අතර ගුණාත්මක වෙනසක් ඇත. කොමියුනිස්ට්වාදයට වෙනස්ව ජාතිකත්වය ‘පන්ති අරගලය’ ( සමාජ නිෂ්පාදනය බෙදා ගැනීමේ අරගලය), පන්ති සතුරා වෙනුවට ”විනෝද වෙන අනෙකෙකු” ( දෙමළ, මුස්ලිම්, සමලිංගික)  තෝරා ගනියි. කොමියුනිස්ට්වාදයට වෙනස්ව ‍ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දේශපාලන සතුරාව විරුද්ධවාදියෙක් ලෙස හදුනා ගනියි. මූලික වෙනස්කම් පවතින්නේ ඉහත තලයන් දෙක අතරය.

                   ශ්‍රී ලංකාව තුළ කිසිදු රුසියානු පූටින් කෙනෙකු හෝ ලී ක්වාන් යූ කෙනෙක් හෝ මෝදි කෙනෙක් පහළ නොවේ. එවැන්නක් වීමට අවශ්‍ය තරම් විකිණිය හැකි,ස්වාභාවික සම්පතක් හෝ විශාල ආර්ථිකයක් අපට නැත. ශ්‍රී ලංකාවේ මුඛ්‍ය සමාජ ගැටලුව වන්නේ, අපගේ රටේ ශ්‍රමය විනයගත නොවීමයි. චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් පළමුව කළ යුත්තේ, ශ්‍රමය විනයගත කිරීම හා එහි ඵලදායිතාවය වැඩි කිරීමයි. ඒ සඳහා, ශ්‍රමිකයන් අතර තරඟයක් බිහි කිරීම හැර වෙනත් ශීලාචාර ක්‍රමයක් නැත. එවිට ලංකාවේ ශ්‍රම වෙළඳපොළක් බිහිවනු ඇත. අනෙක් පසින්, ප්‍රාග්ධන වෙළඳපොළ  (ණය ගැනීමේ හැකියාව) ප්‍රසාරණය කිරීමට වාණිජ බැංකු පෙළඹවිය යුතුය.

              අනාගත කොමියුනිස්ට්වාදය වෙනුවෙන් සටන් කරන වාමාංශිකයන් ධනේශ්වර විරෝධය යන අදහස රැඩිකල් ලෙස ‍ප්‍රතිසූත්‍රගත කළ යුතු ය. ධනේශ්වර විරෝධය යනු, ධනේශ්වර ෆැන්ටසියක් මිස සමාජවාදී සිහිනයක් නොවේ. අනවරත වර්ධනය යනු ද, ධනේශ්වර ෆැන්ටසියකි. සමාජ ගැටලුවල නිෂ්ටාව ප්‍රීතිය යන්න ද ධනේශ්වර ෆැන්ටසියකි. ගෝඨාභයට වෙනත් අයට කළ නොහැකි දේ කළ හැකි යැයි සිතීම ද අභ්‍යන්තරිකව ගත් කල ධනේශ්වර වර්ධනය පිළිබඳ ෆැන්ටසියකි. පශ්චාත් – නූතනවාදය තුළ (90 දශකය තුළ සිට 2001 දක්වා) ධනේශ්වරයට විකල්පයක් පැවැති මුත්, සමකාලීන ‘ධනවාදී යථාර්ථවාදය’ –Capitalist Realism– තුළ ධනවාදයට විකල්පයක් නැත යන්න ගම්‍ය වේ. කෙනෙකුට ධනේශ්වරයේ අවසානයට- End OF Capitalism– උත්තරයක් නැති වුවත් ලෝක විනාශයට, ජාතියේ විනාශයට, රටේ විනාශයට පරිකල්පනයක් ඇත. ලංකාවේ සමාජ ගැටලුවට උත්තරය ගෝඨාභය රාජපක්ෂ යැයි සිතන්නවුන් යනු, ධනේශ්වරයට විකල්පයක් නැත යනුවෙන් සිතන්නන් ය. මෙම සිතුවිල්ල සඳහා මේ යුගයේදී, ඕනෑම න්‍යායක් ගණිකා වෘත්තියේ යෙදවිය හැකිය. ගෝඨාභයට විසඳීමට ඇත්තේ, සදාචාර ගැටලුවක් හෝ පීතෲ රූපක ගැටලුවක් නොවේ.  ලංකාවේ පළමුවෙන්ම විසඳිය යුත්තේ, ශ්‍රමයට අදාළ සුළු ධනේශ්වර විරෝධය යි. ශ්‍රමය තරඟකාරී කරවීමට රාජ්‍යය හරහා මර්ධනයන් දියත් කළ යුතුය. ඒ සඳහා, වෙනත් ක්‍රමවේද නැත. කොමියුනිස්ට්වාදියාට සංස්කෘතියක් නැත. ඔහු/ ඇය සිට ගන්නේ ශිෂ්ටාචාරය සහ ශිෂ්ටත්වය පැත්තේය. සංස්කෘතිය සිට ගන්නේ ජාතිවාදය පැත්තේය. ධනවාදය ලෝක ක්‍රමයක් නිසා අප ද ප්‍රාර්ථනා කළ යුත්තේ ලෝක ක්‍රමයක්ය. එවැන්නක් සංගීතයෙන් පටන්ගැනීමට හැකිය. මිනිසුන් මේ පහත නටන්නේ, සංස්කෘතික තාලයකට නොව ධනවාදී නූතනත්වය සමඟයි. ඉදිරි මහ මැතිවරණය සඳහා අපි සූදානම් වෙමු !

Deepthi

After Berlin wall- Use Headphone.[JBL]

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. / කොමියුනිස්ට්වාදියාට සංස්කෘතියක් නැත. ඔහු/ ඇය සිට ගන්නේ ශිෂ්ටාචාරය සහ ශිෂ්ටත්වය පැත්තේය. සංස්කෘතිය සිට ගන්නේ ජාතිවාදය පැත්තේය.// කොමියුනිස්ට්වාදී වෙනෙකක් විය නොහැකිද? ඉහත ගීත මෙන්. එයට මේ යයි කියා විනිශ්චයක් නැති අධිකාරී බලයක් නැති නිදහස් නිර්මාණශිලිත්වය නොවේද?
    ඉදිරි මැතිවරණ සඳහා සහයෝගය දෙමු

  2. Should I go Should I stay
    Show me the way?
    Show me the Right Way

    Magic Affair
    ශ්‍රී ලංකා වාසි චන්දදායකයා සමවිමට ඉල්ලන්නේ එයයි. ගෝඨාබය මහතා පිළිතුරු දෙන්නේ එම අවශ්‍යතාවයටය . සජිත්ගෙන් එය ලැබෙන්නේ නැත.

Comments are closed.