පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳව මේ දක්වා අප විසින් පළ කළ ලිපි මාලාවේ තෙවන කොටස ලෙස අද පළවන කොටස නොසැලකිය යුතුය.මෙම කොටස ලිවීමට සිදු වූයේ අමතර පැහැදිලි කිරීමක් ලෙසය.ලිපියේ තෙවන කොටස මෙම කොටසින් පසු පළ වෙයි.

      මම අදහස් කරන දේශපාලනය කුමක්ද යන්න පළමුවෙන් පැහැදිලි කරමි.මා විසින් ඉදිරිපත් කරන දේශපාලන චින්තනයට අනුවදේශපාලනයයනු මිනිසුන් කියන දේවල් හෝ කරන දේවල් වලඅභ්‍යන්තර අර්ථය” (Inner Meaning) සෙවීම නොවේ.ඒ අතරම කිසිදු දේශපාලකයකු තුළ සැඟවී ඇති ගුප්තාර්ථයක් හෝ ඔවුන්ට පිටුපසින් කිසිවකු සිටීය යන අදහස ද (තීරයට පිටුපසින් දෙවියන් සිටීම) මම ප්‍රතික්ෂේප කරමි.මා අනුගමනය කරන ක්‍රමවේදයට අනුව මම අසන්නේ සරල ප්‍රශ්ණයකි.ඇයි ඔවුන් එය කරන්නේ ? (Of Asking Why They Do it )මේ අර්ථයෙන් ගත් විට දේශපාලකයන් කියන,කරන දෙය තුළ සියල්ල ගැබ්ව පවතී.ඒවා පිටුපස සැඟවී ගිය රහසක් හෝ පුද්ගලයකු නැත.දේශපාලකයන් කතා කරන ශෛලීයට අනුවත්‍රස්තවාදයගැන ඔවුන් කිසිවක් දන්නේ නැත.ඔවුන් ඊට කිසිදු සහයෝගයක් දක්වා නැත.ඊට සපුරා විරුද්ධ වීම හැර අන්කිසිවක් ඔවුන් දන්නේ නැත.නමුත්ත්‍රස්තවාදයමේ සමාජ ක්‍රමය තුළ පවතින්නේ කෙසේද ? දේශපාලකයන් ත්‍රස්තවාදය ගැන කොතරම් කතා කරත් ත්‍රස්තවාදය මෙවැනි සමාජ ක්‍රමයක් තුළ බිහි වන්නේ මන්ද යන්න ගැන මුණිවත රකියි.උදාහරණයක් ලෙස ගෝලීය ධනවාදී සමාජ ක්‍රමය තුළ ISIS වැනි සංවිධානයක් පවතින්නේ කෙසේද? එවැන්නක් පැවතිය හැක්කේධනවාදයක්‍රියාකාරී වන තැනක පමණක් බව අපට එවිට වැටහේ.අපි දේශීය උදාහරණයක් ගෙන මෙම තත්ත්වය වටහා ගමු.ලංකාවේ පශ්චාත්-නූතන ජනමාධ්‍ය ( හිරු සහ දෙරණ ) විසින් ත්‍රස්තවාදියකු ලෙස සැලකීමට උත්සාහ කරන රිෂාඩ් බදුර්දීන් ත්‍රස්තවාදයට සමීප පුද්ගලයෙක් ලෙස දෘෂ්‍යමාණ වන්නේ ඔහු ඉස්ලාම්වාදියකු නිසා නොව ඔහු දේශපාලනයේ මුවාවෙන් විවිධ ව්‍යාපාරික කටයුතු වලට අත දමා ඇති නිසාය.වෙනත් ආකාරයකට කිවහොත් රිෂාඩ්ට ත්‍රස්තවාදයට සම්මුඛ වන්නේ ඔහු ඉස්ලාම් ආගම අදහන නිසා නොව ඔහුප්‍රාග්ධනයරැස් කරන්නෙකු නිසාය.පරස්පරය වන්නේ දිලිත් ජයවීරද මෙයම කරන මුත් රිෂාඩ්ට අත්වන ඉරණම ඔහුට අත්නොවන්නේ මන්ද යන කාරණයයි.

                                         කොයිතරම්  බාහිරින් ත්‍රස්තවාදය හෙළා දැක්කත් අපි හොඳටම දන්නවා ISIS සංවිධානය සහ ජිහාඩ්වාදය බිහි කළ රාජ්‍යයන් මොනවාද? සහ ඒවා නිර්මාණය කළ පුද්ගලයන් කවුද? කියන එක. 70 දශකය අගදී ඇෆ්ගනිස්ථානයේ පැවති කොමියුනිස්ට් ආණ්ඩුව සහ එයට සහයෝගය දෙන සෝවියට් දේශය මතවාදීව පරාජය කිරීම සඳහා ජිහාඩ්වාදය හරහා ඉස්ලාම් ආගම රැඩිකල්කරණය කරන ලද්දේ ඇමරිකාවයි.පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින දේශසීමාව ආශ්‍රිතව ඉස්ලාම් ආගම උගන්වන රැඩිකල් පාසල් (මද්ද්‍රස) සඳහා මූල්‍ය සහයෝගය දුන්නේ සෞදි අරාබියයි.මෙම මතවාදී ව්‍යාපෘතිය 1979 දී සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ පසු අවසන් වූවත් අත්හදා බැලීම සාර්ථක වූ නිසාම මැදපෙරදිග කළාපයේ එකළ තහවුරු වූ වාමාංශික ආණ්ඩු සහ ව්‍යාපාර දිය කිරීමටද රැඩිකල් ඉස්ලාම්වාදය ඇමරිකාව විසින් යොදා ගන්නා ලදී.ප්‍රභාකරන් බිහිකළ ඉන්දීය අභිලාෂ 1987 ට පසුව ප්‍රභාකරන් බිඳ දැමූ ආකාරයට ඔසාමා බින්ලාඩන් ද ඇමරිකානු අභිලාෂ බිඳ දමාමුදල් නැති ඉස්ලාමයක්වෙනුවෙන් පෙනී සිටීම ප්‍රකාශයට පත් වූයේ  9/11  ප්‍රහාරය හරහාය.මෙමඟින් සිදුවූයේ රැඩිකල් ඉස්ලාම්වාදය ජාත්‍යන්තරකරණීය වීමයි.

                               21 වන සියවස මුල වන විට රැඩිකල් ඉස්ලාම් දෘෂ්ඨිවාදයමාක්ස්වාදයවෙනුවට ධනවාදය තුළ ඇති වන ප්‍රතිවිරෝධතා සමනය කිරීම සඳහා යොදා ගැනීමට ලෝකයේ විවිධ බලවත් රාජ්‍යයන් සහ ඒවායේ ඔත්තු සේවාවන් උත්සාහ කරන ලදී.ධනවාදය තුළ ඇති වන පිපිරීම් සමනය කිරීමටරැඩිකල් ඉස්ලාම්වාදයඇමරිකාව විසින් කදිමට යොදා ගත් අවස්ථාවක් වූයේ අරාබි වසන්තයයි. Facebook හරහා පටන් ගත් මහජන විරෝධය අවසන් වශයෙන් පීඩකයා විනාශ කරනු වෙනුවට පීඩිතයාගේ රැඩිකල් සමාජ ව්‍යාපාර විනාශ කරන ලදී.ඊජිප්තු අරගලය අවසන් වීමෙන් පසුවමුස්ලිම් සහෝදරත්වයසතුව තිබූ තෘණමූල මට්ටමේ සමාජ ව්‍යාපාරය විනාශ කිරීමට ඊජිප්තු යුධහමුදාවට සහ CIA සංවිධානයට හැකි විය.සිරියානු අරගලය තුළ දීරැඩිකල් ඉස්ලාම්වාදයහරහා CIA සංවිධානය සිරියානු සමාජය සහ එහි සිවිල් සමාජය සහමුලින් විනාශ කරන ලදී.ත්‍රස්තවාදයට විරුද්ධ යැයි දෘෂ්‍යමාණය තුළ පෙනී සිටින ඇමරිකාව ත්‍රස්තවාදය පාවිච්චි කරන්නේ එහි ප්‍රතිජීවනය සඳහාය.පීඩිතයන්ගේ දර්ශනය බවට  මාක්ස්වාදය වෙනුවට රැඩිකල් ඉස්ලාම්වාදය නම් අනන්‍යතා දේශපාලනය යෝජනා කරන ලද්දේ එක්සත් ජනපදයයි.ත්‍රස්තවාදයට විරුද්ධව නීති සම්පාදනය කරනවා ලෙස පෙනෙන ඇමරිකාව අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදය පෝෂණය කිරීමට උදව් කරන බව සරල මිනිසෙකුට වැටහෙන්නේ නැත.ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහිව කතා කරන දේශපාලකයන් ව්‍යාපාර කරමින් හරි හම්බ කරන්නේ නම් ඔවුන්‌ගේ දේශපාලනය සඳහා රහසිගතව ත්‍රස්තවාදය අවශ්‍යය.මන්දයත් ඔවුන් ධනවාදය ගැන වචනයක්වත් කතා නොකරන නිසාය.පරස්පර අපේක්ෂාවන් සහිත අය එකට යුගලනය වන්නේ තනි දේශපාලන ආර්ථිකයක් තුළ මෙම කොට්ඨාශ දෙකම වර්ධනය වන නිසාය.

එකිනෙකට දෘෂ්‍යමාණය තුළ පටහැනි ප්‍රපංචයන් සැබෑ තත්ත්වයන් තුළ එකිනෙකාගේ ප්‍රතිපෝෂකයන් ලෙසින් වටහා ගැනීමට අප ලෙනින් දෙසට හැරෙමු.

 

     අපෝහකවාදය නැමති චින්තනය චලනය වන ආකාරය වටහා ගන්නා විද්‍යාව අප පරිහරණය කරන්නේ නම් ප්‍රතිපක්ෂයන් (ඇමරිකාව/ශ්‍රී ලංකාව , බදුර්දීන්/සහරාන්, රනිල්/බැසිල්, රනිල්/මහින්ද, ගෝඨාභය/සරත් ෆොන්සේකා,දිලිත් ජයවීර/රනිල්, මෛත්‍රී /කැමති කෙනෙක්, බැසිල්/ධම්ම දිසානායක, සජිත්/මෛත්‍රී ,රනිල්/කරූ, ශිරාල්/රනිල්) ඒකීය (එක්සත්) විය හැක්කේ කෙසේද? ඒවා ඒකීය වීම සිදු වන්නේ කෙසේද ?ඒවා එකිනෙකට පරිවර්ථනය වන්නේ කෙසේද?ඒවා එසේ වන්නේ කවර තත්ත්වය තුළද? යන කාරණා තහවුරු කළ යුත්තේ ස්ථිතික අනන්‍යතා තුළ (UNP,ශ්‍රී ලංකා,පොහොට්ටුව,මුස්ලිම් කොංග්‍රසය ,TNA) නොව එකිනෙක වෙනස් වන ප්‍රපංච ලෙසිනි.

                                       බෝම්බ පිපිරීමට මෙහොතකට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිවිරෝධයන්ගේ මට්ටම කුමක්ද?චීන ප්‍රාග්ධනය හරහා වරාය නගරය ඉදි වෙමින් පැවති අතර චීනයේ ප්‍රාග්ධනයට ලංකාවේ රාජ්‍යයෙන් බාධාවක් නොවුණි.පැවතියේ මන්දගාමී තත්ත්වයකි.

ඇමරිකාව පැත්තෙන් ගත් කළ ඔවුන්ට ඉතිරිව පැවතියේ ශ්‍රී ලංකාවේ උපරිව්‍යුහය පමණි.(අධිකරණය,ව්‍යවස්ථාව,සිවිල් සමාජය,මානව හිමිකම් ආදිය) ඉන්දියාවට පැවතියේ TNA සංවිධානය පාලනය කිරීමේ ලීවරය පමණි.මේවා ඒකීයව පැවතිණි.එකක් අනෙකේ පැවැත්ම සඳහා තත්ත්වය සපයයි.දෘෂ්‍යමාණය තුළ එකිනෙකට පටහැණි යැයි පෙනෙන දේවල්වල ගැඹුරු හරය වන්නේ ඇත්තටම ඒවා එකිනෙක සමඟ සංකලනය වනවා යන අදහසයි.ඒකීයත්වයේ ප්‍රථම තේරුම එයයි.

                                 එකිනෙකට පටහැණි යැයි දෘෂ්‍යමාණය තුළ ගම්‍ය වන ප්‍රපංච ඇත්තටම එක දෙයක ”පැවැත්ම”, එහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ පැවැත්ම තහවුරු කිරීම යැයි අවබෝධ කර ගැනීමෙන් අපගේ විග්‍රහය අවසන් නොවේ.රනිල්ගේ පැවැත්ම බැසිල්ගේ පැවැත්මෙන් තහවුරු වනවා යන්න ආචාර්ය චරිත හේරත් පවා දන්නා කාරණයකි.ස්වකීය පැවැත්ම සඳහා රනිල්ට බැසිලුත් ,බැසිල්ට රනිලුත් මේ මොහොතේ ”තත්ත්වය” තුළ අවශ්‍යය.නමුත් මේ දෙදෙනා තුළ පැවති යම් යම් එකඟතා බෝම්බ පිපුරුමට පසු විරුද්ධතා බවට පත් වන්නේද යන්න විශ්ලේෂණය කිරීම වඩා ගැඹුරු කාරණයයි.උදාහරණයක් ලෙස බෝම්බ පිපිරීමට පෙර ධම්ම දිසානායක යනු බැසිල්ගේ හිතවතෙකි.නමුත් බොම්බ පිපිරීමෙන් පසු ධම්ම බැසිල්ගේ පසමිතුරෙකි.මෙය ප්‍රතිරෝධයන්ගේ ඒකීයභාවය පිළිබඳ දෙවැනි අර්ථයයි.වඩා වැදගත් වන්නේ බෝම්බ පිපිරීමට පෙර මිතුරන් වූ කී දෙනෙක් දැන් තරහා වී ඇත්ද යන්නය.බෝම්බ පිපිරීමට පෙර පොහොට්ටුව තුළ වීරයා වූ ගෝඨාභයව බෝම්බ පිපිරීමෙන් පසුව බැසිල් සහ ශිරන්ති අභිබවනය කර ඇත.එවිට කලින් අර්ථයෙන් බැසිල්ට රනිල් වැඩක් නැත.දැන් රනිල්ට බැසිල්ට වඩා ගෝඨාභය වැදගත්ය. කලින් පසමිතුරන් වූ ෆොන්සේකා මිතුරෙකු ලෙස ගෝඨාභයට අත දිගු කරයි. ප්‍රතිපක්ෂයන්ගේ ඒකීත්වය සහ විනිවිදීම සමස්තය තුළ තාවකාලිකය. සාපේක්ෂය.

                           2014 ජුනි මස පමණ වන විට එවකට විපක්ෂ ක්‍රියාවලිය තුළ මට දැන ගන්නට ලැබුණේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නේ නම් ඒ සඳහා පොදු අපේක්ෂකයකු පත් කළ යුතු බවය.රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තිබූ ඉඩකඩ අහුරන ලද්දේ ඉන්දියාව විසිනි.2014 වර්ෂයේ පැවති සමස්ත චිත්‍රය තුළ ගොඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය සිදුරක් රහිතව ආරක්ෂා කරන ලදී.එම යුගයේ දේශපාලන සමස්තය තුළ ද විදේශීය ඔත්තු සේවාවන් ද ක්‍රියාත්මක විය.මේවා බොහෝමයක් ක්‍රියාත්මක වන්නේ තානාපති කාර්යාල පදනම් කරගෙනය.2014 නිශ්චිත සමස්තය තුළ අද මෙන්ම (බෝම්බ පිපිරීමට පෙර) එදා යුගයද නිසලව පැවතිණ.ජාතික ඔත්තු ජාලය ප්‍රභලව පැවතිණ.නමුත් අන්තර්ජාතික ඔත්තුසේවා ජාතිකත්වය ඉක්මවා යමින් Raw ඔත්තුකරුවන් තිදෙනෙකු හරහා රාජපක්ෂ ආන්ඩුව පෙරළා දැමීය.ජනයා සහයෝගය දුන්නේ Raw ඔත්තු සේවය විසින් ඇති කරන ලද තත්ත්වාරෝපිතයකටය.ගෝඨාභය මේ සියල්ල දැන ගත්තේ බොහෝ කල් ගත වීය. චීනයට එවකට ශ්‍රී ලංකාව තුළ බාහිර ඔත්තු සේවයක් නොතිබූ නිසා ගෝඨාභය පරිදිම ඔවුන්ද සියල්ල දැන ගත්තේ අවසානයටය. ජනාධිපතිවරණයෙන් පසුව චීන තානාපති කාර්යාලයේ බහුතරය ඉ න් ඉවත් කරන ලද්දේ එම නිසාය.

                                       දැනට ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය ඉක්මවා ගොස් වෙනත් රටවල ඔත්තුසේවා අපගේ රට තුළ කුමක් කරන්නේද යන්න පරීක්ෂා කරන Mosad – Post-National- වර්ගයේ ඔත්තු සේවයක් නැත. ජනාධිපතිවරයා අමාරුවේ වැටෙන්නේද ගෝඨාභය මෙන්ම මෙවන් ආකාරයේ ඔත්තු සේවයක් රට තුළ ස්ථාපිත කර නැති නිසාය.ශ්‍රී ලංකාව තුළ චීන දේපළ ආරක්ෂා කිරීමටත්, ඉන්දීය සහ ඇමරිකන් ඔත්තුසේවා නිශ්ක්‍රීය කිරීමටත් අප රටට අන්තර්ජාතික ඔත්තුසේවාවක් අවශ්‍යය. රටේ අනාගත ආර්ථිකය දියුණු කිරීමට මෙය අත්‍යාවශ්‍ය කොන්දේසියකි.

-දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මෙ මොහොත න්‍යයික ගැටලු සාකාචිචා කිරිම අර්ථ විරහිත දෙයක් බවට මරාගෙන මැරෙන බොමිබ කරැවන් විසින් අපව අසරන කර දමා ඇති තත්වයක් තුල දිප්ති සහොදරයාගේ න්‍යයික ප්රවෙශය අගය කොට සලකමි.
    ඉහත ඔහුගේ වියමන තුල ,මාගේ න්‍යායික අවබොධයට අනුව ඔහු විසින් ” fundamental figure “එකක් සලකුණු කරනවා.
    එනමි ඔහුගේ ප්රවෙශය දයලෙක්තික ක්රමවෙිදයක් මෙය බටහිර දර්ශනයේ මුලික ගැටලුව ලෙස අධ්‍යනය කරයි(“Epistemic”) බටහිර තුල සියවස් ගනනාවක් විවිධ දාර්ශනිකයන් ඔවින් ගේ සුවිශේෂතා හරහා මෙය සංයුක්ත සංදර්භයකට ගෙන ඒමට උත්සාහ කරන ලදී .
    දෙවන අවස්ථාව මෙම ප්රවෙශය ඇන්ටි-එපිස්ටෙමික් ලෙස ප්ර්වර්ග ගත කරන්න පුලුවන් මෙ හරහා මිනිස් සමිබනධතා කලාපයට මාරැ වේ ශොපන්අවරියානු හා නිටිෂියානු ක්රමවෙිදයක්.වෙන විදියට කිවිවොත් Fraudian අවිඥානය.
    සැබැ ගැටලුව තේරැමි ගනු ලබන්නේ මෙම ඇන්ටි-එපිස්ටෙමික් මොහොතින් පසුවයි. නමුක් ගැටලුව විසදිමට එය ප්ර්මානවත් නැත. ඉන් පසුව නැවත දැනුම ට මාරැ විමට දිප්ති අපට යොජනා කරයි.
    මෙම වියමනෙහි වැදගත්ම දේ තමයි දිප්තිගේ අවසාන යොජනාව එනමි “සමස්තය” සලකා බැලිම.වෙන විදියකින් කිවිවොත් විද්‍යාවට කරන්න බැරි වැඩෙි හෙවත් දර්ශනයයේ කාර්යභාරය යි “Epistemic ”
    සමස්ථය නොමැතිව ධනවාදි ප්රග්ධනය තේරැමි ගත නොහැකිය.
    අවසාන විග්‍රහයේදි තනි තනි විද්‍යාවන් ධනවාදය විසින් අවශෝෂණය කර ගනි.මෙම මොහොතින් පසුව විද්‍යාව විසින් ධනවාදි අර්බුදය අන්තවාදය ලෙස වෙස් ගන්වයි

  2. අපි සිතන මොහොතේදි පමනක් මාක්ස්වාදී පාර-භෞතික දැනුමක් දරා සිටිම. එම මානයෙන් විතරයි මම ජවිපෙ ට හෝ දිප්ති කුමාර ගුනරත්නට කැමති වෙන්න අවශ්‍ය යුතොපියානු හේතුව තියෙන්නෙ.
    ඔවින් ක්රියා කරන තැනෙදි මම ඔවින් සමග එකග නැ උනත් මෙම දෙබිඩි බව යමි ඒකත්වයක් මා තුල පවත්වා ගත්තා. එසේ විමට මා අධ්‍යනය කල පාර-භෞතික දැනුම මට බල කරා.(Transcendental philosophy)

    මෙම පාර-⁣භෞතික දැනුම තුලින් සැබැ අනේකත්වය සමග අපට සන්නිවෙදනයක් සිදු කල නොහැක. යමි දාර්ශනික දැනුමකට උරැම කමි කියන ලංකාවෙ මම ඇතුලුව සියලුම වාම වාදි චින්තනයේ සිමාව පසුගිය දා සිදු වු මරාගෙන මැරෙන බොමිබ කරැවන් විසින් අභියොගයට ලක් කර ඇත.ඔවින් විසින් අප චින්තනයේ සිමාව සලකුණු කරන ලදී. මෙම මොහොත තේරැමි ගැනිම සදහා නව දැනුමක් ඉල්ලා සිටි.මෙම මොහොතෙිදි සිතට දැනෙන දේවල් කිමෙන් පලක් නැත.
    පසුගිය දශකය තුල “මනොවිශ්ලේෂය” වාම ව්‍යාපාර තුල සත්‍ය ගවෙිශනය සදහා උපකරණයක් ලෙස භාවිතයට ආවා.එහි පුරොගාමියා දිප්ති කුමාර ගුනරත්නය
    “Idealistic Thinking ” මත පදනම් වු මනොවිශ්ලේෂි ක්ර්ම වෙිදය තව දුරටත් වලංගු නොවෙන බවයි දැං මාගේ ස්ථාවරය.
    මනොවිශ්ලේෂනයට අනුව මුසල්මානුවා යනු අපේම පරිකල්පනයක් යන්නයි අපට වැරදුන තැනද එතනයි අපි සිතුවෙ නැ අපිට පරිභාහිරව අපි නොදන්නා මුසල්මානුවෙක් පවතින බව.

    එතකොට ජවිපෙ සමිබන්ධයෙන් සිදු වුයේ කුමක්ද ? ඔවුන් ට බල පැවෙ කුමක්ද මම හිතන විදියට ,2005දි මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවිමට ගත් ජාතිවාදි දේශපාලන තින්දුව නිසා පසුව ජවිපෙ කුල වු වැරදිකාරි මනෝභාවය(මනෝවිශ්ලේෂණය නොදැනිම)නිසා සුලු ජාතින් සමග සහජිවනයක් පෙන්විම. ඔවින්ගේ ජාතික ලැයිස්තුවේ පවා පසු ගිය සිද්ධියට සමිබන්ද පුද්ගලයන් සිටිම.
    මනොවිශ්ලේෂනය විසින් කරන ලද සාධනිය කාරනය වන්නෙ,තවිහිද් ජමාත් හා ඊනියා සිංහල බෞද්ධ යන ප්රපංච දෙකම එකම කාසියේ දෙපැත්ත ලෙස අපට තේරැමි කරයි.එයින් ඔබ්බට අපගේ සිතිම ගමන් කිරිමට නොහැකි විම මනොවිශ්ලේෂයෙ සිමාවයි.

Comments are closed.