Categorized | Political

ප්‍රදීපාගේ හැන්දෑවට කලින් යන්න

ප්‍රදීපාගේ හැන්දෑවට කලින් යන්න
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ප්‍රදීපා ධර්මදාස නම් රැඩිකල් කළාකාරිණිය විසින් හැන්දෑවට කලින් එන්න යන නමින් සංයුක්ත තැටියක් නිකුත් කරන්නට තීරණය කර තිබෙන බව අපට වාර්ථා විය.  වසර හතරකට පමණ පසු මෙලෙස සංයුක්ත තැටියක් නිකුත් කරන්නට ඇය තීරණය කර ඇත්තේ ඇගේ සැමියාගේ බලවත් පෙරැත්ත නිසාවෙනි.
ප්‍රදීපා ධර්මදාස යනු අසූව දශකයේ අප සමග එකට සිටි රැඩිකල් කාලාකාරීනියකි. අසූව දශකයේ දී උක්දඩු ගින්න නාට්‍යයට සම්බන්ධ වන වකවානුව වන විට ප්‍රදීපා යනු රැඩිකල් අදහස් සහිත තරුණියකි. මේ වන විට බී.එම්.ඩබි. වාහනයකින් රට පුරා කරක් ගසන නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් එදා නිමවුණ උක්දඩු ගින්න නාට්‍ය සමයේ අප අතර වූ රැඩිකල් දේශපාලන කතිකාවන්ට දීපිකාත් එක් වූ අයුරු අපට මතකය. සෑහෙන කාලයකට පසු මාධ්‍ය හමුවේ පෙනී සිටි ප්‍රදීපා ගේ ලොකු වෙනසක් අප දිටිමු. ඒ වෙනස නම් ඇය පසුගිය කාලය පුරාම සංගීතයටත් වඩා රූපලාවන්‍ය කෙරෙහි සිය අවධානය යොමුකර තිබීමයි. ඇය කෙතරම් රූපලාවන්‍ය කෙරෙහි අවධානය යොමුකර ඇත්ද යත් ඉස්සර අප සමග එකට සිටි රැඩිකල් තරුණිය ඇය වෙන්නට බැරි යැයි අපට සිතෙන තරමටම ඇය රූපලාවන්‍ය මගින් හැඩ වී ඇත. මේ නිසා ඉස්සර අප සමග සිටියේ මේ ප්‍රදීපා නොව වෙනත් අයෙකු වන්නට පුලුවන. කොහොම නමුත් ප්‍රදීපාගේ මේ සංගීත ප්‍රසංගය නරඹන්නට ඔබත් හැන්දෑවට කලිනම් යන්න යැයි අප ඔබට ආරාධනා කරන්නෙමු. මේ පිළිබද වැඩි විස්තර පහතින් දක්වා තිබේ.

Srilankamirror – ප‍්‍රවීන ගායන ශිල්පිනී විශාරද ප‍්‍රදීපා ධර්මදාස වසර හතරකට පසුව සංයුක්ත තැටියක් එළි දැක්වීමට සූදානම් වන බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද මෙම සංයුක්ත තැටිය ඇය නම් කර ඇත්තේ ‘හැන්දෑවට කලින් එන්න’ ලෙසයි.

මේ ආයාචනය කර ඇත්තේ සිය සැමියා වන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට බව මේ වන විට ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ.

කෙසේවුද ප‍්‍රදීපා මේ සම්බන්ධයෙන් මාධ්‍යට කියා තිබුණේ එම ගීත රචනාවේ අලුත් බවක් තිබෙන බැවින් එය එලෙස නම් කළ බවයි.

මෙම අතර ප‍්‍රදීපාගේ සංයුක්ත තැටියට සැමියා වන ඩලස් අලහප්පෙරුමද ගීත රචනයෙන් එක්වී තිබීම විශේෂිතය.

ඊට අමතර, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශී‍්‍ර විජේසිංහ, මහින්ද චන්‍ද‍්‍රසේකර, බන්දුල නායක්කාරවසම්, වසන්තකුමාර කොබවක, කපිල කුමාර කාලිංග, විජිත කණුගල, රජීව් වසන්ත වෙල්ගම, රත්මලේ බන්දුල ගුණවර්ධ, නෙළුම් මුදලිගේ හා පියුමි බොරලැස්ස මේ සඳහා ගීත සපයා තිබේ.

තනු නිර්මාණයෙන් මේ සඳහා ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, මහින්ද බණ්ඩාර, කළණි පෙරේරා, සුරේෂ් මාලියද්ද, රොෂාන් ප‍්‍රනාන්දු, ඉන්‍ද‍්‍රජිත් මිරිහාන, සුමුදු ගුරුගේ, නදීක ගුරුගේ, රවි අල්ත්ගේ හා අසේල බණ්ඩාර යන අය සහයවී සිටිති.

මෙම සංයුක්ත තැටිය ලබන පෙබරවාරි 18 වැනිදා පස්වරු 6.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රගහලේදී එළිදැක්වීමට නියමිතය.

ප්‍රදීපාගේ හැන්දෑවට කලින් යන්න , 7.0 out of 7 based on 1 rating

This post was written by:

News Editor - who has written 1291 posts on 3mana | Online news magazine.


Contact the author

Comments are closed.

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us