[dropcap color=”blue”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් වෙන් වී අලුත් වම තමන් යැයි කියා ගත්තා වූ පිරිසද ඇතුලුව සියළු පිරිස් ‘ජනතාව’ යැයි කියන්නේ කාටද?

මන්ද පෝෂණයෙන් සහ ජීවන බරින් පෙළෙන ලක් මවගේ දරුවන්, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන්, රැකියා විරහිත තරුණයන්,කරන්නට දෙයක් නැති නිසා ෆේස් බුකියේ බඩු ගසන්නට ෆැන්ටසි තතන කාලකන්නින් ආදී සිංහල බෞද්ධ සුළු ධනේශ්වර දුක් වේදනා සත්තකින්ම මේ නව වාමාංශික දේශපාලනය තුළ අන්තර්ගතය.

මේ වාමාංශිකයන් සිංහල බෞද්ධ සුළු ධනේශ්වර තට්ටුවේ විමුක්තිය සදහා සටන් කරන අය පමණි. වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන්, රැකියා විරහිත තරුණයන්,කරන්නට දෙයක් නැති නිසා ෆේස් බුකියේ බඩු ගසන්නට ෆැන්ටසි තතන කාලන්නින් යන අය සුළු ධනේශ්වර පංතිය මිස විප්ලවවාදීන් නොවේ.

මේ රටේ සුළු ධනේශ්වර පංතිය විප්ලවවාදීන් ලෙස හදුන්වා ඒ අයගේ දුක් ගැනවිලි අර්නෙස්ටෝ චේ ගාවාරා සමග පාස්සා සුළු ධනේශ්වර විරෝධතා ව්‍යාපාරයන් ගොඩ නැගීම ඔවුන් ගේ ප්‍රාර්ථනාවයි. මෙය කදිමට ප්‍රදර්ශණය කළ නියම දර්ශණය වූයේ පසුගිය දා පවත්වන්නට යෙදුන “චේ වගේ වෙන්න” නම් පාරිභෝගික සේවා සැපයීමේ සංදර්ශණයයි.

වසර 1988-89 වකවානුවේ දී පවතින ධනේශ්වර ක්‍රමයට එරෙහිව අරගල කළ තම සහෝදර අරගලකරුවන් හැට දහසකට අධික සංඛ්‍යවක් පොළව යට වැළලූ,ටයර් සෑ මත දවාලු ත්‍රිවිධ හමුදාවට නිල් මහනෙල් මල් පලදා දෙමළ ජාතික විමුක්ති අරගලය සමූල ඝාතනය කළ යුතු බවට සපථ කළ ජාතිවාදී (පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ද ඇතුලුව) ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික විමුක්ති අරගලයට සමාන ජාතික විමුක්ති අරගලයකට පණ පෙනූ අර්නෙස්ටෝ චේ ගවාරා නම් ජාතික විමුක්ති අරගල ජාත්‍යන්තරවාදී නායකයා තම පරමාදර්ශය වශයෙන් ගෙන කටයුතු කරයි.

මේ වන විටත් විවිධ වෙළෙද දැන්වීම් නිර්මාණ ආයතන වල සිටින අපතයන් රට,ජාතිය, ආගම,දරු සෙනෙහස,දුගී බව,අසරණ භාවය,මිතුරුකම ආදී එකී මෙකී නොකී සියල්ල විකුණයි. ජනතා විමුක්ති පෙරමුණ තම ජාතිවාදී ආත්මය සගවා ගෙන ජාතික විමුක්තිය ගැන කතා කරයි. වෙළෙද දැන්වීම් නිර්මාණකරුවන් කතා කරන මනුෂ්‍යත්වය යනු ඔවුන් ගේ ඇත්ත ජීවිතයෙන් පරාරෝපිත යථාර්ථයක් වන පරිදිම ජනතා විමුක්ති පෙරමුණ කතා කරන ජාතික විමුක්ති අරගලය ද ඔවුන් ගේ සැබෑ දේශපාලන දර්ශනයෙන් පරාරෝපිත වූවකි.

පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය විප්ලවවාදී සෝමවංශ අමරසිංහ ගේ සිට ජනප්‍රියවාදී අනුර කුමාර දක්වා විතැන් වීම නිසා එතෙක් පක්ෂය ගැන දෙගිඩියාවෙන් සිටි සිංහල බෞද්ධ සුළු ධනේශ්වර සාමාජිකයන්ට පැහැදිලි පිළිතුරක් ලැබුණි. තවදුරටත් ජ.වි.පෙ යනු විප්ලවවාදී දේශපාලන පක්ෂයක් යැයි තිබූ අවසාන සැකයත්  තුරන් විය. මේ නිසා පසුගිය දා පැවැත්වූ  “චේ වගේ වෙන්න” නම් සංදර්ශණය යනු ඉල්ලුමට සැපයුම යන ආර්ථික විද්‍ය න්‍යායට ගැලපෙන පාරිභෝගික සේවා සැපයීමකට වැඩි යමක් නොවන බව අප යළි මතක් කරන්නෙමු.

වසර 2009 දී හැට දහසක අධික දෙමළ වැසියන් සමූල ඝාතනය කරන්නට හමුදාවට සහය දුන් ජනතා විමුක්ති පෙරමුණ 2009 මැයි මස 18 වන දා ප්‍රභාකරන් ගේ මරණය ගැන සැල වූ වහාම සිංහල බෞද්ධ සුඵ ධනේශ්වර පංතිය පාරවල් පුරා ගාල් කරමින් රතිඥ්ඤා පත්තු කර කිරිබත් කෑවේ ඔවුන් ගේ ජාතික විමුක්තිය විනාශ කළ ප්‍රතිවාදියා ඝාතනය කිරීමේ සතුට වෙනුවෙනි. ඉන් වසර පහක් ඇවෑමෙන් ඔවුන්ටම තම දේශපාලන අනාගතය වෙනුවෙන් ප්‍රභාකරන්ට සමාන තවත් ජාතික විමුක්ති අරගලයක නායකයෙකු වූ චේ වගේ වන්න යැයි තම දේශපාලන අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටින්නට වීම දෛවයේ සරදමක් ද?

තමන විසින් 88-89 වකවානුවේ ඝාතනය කළ මිනිස් ජීවිත වෙනුවෙන් සමාව අයදින්නට අනුර කුමාරට සිදු වීම සේම එසේ සමාව ගැනීම වරදක් යැයි කියන්නට සෝමවංශ අමරසිංහට සිදු වීම ගැන අප පුදුම විය යුතු නැත්තේ ජ.විපෙ දේශපාලන භාවිතාව අතීතයේ පටන් ව්‍යුහගත වී ඇත්තේ මේ ආකාරයෙන්ම වන බැවිනි. 88-89 වකවානුවේ දී ජනතා විමුක්ති පෙරමුනේ ඇතැම් කටයුතු සංවිධානය කරන්නට දේශහිතශී ජනතා ව්‍යපාරය බිහි කරන්නට සිදු වන්නේ ද පක්ෂ තුළ අතීතයේ පටන් පැවති සිංහල බෞද්ධ සුළු ධනේශ්වර සාමාජිකයන් මත ඔවුන් ගේ අනාගතය තීරණය කිරීමට සිදුවූ බැවිනි.

තව දුරටත් විප්ලවවාදී බෝඩ් ලෑල්ල එල්ලා ගෙන ගමන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට ඇති අයිතිය අප කිසිවිටෙකත් ප්‍රශ්ණ කළ යුතු නැත. ජාතික විමුක්ති අරගලයක් විශ්වාස කරන අය චේ වගේ වන්න යැයි කියනවා නම් අනෙක් අතට ඔවුන් ප්‍රභාකරන් වගේ වන්න යැයි කියා ඉල්ලා සිටීමද අතිශයින්ම සාධාරණය. නමුත් සිංහල බෞද්ධ සුළු ධනේශ්වර පංතිය මත සංවිධානය වූ දේශපාලන ව්‍යාපාරයකට දෙවැනි සටන් පාඨය දේශපාලනිකව අවාසි සහගත බව පැහැදිලිය.

සැබෑ විප්ලවාදී දේශපාලන ව්‍යාපාරයක් චේ වගේ වන්න යැයි ඉල්ලා සිටිනු නොලබන්නේ විප්ලවාදී ව්‍යාපාරයක් යනු ජාතික විමුක්ති අරගලයක් නොවන බැවිනි. සැබෑ ව්ප්ලවාදී ව්‍යාපාරයක එකම සහ අවසාන ඉල්ලීම ලෙනින් වගේ වෙමු යන්න පමණි. එකී සටන් පාඨය පාරිභෝගික සේවා සැපයීමේ තවත් එක් මුලාවක් නොව සැබෑ අරගලයක් කරා යෑමේ පළමු පියවර තැබීමකි. ෆේස් බුකියේ විප්ලවවාදීන් ගේ කවි සිතිවිලි වලට අනුව විප්ලවය යනු අති සුන්දර අත්දැකීමකි. විප්ලවය අති සුන්දර අත් දැකීමක් කර ගත හැක්කේ මිනිස් ජීවිත දහස් ගණනනින් වන්දි ගෙවන්නට සිදු වීමෙන් පසුවය. අනාගත පරම්පාරවට යහපත් ලෝකයක් තනා දෙන්නට කරනු ලබන අඛණ්ඩ අරගලයක් විප්ලවයක් කරා විතැන් කරවීම හිතන තරම් පහසු නැත. ලේ,කදුළු, දහදිය සමග මුසුවූ සැබෑ අරගලයක් තුළ පාවා දීම්,කල්ලිවාදයන්, මතවාදී විවේචනයන්,කළකිරීම්,එකිනෙකා නුරුස්නා ස්වභාවයන්, තමන් ගේ තැන ස්ථායි කර ගැනීමේ පුද්ලග ආශාවන්, ෆැන්ටසීන් වැනි විවිධ ගැටළු යනුම අරගලය සමග බද්ධ වූ අරගලයේම ගැටලු මිස වෙනත් ග්‍රහලෝකයකින් අරගලයට එරෙහිව පැන නගින අමුතු ගැටළු නොවේ. රාජ්‍ය මර්ධන යන්ත්‍රය විසින් අරගලයක් මර්ධනය කරන්නට දරනු ලබන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් නිර්මාණය කිරීම වැනි සංකීර්ණ කාරණා අතර සංවිධාන අභ්‍යන්තරයේ පැන නගින මතවාදී සහ පුද්ගල අභිලාශයන් නිසා හට ගන්නා ගැටලු යනු අපට මගහැර යා නොහැකි සත්‍යයන්ය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ බිද වැටීම නිසා එහි විප්ලවවාදී ජීව ගුණය නැති වූවා යැයි අප මුලා විය යුතු නැත. එහි ස්වභාවයෙන්ම එය විප්ලවවාදී ජීව ගුණය නැතිකර ගෙන දැන් බොහෝ කල්ය. තවමත් දුක් විදින පංතියේ මිනිසුන් ගේ ජීවිත වෙනුවෙන් සටන් කළ යුතුයැයි සිතන සැබෑ විප්ලවවාදී ජීව ගුණයක් සහිත අරගලකරුවන් අනාගත දේශපාලන ව්‍යාපරයක් වටා ගොනු කරවීම අපහසු නැත.

1069153_713410425417943_443075005891120187_n 1618498_713410055417980_900973680566178295_n 1619100_713411268751192_2560404927638460974_n 1619312_713410122084640_1500222289219449020_n 1896750_713410282084624_9205842870923923571_n 1900143_713411345417851_4670413442359787380_n 1920039_713410195417966_4763768153420050014_n 1926899_713411392084513_5348154906533495092_n 1958576_713411128751206_1132694748991174488_n 1977446_713410142084638_3151279155058785543_n 10003534_713410328751286_3053176352437816572_n 10291076_713409415418044_286458038899507376_n 10353026_713410622084590_1299995948150054577_n 10362861_713411495417836_1570634442409494687_n 10408696_713411402084512_5756239064185113751_n 10450842_713409995417986_3679306797773381650_n 10479950_713411448751174_7353758157668084780_n 10511314_713411362084516_8131489136900656454_n 10520852_713410495417936_6302488602229497732_n 10579992_713410468751272_8482827719415972383_n 10590610_713410262084626_5311553758860427143_n 10593075_713411615417824_4748479782073628050_n 10599481_713411548751164_5315576953917831004_n 10606226_713411275417858_871243896374059890_n 10612996_713410068751312_242720615924808000_n 10616284_713410452084607_1554271097734460491_n 10616451_713411652084487_5366560448735336841_n 10628560_713411658751153_7943445751943930776_n 10645181_713410255417960_8370441607244847916_n 10672396_713411192084533_8880348994075007675_n 10675582_713410342084618_6660628821076956728_n 10685542_713410208751298_187077694797777383_n 10686703_713410922084560_3080816579464875738_n 10698440_713411372084515_2837571293286110314_n 10698446_713410035417982_7122791849783600616_n 10703504_713411108751208_5885204448903953868_n

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ කතාව හ” සැබෑ ව්ප්ලවාදී ව්‍යාපාරයක එකම සහ අවසාන ඉල්ලීම ලෙනින් වගේ වෙමු යන්න පමණි. ” සහ බොහොමයක් කියල තියෙන දේවල් හරි. මම නම් මේ චේගේ උද්‍යානය සුද්ධ කරන එක කවුරු කලත් හොඳයි කියන මතයේ ඉන්නේ. ඒ චෙට ගරු කරන නිසා විතරයි. මේ උත්සව අනම් මනම් නම් ඉතින් තමන් චේගේ එකම උරුමක්කාරයෝ කියල හිතන් ඉන්න කට්ටියගේ මොස්ට වැඩ. කියුබාවටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි.

Comments are closed.