[dropcap color=”red”]ඡ[/dropcap]න්ද ප්‍රතිඵල නිකුත් වී ඇත. වසර 2005ට පසු මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයා පරාජයට පත්වීම ඇරඹි ඇත. සිංහල ජාතිවාදය පළමුවරට බේද වීම ඇරඹී ඇත. මීට අමතරව ප්‍රාග්ධනයට ජාතියක්,වර්ගයක් සහ පක්ෂයක් නැති වග කිලී මහරාජා නම් දෙමළ ව්‍යාපාරිකයා අපට පෙන්වා ඇත. මහරාජා විසින් එක්සත් ජාතික පක්ෂයට එස්.එම් මරික්කාර්,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සුසිල් කිදෙල්පිටිය,ආණ්ඩුවට සුසාර දිනාල් වශයෙන් ඉත්තන් තිදෙනෙකු ඇතුළු කර ඇත. එවිට මහරාජාට ජාතිවාදීන්,දේශප්‍රේමීන් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදීන් ද ඡන්දය ප්‍රකාශ කොට ඇත. ජෙනරාල් තමන් කෙතරම් සෘජු, විනයගරුක පුද්ගලයෙකු බව කීවත් ඔහුද මහරාජාව සලකා ඇත්තේ සිංහලයෙකු ලෙසය. රනිල් වික්‍රමසිංහට ද කලින් එච්.ආර් පියසිරිට උදව් කළ මරික්කාර්ව පෙනී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙසය. මරික්කාර් යනු සිරස රූපවාහිනියේ සේවය කළ සමයේ එහි සේවක-සේවිකාවන්ට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වූ පුද්ගලයෙකි.

“සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා” යන ආප්තය අඩුම ගණනේ මහරාජාට සාපේක්ෂව තිත්ත ඇත්තකි. වැරැද්දට උසාවි නොයෑමට තරම් ඔහු බලවත්ය. බොහෝ දේශපාලකයන්ව ඔහු වක්‍රව මිලට ගෙන ඇත. අනුර කුමාරට අනුව මහරාජා යනු ඇන්.ඇම්ට ද  උදව් කළ  70 දශකයේ වාමාංශිකයෙකි.

ආමේන්!

ඔබේ අදහස කියන්න...