එක්තරා පෙර පාසලක ගුරුවරියක් අපූර්ව අත්හදා බැලීමක නිරත වීමට කල්පනා කළාය. එහි ළමයින්ට ඇය කීවේ ‘තමන්ට තමන්ව’ පෙනෙන විදිහ අදින්න කියාය. එවිට ළමයින් ඔවුන්ට ඔවුන්ව පෙනෙන අන්දමින් ඇන්දේය. බොහෝ දෙනෙකු තමන්ව ඇද තිබුණේ විවිධ වර්ණ වලිනි. පාටපාට වලින්, නිල් පාට, රතු පාට, රෝස පාට, මිශ‍්‍ර පාට, රත්තරන් පාට ……..
ඉන්පසු එම ගුරුවරිය වසර දෙකකට පසු අදාළ ළමයින්ට නැවත එම අභ්‍යාසයම කරන්නට සැළැස්සුවාය. එවිට ළමයින් තමන්ට තමන්ව පෙනෙන විදිහ ඇද තිබුණේ වෙනස්ම විදිහකටය. ඔවුන් බොහෝ දෙනා තමන්ව ඇද තිබුණේ අලු පාටිනි. බොහෝ දෙනෙකු යොදාගෙන තිබුණේ පාට වර්ග දෙකකි.
X කණ්ඩායමෙන් 2004 දී ඉවත් වූ පකිස් බූරුවකුට ඉහත චිත‍්‍ර වර්ග දෙක ලබා දී ඔහුගේ අදහස ඇසුවා යැයි නිගමනය කරමු.. එවිට ඔහුගේ නිගමනය වන්නේ,
ඉතා සුන්දර විචිත‍්‍ර නිදහස් ලස්සන ළමා කාලයක් සහිත ළමයින් පාසල් ක‍්‍රමය තුළ දී නිදහස නැති කරගෙන තම ජීවිතය ‘අලුපාට’ පමණක් කරගෙන ඇත.
ඉහත නිගමනය ගැන අපට දිය හැකි හෙගලියානු පිළිතුර කුමක්ද?
“ජීවිතය වර්ණාවළියකින් අලු පාටට පත්වීම යනු ජීවිතය මෙරිගෝ රවුමක් නොව සංකල්පීය යථාර්ථයක් බව පිළිගැනීමයි.”

ඔබේ අදහස කියන්න...