සදරුවන් ගේ සිට පැපරාසි නිව්ස් දක්වා අය කියන විදිහට ලංකාවේ ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයයක් තියන්නට නියමිත නැත. ඒ වගේම ඡන්දයක් දිනන්නට නියමිත වන්නේ බලයයි. මුදල් සහ තත්ත්වයයි. මේ දවස් ගොඩක් අය කරන වැඩ මේ විදිහට දක්වන්න පුලුවන්.

01- සජිත් ප්‍රේමදාස ගේ ක්‍රමය.- අම්මට කියලා කෑම ටික පිළියෙල කරගෙන ඇවිත් වෙන් කිසිම කෙනෙක් දෙන කෑමක් නොකා ඉන්න එක.( මේ නිසාම මහින්ද රාපක්ෂ විසින් පාර්ලිමේන්තුවට සජිත්ට කෑම ගෙනියන්න විශේෂ අවසරයක් ලබා දීලා තියනව.)

02- නීතිඥ ජේ.සී වැලිඅමුණ ගේ ක්‍රමය- පුලුවන් තරම් සසුනට අරුණ වැඩසටහන පරාජය කරන්නට වැඩ කිරීම. හෝටල් වලට පනින, කඩා පනින හමුදාවට විරුද්ධව ජාත්‍යන්තර මැදිහත්වීම් කරනකම් බලා ගෙන ඉන්න ඕන යැයි සිතීම

03-කුසල් පෙරේරා ගේ ක්‍රමය- රාජපක්ෂ ආණ්ඩුවෙන් බේරෙන විදිහ ගැන පුලුවන් තරම් දිග මාගල් ලිපි ලිවීම

04-කොලොම්බෝ ටෙලිග්‍රාෆ්ට් ක්‍රමය- බුද්ධිමත්හූ හැත්තෑ පන්දහස්  දෙසිය අසූවකගේ ලිපි රෙජිමයට විරුද්ධව පල කිරීම

05-මංගල සමරවීරගේ ක්‍රමය- හැකිතාක් පොල් ගැසීම සහ ශාප කිරීම

06- දයාන් ජයතිලක ගේ ක්‍රමය- ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල අයට ලිපි ලිවීම

07-මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගේ ක්‍රමය- මේසයක් රැගෙන ප්‍රසිද්ධ පාරක් ඉදිරිපිට තබා බස්රථ යන අයට කතා පැවැත්වීම

08- අපේ ක්‍රමය- නිකම් ඉදීම

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මං නං හොදට බුදියගන්නවා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනකං මං ඇකටපුබ වෙදමහත්තයාගෙන් නිදිබෙහෙත් බොනවා.

Comments are closed.