අපගේ අලුත් අධ්‍යයනවලදී විචාරාත්මක ක්ෂේත්‍රයේ සුසමාදර්ශී විතැන් කිරීමක් අදහස් කරනු ලැබේ. මෙතෙක් කල් අප විසින් විචාර ක්ෂේත්‍රයේ න්‍යෂ්ටිය ලෙස සලකන ලද්දේ කලාවයි. (චිත්‍රය, සිනමාව, සාහිත්‍යය) නමුත් මින් ඉදිරියට හේගලියානු ප්‍රවාදයක් වන “කලාවේ සමාජ ජීචිතය අවසන් වී ඇත” යන්න ඔස්සේ අප ගමන් කරනු ඇත.
අනාගත සමාජ සබඳතා ලෝකය තුළ පසමිතුරුභාවය වඩා සලකුණු වීමට නියමිත වන්නේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේය. [From Art To Physics And Neurosciences ]
සරලව කිවහොත් ‘නිදහස’ පිළිබඳ ප්‍රශ්නය වඩා භෞතිකව සලකුණු වීමට නියමිතව ඇත්තේ කලාවට අදාල ක්ෂේත්‍රය තුළ නොව විද්‍යාවට හා තාක්ෂණයට අදාළ ක්ෂේත්‍රයේය. උදා- Brain Sciences, ‍ ස්නායු විද්‍යාවන්, සයිබර් අවකාශය, ලේසර් කිරණ.
නූතන දේශපාලනය තුළ ‘දෘෂ්ටිවාදය’ (Ideology)  රජ කරන්නේ කලාව තුළ නොව විද්‍යාව තුළය. එම අර්ථයෙන් ගත් විට කලාව යනු අභාවයට ගිය ප්‍රපංචයකි. ශ්‍රී ලංකාවේදී මිලියන ගණනක් වූ අතීත සිනමා ප්‍රේක්ෂකයන්  ඉන් ඉවත්ව ජංගම දුරකථන ක්ෂේත්‍රයට ඇතුල්ව ඇත. එබැවින් සමකාලීන යථාර්තය තුළ සිනමාවට වඩා ජංගම දුරකථන මිනිසුන්ව පොලා පන්නවයි. නව අධ්‍යාපන පාඨමාලාව තුළ මේ සුසමාදර්ශී වෙනස වැඩිදුර සාකච්ඡා කරනු ලැබේ.
Andrei_Tarkovsky

ඔබේ අදහස කියන්න...