සාන්දෘෂ්ටික අර්ථයකින් ‘පිටස්තරයා’ නවකතාවේ පරිවර්තනය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වීමට හේතුවක් ලෙස මර්සෝ තුල තිබෙන අතාර්කික අන්තරාවර්ති ගුප්ත භාවය දක්වන්න පුළුවන්. එයා එයාගේ ජිවිතේ එක්ක එයා කැමති දෙයක් කරනවා. ආශාව තව කෙනෙක් නිසා සන්සිදුනට ඔහුගේ ආත්මයේ පතුළ ඒ කාටවත් හොයා ගන්න බෑ. එයාගේ නිතිඥයත් අසරණ වෙනවා ..පාදිලියත් අසරණ වෙනවා …ඔහුට නිතිය දඬුවම් කරන්න හේතුවක් වෙනවා නේද එම පතුලක් නැති ගුප්ත නොතේරෙන  බව? මේක ආශාවට ඇද වැටීම ලෙස හෝ නිදහස ලෙස අර්ථ ගන්වන එක දුෂ්කරයි. මොකද ආශාවේ අනේකත්වය අමතක කරන නිසා. පුනරුද ප්‍රජාතන්තවාදය සඳහා රෝග ලක්ෂණයක් ලෙස බටහිරින් බාහිරකරණය කරන ලද ෆැන්ටාස්මතික  ආසියාතික ආත්මය නැවත පිටස්තරයා හරහා ඔවුන්ට හමුවනවා.  
තමා කරන දෙයින් අනෙකාට වෙන්නේ මොකක්ද කියල හිතන්නේ නැති තරමට බාහිර යතාර්ථයෙන් මර්සෝ දුරස්.[ලංකාවෙ වම වගේ] ‘විරාගය’ ජනප්‍රිය උන තේරුමින්ම තමයි ‘පිටස්තරයා’ ජනප්‍රිය උනෙත්. ආසියාතික ගුප්ත බව හුදු භූගෝලීය තත්වයක් නොව පාර -ගෝලීය ප්‍රපංචයක්. බටහිරට මේ නාස්තික ගුප්ත බව අපනයන වෙන්නේ සාංදෘෂ්ටිකවාදය එක්ක. එකට බුදුදහම බලපානවා නීට්ෂ  හා හෙස හරහා. කේ. කේ. සමන් කුමාර පිටස්තරයාට බැඳෙන රෝග ලක්ෂණය මේකයි කියල මට හිතෙනවා …මර්සෝ මරිට ශරීර අර්ථයකින් කැමති උනාට එයත් එක්ක ආත්මීය අර්ථයකින් කොච්චර දුරස්ද? අම්මත් එක්කත් එහෙමයි. අනිත් හැමෝමත් එක්කත් එහෙමයි. හිරු එලිය ආලෝකය මුහුදු වෙරළ දක්වා හැම දෙයක් ගැනම එහෙමයි. අනෙකාට වෙඩි තුනක් තියන්නේ ඇයි කියන එකට උත්තරයක් නෑ. ක්‍රියාව අත්තනෝමතිකයි. අන්තිමට තමන් එක්ක නිදාගත්ත ගෑණි ගැන විතරක්  නෙවි, තමාගේම මරණය ගැනම උනත් තියෙන්නේ දුරස් බවක්.….distance…..සමන්ට එන සමහර ස්ත්‍රී විවේචන මේ රෝග ලක්ෂණය හා බැඳෙනවා නේද ? 
One does not interpret the fantasy…one has to go through (traverse) the fantasy’ – Lacan.
(විරාගය හා පිටස්තරයා  ගැන සම්පුර්ණ විචාරයක් ළඟදීම බලාපොරොත්තුවන්න)
Mahesh
People-mourn-Princes-death
………………………………………………………………………………………………………

Upeksha said –  how to do politics with these people ?

සමන් එන්න මල් පිපීදැයි බලන්න(කේ.කේ.සමන් කුමාර විසින් රාවය පුවත් පතට ලියන ලද ලිපියට පිළිතුරක් වශයෙනි)-

ජනරංජනට දාන්න බැරි උත්තරය-

‘පසුගිය අවධියේ මා පෙම් කළ පෙම්වතියක් විවිධාකාරයෙන් මට එරෙහි පරත් කාශ කළාය. අප අතර වෙන්වීමට අපගේ චරිත ලක්ෂණ හා ආකල්පයන්හි ඇති වෙනස්කම් මෙන්ම මගේ මෙන්ම ඇගේ තිබූ යම් යම් දුර්වලතා හා නොගැළපීම්ද හේතු විය. එහෙත් මම ඇයට එරෙහිව කිසිවක් පර් යකාශ නොකරමි. තවමත් මම ඇයට ආදරය කරමි. එම සම්බන්ධතාව ජය ගැනීමට මා අසමත්වීම පිළිබඳව තැවුලක් මා තුළ ඇත. එහෙත් අප කිසිදිනක යළි හමු නොවනු ඇත. ඇය මට එරෙහිව කෙතරම් පරඇත කාශ කළත් මා ඇයට එරෙහිව කිසිවක් පරා කාශ නොකරන මෙන්ම මගේ ස්තරීය මවාදී බව වෙනස් වන්නේ නම් නැත. ස්ත්‍රිවාදියකු ලෙස පෙනී සිටින්නට මට ඇති අයිතිය පවා ඇය පරවා ශ්න කර තිබිණි. මම ආරක්ෂණවාදීව හෝ ගැටුම් වැළැක්වීම සඳහා යම් පර අයකාශයක් කළහොත් මිස නිහ`ඩ වූයේ ඇගේ අයිතියට මෙන්ම ඇයටද මගේ වන ගරුත්වය හෙයිනි.

01 කොටස – Sinhala other on Saman and politics

එය මායාවක් විය.ලෝක දෙකක උන් දෙදෙනෙක් එක් වරම සමාන්තර රේඛා දෙකක් මතට කඩා වැටුණහ.ඒ රේඛා දෙක බැලූ බැල්මට පටු මාවත් දෙකක් බදු විය.රේල් පාරක් මෙන් එකිනෙකින් දුරස්ව පිහිටි මාවත් දෙකෙහි අප දෙදෙනා ගමන් කළෙමු.නමුත් අපට මධ්‍යෙයේ තිබූ කුඩා රික්තකය දිනෙන් දිනම විශාල වූයෙන් අප දෙදෙනා දිනෙක එහි කුඩා පැළයක් සිටවීමු.එය කුඩා දළු දෙක තුනක් පමණක් ඇති සපුස්පිත ශාඛයක එක් කුඩා ශාඛාවක් විය. ඒ පැළය කුඩා බාස්කටයක බහාගත් අප දෙදෙනා එය සිටුවන්නට පොලොවක් සොයමින් වසර ගණනක් ඔහේ ඇවිද ගියෙමු. නමුත් අනුන්ගේ පොළවක තමන්ගේ පැළයක් සිටවන්නට බැරිව අප දෙන්නාම අවසන වෙහෙසට පත් වීමු.නමුත් ලංකාවේ පසට නොගැලපෙන බීජ ඉසිමින් බොල් අස්වැන්නක් නෙලමින් උන් අසාර්ථක ගොවියෙක්ව හමු වූ ඔබට මම අනන්තව ආදරය කළෙමි.එය මගේ ජීවිතයට පැමිණි පළමු සහ අවසන් වසන්ත විය. කුඩා කළ සිට මට මනෝමය ප්‍රේමයන් අනන්ත ප්රමාණයක් තිබුණි.නමුත් ඒ පෙම්වතුන් කිසිවෙකු මම කිසි කලෙක දැක නොමැති වුන්ය.මිලාන් කුන්දේරා, ඇල්බෙයා කැමූ වැන්නන්ද ඒ අතර සිටියහ.ඒවා නිර්මාණ සමග බැදි මායාකාරී ආදරයන් විය.ඒ කිසිවකින් මට මෙන්ම ඔවුන්ටද හානියක් නොවීය.මා පෙම් කරන්නට ගන්නා අවදියේ මගේ ප්රේමයට පාත්රවූ ඇතැමුන් ජිවිතයෙන් සමුගෙන පවා සිටියහ.නමුත් ජීවිතයේ මම විවාහය පිණිසය කියා ඇති කරගත්තේ එකම සබදකමක් බැවින් මාගේ එක් පෙම්වතෙක් මට මෙසේ කීවාය මැයෙන් ඔබ මෙන් ,මම ලිපිය නොඅරඹමි. ඉතින් මා පළමු සහ අවසන් පෙම්වත, මේ පිළිතුර ඔබටමය.

2011 වර්ෂයේ සර්පයාගේ දියණිය පොත ස්වර්ණ පුස්තකයට නිර්දේශ වීමත් සමග ඔබ හා මා අතර ඇතිවුණ බැදීමේදී, ඔබ මා පිළිබද තීරණය ගත්තේ ඔබේ දියණියගේ යහපත ගැන තැකීමෙනි.සමලිංගිකත්වයට නැඹුරු වූ බිරිදගේ පැවතුම් දැක දියණියගේ ජීවිතය අවුල් වනු ඇතැයි යන සිතිවිල්ලෙන් ඔබ ගත් තීරණයේදී මම ඔබ හා බැදුනේ නිස්සරණාධ්යාශයෙනි.සැබැවින්ම මම ඔබෙන් කිසිවක් බලාපොරොත්තු නොවුනෙමි.(මේ මොහොතේ පවා ඔබ ගැන ඇත්තේ ආදරයක් මුත් නිහඩව සිටීමද එක්තරා දුරකට අවාසි සහගත වන බැවින් මම මෙසේ පිළිතුරු ලියන්නට සිතීමි.)

නමුත් මේ සිදුවීමේදී මොනවා කරන්නදැයි කරබාගත් ඔහු එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි මිතුරකු ලවා යළිත් මා ආපදා කළමණාකරණ අමාත්යං ශයට ස්ථාන මාරු කරවූ අතර ඒ වන විට මට ඉන්නට තැනක් සපයා දෙන්නට තරම්වත් ආර්ථික තත්වයක ඔබ නොවීය.එබැවින් සුජිත් අක්කරවත්ත ගේ නිවසේ මා නතර කරවූ අතර එය අඩු පහසුකම් පැවති කාමරයක් විය.ඒ කාමරය මට ලබා දුන් සුජිත් සහ බිරිද ඊට හිලව්වට සිදු කලේ ඔවුන්ගේ දරුවා බලාගැනීම මට පැවරීමයි.මේ කාලයේ මටද ලැබුනේ පුහුණු දීමනාවක් පමනක් බැවින් වැඩි කාලයක් ගත කලේ බඩගින්නේය.ආපදා කළමනාකරනයේ වැඩ අධික වීමත් , ගෙදර දරුවාගේ කරදරයත් නිසා මනස විකල් ව තිබූ අතර මා එකල ගාල්ලේ ගෙදර යන්නේ මහත් ආසාවෙනි.එසේ මා හදිසියේ ගෙදර ගිය දිනක සුජිත් අයියා මට කතා කලේ සති අන්තයේ ගෙදර නොසිට ඔහුගේ බිරිදගේ තනියට ඉක්මණින් එන ලෙසයි.නමුත් මම එයට අකමැති වීමි.මන්ද මා කොළඹ පැමිණියහොත් සිදුවන්නේ උදය සහ දවා කුසගින්නේ සිට ළමුන් බැලීමටය(රාත්රී ආහාර වේල ඔවුහු දුන්නහ) කෙසේ වෙතත් මා ඒ සතිඅන්තයේ ගෙදර පැමිණීම නිසා උරණ වූ සුජිත් ගේ බිරිද හා මා අතර බහින් බස් වීමක් සිදු විය.ඒ අවස්ථාවේ මා කෝප වූවා වැඩියයි මම සිතමි.නමුත් එයට හේතුව දැඩි කුසගින්න හා වෙහෙස විසින් මා අනාරක්ෂිත මානසික මට්ටමකට ඇද දැමීමය.කෙසේ වුවත් ඉන්පසු දිගින් දිගටම සිදු වූයේ බෝඩින් වල මා දුක් විදීමය.කිසි දිනක ඔහු හා මගේ ප්රශ්නයවත් කතා කරන්නට බැරි තරම් ඔහු කාර්ය බහුල වූ දවස්වල මම සංජීව සේනාරත්නට කෙටි පණිවිඩයක් යවා ඔහුට දුරකථනය සක්රිය කරන්නයයි කියමි.ඔහුට මා කළ දැඩි ආදරය නිසාවෙන් මම මුළු ආත්මයෙන්ම ඔහුව වැළද ගත්තෙමි.උඹට සමන්ගෙන් තොරව හුස්මක් ගන්නවත් බැහැ මිතුරු කමේ අවසන් දවසේ වසන්ත කුමාර මට බැණ වැදුනේ එලෙසය.

මේ කාලයේ අප රාත්රී ඉංග්රිසි පංතියකට ගියෙමු.ඒ පන්තිය මෙහෙයවන ලද්දේ රාජා තිලකරත්නගේ පුතනුවන් වූ ග්ලෝබ් මුද්ර‍ණ ආයතනය හිමි කෝසල තිලකරත්නය.කෝසල බැලූ බැල්මට ප්රසන්න මිනිසකු වුවද කිසියම් මානසික ව්යාධියකින් යුක්ත මිනිසකු බව වැටහී යාමෙන් පසු මම ඔහුව ඇසුරු කලේ අතේ දුරිනි.මන්ද දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු සති පතා ගනිකා නිවාසවලට යාම විනෝදාංශයක් කරගෙන සිටීමත් මව සමග වූ අවුල නිසා ගැහැනුන් පහතට දමා සලකන තත්වයකුත් වූ අතර ඉංග්‍රිසියෙන් කතා කරන්න කියා ඔහු සිසුන්ට දුන් මාතෘකාද ලිංගිකත්වයට බර වූ මාතෘකාම විය. ඔහු මානසික ලෙඩකු බව වටහා ගැනීමට මට තුඩු දුන් හේතු දෙකක් විය.
01. දරුවව අතහැරපන් බං..යනුවෙන් ඔහු සමන්ට උපදෙස් දීම (තම දරුවන්ට පණමෙන් ආදරය කරමින් කෝසල තිලකරත්න විසින් අනෙකෙකුගේ දරුවකුට දුන් උපදෙස බලන්න) මෙතනදී නම් මගේ පෙම්වතා හිත රිද්දාගෙන සිටියේය.

02. උපේක්ෂව ආශ්‍රය කරන්නෙ බදින්නද බං..ඔය පොත් ලියන්නෙ පුංචි කාලෙම ලිංගික අත්දැකීම් තියෙන අය..කොහේට හරි එක්ක ගිහින් අතහැරපන්…

මේ කතා දෙක ආරංචි වීමෙන් පසුවද මම පන්තියට සහභාගී වු මුත් වැඩි කතා බහකට නොගියෙමි. මේ පංතියට සහභාගී වූ ප්රදීපා,ප්‍රියාන් ආර් විජේ බණ්ඩාර,ගයනි විජේතුංග,මනෝජ් මැදගෙදර,ප්රාශාන් ජයසිංහ ආදීන්ට මෙන්ම කෝසල තිලකරත්නටද මම කිසිදු වරදක් වදනින් හෝ නොකලෙමි.නමුත් ඇති වූ කලකිරීම නිසා මම නිහඩවම සිටියෙමි.මේ අතර කෝසල මට දුරකථනයෙන් කියා සිටියේ සමන්ව මට නොගැලපෙන බවත් ඉන් ඉවත් වන ලෙසත්ය.මම ඒ සියල්ල පිලිබදව ඔහුව දැනුවත් කලෙමි.නමුත් ඔහුගේ මා දුටු ප්රදාන දුර්වලතාව වන්නේ කියූ දෙයක් කේලමක් මිස යළි කියනු විනා සෘජුව ප්රශ්නයට මුහුණ නොදීමයි.මම සහ ඔහු මුලින්ම මුණ ගැසුනේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල දවසේදීය.එදින බුද්ධිනී රාමනායක,නිලන්ත ගමගේ,චන්ද්රසිරි දොඩාවත්ත යන තිදෙනා ද සමග අප තේ පැන් සංග්රහයකට සහභාගි වීමු.අප සමග එකට තේ බිව් තිදෙනා දවස් තුනක් යන්නට පෙර පළමු බෝම්බය පත්තු කළහ.ගින්දර ගෙනාවේ දොඩාවත්තය.ඔහු බුද්ධිනීට එය දුන්නේය.ඒ මා රත්න ශ්රී් විජේසිංහයන් සමග සබදතාවක් පවත්වන බවට වූ නිෂ්පල චෝදනාවක්ය.බුද්ධිනී විසින් එය නිලන්තට කියන ලදුව එය ආවේ මගේ කණටය.මම නිවැරදි හැම අවස්ථාවක ම මම සෘජුව එය කියූ තැනැත්තාගෙන් අසමි.එබැවින් මම දොඩාට කෙලින්ම ඇමතුවෙමි.ඔහු මගෙන් සමාව ගන්නා අතරම මෙවන්නක්ද මට කීය.උපේක්ෂා..එයා දෙපාරක් බැදපු මිනිහෙක් වෙලා මෙහෙම හොයනවනම් නම් ඔය මගුල හරියන්නැ .මොන ස්ත්රි්වාදයක්ද ඕක? ඔයා මම අද කිවුව කිය මතක තියාගන්න…කෙසේ වුවත් යහළුවන් නැතිව පවතින්නට බැරි කම නිසා ඔහු ඉන් පසු මේ සම්බන්දය ගෙන ගියේ නිලන්ත ගමගේට හොරෙන් වන අතර ඔහු සිටින විට මා දුරකථන ඇමතුමක් ගතහොත් නිලන්ත ඉන්නවා පස්සෙ ගන්නැයි මට කෙටි පණිවිඩයක් එවයි.සංජීව අයියාගේ කාර්යාලයේදී නිලන්ත සහ ජයසිරි අලවත්ත දෙදෙනා එන අවස්ථාවල මා එහි සිටියහොත් මට හැංගෙන්න යයි කියයි.(සංජීව සේනාරත්නලාට මතක ඇතැයි සිතමි) ඉතින් මේ හැංගි මුත්තම මට එපා වී මම වේදනාබරව සිටියෙමි.

 

මා ඔබට මුලින් කී රාත්‍රි ඉංග්රිනසි පන්තියේ ගුරා හෙවත් කෝසල මුනගැසී ඔහුට කෘතගුන පළකරන්නට කුඩා සාදයක් සූදානම්ව තිබිණි.ඉතින් මමද ගියමි.මම එවකට සිටියේ රත්මලානේය.සුදු අක්කා හොද වුවද චම්පි අක්කා එපමණම හොද නැත .මදක් හෝ හවස් වන විට ඇගේ මුහුණ මැලවේ.නදීකා බණ්ඩාර මගේ බෝඩිමට ආ නිසා ඇයට චම්පි අක්කා ගැන තහවුරු ව්න්නට ඇත.මන්ද මා අසනීප වූ කාලයේද බෙහෙත් ගෙන මා ආවේ නදීකා හෝ වෙනත් යෙහෙලියක හෝ සමගය.මන්ද නැත්නම් ඇගේ මුහුණ මැලවේ.ඉගන ගැනීම් හෝ පංති යාම් වලටද ඇය අකමැති බව මම තේරුම් ගත්තද මම එහිදී ගැටුමකට නොගියේ ඇගේ හොද පැත්ත සලකා බලාය.ඉතින් මා මේ කාලකන්නි බෝඩින් ජීවිතයෙන් මුදවා ගන්නයි මම කෙතරම් නම් ඔහුට බැගැපත් වුණිද?සැබැව්නම මම සිගන්නියක තරමටම ඔහුට ආදරය කලෙමි.එදා රාත්රී් සංග්ර්හය අවසන් බෝජන සංගුහයක් වෙතැයි මම නොසිතුවෙමි.මමත් පෙම්වතාත් යන විට පැමිණ සිටියේ කෝසල පමණකි.මා මත්වන තුරු පොවන්නට ඔහු කැමැත්තෙන් සිටියේය.සතාගේ තරම දන්නා මම කිසිවක් නොබීමි.නිහඩව සිටියෙමි.අවසානයේ කෙමෙන් එකා දෙන්නා සාදයට සහභාගී වූහ.ගැහැණුන්ට සිටියේ මා සහ ගයනි විජේතුංග පමණක් වූ අතර කෝසලගේ බලපෑම් නිසා මේ වන විට ප්රදීපා පංතිය නතර කර තිබුණාය. මගේ පොත කියවූ දා සිටම කෝසලට තිබූ ප්රශ්නය වූයේ මා කන්යාවකද යන්නයි.ඒ ගැන ඔහු මගේ පෙම්වතාගෙන්ද ප්රශ්න කර තිබූ අතර ඔහු අසහනකාරී මිනිසකු විය.එදින දිගටම මා ඔහුගේ මාතෘකාව වු අතර ඔහු මා මුල් කරමින් කීවේම කුණු කතන්දරය.මගේ ස්ත්රිිවාදී පෙම්වතා පුරුෂවාදී වී යහලුවාගේ පැත්ත ගත්තා මිස මගේ හයියට කිසිවකු නොවීය. රාත්රි 7.00 වන විට මම යන්නට ඕනැ බව පැවසුවේ බෝඩිමේ තත්වය නිසාය.මගේ පෙම්වතාද යන්නට ඕනැ බව කී විට කෝසල දිගින් දිගටම කතාව පටන් ගත්තේය.සමන් ..උඹ පොන්නයෙක්..මේකිව අද රෑ එක්ක පලයන්…බුදියන්න එන්න නැතිනම් ගහල පන්නපන්…මේ වචන වැරදි බව පන්තියේ සියු දෙනා පිළිගත්හ. ඔවුහු පසුව මට කතා කළහ.නමුත් සමන්ට අනුව එය ක්ලාස් එක හෙවත් සමාජ පන්තිය වූ අතර කෝසල හා මා අතර සම්බන්ධයක් ඇතැයි ඔහු සැක කරන බවක්ද පැහැදිලි විය.මං දන්නවද ඔය දෙන්නගෙ සම්බන්ධෙ මොකක්ද කියලා..ඒ ඔහුගේ වදන්ය.මේ සිදුවීම ගැන කතා කරන්නට ගාමිණි වන්නිනායකගේ බිරිද වූ මල්කාන්ති ගමගේට ගත් විට ඇය කියා සිටියේ ගාමීනී සමග මගේ පෙම්වතා මා හා කියා ඇති කතන්දර හොද ඒවා නොවන බවයි.කෙසේ වුවත් ඊට පස් දින කලු රංජි අයියා අත ඔබ කාගේදෝ කේන්දරයක් එවා සුදුසු දෙයක් මට කැරගන්නයි කියා එවා තිබිණි. ඒ ආදරයෙන් වසර තුනකට පසුය.මම රංජි අයියාට ඒ කේන්දර පු..ගසා ගන්නයයි කීමි. ඉතින් ඒ තත්වය තිබියදී තමා නිහඩ මිනිසකු සේ සියල්ල දරාගන්නා බව පත්තරවල ලිවීමෙන් ඔබ බලාපරෛාත්තු වන්නේ මොනවාද? මේ සිදුවීම නිසා මම මෙන්ම මගේ අම්මාද ජීවිතවලින් වන්දි ගෙවීමි.මගේ අම්මා මානසිකව අසරණ වූ අතර මට නිවසක් අහිමි විය.මමද දැඩිව අසරණව අසනීප වීමි. ඒ කාලයේ මට ඔබ දැක ගැනීමේ ආශාවක් පහල වූයේ මරණීය වේදනාව නිසාවෙනි.අවසානයේ නදීකා ලවා ඊ මේලයක් යැවුවද ඔහු ඉස්සර මෙන්ම මේ වතාවේද ප්රනශ්නයට මුහුණ දීම ප්රනතික්ෂේප කලේය.මා එලියේ පහර දෙද්දී ඔබ හැංගෙන්නේ ඇයි? මා තුල කිසිදු වංචාවක් නොවීය.මා රෝගාතුරව සිටියදී ඔබ නදීකාට ඇලුම් කරන බව පවසා එවූ මේලය බලා මම සිහි සුන්ව ඇද වැටුනෙමි. චම්පි අක්කාගේ කෑ ගැසීම නිසා දිව ආ සුදු අක්කාගේ දියණිය වූ Kaushi attanayakage මා වෛද්ය ප්රතිකාර සදහා නැවතත් රැගෙන ගියාය.ඔවුන්ට මේ සියල්ල අමතක ඇතැයි සිතමි .

ප්රේමය ගැහැණියකට සාපයක් වනු ඇතැයි මම හීනයකින්වත් නොසිතුවෙමි.අද කාත් කවුරුත් නැති කමින් මා බෝඩිමකට බාර ගන්නට බොහෝ අය බියය.මම අවසන් වතාවට සිටි වසන්ත කුමාරගේ නිවසේ මම කිසිදු කලහයක් නොකල බවට සාක්කිය නිතුනි තොටහේවාය.වසන්ත යනු සමන්ගේ පාසල් වියේ මිතුරකු වූ අතර ඔහු වසර 10ක සිට සිය බිරිද ලිංගිකව ප්රතික්ෂේප කල බවක් පැවසූ අතර ඔහුගේ කිසියම් වෙනසක් දැනුනු තැන් සිට මම ඔහුගේ මිතුදමින් න් දුරස් වීමි.එහි ඵලයක් ලෙස ඔහු එක්වරම මට නිවසින් යන්නටයයි කීම නිසාවෙන් මම දැඩිව අසරණ වූයෙමි. මා සමන් සමග මගුල් නටන්නට ඇති බව කියමින් වසන්තගේ බිරිද ශ්රි යානි දුරකතනයෙන් කියනු ඇසූ පසු ඉතා ඉක්මණින් මම එහෙන් එන්නට ඉටා ගත්තෙමි. සැබැවින්ම පණපිටින් මිය යමින් හිටි මා මේ තරමට හෝ බේරා ගත්තේ සුදු අක්කලා, චම්පි අක්කා, ඉංදු ලියනගේ, ඉසුරු බුද්ධික, අරවින්ද පෙරේරා,චම්මින්ද වෙලගෙදර,ශාන්ත කේ හේරත් වැනි මිනිසුන්ය.ආදරය යනු ගැහැනියකගේ භගමනිය වටා සංසරණය වීම නොවේ.පළමු දේ තමුන් නිසා නගරයට ආවා නම්, ඇයව විවාහ කරගන්නට නොහැකි නම් යලි මාපියන්ට හෝ බාර දේනනට ඔබට යුතු කමක් තිබුණා නම් මේ වෙන්වීම මීට වඩා සුන්දර වන්නට ඉඩ තිබිණි.ගත වූ වසර 3ක කාලය පුරාම මා ඔබෙන් ඉල්ලුවේ අපේ ප්රශ්නය කතා කිරීමට වෙලාවක්ය.නමුත් ඔබ අන් සියළු දේ මූලික කොට ක්‍රියා කලා මිස ඊට වෙලාවක් ඔබ සතු නොවීය. කෙසේ වුවත් මා අවසානයේ දැඩිව රෝගාතුර වීමි.ස්ථිර ලිපිනයක් නැති කමෙන් මට විභාග පවා මගහැරී යද්දි මම ඔබෙන් කාරුනිකව ඊට පිලියම් ඉල්ලුවද ඔබ එය මග හැර දැම්මේය. දැඩි අසනීප තත්වයක සිටින අයකු නගරයක අතරමං කර පුවත් පතක හෝ පොතක බර වචනයෙන් යමක් ලියා නිර්දෝෂි වන්නට හැදුවද මෙලොව පවතින දහමක් ඇත.ඔබට එරෙහිව නීතිමය ක්රියාමාර්ගයක් ගන්නට හොදින්ම හැකියාව තිබියදී මා එසේ නොකලේ ඔබට දැක්වූ දැඩි ආදරය නිසාය.මා ජීවිතයේ ආදරය කළ පළමු සහ අවසාන මිනිසා නුඹය.ඒ ආදරය තුළින් මම ජීවිතය වටහා ගත්තෙමි.මින් පසු මම පිලිතුරු ලිවීම නවතමි.නමුත් මේ ගැන සොයන්නෙකුට අදාල පුද්ගලයන් මුණගස්වා දීම මම සිදු කරමි.මන්ද මගේ කතාව මගේ මරනයෙන් පසුව කවුරුන්හෝ ලිවිය යුතුය..මා කැමති ජීවිතයේදී සෘජු තීරණ ගන්නා මිනිසුන්ටය.එවන් මිනිසුන් කුමන නිකායකට අයිතිදැයි මම නොදනිමි.නුඹ ස්ත්රි වාදියෙක් නම් එබදු ස්ත්රිවාදයක් ගැහැනුන්ට පලක් නැත.ගැහැණියක නිසි පරිදි පෝෂණය කරන්නට බැරි රැකබලා ගන්නට බැරි ස්ත්රි වාදයක් කුමටද? (ඔබ මුදල් අත ගැවසුනු අවධියේ මා අරබයා නම් නිර්ලෝභී විය. ඔබ හා මා අතර තිබූ කුඩා දරුවන් සේ ජීවිතය දුටු ඒ සුන්දර පරිච්චේදයට මම අදටත් ආදරය කරන අතර එය මගේ ජීවිතයට පැමිණි පළමු සහ අවසාන වසන්තය බවද කිව යුතුමය.) නමුත් ගැහැණිය පතන්නේ ආදරය මෙන්ම රැකවරණයයි.එදා මෙන්ම අදද හැම දිනකම රහසින් හඩමින් මම ඔබට සෙත් පතමි..නමුත් අනවශ්‍ය නිහඩතාවයද මටම හානියක් බැව් දැනුනෙන් ලියන්නට සිතීමි.පෙම්වත,ස්ත්වාදයවත් කුමන නිකායක්වත් නොව වඩා වැදගත්වන්නේ මනුෂ්යිත්වයයි.තම දරුවාට එකකුත් අනුන්ගේ එකාට තවකුත් වන නිකායක් කුමටද? මම ඔබට තවම ආදරය කරමි.නමුත් ඒ ඔබ සමාජයට මවාගත් ප්රතිරූපයට නොව.ඇතැම් අවස්ථාවල සැබැවින්ම ඔබ තුළින් මතුවූ අවිහිංසකත්වටයි.මා මිය ගියද ඔබ නොපැමිණීය යුතු හා , ඔබ මිය ගියද මා නොපැමිනෙන අවසානයකට එන්නට අවසානයේ මට සිදු වූයේ කාගේ වරද නිසාදැයි සිතා බැලීම ඔබටම බාරය.කෙසේ වුවත් අයිස්ක්රී්මයක් හොයමින් මොරටුව පීරා පයින් ඇවිද ගිය,ලොකු ගස් යටින් ඇවිදිමින් තොරක් නැතිව කතා කළ ඒ වසන්ත කාලයට මම තවමත් ආදරය කරමි.ඒ වසන්තයෙහි අයිති කාරයා වූයේ ඔබය.නමුත් වසන්ත කාලයෙහි රස ඵල මෙන්ම විස ඵලද පූදින බව වටහා ගත් තැන් සිට මම වසන්තයට බිය වෙමි.අද මම මරණය එනතෙක් බලා සිටිමි.එය සැබැවින්ම රමණයට වඩා සුවදායක වනු ඇතැයි මම සිතමි.මම සිහිනයෙන් මගේ ගෙදර දකිමි.ඔබ හමු වූ මුල් කාලයේ මා තුළ මැවූ සිහින අහස ටත් වඩා උසය.මගේ කේන්දරය පිරික්සූ ඔබ අප දෙදනොට යම් දිනක පුතකු ලැබෙන බවක් පවසා ඒ වෙනුවෙන් මා සමග ගොස් බෙල්න් විල පඩුරු ගැට ගසා මා හා එක්ව සෙත් කවි කී හැටි මට මතක් වේ.ඔබේ පැවැත්ම පිණිස පළදාගෙන සිටි ඔබ පශ්චාත් අහවල් හැව ගලවා දැමූ විට මතුවෙන සම්ප්රදායික එහෙත් ඒ අවිහිංසක සමන්ට මම තවමත් ආදරය කරමි.එකල මම පුතකුට ගැලපෙන ලෙස බිලිදු ඇදුම් එකතු කලෙමි.ඒවා සගවාගෙන රසවිදීමි.නමුත් ඔබේ නික්ම යාමත් සමග මම ජීවිතය යනු කුමක්දැයි වටහා ගත්තෙමි.ආදරය තුලින් ලෞකික ජීවිතයක් ලබා ගන්නවාට වඩා අධ්යාත්මික පිළිවෙතකට මුහුණ දෙන්නට ලැබීම ගැන මම සතුටු වෙමි.මම මගේ ජීවිතයේ දුටු එකම ස්ත්රි වාදියා සුදු අයියාය.ඔහු ගැහැණියකට ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් සැලකුවේය.ඔහුගේ බිරිද වූ සුදු අක්කාද ස්ත්රිය මෙන්ම පුරුෂ වාදීත්වය අතින් සමබර තැනක් ගනිමින් පොදුවේ මිනිසුන්ට ආදරය කළහ.පොළවේ පැලනොවන සංකල්ප වපුරමින් ඔබ ගෙවන නීරස අරගලය ගැන කිසි කලෙකෙ මගේ එකග තාවක් නොවීය.නමුත් ඉපල් වූ රුකක් බදු මගේ ජීවිතයෙහි වසන්නට මා ඉඩ දුන් එකම කුරුල්ලා නුඹය.අද ඒ අතු අග දිරා පත් වී ඇත. වසන්තය ගැන මගේ අපේක්ෂාවක් නැත.මානුෂීයත්වය මිස ආදරයේදී බරපතල සංකල්පවිලින් කිසිදු පලක් නැත.ජාතක කතාවල එන දාසියක පරිදිම මම ඔබට පෙම් කලෙමි.ඔබ කී විට යහලුවන් එද්දි හැංගුනෙමි.ලියන්න එපායයි කීවෙන් නොලියා හිටියෙමි. මා අසා කළ බොහෝ දේවල් ඔබ නිසා දුරස් කර දැමුවෙමි.

ඔබේ අතකින් අල්ලාගෙන දුර ගමනක් ඇවිදයන්නට ආසා කළද ඔබේ බිරිදගේ කවුරුන් හෝ දකිතියි යන බිය ඔබ තුල වූ විට ඔබේ අත මුදා හැර ඒත් ආදරයෙන්ම ඔබ සමග යම් දුරක් පැමිණියෙමි.අද මම හුදකලා මාවතක ගමන් කළෙමි.මට ජීවිතය පිළිබද බලාපොරොත්තුවක් නැත.නමුත් මේ ශුන්‍යත්වයට මා පෙම් කරමි.මා දැඩිව අසනීපව හුන් අවධියේ ඔබේ දොඩමුලු බව මම අපේක්ෂා කලෙමි.ඒත් එකල්හි නිහඩව සිටි ඔබ ඔබේ කෘතියෙහි ප්රචාරණ කටයුතු සදහා මගේ වේදනාව භාවිතා කරනු දැක මම වේදනාවට පත් වීමි.සෑම කුරුල්කෙුටම පියාඹන්නට නොහැක.එබැවින් අඩුතරමේ ඌට ඇවිද යන්නටවත් පොළොවේ ඉඩක් දිය යුතුය.ඔබත් මාත් එදා සිටවූ පැලය ඇති ඉසව්ව දැන් අපි දෙදෙනාටම අමතකය. ඔබ නිහඩව උන් කාලයේ මම මගේ කදුලින් ඒ පැලය පොහොණි කරන්නට වෙර දැරුවෙමි.මේ එළඹි වස්සානයේ දෙඩමලුම කුරුල්ලන් නිහඩව සිටීමද පරිසරයේ සමතුලිතතාවට හොද නැත.ඉතින් සමන් එන්න…මිය ගිය පැළෑටියේ .. කෙතෙක් මල් පිපී දැයි බලන්න…

උපේක්ෂා නුවන්ශ්රීනි

 

ඔබේ අදහස කියන්න...