බේරුවල සහ අලුත්ගම ප්‍රෙද්ශයන් වල පසුගිය කාලයේ දී ඇතිවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් විවිධ අය විවිධ දේශපාලන පැහැදිලි කිරීම් කරන්නට උත්සහ කලා.  නමුත් අප දුටුව ආකාරයට මේ සම්බන්ධයෙන් විවිධ අය කී කතා අසම්පූර්ණයි. කිසිවකුටත් මේ සම්බන්ධයෙන් නිවරදි දේශපාලන කියවීමක් කරන්නට  හැකි වුනේ නැහැ.

පසුගිය දා දීප්ති කුමාර ගුණරත්න විසින් යා ටී.වී නාලිකාව සමග මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම අප පහතින් පළකරනවා. මේ අදහස අසා බලා කියවා දැන් මෙකී ජාතිවාදි ක්‍රියාවලිය ගැන අලුත් යමක් ලියන්නට කියන්නට කැමති අයෙක්ට පුලුවන්. පතුල වෙබ් අඩවියේ සංස්කාරකරවයාට මේ මෙය බලා තුනමානේ සාදුතුමාගේ දේශපාලන විග්‍රහයක් යැයි දමා කැමති නම් හිට් වැඩි කර ගන්නට පුලුවන්. එම සංස්කාරකවරයා වගේ අප පාරිශ්‍රද්ධ අය නොවන නිසා අප වැනිම දේශපාලන පව්කාර සමානයන්ට මේ අදහස් ඇසුරින් අලුතින් යමක් සිතා සමාජ වෙනසක් උදෙසා දායකත්වයක් ලබා දෙන්නට පුලුවන්

මෙම සබැදියාවෙන් එම වීඩියෝව නරඹන්න

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරවරුන්ට කියන්න හැදුවෙත් ඕකම තමයි. මුස්ලිම්වරුන් ගේ ගෙවල් ටික හදල සවුදියෙන් තව සල්ලි ටිකක් ලැබුනට පස්සේ ඔය මුස්ලිම්වරුම හමුදාවට බැදිලා පෙසපේ සහෝදරවරුන්ට තුවක්කු අල්ලයි. පිට රටවල් ඉන්න මුස්ලිම්වරු නම් රැඩිකල් නිසා ඕක කරන එකක් නැහැ. හැබැයි ඒ ගොල්ලෝ එම්බසි එකට කෑමට ගිහිල්ල ශේප් වෙයි. ඕක නොවුනොත් හොඳයි.

  2. ඉතාමත්ම කාලෝචිත විග්‍රහයකි. පැහැදිලි කර ගැනීමේ පහසුව තකා මෙම විග්‍රහය මූලික කොටස් තුනකට බෙදා වෙන් කොට ගත හැකිය.

    1. පවතින්නේ නව ලිබරල් වාදයෙන් පසුව ඇතිවී ඇති ධනවාදී සත්වාදයකි ( Capitalist Realism ). නමුත් එය මෙහයවීම සඳහා ඇමරිකාව විසින් ගොඩනගන ලද Counter-insurgency යන්න ගොඩනැගුනේ ජිමී කාටර්ගේ පාලන සමයෙහිය. ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වූ නායකයෙකු වන කාටර් දුර දක්නා නුවණකින් යුතුව කට උතු කොට යථාමය සමාජයක් සඳහා අදාළ වන න්‍යායක් ගොඩ නගා ඇත්තේ එවැනි තත්වයක් ඇති වීමට බොහෝ කලකට පෙටය. ඒ 1977 සිට 1981 දක්වා වූ ඔහුගේ පාලන සමයෙහිය. එනම් රොනල්ඩ් රේගන්ටද ප්‍රථමයෙනි.

    2. මේ වන විට පවතින්නේ ධනවාදී සත්වාදයකි ( Capitalist Realism ) එය නව ලිබරල්වාදයට පසු තත්වයකි. ඒ අනුව මෙවැනි සත්වාදී සමාජයක ධනවාදී පාලන තන්ත්‍රයක් කටයුතු කල යුතු අකාරය පිළිබඳව න්‍යාය ගොඩ නැගී ඇත්තේ දැනට වසර 36කට පමණ පෙරදීය. ඒ පිළිබඳව හොඳින් හදාරා ඇති රාජපක්ෂ රෙජීමය දැන් එය ක්‍රියාවේ යොදවති. Counter-insurgency යන්න ගොඩනැගුනේ ක්‍රම විරෝධී අර්ථයක් දරාගත් වාමාංශික ව්‍යාපාර දුර්වල කිරීම සඳහාය. ඒ අනුව යමින් දැන් ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් රාජපක්ෂලා එම න්‍යාය භාවිතා කරයි. ඉහත විග්‍රහයට රාජපක්ෂලා ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වන විට රනිල් ඇතුළු විපක්ෂය ධනවාදයට එරෙහි වාම එකමුතුවකි. නමුත් ධවාදයට එරෙහි රනිල් ප්‍රමුඛ විපක්ෂයට රාජපක්ෂ රෙජීමය පෙරලා දමන්නේ කෙසේද යන්න පිලිබඳව අවබෝධයක් නොමැතිව ඔබ මොබ ඇවිදිමින් සිටී. ඒ අනුව වාමාංශික රනිල්ලා ධනවාදී රාජපක්ෂ රෙජීමයට එරෙහිව අලුත් විදියට සංවිධානය විය යුතුය.

    3. සිංහලයෝ මෝඩයෝය. සුද්දන් එසේ නොමැත. ලාංකීය සමාජයේ දැවෙන ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ රෙජීමය විසින් පවත්වාගෙන යන ධනවාදයයි. එබැවින් එය පෙරලා දැමීම සඳහා එක්කෝ රනිල් ඇතුළු බුද්ධිමතුන් කාමර තුලට වී හැදෑරිය යුතුය. නැතිනම් ඒ පිළිබඳව කෙල පැමිණ ඇති දීප්ති කුමාර මහතා උපදේශක කොට ගත යුතුය. නමුත් මාගේ අවබෝධය අනුව රාජපක්ෂ රෙජීමය පෙරලා දැමිය හැකි කෙටිම මාර්ගය වන්නේ දීප්ති මහතා විපක්ෂ සන්ධානයේ උපදේශක කර ගැනීම බවය. ඉහත විග්‍රහය තුලින් මා ලැබූ මහඟු අවබෝධය එයයි.

      • Ara “bag eka aragena tata kiyla yana eka balaporoththu venna epa”kiyala kiyana kotama danena ekak thamai, ehenam e vidiyata vada karana eka thamai sira eka kiyala,,,dalas alahapperuma oya vidiyata bag ekak aran “mama mage bag ekath aran mage game gedarata yanava” kiyala america giya,,eka thamai milinda moragoda kiyana liberal nayakaya thaman ge campaign ekata pavichchi kare,,,oya vidiyat baluvama mata hithenne evage honda gentlemen la thama deshapalanayata niyama kiyala,,,,,

Comments are closed.