ඊර්ෂ්‍යාව දේශපාලන සාධකයක් ලෙස-

පසුගිය දිනෙක ඊනියා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපතිව සිටි තක්කඩියා විසින් සුදර්ශණ සහ දීප්ති අතර පවතින දේශපාලන මිත්‍රකම ගැන කුප්ප කතා කීයා තිබුනි. තමන් ගේ පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ගෑනිව පාලනය කර ගන්න බැරි මේ ගොබ්බයා රටේ දේශපාලනය වෙනස් කරන්නට කතා කරයි. අපි මේ සමබිමහි පළවූ ලිපිය පළ කරන්නේ මේ ගොබ්බයා ඇතුලු සියළු ගොබ්බයන්ට පිළිතුරක් වශයෙනි.

නමගිය ආයතනවල වැඩ කරන ලංකාවේ බහුතරයක් මාධ්‍යවේදීන් බලවත් ස්ත‍‍්‍රියකගෙන් පහරකෑමට ඕනෑම වෙලාවක සුදානම්ය. නමුත් බලවත් නොවන සාමාන්‍ය ස්ත‍‍්‍රියක් විසින් කිසිවෙකුට පහරදීම ඔවුන්ට තේරුම් ගත නොහැකි අත්භූත ප‍්‍රපංචයකි.

වාරියපොලදී තමන්ට ලිංගික අතවරයක් කිරීමට පැමිණි අයෙකුට පහර දී ගැලවීමට තරුණ ස්ත‍‍්‍රියකට සිදුවූයේ ඇයිද යන්න පෙන්වනවා වෙනුවට ඒ අසල සිටි ටයිම් කීපර් කෙනෙකු ඇමැති ආරක්ෂකයෙකු ලෙස ඔවුන්ට පෙනෙන්නේ ඒ නිසාය. ඉහත කී බොහෝ මාධ්‍ය ආයතනවලට මැති ඇමැති බිරින්දෑවරු ආරක්ෂකයින් සමග පැමිණ පාට් දමා යන අතර එහිදී බොහොමයක් මාධ්‍යවේදීන් පමණක් නොව අභීත කතෘවරුන් පවා වාරියපොලදී පහරකෑමට ලක්වූ සෙල්වා මෙන් බිම බලාගෙන සිටිනවා විය හැකිය. එම නිසා මේ මාධ්‍යවේදීන් තමන් සෙල්වා වැනි දුර්වල ස්ථානයකට මානසිකව ආරෝපණය වී පහර දුන් තරුණිය ඇමැති බිරියක් හෝ දියණියක් බවට පරිකල්පනය කරන්නේ මේ මානසික තත්ත්වයෙනි. තරුණිය ගාමන්ට් ෆැක්ට්‍රියක වැඩ කරන සාමාන්‍ය අයෙකු බව පසුව හෙළි වූ විට ද මේ අය කළේ මෙම සිදුවීමෙන් පසු සෙල්වාගේ පවුල් ජීවිතය විනාශ වූ බවට ප‍‍්‍රචාරයක් ලබාදී නැවතත් තරුණියට එරෙහිව මතයක් ඇති කිරීමයි. වාරියපොල තරුණියගේ කණේ පාරෙන් රිදුම් කෑවේ සෙල්වා පමණක් නොවන බව මින් පැහැදිලිය.

බොහෝ දෙනෙකු අවිඥානිකව සෙල්වාට කැමැතිවීමට තවත් හේතුවක් වන්නේ ස්ත‍‍්‍රීන් ඇදිය යුතු ඇදුම පිළිබද සංකල්පය සම්බන්ධයෙන් බොහෝ උගත් යැයි සැලකෙන ලාංකිකයන්ගේ මතය සෙල්වාගේ මතයට වඩා වෙනස් නැති වීමයි. අනෙක් අතින් පාරේ යන එන ස්ත‍‍්‍රීන් පමණක් නොව තමන් සමග එකට සේවය කරන ස්ත‍්‍රීන්ට පවා ලිංගිකත්වය මුල් කරගෙන විහිළුවට ලක්කිරීමට පිරිමින්ට අයිතියක් ඇතැයි සිතන්නේ සෙල්වා පමණක් නොවේ.

මේ පිළිබදව විග‍‍්‍රහ කිරීමට ස්ත‍‍්‍රීවාදය, සදාචාරය, අධ්‍යාපනය වැනි විවිධ මිනුම් දඩු උපයෝගී කර ගත හැකි වූවත් මෙය ආර්ථික ගැටළුවක් ලෙස විග‍‍්‍රහ කිරීම උචිත යැයි හැගේ. රටක ආර්ථිකය රදා පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් මත නම් එම රටේ ස්ත‍්‍රීන්ට මෙන්ම පුරුෂයන්ටද නිකරුනේ සිටීමට කාලයක් නැත. ඔවුන් සෑමවිටම තමන්ට හෝ සමාජයට අදාළ කාර්යයක නිරත වෙමින් සිටියි. ඒ නිසා අනුන්ගේ ඇදුම් ගැන සීතිමට ඔවුන්ට කාලයක් නැත. එසේම එවැනි රටක බස් හෝල්ට්වල නිකරුණේ කාලය ගෙවනවා කියා දෙයක් එවිට ඇති වන්නේ නැත. මන්ද මිනිසුන් නිකං බස් හෝලට්වල කාලය ගෙවන්නේ නම් එය රටේ ආර්ථිකයට පාඩුවක් වන බැවිනි. එසේම ස්ත‍‍්‍රිය නිෂ්පාදන ක‍්‍රියාවලියට සමානව දායක කරගැනීමට පටන් ගත් විට පිරිමින් තුළ ස්ත‍‍්‍රීන් පිළිබද පවතින අගතීන් සෑහෙන ප‍‍්‍රමාණයක් ඉවත දැමීමට සිදුවනු ඇත. යුරෝපයේ හෝ අැමෙරිකාවේ පමණක් නොව චීනය ඇතුළු සංවර්ධිත ආසියානු රටවල්වල පවා මේ තත්ත්වය හොදින් දැක ගත හැකි අතර එම රටවල ස්ත‍‍්‍රීන්ගේ ඇදුම්වල දිග මැනීමට පිරිමින් කාලය ගත කරමින් සිටින්නේ නැත.

සමාජ ගැටළු දෙස විවෘතව බැලිය හැකි දියුණු මානසික තත්ත්වයක් ගොඩ නැගෙන්නේද නිෂ්පාදනයක් කරන මිනිසුන්ගෙන් වන අතර මෙහිදී අප සෙල්වාටද අනුකම්පා කළ යුත්තේ කාන්තාවගේ ඊනියා ප‍‍්‍රචණ්ඩත්වයට ලක්වූ අර්ථයෙන් නොව රටක් ලෙස අපේ පවතින දුර්වලතාවයක් ඔහු මතින් දිග හැරුණ නිසාය. පාරේ ගහ ගැනීම හෝ ප‍‍්‍රචණ්ඩත්වය අපට අනුමත කළ නොහැකි වුවත් බහුතර ජාතිය සුළුතර ජාතියක් මත ප‍‍්‍රචණ්ඩත්වය පතුරවා ජයග‍‍්‍රහණය ලැබීම ජාතියේම ජයග‍‍්‍රහණයක් ලෙස පිළිගැනීමට බල කෙරෙමින් සිටින රටක කාන්තාවක් ප‍‍්‍රචණ්ඩත්වයෙන් තමන්ගේ ප‍‍්‍රශ්නයක් විසදා ගැනීම වැරදි වන්නේ කෙසේද යන්නත් අප ප‍‍්‍රශ්න කළ යුතුය.

නිෂ්පාදනය නැති නිසා හිස් වූ මනසක් ඇති පිරිමින් ආර්ථිකයෙන් රටට පැමිණෙන අලුත් ෆැෂන් නිසා බියවී සිටින අතර මේ දෙදෙනා බස් හෝල්ට් එකක මුණ ගැසුන විට ශරීර අතර ගැටුමක් ඇතිවේ. සංවාදය මේ පැත්තට අරන් යනවා වෙනුවට අපේ මෝඩ මාධ්‍යවේදීන් කරන්නේ ඊනියා සදාචාර මිනුම් දඩු වලින් විනිශ්චයන් දීමට යෑමයි. එම නිසා මේ සියළු දෙනාම පිළිබඳව අප අනුකම්පා කළ යුතුය. ජීසස් කීවාක් මෙන් අප මෙසේ කිව යුතුය. ‍ඔවුන් නොදැන කරන වැරදි වලට සමා වුව මැනව!

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔතන ඉන්න ස්ත්‍රිය වෙනුවට පිරිමියෙකු ආදශෙ කරමු. යම් පිරිමයෙක් අලුත් මෝස්තරයක ඇඳුමක් ඇඳගෙන එනවා. ඒ පිරිමියාව බස් නැවතුමේ රස්තියාදු ගසන කොල්ලෙකු විසින් අවමානයට ලක් කරනවා. අවසන අර අමුතුවට ඇඳගත් කොල්ලා විසින් අර අවමානයට ලක් කල කෙනාට පහර දෙනවා.
    ඒ පහරදීමේදී පහර දෙනු ලබන කෙනාට කිසිම ප්‍රතිවිරෝධයක් හෝ බාධාකිරීමක් සිදු නොවන බැවින් ඔහුට එහි අවසානයක් ලබාගත නොහැකිව ඔහු පහරදෙනවා..

    ඇය කියලා ලංකා සමාජය විසින් උත්කර්ශයට පත් කරන ලද ස්ත්‍රියක නොමැති වුවත් ලාංකික සමාජයේ ඔය විදියෙ දේවල් වෙන්න පුලුවන්. ඇයට විසේස තැනක්, ඇයට විසේස සැලකිල්ලක්, ඇය ගැන සෙවීමක්. ඇයට අනුකම්පාවක්. මේ මොන ලබ්බක්ද? ඇය කියලා විශේෂගත කරන්නෙ ඇයි? ඇය අයිති වෙන්නෙ මනුස්ස ගනයට නෙමෙයිද?

    අද බස් වල යන ටිකක් සුදු ලස්සන පිරිමි ලමයි විතරක් නෙමයි කලු කැත පිරිමි ලමයි පවා අංකල්ලා හෝ සමලිංගික මනෝ කාරයින් විසින් විවිධ දේවල් වලට පොලබවා ගන්න හදනවා. සමලිංගිකයින් අඩු නිසා තත්වය සැර නැහැ. කාන්තාවන්ට ඇති ආකර්ශනය කියන්නෙ සමාජයේ පොදු සාදකයක් නිසා කාන්තාවන් අතවර වලට නිතර ලක්වෙනවා.

    ඇතැම් අවස්ථාවල කාන්තාවන් ඒ දේවල් වලට හුරුවෙනවා. සමහර ඇබ්බැහි වෙලා ඉන්නවා. සමහර අය මේ වගේ මෝඩ චූන් අරගෙන වීරවරියන් වෙනවා..

    අද මාධ්‍යවලට ආන්ඩුවෙ වැරදි හොයන්න බැහැ. යමක් දිහා නිර්මාණශීලිව බලන්න පුලුවන් ප්‍රේක්ෂකයෝ නැති නිසා එයාල එකතැන පල්වෙනවා. ඒත්මොනවා වුනත් එයාලට පැවැත්මක් තියාගන්න ඕනි. අද ඒ සෙල්වා සහ ගෑනු කෙනා අතර සිද්දිය මිලියන සිය ගානක් වටිනවා. මේ සිද්ධිය හරහා වෙබ් සහ අනික් මාධ්‍ය උපයන ලද වෙළඳ දැන්වීම් ආදායම විශාලයි. සමහර විට මෙ ්නඩුව කියන්නෙත් තවත් එක මාධ්‍ය නාටකයක් වෙන්න පුළුවනි.

    ගෑනියෙක් බස් ස්ටෑන්ඩ් එකක ඉන්න මිනිහෙක්ට ගහනවා. මේ ලබ්බ බලනවාට වඩා හොඳයි ටීවි එක වහල නිදා ගන්නවා කියලා මේක තුට්ටු දෙකට දාල ටීවි එක වහල නිදාගන්න අපේ ජනතාව හුරුවෙන දවසට මේ වගේ ගොන්පාට් සිද්දි නිවුස් බවට පත්වෙන එක නවතීවි..

Comments are closed.