අප පක්ෂයේ පසුගිය වසර හතර පහ තුල සිදුවූ කුමන්ත්‍රණ සහ අපරාධ වල සිට විශාල හොරකම් දක්වා සිදුවීම් නිශ්චිත වෙලාවකදී අප  විසින් හෙලිදරව් කිරීමට නියමිත වන අතර පක්ෂයේ හිතවතුන් සහ ක්‍රියාධරයන්ට කියා සිටින්නේ මෙම කුමන්ත්‍රණ කරුවන් යටින් ගෙන යන ගින්දර වලට හසු නොවෙන ලෙසය.
නියම වාස්තවික තත්වය ගැන අවබෝධයක් නොමැතිව මොවුන්ට උදව් කරන මනෝරාජික,ඩයස්පෝරා සහ දේශීය හිතවතුන්ට  අප දැනුම් දෙන්නේ කෙලවුනු පසුව අප සොයාගෙන විත් අප ඉදිරියේ දුක ප්‍රකාශ නොකරන ලෙසය.
පක්ෂයේ නායකයා සහ අප විසින් නිෂ්පාදනය කරන ලද දැනුම උපයෝගී කරගෙන අහිංසක මිනිසුන්ට චන්ඩි පාට් දැමීම නවතන ලෙස සමහර මහත්වරුන්(?)ටද අප  අවධාරණය කර සිටින්නෙමු.
ගැහැණුන් සමග නිදාගන්නට ගොස් කෙලවුනු පසු විප්ලවයේ නාමයෙන් වෙනත් පක්ෂ ක්‍රියාධරයින් පක්ෂයෙන් එලවන්නට තරම් නරුමවාදී වූ තක්කඩියන්ට දැනුම් දෙන්නේ පරිකල්පනීය ලෝකයේ උඹලාට අනුව සංකේතනය වී වැඩේ හරි ගියා යැයි සිතුවාට නියම සංකේතනය උඹලාට ඉදිරියේදී හමුවීමට නියමිත බවය

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. සමාවෙන්න සහෝදරයා, මටනම් මේ අඩෝඇඩියාව දැන් තිත්තවෙලා. මොකක්ද මේ මළ විකාරය? ඔයගොල්ලන්ට මේ අතීතයේ පාවාදීම් ද්‍රෝහිකම් වලම එල්ලීගෙන නැත්නම් එරීගෙන, ඒක එක්කෙනාට නිර්නාමිකව හෝ නාමිකව නොයෙකුත් [අසභ්‍ය] චෝදනා වරින් වර කරන එක සින්තෝමයක් වෙලාද? ඔයගොල්ලන්ගේ වගේ න්‍යායක් මත පදනම් වෙච්ච පක්ෂයකට මේක මහා නින්දාවක් බව ඔයගොල්ලන්ට වැටහෙන්නේ නැත්තේ ඇයි කියලා මටනම් තේරෙන්නේ නැහැ.
    කවුරු කාට උදව්කරන්නට ගිහින් කෙලවගත්තහම ඔයගොල්ලන්ට ඇති අමාරුව මොකක්ද? අනිත් එක ඒ අය කෙලවගෙන ඔයගොල්ලන්ට දුක ප්‍රකාශ කරන්න එයි කියලා කව්ද දන්නේ? ඇයි ඒ ගොල්ලන්ට ඔයගොල්ලන් ඇරෙන්න දුක කියන්න වෙන කවුරුවත් ඇත්තේම නැද්ද? හරි එහෙම ආවම කියමු, අවොත් “අනේ අපිටනම් කරන්න දෙයක් නැහැ, කරුණාකරලා වෙන කාටහරි ගිහින් කියන්න” කියලා ඒ අයව ආපහු යවන්න බැරිද? එහෙම කියන ඒක හොඳ මදිනම්, “පලයවූ යන්න තොපිට දැන්ද අපිව මතක්වුනේ” කියලවත්?

    කවුරු කොයි ගෑණිත් එක්ක නිදිය ගත්තත්, එහෙම නිදාගෙන කෙලවගත්තත්, ඒ අනුව ඔවුන්ගේ පක්ෂවල ක්‍රියාධරයින් එළවගත්තත් ඔයගොල්ලන්න්ට ඇති රුදාව මොකක්ද?

    මේ සහෝදරයා, ඔයගොල්ලන්ට එහෙම රුදාවක් වුනත් අපිට නම් එහෙම රුදාවක් නැත. අපිට ඇති එකම අමාරුව, මේ රට ගිලගෙන ඇති මේ මජර, යල්පැනපු, වැඩවසම්, පුහු, බොල්,ජරා,මෙලන්කොලික, චින්තන රටාව හැකිතරම් ඉක්මනින් බිඳ දැමීමයි.

    මම දීප්ති අගය කරන්නේ, දීප්ති මේ මම කලින් සඳහන් කරපු ජරාජීර්ණ චින්තන රටාව බිඳින්නට ශක්තිය ඇති චින්තන ධහරාවක් මේ රටට හඳුන්වාදුන් එකම පුද්ගලයා හැටියට අවිවාදයෙන් පිළිගතයුතු නිසාය. එහිදී ඔහු විජේවීර සහෝදරයාටත් වඩා ගව් ගණනක් ඉදිරියෙන් බවත් අවිවාදයෙන් පිළිගත යුතුය.

    එහෙත් දැන් මට වැටහෙන හැටියට මේ 2004 බිඳවැටීම දීප්තිගේ සහ ඔබ පක්ෂයේ ‘ඇකිලිගේ විලුම්බුව’ (Achilles heel) බවට පත්ව තිබීම මහත් අභාග්‍යකි.

    අනිත් එක සහෝදරයා, නියම වැඩකාරයෝ (කරුණාකර ඔබ සියලු දෙනාම Ip Man (2008), Ip Man 2, Ip Man 3)වැඩිය කතා කරන්නේ නැත. ඔවුන් කිසි සේත්ම “චන්ඩි භාශාව” කථා කරන්නේ නැත. කිසිවෙකුට තර්නජනය කරන්නේද නැත. ඔවුන් කරන්නේ නිතර කරදර කරන ද්‍රෝහියෙකු සිටිනම් සුදුසු වෙලාවක් බලා හතරක් පහක් නෙලීමය. එසේ නෙලූවා කියා ඔවුන් පෝස්ටර් ගහන්නේද, පත්තරේ දමන්නේද නැත. නමුත් නෙලීමේ තරම කෙතරම්දයත් ගුටි කාපුඑකාට ඒක මතක් වෙන සැරයක් පාසා වැසිකිලි යාමට සිදුවේ. මේ නියම රැඩිකල් චන්ඩි කමයි.
    කට ගොන්නක් බීගෙන “අඩෝ වරෙන්ඩො පුලුවන්නම් පෙස් ටු පේස්, උඹල කව්ද ඩො අපිට” කියමින් පාරේ යන එවුන් මහනුවර හිටියේ 70 දශකයේ දිය. දැන් එවුනුත් එක්කෝ වලපල්ලට ගොස්ය නැතහොත් එවැනි එවුන් දැන් ඊට වඩා සීලාචාර වී ඇත. මන්ද එහෙම එවුන් දැන් මහනුවර පාරේ යන්නේ නැත.

    කරුණාකර දැන්වත් මේ එක එකාට අඩාපාලි කීම, චැලේන්ජ් කීරීම නවතා දීප්ති සහ ඔබ සියලු දෙනා දීප්තිගේ දර්ශනය හැකිතාක් දුරට මේ ශ්‍රී ලාංකික මෙලන්කොලික ආත්මයන්ගේ විඥානය තුලට කා වැද්දවීමට හැකි සෑම වෙලාවකදීම, හැකි සෑම අයුරකින්ම, හැකි සෑම මාධ්‍යක්ම භාවිතා කරමින් සිදුකිරීම අනිවාර්ය බව අවධාරණය කිරීමට කැමතියි. තවද එය ඔබ සියලු දෙනාගේ මේ යුගයේ මෙහෙවර සහ වගකීම බව තරයේ ප්‍රකාශ කිරීමට කැමතිය.
    දැන් බලන්න මේ වෙබ් අඩවියේ කෙතරම් ලිපි පලවෙනවාද, නමුත් කිසිම ලිපියක් ගැන මේ දක්වා කිසිම අර්ථවත් සාකච්චාවක් මේ වෙබ් අඩවිය තුල කෙරිලා තියනවද? ඇත්තෙන්ම කියනවනම් gossip.lk වල පලවෙන ඇතැම් දේ සඳහා ලැබෙන අර්ථවත් comments වගේ පහක් වත් ඔබලා පල කරන ලිපි සඳහා ලැබෙනවා මා මෙතෙක් දැක නැත. (මෑත උදාහරණයක් වශයෙන් ඔබලා පළකර ඇති අජිත් ධර්මකීර්ති සහෝදරයාගේ [සයිටම්] ලිපිය සහ gossip.lk එකේ ( උදා: http://www.gossiplankanews.com/2017/02/saitm-pera-song.html)සයිටම් ඒක ගැන පළකර ඇති දේ සඳහා ලැබී ඇති ප්‍රතිචාර බලන්න. මේ සෑම ප්‍රතිචාරයක් ම වැදගත් නැතත් සමහරක් ඉතා වැදගත් චින්තන ප්‍රවනතාවයක් පෙන්වන බව මාගේ පුද්ගලික පිළිගැනීමයි. අඩුම ගන්නේ මෙවන් පාඨකයින් පිරිසක් (readership)ඔබලාගේ වෙබ් අඩවිය සඳහා යොමු කර ගැනීමට ඔබ ලා මේ දක්වා අසමත් වී ඇත. එහෙව් එකේ මේ ඔබලාගේ අඩාපාලි කියවනවායයි ඔබලා උපකල්පනය කරන ‘මහා අනෙකා’ කව්ද?

    මෙවන් දේ වරින් වර එක එක්කෙනා ගැන කීමෙන් වෙන එකම ප්‍රතිපලය ඔවුන් ‘පොරවල්’ වීම පමණක් බව – විශේෂයෙන් ශ්‍රී ලාංකික සමාජයේ – ඔය සහෝදරවරුන්ට නොතේරීම පුදුම සහගතය.

    එබැවින් මා නැවතත් කියා සිටින්නේ 2004 අළු ගසා දමා නැගිටීමට මේ කාලයයි. ඔබලාගේ පුද්ගලික කෝන්තර ඇත්නම් කරුණාකර ඒවා ඒ ඒ අයට පුද්ගලිකව e mail මගින් දැනුම් දෙන්න. එක එකා දේශපාලනය යයි කියමින් උන් උන්ගේ ජරා ඇදුම් ප්‍රසිද්ධියේ අපුල්ලනවා (washing each others’ dirty linen in public)අහන්න බලන්න ඕනේ එවුන්ට TV චැනල් වල ඇති තරම් වැඩ සටහන් ඇත.
    අප මෙවැනි වෙබ් අඩවියකට එන්නේ හෝ ඔබලාගේ දේශනයකට ඇහුම්කන් දෙන්නේ එවැනි ශ්‍රී ලාංකික මජර දේශපාලනයට විශේශිතවත් පොදුවේ දැන් ලෝක දේශපාලනයටත් ආවේනික තුන්වැනි පන්තියේ සංදර්ශන බැලීමට, කියවීමට හෝ ඇසීමට නොවන බව කරුණාකර සිතට ගන්න.
    නැවතත් දීප්ති ඇතුළු ඔබ සියලු දෙනාගෙන් Ip Man (2008), Ip Man 2, Ip Man 3 නරඹන මෙන් මා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

  2. තවත් සාමාජිකයන් අමාරුවේ වැටෙන්න කලින් ඕවා එළිකරන්න

  3. වසන්ත සහෝදරයාගේ කතාවේ ගත යුත්තක් ඇති බව මගේද හැඟීමයි. ඔබලා විසින් ඒ ගැන සිතනු ඇතැයි බලා පොරොත්තු වෙමි.

Comments are closed.