[dropcap color=”black”]නැ[/dropcap]වතත් 83 කළු ජූලියක් ඇති නොවේවායැයි පතා ඊයේ විහාර මහා දේවී උද්‍යානයේ පැවති සංස්කෘතික සන්දර්ශණය ටෙලි නළුවකු විසින් වේදිකාව මත තබා කේක් එකක් කැපීමට යාම නිසා ගුටි මුරයකින් අවසන් විය.

ගහගන්නේ නැතිව දේශපාලනය කරන හැටි අපට කියා දුන් දලෙයි ලාමා දේශකයෙක් මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායකයෙක් විය. ඊයේ ඔහු මෙම ප්‍රහාරයත් සමග අන්දමන්ද විය.

උත්සවයේ සම සංවිධායකයෙකු අප සමග මෙසේ පැවසීය. මචං උබලා කීවා හරි දේශපාලනය කරන්න නෙවී හතර දෙනෙක් එකට එකතු වෙලා බත් ටිකක් කන්නත් විනයක් ඕන කරනවා.

වර්ෂ 2005 දී අප විසින් පළවා හරින ලද පිස්සන් සමූහය විසින් දේශනා කළ විමුක්ති ධර්මය ඊයේ සියළු දෙනා ලැජ්ජාවට පත් කරමින් විහාර මහා දේවි උද්‍යානයේ දී අවසන් විය. පාංශුකූලය සදහා මාදුරුවාවේ සෝභිත හිමිට වඩින්න යැයි කියන්න!

ආමේන්!

ඔබේ අදහස කියන්න...

11 COMMENTS

  1. Nirmal , Sumith , Praba and Baby Buddika with Baby , Kalyananda were participated for the event after the incident they all are vanish

  2. කලු ජූලියේ කේක් කපාගෙන උපන්දින සමරන මේ වගේ ගොබ්බයන්ව උඩ දානවටම උඹලටත් හොද වැඩේ. මිනී කන්දක් උඩ හිටගෙන ආතල් දාන මිනිස්සු එක්ක මොන දේශපාලනයද ඕයි.. දේශපාලනේ කරන්න මිනිස්සු නැත්නම් ගෙදරට වෙලා බුදිය ගනිං, නිකං පුක දෙන්න යන්නෙ නැතුව.

  3. මිනී කන්දක් උඩ හිටගෙන කේක් කන ම්ලේච සත්තු ටිකක් කරපු මේ වැඩේට පැමිණීමෙන් මා දැක්වු සහයෝගය පිළිබදව මා හට ඇත්තේ පසුතැවිල්ලකි. 1983 සිට අලුත්ගම මියගිය ගිය සියලු මිනිසුන්ගේ මිනී කදු උඩ උඩ නටමින් ගයමින් ප්‍රීති වු සියලු කලාකරුවන්ට මාගේ හදපිරි අපුල පිරිනමන අතර කලාවෙන් තව දුරටත් සමාජය වෙනස් කිරීමට නොහැකි බැවින් මෙම වැඩසටහනට පුක දුන් සියලුම නිර්මාණකරු‍වන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම සියදිවි තොර කරගන්නා ලෙසයි.

  4. මම ත්‍රිමානෙ තිබුන දැන්වීම දැකලා ඕක බලන්න ගියා. මට ගෑනු ලමයින්ගේ ආකර්ශනීය දසුන් දැකගන්න ලැබුනා. පුකවල් සහ තන් ඉලිප්පෙන විලාසිතා ටිකක් තිබුනා. ඒවා ලස්සනයි. එක කෙල්ලෙක් සිංදුවක් කිව්වා. වචන තේරුනේ නැහැ. හැබැයි ඒකිගේ පුක පද්දපු හැටි ලස්සනයි. හයි හීල්ස් දාපු නිසා ඒක ලස්සනට පෙනුනා. මයියොක්ක දුන්නා මං නං ගියෙ ්නැයැ මයියොක්ක කන්න. පිංතුර තිබුනා. ඒවත් බැලුවා. සන්නස්ගල වියන්ගොඩ එහෙමත් ඇවිත් හිටියා. ඒක මොකද්ද කියලා මම තාම කල්පනා කරනවා. 83 මැරුන අයවෙනුවෙන් තිබුන දාන පිංකමක් වගේ එකක් නෙමෙයි ඒක.. ඊටත් එතන කිසිම සමාජමය වෙනසක උවමනාවක් කාටවත් තිබුන් නැහැ වගේ. හැමෝම එකතුවෙලා බොදු බල සේනාවට බැන්නා. එතනදි දියුනු මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කල යුතුව තිබු ආගම දොරමඩලා වාදී “ හැම ආගමම එකයි“ කියන ගොබ්බ සංකල්පය අස්සෙ රිංගවන්න හදලා තිබුනා. පොදුවේ බෞද්ධ සමාජයට දැඩි ලෙස පහර එල්ල කලා. තම්බි හෙවත් මුස්ලිම් උන් මොකුත් වැරැද්දක් නොකරන විදියේ ආතල් එකක් එතන තිබුනා.

    ජැක්සන් හෝ වෙන ගොබ්බයෙක් ඇවිත් ආන්ඩුවෙ චැනල් එකක ස්වකීය මතය නැතුව ආන්ඩුව කැමති මතය ඔහේ කියෝනවා. ඒ වගේම දෙයක පොටෝකොපියක් මෙතන සිදු වෙනවා. ආන්ඩුවට විරෛා්දී ප්‍රචන්ඩත්වයට විරෝධී නීරස ඇල්මැරුන කිසිම ජිවයක් නැති මල මිනී වගේ වාක්‍ය ටිකක් ඔහේ කියෝනවා. සමහරු කවි විදියට කියනවා. සමහරු සිංදු විදියට කියනවා. ඕවා කොයි තරං කාලෙක ඉදලා අපේ කන් අස්සනේ එහා මෙහො යනවද? මොකද්ද ඕකෙ තියෙන අලුත් දේ?

    ජාතිවාදයට විසඳුම ජාතියක් නොමැති බේද වලින් තොර සමාජයක්. එහෙම නැතුව ජාතිය කස්ටමයිස් කරගෙන ජාතියේ පාට ලස්සන කිරීම..ජාතිය සුද්ද කිරීම කියන්නෙ මෝල් වැඩක්.. ආගම්වාදයට කරන්න ඕනි ආගමක් කෙරෙහි ඇලුන් නැති නිදහස් මනස් වලට පූදින්න ඉඩ හරින එක.එහෙම නැතුව ආගමේ තියෙන කෑලි බෑලි අරගෙන අනේ හැම ආගමම එකයි..ආගම් හරි සෝක් අදහන අය වැරදියි වෙග් මැටි මෝල් අදහස් වලින් මේවා විසඳන්න බැහැ.

    අද ආගමික,ජාතික ගැටුම් අවම දියුනු රටවල ගත්තොත් ඒ අය ආගම හෝ ජාතිය පවතින විදිය වෙනස් කරලා නෙමෙයි ඒ තැනට ඇවිත් තියෙන්නෙ. එයාල ආගමට ජාතියට වඩා සවිමත් තාක්ෂණය අතින් දියුනු නව ව්‍යුහයන් වලට සමාජය බාරදීල ඒ අනුව ජීවත්වෙනවා. පෙම්වතිය දේශපාලකයකු උස්සගෙන ගියාම ඒ රටවල මිනිස්සුන්ට දේවාල ගානෙ පොල්ගහන්න දෙවියන්ට පඩුරු තියන්න, බෝදීපුජා තියන්නෙ දේවමෙහෙයවල් පවත්වන්න අවශ්‍ය නැහැ. තියෙන්නෙ පොලිසියට කියලා වැඩේ රිපෝට් කරන්න විතරයි. ඒ සමාජයෙදි දෙවියන් හෝ අදිසි බලයක් අපේ වැඩක් කරගන්න අවශ්‍ය වෙන්නෙම නැති තරම්.

    මේ ජාගර සමාජයේ ආගම ජාතිය අතඇරගන්න බැරිව තියෙන්නෙ සමාජයේ පවතින දියුනු පද්ධතිවල කඩාවැටීම නිසා. ඒ නිසා බලය ඇති නැති හැමෝම බයෙන් ආගම ජාතිය පිටුපස්සෙ ඇලීගෙන යනවා.

  5. https://www.facebook.com/1443815342560153/photos/a.1443818569226497.1073741828.1443815342560153/1443817179226636/?type=1&relevant_count=1

    හිරිකිතයි…

    No More July නාමයෙන් පසුගිය 23 දින විහාර මහ දේවි එළිමහන් රංග පීඨයෙදී සිදු වූ ඓතිහාසික අමන, තකතීරු සිදුවීම් ජාලය අප තරයේ හෙළා දකිමු. රාජපක්‍ෂවාදී වත්මන් ලාංකේය යුග මොහොත තුළ ජාතිවාදී/වර්ගවාදී ප‍්‍රචණ්ඩත්වය අත්කරගෙන ඇති සුවිශේෂී සංයුක්ත තත්තවය පිළිබඳ කිසිදු විශ්ලේෂණයකින් තොරව සංවිධානය කළ මෙම ඊනියා සංස්කෘතික ප‍්‍රදර්ශනය නිමා වූයේ ජුගුප්සාජනක කළකිරීමක් අප තුළ ශේෂ කළ බව සිහි කැඳවන්නේ අපුලකිනි. අලූත්ගම-බේරුවල පැන නැගි ගිනිජාලා පදනම් කරගෙන අප කළ න්‍යායික විශ්ලේෂණය රැගත් පොත් පිඬ සමාජගත කිරීම හා ලාංකේය ඊනියා විකල්ප කලා/සංස්කෘතික ක්ෂේත‍්‍රයේ ඇති චින්තන දරිද්‍රතාවය විවේචනයට ලක් කරමින් සිදුකළ යුතු අරගලය ගැන පත‍්‍රිකා බෙදාහැරීමක් සඳහා එම ස්ථානයට පැමිණි අපි එහිදී කළු ජූලියට එරෙහි කලා/සංස්කෘතික විරෝධයක නාමයෙන් සංවිධානය කර තිබූ සිදුවීම්-අවස්ථා දැක විමතියටත්, කළකිරිමටත් පත්වීමු. එනයින් මෙම අවස්ථාව අවසානයට පත් වූ අයුරු අනපේක්‍ෂිත නොවන බව අපගේ ඉඳුරා විශ්වාසය යි.

    කළු ජූලිය ඇති වූ සංයුක්ත සමාජ දේශපාලන මොහොත හා වත්මන් සිංහල-බෞද්ධ වාර්ගික ප‍්‍රචණ්ඩත්වය මුදා හැරෙන උපායමාර්ගික දේශපාලන සැකැස්ම පිළිබඳ පඩයකවත් දැනුමකින් තොරව නරුමවාදී නොදැනුමකින් යුතුව මෙම සංවිධායක මුග්ධ රැල විසින් (ජාතීන්ගේ ප‍්‍රශ්න පිළිබඳ සාධකයේදී මතවාදී විනයක් අඛණ්ඩව නඩත්තු කළ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සොයුරිය හා පීඩිත ජනවර්ගය පිළිබඳ ප‍්‍රශ්නය ගැන අඛණ්ඩව න්‍යායිකව සංවේදී විරාජ් ලියනාරච්චි සොයුරා දක්වන නියෝජිත මුහුණුවර අපට අපැහැදිලිය) සැකසූ මෙම වැඩසටහන නිසා ප‍්‍රති හෙජමොනික දේශපාලනික පරිකල්පනයන් ගොඩනැගීමේ ප‍්‍රයත්නයන්ට සිදුකළ හානිය සුළුපටු නැත. මිනීකඳු, රුධිර ගංඟා ගලා ගිය ඉතිහාසයක් මත සිට තිරිසන් විපරීත නර්තන ප‍්‍රමෝදයන් හා තැනින් තැන විවිධ සාදයන්ගෙන් කළ සැමරීම විසින් අපට ගෙන හිරිවැටෙන සුළු ත‍්‍රස්තයක් දෙසටය.

    පවත්නා හිංසක, වර්ගවාදී දේහපාලන වර්ගවාදී බලාධිකාරයන් හා සත්‍යාධිකාරයන් අලූත් වටයකින් ශක්තිමත් කරන හා පෝෂණය කරන මෙවැනි කුප‍්‍රකට මැදිහත්වීම් අපි ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ ලෙස නැවත වරක් තරයේ හෙළා දකිමු.

    අප අවසාන වශයෙන් කියන්නේ No More July කියාය.

    මෙයට
    “සංස්කෘතික විමුක්ති ගිවිසුම” වෙනුවෙන්,
    විදර්ශන කන්නන්ගර / ප‍්‍රභාත් හේමන්ත

  6. ජාතිවාදය කියන එක නගරයට වඩා තියෙන්නෙ ගම තුලය(බොදු බලයෙ ඉන්න බොහො අය ගමෙ නුගත් තරුන කොටස් වෙ ).ඔය නටන කිසිම කෙනෙක් ඔය මතවාදි අදහස් ගම තුලට ගෙන යෑම පිලිබද අදහසක් නෑත.( එය ඔවුනට අවශයද නෑත.මොකද ඔවුන්ට මෙය දෙශපාලන ප්‍රශ්නයක් නොවන නිසාය.මොවුනට අවශය මුනු පොතෙ පොටො දමා රෙඩිකල් විමටය ).මෙය කල හෑකි වන්නෙ දෙශපාලන සන්විදානයකට පමනි.එතකන් දෙශපාලනය විහිලුවකට ගන්න එපා.

  7. මේ විදියෙ සාකච්චවක් NO MORE JULY පිලිබද ගෑනීම වෑරදියි නේ ද දීප්ති සහෝදරයා??කරන්න ඕන 83 කලු ජුලිය පිලිබද මෙවෑනි සෑමරුමක් හරිද වෑරදි ද ඒකෙ තියෙන දේශපාලන අවුල මොකද්ද කියන එක සාකච්චවට ගෑනීම නේ ද?
    එහෙම නෑතිව මෙ විදියට ඒකෙදි වෙච්ච වියුක්ත සිදුවීමකින් සමස්තය විග්‍රහ කිරීම හා “අපි ඕක කලින් කිව්වා” වෑනි ප්‍රකාශ මගින් ඔබලා සත්ය අවබෝද කරගෙන සිටින බව පවසීමට උත්සාහ කරන සුපුරුදු වින්යාන වාදී දේව වාක්යය යලි පෑවසීමට මෙය අවස්තාවක් කර ගෑනීම පිලිබද මගේ විරෝදය.
    මටත් මේ පිලිබද විවේචන තියෙනවා.ඔබගේ ප්‍රවුර්තියට කර තිබූ Amila chathuranga ගේ අදහස් දෑක්වීම හොද ප්‍රවේශයක්… අපි එවෑනි සන්වාදයක් මේ පිලිබද අරබමු..

    • මේ විදියෙ සාකච්චවක් NO MORE JULY පිලිබද ගෑනීම වෑරදියි නේ ද දීප්ති සහෝදරයා??කරන්න ඕන 83 කලු ජුලිය පිලිබද මෙවෑනි සෑමරුමක් හරිද වෑරදි ද ඒකෙ තියෙන දේශපාලන අවුල මොකද්ද කියන එක සාකච්චවට ගෑනීම නේ ද?
      එහෙම නෑතිව මෙ විදියට ඒකෙදි වෙච්ච වියුක්ත සිදුවීමකින් සමස්තය විග්‍රහ කිරීම හා “අපි ඕක කලින් කිව්වා” වෑනි ප්‍රකාශ මගින් ඔබලා සත්ය අවබෝද කරගෙන සිටින බව පවසීමට උත්සාහ කරන සුපුරුදු වින්යාන වාදී දේව වාක්යය යලි පෑවසීමට මෙය අවස්තාවක් කර ගෑනීම පිලිබද මගේ විරෝදය.
      මටත් මේ පිලිබද විවේචන තියෙනවා.ඔබගේ ප්‍රවුර්තියට කර තිබූ Amila chathuranga ගේ අදහස් දෑක්වීම හොද ප්‍රවේශයක්… අපි එවෑනි සන්වාදයක් මේ පිලිබද අරබමු..

      • 83 කළු ජූලියෙන් මියගිය දෙමළ තරුණයන් ගේ රුධිරය කලාකෘතියක් සේ ගත් මෝඩ ගැහැනුන් නසහ පිරිමින් තමන්ගේ අත්වල රතුපාට තවරාගෙන නාඩගම් නැටීම සහ උපන්දින කේක් කැපීම ගංජා ගහලා සිංදු කියන එක විප්පවාදී භාවිතාවක් කියලා හිතනවා නම් උදුල් ඔබට 2004ට පෙර එක්ස් කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුලුවන්. වසර 2009 දී අප අඛණ්ඩව දෙමළ අරගලය වෙනුවෙන් පෙනී සිටින විටත් ඔබලා ෆොන්සේකා පසුපස ගමන් කර අවසානයේ තමන් කලේ වරදක් බව කීවා. අප අඛන්ඩව අපේ මතවාදයතුළ සිටින අතර ඔබ විටින් විට විසුණු ගේ දස අවතාරය ආකාරයෙන් වෙස් මාරුකරමින් සිටියි. උදේට මුස්ලිම් වී දවල්ට දෙමල වී රෑට සිංල වීම දේශපාලන භාවිතාවක් නොව සිරිසේන සහ තෙපානිස් කතාවේ චරිතය මෙන් දවස සරිකර ගැනීමකි. ඔබ නොදන්නවා හෝ දැන දැනත් නොදන්නා ලෙස සිටියාට ඔබලා සමග එකට අරගලය කළ සැබෑ දේශපාලන වුවමනාවක් ඇති සහෝදරයන් තවමත් නිහඩව තම සමාජ අරගලයට දායකත්වය ලබා දී සිටින වග අපි දනිමු. ඒ නිසා සහෝදරයා මාධ්‍ය සංදර්ශණ යනු දේශපාලන විප්ලවය නොවන බව අවබෝධ කර ගන්නා අතර අප ජීවත් වන යුගයේ පශ්චාත් -මාක්ස්වාදී සමාජ විප්ලවය වෙනුවෙන් සංස්කෘතික මුග්ධ වැඩ පසෙකලා වෙහෙසෙන්න.

    • 83 කළු ජූලියෙන් මියගිය දෙමළ තරුණයන් ගේ රුධිරය කලාකෘතියක් සේ ගත් මෝඩ ගැහැනුන් නසහ පිරිමින් තමන්ගේ අත්වල රතුපාට තවරාගෙන නාඩගම් නැටීම සහ උපන්දින කේක් කැපීම ගංජා ගහලා සිංදු කියන එක විප්පවාදී භාවිතාවක් කියලා හිතනවා නම් උදුල් ඔබට 2004ට පෙර එක්ස් කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුලුවන්. වසර 2009 දී අප අඛණ්ඩව දෙමළ අරගලය වෙනුවෙන් පෙනී සිටින විටත් ඔබලා ෆොන්සේකා පසුපස ගමන් කර අවසානයේ තමන් කලේ වරදක් බව කීවා. අප අඛන්ඩව අපේ මතවාදයතුළ සිටින අතර ඔබ විටින් විට විසුණු ගේ දස අවතාරය ආකාරයෙන් වෙස් මාරුකරමින් සිටියි. උදේට මුස්ලිම් වී දවල්ට දෙමල වී රෑට සිංල වීම දේශපාලන භාවිතාවක් නොව සිරිසේන සහ තෙපානිස් කතාවේ චරිතය මෙන් දවස සරිකර ගැනීමකි. ඔබ නොදන්නවා හෝ දැන දැනත් නොදන්නා ලෙස සිටියාට ඔබලා සමග එකට අරගලය කළ සැබෑ දේශපාලන වුවමනාවක් ඇති සහෝදරයන් තවමත් නිහඩව තම සමාජ අරගලයට දායකත්වය ලබා දී සිටින වග අපි දනිමු. ඒ නිසා සහෝදරයා මාධ්‍ය සංදර්ශණ යනු දේශපාලන විප්ලවය නොවන බව අවබෝධ කර ගන්නා අතර අප ජීවත් වන යුගයේ පශ්චාත් -මාක්ස්වාදී සමාජ විප්ලවය වෙනුවෙන් සංස්කෘතික මුග්ධ වැඩ පසෙකලා වෙහෙසෙන්න.

Comments are closed.