‘සිනහව අතරින්’ චිත‍්‍රපටයේ අන්තර්ගතය ගැන අවධානය යොමු කරන්නකු විසින් අමතක කරන වැදගත් කාරණයක් මෙහි දී නැවත සිහිපත් කළ යුතුය. එවැන්නකු විසින් දෘශ්‍යමානය යට ඇති සත්‍යය සොයමින් මෙසේ ප‍්‍රකාශ කරනු ඇත. ”මෙවැනි චිත‍්‍රපටයක් ගැන න්‍යායිකව මෙතරම් දුරට සාකච්ඡා කිරීම නිස්සාර වැඩක් නේද?” නමුත් අප මෙතැන දී අමතක කරන තිසීසය කුමක්ද? තහංචිය සහ ආධිපත්‍යය බිඳ වැටී ඇති පසු නූතන ධනවාදී සමාජයක ජීවත් වන අපගේ ‘ජීවිතයද’ ව්‍යුහගත වී ඇත්තේ ‘සිනහව අතරින්’ චිත‍්‍රපටය විසින් නිපදවන ආකෘතිය හරහාම නොවේද යන්නය. එනම් විනෝද වන්න! යන්න සමකාලීන තේමාවයි. මේ යුගයේ දී කිසිවකු තමන්ගේ ජීවිතයේ අර්ථය සොයන්නේ නැත. අනුන්ගේ ජීවිතවලට අර්ථ නැතැයි සිතන බොහෝ දෙනා (වාමාංශිකයන් මේ යුගයේ රොමැන්තිකයන් වන්නේ මේ නිසාය) තමන්ගේ ජීවිතයේ නිස්සාරත්වය නොදකියි.

දැන් අපට චිත‍්‍රපටයේ ආකෘතිය විසින් නිපදවන දෘෂ්ටිවාදය ගැන අලූත් අදහසකට ගමන් කළ හැක. අප මේ  දක්වා සාකච්ඡා කළ සාධක සියල්ල ගොනු කළ විට පහත ආකාරයේ සූත‍්‍රයක් නිපදවිය හැක.

විමල් යනු කුමාරිගේ ෆැන්ටසියකි. ඇය එවැනි පරිසමාප්ත පෙම්වතකු නිපදවන ලද්දේ ඇගේ විවාහ ජීවිතය තුළ දෛනිකව අත්විඳින ඒකාකාරිත්වයෙන් පළා යන්නටය. නමුත් මෙම සුවිශේෂ පළා යාම ‘යථාර්ථය’ (Reality) නම් අදහස සමතික‍්‍රමණය කරයි. ඒ මන්දයත් කුමාරි ගැබ් ගත් පසු ඇය එය විමල්ට ප‍්‍රකාශ කළ විට ඔහු ඇයට මෙසේ කියන බැවිනි. ”දැන් අපි මොකද කරන්නෙ?” කුමාරිට අනුව විමල්ගේ මෙම ප‍්‍රකාශය ඔහුගේ චපලත්වය ප‍්‍රකාශ කිරීමකි. එවිට ඇය ඔවුන්ගේ රැුඩිකල් විකල්ප සම්බන්ධයෙන් ඉවතට ගමන් කරන අතර එහි ඵලයක් ලෙස එතෙක් තමන් සමඟ උදාසීන සම්බන්ධයක ගිලී සිටි එඞ්වඞ් නම් සැමියා වැදගත් මහත්මයකු ලෙස නැවත අවධි වෙයි. ‘කුමාරි’ මෙම සුවිශේෂ විකල්ප පේ‍්‍රම-ලිංගික සම්බන්ධයෙන් හදිසියේ පිටවීම සඳහා අපගේ පැත්තෙන් සබුද්ධික හේතුවක් නිර්මාණය කරගත නොහැකි නිසා ‘ස්ත‍්‍රී තීරණය’ උමතු යැයි යන සම්මත සමාජ ප‍්‍රවාදය අප තුළ යළි තහවුරු වෙයි. සම්මත විවාහය තුළ විකල්ප සම්බන්ධයක් හරහා ලැබෙන්නට යන දරුවකු පිළිබඳ තර්කය වාගීශ්වර ආකෘතියක දී ගබ්සාවකින් කෙළවර විය යුතුය.

original-9637-1438603384-9

නමුත් මනෝ විශ්ලේෂණය විසින් අපට කුමාරිගේ පිටවීම ගැන උගන්වන පාඩම කුමක්ද? ‘පාර දිගේ’ චිත‍්‍රපටයේ චන්දරේ විසින් උත්සාහ කරන්නේ ‘ගබ්සාව’ නම් උත්තරය දෙසට ගමන්  කරන්නටය. දුප්පත්කම නම් පසුබිම ඉදිරියේ චන්දරේගේ ගැටලුව වන්නේ ගබ්සාවයි. එය ‘පාර දිගේ’ චිත‍්‍රපටයට අදාළ යථාර්ථයේ පරස්පරයයි. නමුත් ‘සිනහව අතරින්’ චිත‍්‍රපටයේ පසුබිමට අනුව කතානායකයන් පොහොසත්ය. ‘ගබ්සාව’ මේ නිසාම ඔවුන්ට උත්තරයක් නොවේ. කුමාරි විසින් ගන්නා චර්යාධාර්මික (Ethical) තීරණය මඟින් සනිටුහන් වන්නේ බාහිර බාධාව ඉවත් කිරීමක් නොව බාහිර බාධාවක් ප‍්‍රතිනිර්මාණය කර ගැනීමයි. ‘පාර දිගේ’ චිත‍්‍රපටය තුළ ස්වයං බාධාව යථාර්ථය ලෙස බහිශ්කරණය වී ඇති මුත් ‘සිනහව අතරින්’ චිත‍්‍රපටය තුළ යථාර්ථයට පළා යාම කුමාරිගේ පැත්තෙන් ප‍්‍රතික්ෂේප වන අතර එය විමල්ගේ පැත්තෙන් අඩමාණ යෝජනාවක් ලෙස මතු වෙයි. කුමාරිගේ ස්වයං බාධාවට අදාළ පිළිතුරු දෙකක් පවතින නිසා පේ‍්‍රක්ෂක අපට උභයාවේගයක් මතු වෙයි. ‘පාර දිගේ’ චිත‍්‍රපටයේ දෘෂ්ටිවාදය අප තුළ හොඳින් තහවුරු වන මුත් (පිළිතුරක් ලෙස) ‘සිනහව අතරින්’ චිත‍්‍රපටයේ දී දෘෂ්ටිවාදය විවේචනය වෙයි. මන්ද කුමාරි විසින් තමන්ගේ ‘විනෝදය’ වාගීශ්වරවාදයක් තුළට කොටු කිරීමට අකැමැති නිසාය. ඇගේ ‘විනෝදය’ පරිසමාප්ත ලෝකය යන අදහසට විසංවාදයකි.

මනෝ විශ්ලේෂණයේ රැඩිකල් දේශපාලන මානය වෙතට දැන් අපට අවධානය යොමු කළ හැක. ෆ්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණ ධර්මයට අනුව මිනිස් ලෝකය තුළ ඇත්තේ එක අවිඥානයක් (One Unconscious) පමණි. මිනිසාට කිසි විටෙක අවිඥානයන් දෙකක් පවතින්නේ නැත. මේ නිසාම මේ ලෝකයේ පවතින්නේ එක ලිංගයක් (One Sex) පමණි. මේ ලෝකයේ ලිංග දෙකක් (Two Sex or Second Sex) නැත. ලැකාන් ඉතා නිර්භීත ලෙස සිමොන් දි බුවාගේ The Second Sex නම් ස්ත‍්‍රීවාදී කෘතිය Rubbish (කුණු, අපද්‍රව්‍ය, කැළිකසළ, වැදගැම්මකට නැති අදහස්, වල්පල්) කියා කියන්නේ මේ නිසාය.

‘සිනහව අතරින්’ චිත‍්‍රපටය මඟින් අපට ඉහත දී ප‍්‍රකාශ කළ සිද්ධාන්තය ඔප්පු කළ හැක. කුමාරි සහ විමල් යනු පුද්ගලයන් දෙදෙනෙකු නොවේ. එක පුද්ගලයෙකි. එක විඥානයකි. මේ එක පුද්ගලයා සතු වන්නේ එක අවිඥානයකි. එම අවිඥානය බහිසංසේචනය (Extimate) වීමෙන් විමල් නම් ෆැන්ටසියක් බිහි වෙයි. එම ෆැන්ටසිය දිගේ දිගට ගමන් කරන විට එක මොහොතකට පසු එය (දරුවකු?) කඩා වැටෙයි. නමුත් තවදුරටත් ෆැන්ටසියක් දිගේ ගමන් කරන විට එම ෆැන්ටසියට හඹා යාම නම් ආශාවේ රැඩිකල් මානය හමුවෙයි. ආශාව වස්තූන් පසුපස පන්නා යන්නේ නම් හඹා යාම (Drive) අරමුණක් හෝ ඉලක්කයක් නැතිව ‘හිස් බවක්’ වටා භ‍්‍රමණය වෙයි. කුමාරිගේ ආශාව විමල් වන විට ඇගේ දරුවා හඹා යාම බවට පරිවර්තනය වෙයි. ඇය මෙම විකල්ප දෙක අතරින් පෙම්වතා නම් අර්ථය (Meaning) තෝරා ගැනීම වෙනුවට දරුවා නම් ‘විනෝදය’ තෝරාගනියි. නමුත් මෙම අදහස යථාර්ථය නම් සංජානන ක‍්‍රියාවලිය අප තුළ විරුද්ධාභාසයක් ජනිත කරයි. එක පුද්ගලයකු තුළ මෙවැනි පරස්පරයන් ඊනියා ලිංග දෙකක් ලෙස පවතින්නේ මන්ද? එහි දී පිරිමින් හිතන්නේ ස්ත‍්‍රී විනෝදය වාගීශ්වර ලෝකය සමතික‍්‍රමණය කරන්නක් ලෙසිනි. ‘පරස්පරය’ වේදනාවකි. එය ආත්මයේ රසයයි. අවිඥානයට සාරාත්මක අදහසක් නැත්තේ මේ නිසාය.

psychonormanbatesbymjloverlizette-d70iinu_2mpanu5

මේ ලෝකයේ මිනිස් ලිංග දෙකක් පවතින බවට වූ විශ්වාසයෙන් ජිජැක් සහ ලැකාන් කියවූ ප‍්‍රභා මනුරත්න (මෙයට කම්බ මෝඩයකු වූ දර්ශන ලියනගේ ද ඇතුළත් විය යුතුය) ස්ත‍්‍රීත්වය  (Feminity – ස්ත‍්‍රීත්වය යනුම වාගීශ්වර අදහසක් බව නොදැන, අධ්‍යයනය නොකර, මෙයට රොහාන්ගේ ස්ත‍්‍රී වැඩ, ස්ත‍්‍රී හැඟීම්, ස්ත‍්‍රී අඩවි, ස්ත‍්‍රී ස්ථාන (කුස්සිය), ස්ත‍්‍රී පාරභෞතික යන දෘෂ්ටීන්ද ඇතුළත් කළ යුතුය) පිළිබඳ සමන් වික‍්‍රමාරච්චිගේ කියවීම වැරැදි බව පෙන්වමින් (සද්භවමය ප‍්‍රශ්න ඥාන විභාගයට ගෙන ඒමම න්‍යායිකව වැරැදි බව නොදැන) ප‍්‍රභා ඇගේ විශ්ව-විද්‍යාල ප‍්‍රකාශන සමාගම වූ ලේක්හවුස් මඟින් ප‍්‍රකාශ කළ දිනමිණ පත්තරයේ මෙසේ ලියයි.

‘‘ජිජැක්ට අනුව ස්ත‍්‍රිය යනු වචනවලින් විස්තර වන ලෝකයේ ව්‍යාතිරේඛයක් ලෙස කියවීම සාවද්‍යය. එය එසේ වන්නේ එවැනි ව්‍යතිරේඛයක් පූර්වජ පියා (විනෝදය දන්නා පියා) මිස ස්ත‍්‍රීත්වය නොවන නිසාය. මෙම ව්‍යතිරේඛය යනු පුරුෂ නීතියේම ස්ථායිභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය වන එම නීතියට යටත් නොවූ ඛණ්ඩාංකය නිසාය. ජිජැක් පවසන්නේ Woman (එක ස්ත‍්‍රිය La Femmi) යනු පියාගේ නාමකරණයන්ගේම තවත් නමක් බවයි. අප මේ කතා කරන්නේ යථෙහි (Real) මානය පිළිබඳවය. ‘එක ස්ත‍්‍රිය’ යනු පුරුෂ ෆැලික ආර්ථිකයේම කොටසක් මිස ස්ත‍්‍රීත්වයේ කොටසක් නොවන්නේය.

මෙම එක ස්ත‍්‍රිය වූ කලී පුරුෂයා සිය සංකේතීයත්වයේ ස්ථායිභාවය පවත්වා ගැනීමට ස්ත‍්‍රියව යක්ෂණියක් කිරීම හෝ ෆැලිකකරණයට යටත් නොවූ (හික්මවනු නොලැබූ ස්ත‍්‍රිය)  ස්ත‍්‍රිය ලෙස පිහිටුවීමට යාම නිසා ඇති වූ තත්ත්වයකි. අවාසනාවන්ත ලෙස ජිජැක් නොකරන්න යැයි කියූ වරදම වික‍්‍රමාරච්චි මහතා අතින් සිදුවෙයි.

රයිඩර් හැගාඩ්ගේ She මෙන්ම Coutly Love හි (රාජ සභාවේ ආදර අන්දරය) හි ස්වාමි දියණිය ද යනු පුරුෂත්වයේ ෆැන්ටසීන් මිස සැබෑ ලෝකයේ සිටින ගැහැනු වර්ගයක් නොවේ. (She/ He වෙනුවට Ze යනුවෙන් යෙදීමට ඔක්ස්ෆර්ඞ් සරසවිය යෝජනා කරයි – අවධාරණය මගේ)

– න්‍යායික වංකගිරියක අතර මං කළ සංකේතීය පියා, 2006 ඔක්තෝබර් 24, දිනමිණ, මංසල අතිරේකය –

 

ප‍්‍රභා මනුරත්නගේ ජිජැක් අධිනිශ්චය වූ මනෝ විශ්ලේෂණ කියවීම (ජිජැක්ගේ දැක්මෙහි ආදර වස්තුවක් වීම සඳහා කියවීම මඟින් දීප්තිගේ විනෝදය හෝ සමන් වික‍්‍රමාරච්චිගේ විනෝදය අභියෝගයට ලක් කිරීම) මඟින්, ඇය ස්ත‍්‍රීත්වය පිළිබඳ ගොඩනගන ප‍්‍රවාද විසංයෝජනය කළ හැක්කේ කෙසේද? ඇයට අනුව සැබෑ ලෝකය තුළ ස්ත‍්‍රීත්වය පවතියි. එය පිරිමි ලෝකයක (ඇය වචනවලින් විස්තර කරන, තේරුමට එන ලෝකය යන්න පුරුෂයාට තුල්‍ය ලෝකය ලෙස ගනියි. එහි දී ඩෙරීඩා පවසන්නේ ස්ත‍්‍රීන් සහ පුරුෂයන් යන සුවිශේෂ දෙකම එකම වචන ලෝකයක් විශ්වාස කරයි යන මානය ප‍්‍රභා අමතක කරයි. එනිසා පිරිමින්ට වඩා ගැහැනුන් වාගීශ්වර නැත නොව මදක් වැඩියෙන් වාගීශ්වරය) නොපවතියි.

ඇගේ අවාසනාවට ඇය හේගල්ගේ ‘සීමාව’ (Limit) යන සංකල්පය වටහාගෙන නැත. ලැකාන් හෝ ෆ්‍රොයිඩ් හෝ ජිජැක් කියන්නේ වාගීශ්වර ලෝකයේ (Phallo – Logo – World) සීමාවක් ගැන මිස පුරුෂයා හෝ ස්ත‍්‍රිය ගැන නොවේ. ඔවුන් කියන්නේ ‘ස්ත‍්‍රිය’ ගැන සාරාත්මක සංකල්පය වචන ලෝකයේ සීමාව නිසා උත්පාද වන බවයි. ඒ අනුවම ස්ත‍්‍රිය යන සංකල්පයේ අර්ථය යළිත් වචන ලෝකයේම අර්ථකථනයක් බවය. එසේ නොමැතිව වචන ලෝකයට සාප කිරීමක් නොවේ. එවැන්නක් කරන්නේ සයිකෝසිකයන්ය. ප‍්‍රභා මනුරත්නගේ න්‍යායික අවබෝධයේ මූලික දෝෂය වන්නේ වචන ලෝකයේ සීමාව පුරුෂ මූලිකත්වය සමඟ පටලවා ගැනීමයි. පුරුෂ මූලිකත්වය යනු එකකි. වාගීශ්වර ලෝකය යනු තව ලෝකයකි. මෙහි තීරණාත්මක සාධකය වන්නේ වචන නොව විනෝදයයි. ලැකාන් සිට ජිජැක් දක්වා විශ්ලේෂණ කතිකාව මත පදනම් වූ විශ්ලේෂකයන් කියන්නේ ස්ත‍්‍රීන්ට සහ පුරුෂයන්ට වෙනස් වූ අර්ථ මෙලොව ඇති බව නොවේ. ඒ වෙනුවට ඔවුන් කියන්නේ ස්ත‍්‍රීන් විනෝද වන්නේ, වේදනාවෙන් සතුටු වන්නේ (Pleasure in Pain) පිරිමින්ගේ ආකෘතියෙන් නොවන බවය.

ප‍්‍රභා මනුරත්න මෙම තත්ත්වය අර්ථයේ, දැනුමේ ලෝකයට ඌනනය කරයි. ‘සිනහව අතරින්’ චිත‍්‍රපටයේ කුමාරිගේ වේදනාත්මක විඳීම මඟින් සංකේතවත් වන්නේ විමල්ගේ සංස්ථාපිත සමාජ-සාරධර්ම පිළිබඳ ස්ත‍්‍රී විරෝධය නොවේ. එමඟින් සංකේතවත් වන්නේ ඇගේම ආත්මමූලිකත්වය තුළ රජයන ස්වයං-ප‍්‍රතිවිරෝධයයි. ඇගේ ගැටලූව වන්නේ ඇගේ ආත්මය තුළම ස්වයං-බාධාවක් ලෙස විමල් නම් පිරිමියා ස්ථානගත නොකළහොත් ඒ ක්ෂණයෙන් ඇගේ ස්ත‍්‍රී විනෝදය ද මිය යන බවය. ලැකානියානු සැබෑව ඇත්තේ සංකේතනය තුළම අසමත්කමක් ලෙස මිස බාහිර පුරුෂත්වයක් ලෙස නොවේ. ප‍්‍රභා විසින් කියවන බාහිර පුරුෂ මූලික ලෝකය යනුම ස්ත‍්‍රී ෆැන්ටසියට තම විනෝදය සංවිධානය කර ගැනීමට අවශ්‍ය සාධකයකි. ඒ අර්ථයෙන් ගත් විට විමල් යනු ස්ත‍්‍රී දේශපාලනයේ විනෝද සාධකයකි. මන්ද කෙනෙකුට ස්ත‍්‍රියක් වීමට පුරුෂයකු ෆැන්ටසිකරණය කිරීම අනිවාර්ය නිසාය. මෙම ෆැන්ටසිය අතරමැද දී හිර වන විට ‘විනෝදයේ’ හතුරකු පුරුෂයකු ලෙස ඇයට සම්මුඛ වෙයි. මෙසේ වන්නේ ලූබිධිය පුරුෂ නිසාය. ජිජැක්ගේ භාෂාවට මෙම තත්ත්වය පරිවර්තනය කළහොත් තත්වාරෝපිතය මෙසේ සකස් කළ හැක. ස්ත‍්‍රියක් පුරුෂයකු ‘මහා අනෙකා’ ලෙස ෆැන්ටසිකරණය කිරීමෙන් අගතියට ගමන් කරයි. මෙය පුරුෂත්වයේ විපරිත මදය ලෙස ද සැලකිය හැක. ස්ත‍්‍රිය පිරිමියාට වෙනස්ව විනෝදයේ දී රැඩිකල් වන්නේ ඇගේ විනෝදයට ඉන් බාහිර යථාර්ථමය සහයෝගය නොලැබෙන විට දී පවා තම විනෝදයට භක්තිමත් වීමයි. මේ නිසා ඇය මඟින් සලකුණු වන්නේ ලිංගික වෙනස නොව ලිංගික පසමිතුරුභාවයේ සැබෑවයි. ‘ඇයව’ යක්ෂණියක් කරවන්නේ බාහිර පුරුෂ කතිකාව නොව ඇයගේම අභ්‍යන්තර ආත්මීය කතිකාවයි. මන්ද අපට ඇත්තේ එක අවිඥානයක් නිසාය.

dsc03273

සාම්ප‍්‍රදායික ස්ත‍්‍රීන් සිට රැඩිකල් ස්ත‍්‍රීවාදීන් දක්වා වූ පරාසයක ස්ත‍්‍රීන් අවබෝධ කොටගෙන නැති දේශපාලන මානය කුමක්ද? ආලෙන්කා සුපැන්ජිත් නම් දාර්ශනික ස්ත‍්‍රිය මෙම තත්ත්වය මෙලෙස සාරාංශගත කරයි.

 

”‘ස්ත‍්‍රිය යනුවෙන් පැවැත්මක් සැබැවින්ම පවතී’ යන උපන්‍යාසයේ රැඩිකල් ආවිඥානක අදහස වන්නේ එවැන්නක් පුරුෂාධිපත්‍යයික සමාජයේ ඵලයක් නිසා උත්පාද වූ තත්ත්වයක් යන්න නොවේ. එහි සත්‍ය මානය එකී අදහසේ විලෝමයයි. ස්ති‍්‍රයව දේශපාලනිකව මර්දනය කිරීම යන ලිබරල් අදහස ද ඇතුළත්ව සාර්ව පුරුෂ-මූලික විඥාන රටාවම යනු ස්ත‍්‍රිය යනුවෙන් පැවැත්මක් සමාජ ලෝකය තුළ නොපවතී යන භයානක ඵලයෙන් ගැලවී යාමට, අර්ථකථනය කිරීමට, එය අවධානයට ලක් නොවීමට, එය අධික අවධානයට ලක් කිරීමට දරන ලද අසාමාන්‍ය උත්සාහයකි.”

 

ඉහත අර්ථයෙන් ගත් විට කුමාරි සහ විමල් යනු නූතන සමාජීය ස්ත‍්‍රී-පුරුෂභාවය ඉදිරියේ ලෙස්බියන් ජෝඩුවක් ලෙස අර්ථකථනය කළ හැක. ‘සිනහව අතරින්’ යනු එක පැත්තකින් තනි මාස්ටර්වරයකුට අනවරතව ආශා කරන්නට යාම නිසා සම්මුඛ වූ සත්‍යයකි. එය නිම නොවන හිස්ටෙරික ඉල්ලීමකි. අනෙක් පැත්තෙන් අනෙකාගේ ආශාවේ ප‍්‍රහේලිකාවෙන් මිදී අකනිටා දිව්‍ය ලෝකයේ විනෝදයෙන් වේදනා විඳීමයි. එනිසා කුමාරිගේ වීරයා වන විමල් වාගීශ්වරවාදී නැත. ඔහු ඉතා ඉක්මනින් නින්දාවට පත් වන, අසමත්, පොන්න ස්වාමියෙකි. අනෙක් අතට මෙම විනාශ නොවන පොන්න ස්වාමියා තම අධ්‍යාත්මයේම ඵලයක් නිසා ඇයට ඉවර නොවන විනෝදයක් ද හිමිව ඇත. ඇය ‘පාර දිගේ’ චිත‍්‍රපටයේ ඉන්දිරා නොවේ. ඇය පවතින යථාර්ථය පළා යාමක් ලෙසින් මිස විමුක්තියක් ලෙස නොදකියි. ‘මහා අනෙකා’ බිඳ වැටුණු පසු ද ඇගේ (කුමාරි) විනෝදය විනාශ නොවෙයි. එබැවින් ඇය පුර්වජ පියකුගේ හෝ ස්ටැලින්වාදී විපරිත පියෙකුගේ ව්‍යාතිරේකයක් නොවේ. ඇයට නිවන් සුව!

අවසානය –

-දීප්ති කුමාර ගුණරත්න-

  

ඔබේ අදහස කියන්න...