[dropcap color=”red”]අ[/dropcap]ප විසින් පසුගිය දා ලියන ලද “මාළු නැති මාළු පාන්” නැමති ලිපියට විවිධ ප්‍රතාචාර ලැබෙමින් පවතින නිසා ඒ සම්බන්ධයෙන් ත්‍රිමාන වෙබ් අඩවියේ සංස්කාරකවරයා වශයෙන් මා විසින් ලියන ලද ඉහත ලිපිය මගින් මා බලාපොරොත්තු වූ යේ කුමක් ද යන්න ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නට මම කල්පනා කළා. ඇත්ත වශයෙන්ම එකී ලිපිය මගින් මට කියන්නට අවශ්‍ය වූ කාරණා අතර දීප්ති සමිබන්ධයෙන් මට කියන්නට අවශ්‍ය වූයේ ඔහු විසින් ගොඩ නැගූ සහ ගොඩ නගන දැනුම සමාජ දැනුමක් බවත් එය ඔහුට අයත් පෞද්ගලික දැනුමක් නොවන බවත්ය.

මෙහිදී මම උත්සහ කළේ දීප්ති වටා ලෝකය කරකැවෙනවා යැයි කියන එක නෙමෙයි.  මම උත්සහ කළේ ඒ වෙනුවට දීප්තිගේ චින්තනය සහ එය යථාර්ථය තුළ අපගමනය කිරීම අතර වෙනස අවධාරණය කරන්නයි. උදාහරණයක් විදිහට දීප්ති ‘ජිජැක්’ව දේශපාලනිකව පාවිච්චි කරන විදිහයි, ‘ජිජැක්’ව මොස්තරයට පාවිච්චි කරන විදිහයි අතර වෙනසක් තියෙනව. ඒ වගේම දීප්ති ‘ලැක්ලාව්’ව දේශපාලනිකව පාවිච්චි කරන විදිහයි සුමිත් ‘ලැක්ලාව්’ව පාවිච්චි කරන විදිහයි අතර බෙදුම් රේඛාවක් තියෙනව. උදාහරණයක් වශයෙන් සුමිත්ට අනුව දේශපාලනය කියලා කියන්නේ විවිධ දේශපාලන බලවේග අතර තියෙන සුසම්බන්ධයක්. නමුත් දීප්තිට අනුව දේශපාලන තර්කයන් කියන්නේ සුවිශේෂයන් අතර සම්බන්ධයේ දී පමණයි එම සුවිශේෂත්වයන්ට පදනමක් තියෙන්නේ කියන එක. ( දැන් මේ වාක්‍ය කාටවත් තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ කියන්නේ නැතුව මේ ගැන ඔපීනියන් දෙන අය කියන්නේ මුග්ධයෝ.අපි මේ මුග්ධයන් ගැන අති සංව්දියි. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රාත්‍රපීට ගොඩනැගිල්ලේ අපිට විරුද්ධව දේශපාලනික ඩයෝජීනස්ලා නිර්මාණය කරන බව අපි දන්නෙමු.)

ඊලගට මම දීප්ති ගැන දේශපාලනිකව අවධාරණය කළේ පෙරටුගාමී පක්ෂය පිළිබද ව ලෙනින් ගේ මතය තහවුරු කිරීමටයි. ‘පක්ෂය’ පිළිබද පෙරටුගාමී සංකල්පය මුලින්ම දේශපාලන ව්‍යවහාරයට පැමිණෙන්නේ ‘කාල් කෞට්ස්කි’ විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය කියවීමෙන් අනතුරුවය. කෞට්ස්කිට අනුව පෙරටුගාමීන් යනුවෙන් පිරිසක් අවශ්‍ය වන්නේ මහජනයා දැනුවත් කිරීමට ධනවාදී සමාජය තුළ  අධ්‍යපනය නම් ක්‍රියාකාරී ප්‍රපංචයක් අවශ්‍ය වූ නිසාය. එහි දෙවෙනි පියවර වන්නේ මෙසේ අධ්‍යාපනය ලැබූ පිරිස විසින් සමාජයට දැනුම රැගෙන යාමය. ලෙනින් කෞට්ස්කිව විවේචනය කරමින් පෙරටුගාමී සංකල්පයට මෙලෙස අලුතින් යමක් එකතු කලේය. ලෙනින්ට අනුව නිශ්චිත පිරිසක් අධ්‍යාපනය ලැබුවාට වැඩක් නැත.( උදාහරණ X කණ්ඩායම,මුස්ලිම් සහෝදරත්වය…) මෙම අධ්‍යාපනය ලැබූවන් නිශ්චිතව ශික්ෂණය වී හෝ එක්සත්(unity) වී නොමැති නම් අපේ අරගලය පරාද වනු ඇත.

ඒ අනුව ලෙනින් ගේ පෙරටුගාමී සංකල්පය පවතින සමාජ ව්‍යුහය සමග අසහනයට පත් වූවන්ගෙන් වෙනස් වෙයි. ලෙනින්ට අනුව මෙම අසහනකාරීන් පවතින ක්‍රමය නිශේධ කරන මුත් ඔවුන් පුද්ගලවාදීන් නිසා එක්සත් වන්නේ නැත.

[media url=”http://www.youtube.com/watch?v=C9o-oow1-OA” width=”600″ height=”400″]

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දීප්තිගේ පෙර ලිපියට හා මේ අදහස මම හිතනවා හරි කියල. සුමිත් චාමින්ද මහතා ජනරළට ලැක්ලාව් හා දීප්ති ලියු ලිපියක් සම්බන්ධ කොට ලිපි දෙකක් පල කර තිබුන. මම ලැක්ලාව් ගේ කියමනට එකඟ වුණත එහි අරගල වල තීව්‍රතාවය ගැන කතාවක් නැහැ නේද.ඔබේ ඔබ මගේ මේ අදහස ගැන මොකද කියන්නේ? ඔබේ අදහස දැනගන්න කැමතියි.
    http://kolambagamaya.blogspot.co.uk/2014/05/1.html

Comments are closed.