ජනමාධ්‍යවේදීන් ස්වයං වාරණයන් පනවා ගන්නා ස්වරූප සම්බන්ධයෙන් මා මීට පෙර අවස්ථාවක ලිපියක් පල කළ අතර එහිදී මා හට නිරීක්ෂණය වූයේ ජනමාධ්‍යවේදීන් බහුතරයක් නරුමවාදී වෙමින් මා මතු කළ කාරණය මගහැර යන බවයි. මෙම ලිපියෙහි මූලික අරමුණ වන්නේ ඔවුන්ගේ නරුමවාදී ආස්ථානයට නිර්දය විවේචනයක් එල්ල කිරීමය.
අප හට අර්ථයට ගත නොහැකි අයුරින් ලංකාවේ ජනමාධ්‍ය කලාව පාදඩකරණය වෙමින් පවතියි. . මා සේවය කළ පුවත්පතෙන් මා ඉවත් වී සිටිනා බැවින් මට එම තත්ත්වය ගැන සෘජුව කථා කිරීමට හැකි නමුත් මේ වන විටත් මාධ්‍ය ආයතන තුළ සේවය කරමින් සිටින එකී පාදඩකරණයට විරුද්ධ ජනමාධ්‍යවේදීන්ට එසේ කිරීමට ඇති නොහැකියාවන් පිළිබදව මා තුළ සප‍්‍රමාණික අවබෝධයක් මෙන්ම අත්දැකීම් සමුදායක් ද ඇත.
අපි සැවොම දන්නා අයුරින් අපට උගැන්වූ පරිදි බල්ලෙකු විසින් මිනිසෙකුව සපා කෑ විට එය ප‍්‍රවෘත්තියක් නොවන නමුත් මිනිසකු විසින් බල්ලෙකු සපා කෑ විට එය ප‍්‍රවෘත්ති වටිනාකමකින් යුක්ත වෙයි. නමුත් දැන් විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය වල ප‍්‍රචාරය වන පුවත් දෙස බැලූ කළ අප තුළ ඉතිරි වන්නේ කලකිරීමක් පමණි.
යුද ගැටුම් පැවති සමයේ යුද්ධය හා ජාතිවාදය විකුණා මුදල් හම්බ කළ ජාතික පුවත්පත වන්නේ දිවයින පත්තරයයි. එහි ප‍්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කරන්නේ y සුමනසේකර මහතාය. මම කථා කිරීමට යන්නේ ඔහු ගැන නොවේ. වසර විස්සක සිට ඔහු හම්බ කළ මුදල් වලින් උස්මහත් වූ ඔහුගේ ජීවවිද්‍යාත්මක පුත‍්‍රයා වන x සුමනසේකර හරහා අපට ඉගෙනගැනීමට ඇති දේවල් පිළිබදවය.
  x සුමනසේකර ස්ත‍්‍රීන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන පැනනැගුණු ගතිකත්වයන් කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහිදී ලංකාඩේලි වෙබ් අඩවියේ ජයසිරි අලවත්ත මහතා හැසිරුණු අයුරු ආශ‍්‍රයෙන් මම ජනමාධ්‍යවේදීන් පනවා ගන්නා ස්වයං වාරණයන්හි එක් ස්වරූපයක් ලෙස ලිංගිකත්වය අදාළ කරගෙන පලකළ ලිපියෙහි ඌණ පූර්ණයන් සැපිරීම මෙම ලිපියෙහි තවත් අරමුණක් වෙයි.
ජනමාධ්‍යවේදීන් ස්වයං වාරණයන් පණවා ගන්නා තවත් ස්වරූපයක් මෙම ලිපිය හරහා සාකජ්චා කිරීම මගේ අරමුණයි.
අපි මුලින්ම ඒ සදහා පිවිසීමට උදාහරණයක් සළකා බලමු.
ජනමාධ්‍යවේදීන් ලෙස අප බොහෝ දෙනෙකු අපේ ආයතනික රාමුවෙන් පිටත පවතින චින්තනය, කතිකාව, දර්ශනය හා දේශපාලනය ඇතුලු බොහෝ අන්තර්ගතයන් පිළිබදව එතරම් උනන්දුවක් හෝ විධිමත් ලෙස ඒවා ඉගෙනගැනීමට අවධානය යොමු කරන්නේ අඩුවෙනි. මෙම කරුණු වලට අදාළව නිසි අධ්‍යාපනයක් නොලැබ සිටීමට අප බොහෝ දෙනෙකු පෙළබෙන්නේ අපි වෙනුවෙන් එළියේ සිටින බුද්ධිමතෙකු මාධ්‍ය වෙත විශේෂඥ මත පළ කරන නිසාවෙනි.. එවිට සිදුවන්නේ අප එම පුද්ගලයාගේ අදහස් ප‍්‍රචාරය කරනවා මිස අප තුළ ඒ සම්බන්ධයෙන් පවතින සත්‍ය අන්තර්ගතය ඉදිරිපත් නොවීමයි. උදා- රාවය

Lacan
විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් පවතී නම් අපි කථා කරන්නේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතාටය. ඒ වගේම මේ අසාධාරණ සමාජය තුළ යහපත ඇති කිරීම වෙනුවෙන් කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුලුවාවේ සෝභිත හිමි පිහිටවූ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන භූමිකාවක් උසුලන්නේ ද නිර්මාල් රන්ජිත් දේවසිරි මහතාය.. එලෙස කථා කිරීම වැරැුද්දක් නැති වුණත් අප මහන්සි වී ගවේෂණාත්මක විශ්ලේෂණයන් කිරීමට පෙළඹවීම මෙම බුද්ධිමතුන් හරහා වැළකී යයි.. මගේ මිත‍්‍ර විදේශීය මාධ්‍යවේදියකු සමග මම ලංකාවේ පවතින මෙම තත්ත්වය පිලීබදව විමසූ අවස්ථාවේ ඔහු සිනා සී මට පිළිතුරු දුන්නේ ඔහුගේ රටේ දී මෙවැනි විකාරසහගත දේවල් සිදු නොවන බවයි.. ඔහු පවසා සිටියේ ඇකඩමික් බුද්ධිමතුන් සමග සම්මුඛ සාකච්චා පවත්වනවා මිස සමාජ සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මත විමසීම් නොකරන බවයි.. මට ඒ අවස්ථාවේ අපේ මාධ්‍ය භාවිතාවන් පිළිබදව ලැජ්ජාවක් ඇතිවිය.
  x සුමනසේකර ජිජැක් කීවේ මොනවාදැයි කියා දේශනයක් පවත්වනවා. ඉන්පසු ජයසිරි අලවත්ත ඒක ගෙඩිය පිටින් අරගෙන ලංකාඩේලි එකේ දානවා. ඉන්පසු වංගීස ගෑණු දෙන්නෙක්ට ලිංගික අඩත්තේට්ටම් කරනවා. ඒක ජයසිරි අලවත්තට ප‍්‍රවෘත්තියක් නොවුණාට බැරිවෙලාවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත‍්‍රයා x  හැසුරුණු ආකාරයෙන් හැසිරුනා නම් ඒක ජයසිරි අලවත්ත ලංකාඩේලි එකේ මහලොකුවට දානවා.. ඊට පස්සේ මෛත‍්‍රීපාලගෙ පුතා අදාළ කරගෙන හිමාෂි කාන්තා හිංසනය ගැන තඩි ලිපි ලියල අන්තර්ජාලය ඔස්සේ ඒවා බෙදාහරිනවා.. මැට්ටන් රැුළක් ඒවාට ලයික් දානවා.. ඉතින් හිමාෂි හිතනවා මාර ලිපියක් තමයි ලියවිලා තියෙන්නේ කියලා.. එයා ලිව්ව ලිපි ගැන වෙනත් අය විවේචනාත්මක දෘෂ්ටියකින් බැලුවාම එයා ඒ සංවාද මග හැරල ස්වප්නා බලන්න යනවා..
මම තව දුරටත් හිමාෂිව විවේචනය කරන්නේ නැත. ලංකාවේ ස්ත‍්‍රීන්ගේ තත්ත්වය ගැන මට ඇති තරම් අත්දැකීම් තිබේ.. ඒ නිසා මම මේ විවේචනය එල්ල කරන්නේ තිරය පිටුපස සිට හිමාෂිව මෙහෙයවන පුරුෂයන්ටය.. ඔවුන් නරුමවාදී මාධ්‍යවේදීන්ය.. මෙම නරුමවාදී ආස්ථානය අපි තවදුරටත් පැහැදිළි කර ගනිමු.
නාසීන්ගේ ව්‍යාපෘතිය තුළ එහි සිටි නායකයන් බහුතරයක් දෙනා දහවල් කාලයේ කරන්නේ මිලියන ගණන් යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමය. ඉන් පසු ඔවුහු රාත‍්‍රියේ නිදිවර්ජිතව කරන්නේ බගවත් ගීතාව කියවීමය. එසේත් නැතහොත් ලෝකයේ උසස්ම සංගීතය යැයි පැවසෙන බිතෝවන්ගේ සංධ්වනියකට සවන් දීමය. මෙම තත්ත්වය කුමක්දැයි තරමක් දුරට අපට වටහා ගැනීමට අපහසුය. නාසීන් එක පැත්තකින් ලෝකයේ උසස්ම සංගීතය අසමින් අනිත් පැත්තෙන් මිනී මරයි. එතනදී ඔවුන් අවංකය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිකරණ වෙත ඉදිරිපත් කළ නාසි නායකයන්ගේ කටඋත්තර ඇතුළත් නඩු කියවන අයෙකුට එය පැහැදිළි වනු ඇත.
  x සුමනසේකර මියුසු, බදියු හා ජිජැක් වැනි දාර්ශණිකයන් ගැන නිතර විවිධ දේශන පවත්වයි.. ඔහු දාර්ශණික තලයේ බුද්ධිමතෙකු බව නිතර බාහිර සමාජය වෙත පෙන්වීමට තැත් කරයි. නමුත් මෙම දාර්ශණිකයාම එක්තරා මොහොතකින් පසු අදුරු තැනකදි ගෑණුන්ගෙ පුකවල් මිරිකනවා. ඊට පස්සේ මහාචාර්ය නිර්මාල් දේවසිරි මෙම ස්ත‍්‍රී අපයෝජකයා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට ‘පරිවාස කාලයක් දෙන්න ඔ්න යැයි කියනවා’.[මොහු campus එකේ ඉගැන්වීම ගැන වි.වි. ආචාර්ය සංගමයට වෘත්තීය ගැටලුවක් නැත.- Ethics] මෙහෙම කියන්න නිර්මාල්ට ලැජ්ජා නෑ. ඔහු ස්ත‍්‍රී අපයෝජකයකු වෙනුවෙන් පෙනී සිටිනවා.
නිර්මාල් දේවසිරි නොදන්නෙ x මාරුවෙන් මාරුවට මේ දේවල් දිගටම කරනවා කියන එකයි. x ව පුද්ගලිකව අදුනන අය ඒක ගැන දන්නවා.. නමුත් නොදන්නවා වගේ ඉන්නවා.[Cynical – Believing that people are motivated purely by self-interest ; distrustful of human sincerity or integrity.] මනෝ විශ්ලේෂණය x වෙත අදාළ කරගන්නේ නම් ඔහුට තියෙන්නේ පුනරාවර්ථනය වන රෝග ලක්ෂණ. ඒ වගේ රෝග ලක්ෂණ x ගෙන් අයින් කරන්න පරිවාස කාල දීලා හරියන්නේ නැහැ. මට අනුව නම් වහාම ඔහුව හොද මනෝ විශ්ලේෂකයකු වෙත ඉරිදිපත් කළ යුතුයි. නිර්මාල් මේ දේ කළොත් නම් x ගේ මේ අයහපත් ගති ලක්ෂණ මගඇරේවි.. [.. එක පැත්තකින් දාර්ශනිකයෙකු වෙන කෙනෙක් තවත් පැත්තකින් ස්ත‍්‍රීන්ට අනවශ්‍ය බලහත්කාරකම් කරන්න යන් නැහැ..]
  x ට තියෙන්නෙ පියාගෙන් [primordial father-jouisseur] උත්තාන වු ෆැන්ටාස්මැතික රෝග ලක්ෂණ.

මනෝ විශ්ලේෂණය කියන වචනෙ දාපු ගමන් මාධ්‍යවේදීන් උඩ බිම බලනවා.. සප‍්‍රමාණික දැනුම ඒ අය ග‍්‍රහණය කරගන්නේ නැහැ.. ඊට පස්සෙ වචන මැජික් වෙලා තේරුමවත් නොදන්න චචන ලියන්න ගන්නවා.. ඒ වගේ මාධ්‍යවේදීන් තමයි ඇකඩමික් බුද්ධිමතුන් අල්ලගෙන දගලන්නෙ.. නමුත් මම විශ්වාස කරන විදිහට ජනමාධ්‍යවේදියාට හොද හැදෑරීමක් තිබිය යුතුයි. එසේ නැතිනම් ලැජ්ජා නොවී හැදෑරීම් වල නිරත විය යුතුයි.. කණගාටුවට කාරණය වන්නේ මෙම තත්ත්වය පහදා දෙන විට අපේම කුලකයේ මාධ්‍යවේදීන් එය මගහැර යාමය..

මහාචාර්ය දසුන් රාජපක්ෂ

වි. වි අචර්ය සංගමයේ පශ්චාත-නුතන සභාපති

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.