කැලුම් අමරසිංහ සහ සුපුන් වික්‍රමරත්න විසින් සංස්කරණය කළ ‘රාජ්‍යය පිළිබද සංකල්ප’ (පදුරැ ලලා ගස වැඩුනත්…) පොත සමාජගත කිරීම වෙනුවෙන් පැවති රැස්වීමේදී දීප්ති කුමාර ගුණරත්න විසින් කළ දේශනය පහත දැක්වෙයි. එය පැවතියේ 2015 ජනවාරි 2 දා සවස සී එස් ආර් හිදීය.

නායකයන්, පාලකයන්, පරමාදර්ශයන් නැතිව පාලනය වන සමාජ-ව්‍යුහයන් යනු බල සම්බන්ධතා ජාලයක් සහිත අදෘෂ්‍යමාන පද්ධතියකි. මෙවැනි පද්ධතීන් තුළ රජ කරන්නේ අත්තනෝමතික මතිභ්‍රමයන්ය. ‘බලය’ පිළිබද න්‍යායක් අපට නැත්නම් මෙවැනි ව්‍යුහ අපට වටහා ගත නොහැක.
නූතන බලය පිළබද සංකල්පයේ ආරම්භකයා මිචෙල් ෆුකෝය. ෆුකෝට අනුව බලය යනු යටත්වීමක් නොව ආකර්ශණය වන, පැතිරී යන ප්‍රපංචයකි. ලැකාන්ට අනුව ෆුකෝගේ ‘බලය’ යන අදහස විචාරය කරන්නේ නම් මිනිසුන් බලය ඉදිරියේ දපනයේ වැටෙන්නේ උමතුවෙන් නොව ශෘංගාරයෙනි. ‘බලය’ අදෘෂ්‍යමාණව ක්‍රියාත්මත වන ස්ථානයකදී ඊට අනුගත වන මිනිසුන්ට තම අනෙකාගේ ආශාව දැඩි ප්‍රහේළිකාවක් වූ විට (ක්‍රියාකාරී අනාගත දේශපාලන වැඩසටහනකින් තොරව ක්‍රියාත්මක වන ග්‍රස්ථික නියුරෝසියා දෛනික – චාරිත්‍ර වාරිත්‍ර පෙළක් දේශපාලන වැඩසටහනක් ලෙස වටහා ගත් විට) ඊට යටත් වන්නා වූ ආත්මයන් අනෙකා වෙනුවෙන් අශ්ලීල ෆැන්ටසීන් රග දැක්වීම අහම්බයක් හෝ පුදුම විම යුතු කාරණයක් නොවේ. එවැනි අශ්ලීල සිනමා දර්ශක වැසීමට යන ආචාරියා එක හිලක් වෙනුවට හිල් විශාල සංඛ්‍යාවක් සහිත කළ ගෙඩියක් නිර්මාණය කරයි. මෙවැනි ආචාරියන් තමන් නොදන්නා දේ දන්නේ නැහැ කියා අවංකව නොපිළිගෙන තමන් නොදන්නා දේ ‘දේශපාලනයට’ අදාළ නැතැයි මහමෙර පරයා හඩ නගා කියයි.
උදාහරණයක් ලෙස තමා හේගල් ගැන දන්නේ නැත යන්න වෙනුවට මෙසේ කියයි. ‘හේගල් නෙවි අවශ්‍ය – මම තමයි පොර’. ගොබ්බයන්ට මේවා වෙසක් තොරන් බවට පත් වෙයි.

‘බලය’ ගැන න්‍යායක් නැති වූ විට සිදුවන විකාර ජවනිකා කෙතරම් හාස්‍යජනකද?

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. “ක්‍රියාකාරී අනාගත දේශපාලන වැඩසටහනකින් තොරව ක්‍රියාත්මක වන ග්‍රස්ථික නියුරෝසියා දෛනික – චාරිත්‍ර වාරිත්‍ර පෙළක් දේශපාලන වැඩසටහනක් ලෙස වටහා ගත් විට ඊට යටත් වන්නා වූ ආත්මයන් අනෙකා වෙනුවෙන් අශ්ලීල ෆැන්ටසීන් රග දැක්වීම අහම්බයක් හෝ පුදුම විම යුතු කාරණයක් නොවේ.”

    මේ කියන්නේ කසුන් කල්හාර ඇතුලත් ‘නව පරපුර’ ගැනද ?

  2. ඈසිඩ් වැස්ස කියව්ව.මුලදි තෙරුනෙ නැති වුනත්.අයෙ කියවන කොට ටික ටික තෙරෙනව කියල හිතෙනව.

    (පිටුව 76 – නිධානය නුතන වන්නෙ කතා නායකයගෙ ක්‍රියාව දැක්ම මත නොව සිතිම මතින් තින්දු විමයි.)

    මෙයින් අදහස් වන්නෙ අද මිනිසුන්(ෆෙස් බුක් චන්ඩි,ඇකඩමික් අය,අලුත් පරපුර )දෙශපාලනය කරනව කියල කරනනෙ අනෙකගෙ දැක්මට අනුව රගපාන එකද?නුතනවාදි දෙශපාලනය යනු අනෙකගෙ දැක්මට අනුව රග නොපා ඉන්න එකද?

Comments are closed.