Categorized | Political

බැටන් එකෙන් වෙඩ් තැබීම

බැටන් එකෙන් වෙඩ් තැබීම
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

මීගමුව ප්‍රදේශයේ ධීවර උද්ඝෝෂණයක දී පොලීසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තරුණයෙකු මරණයට පත්වී තවත් තිදෙනෙකුට තුවාල සිදු වූ බවටත් විරෝධතාකරුවන් පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට හා මහාධිකරණ විනිසුරුවරයාගේ නිළ නිවසට ප්‍රහාර එල්ල කරණු ලැබූ බවත් පොලස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු පවසන අන්දම මේ තරුණයාගේ මරණය සිදුව ඇත්තේ වෙඩි වැදීමකින් බවට තමන් සැක කරණ බවයි. ඒසේ නම් මේ උද්ඝෝෂණය මැඩ පවත්වන්නට වෙඩි තැබුවේ අගහරු ලෝකයෙන් පැමිණි පිරිසක් විසින් ද? නැති නම් මේ වන විටත් පොලිස් නිළධාරීන්ට මහජන සාමයට බාධා වන කටයුතු මැඩ පවත්වන්නට අවම බලය භාවිතා කරන්නට ලබා දී තිබෙන බැටන් පොල්ලෙන් වෙඩි පිටවිණිද?
එසේ නැත්නම් මෙලෙස සිය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා සටන් කරන්නන් මහමග දී තිරිසන් සතුන් ලෙස මරා දමන්නනේ මේ වන විටත් හදිසියේම කැදවා තිබෙන යුධ හමුදාව විසින් ද? යම් මහජන සාමය කඩ වීමේ ක්‍රියාවක් පාලනයට කරන්නට අවම බලය යොදමින් පහර දීම හෝ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සාධාරණ වුවත් මෙලෙස මහමග මිනිසුන් මරා දැමීම අනුමත කළ හැකි ද? රජය මේ වන විටත් සිය රජයට එරෙහිව ජනතාව වෙතින් එල්ල වන විරෝධය මර්ධනය කරන්නට මෙලෙස මිනිසුන් මරා දමන්නට නොපැකිලෙනවා නම් තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කිරීමෙන් පලක් වෙනවාද?

බැටන් එකෙන් වෙඩ් තැබීම, 7.0 out of 7 based on 1 rating

This post was written by:

News Editor - who has written 1291 posts on 3mana | Online news magazine.


Contact the author

One Response to “බැටන් එකෙන් වෙඩ් තැබීම”

  1. Jim Hardy says:

    Govt is in jitters anticipating their end game, so they are using every possible means to crush the agitations.

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)

Trackbacks/Pingbacks


3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us