[dropcap color=”red”]ස[/dropcap]මහරුන් අප විසින් අටවන උගුල් වලට අහුවන තුරු අප සිටින්නේ නිසොල්මන්වය. ශරීරය කුඩා නිසා යථාර්ථයෙන් උස සපත්තු ජෝඩුවක් තම අනෙකාගෙන් ඉල්ලුම් කරන (සෑම දෙයකටම අර්ථයක් තිබේ යැයි පරිකල්පනය කරන-අවාසනාවකට මෙන් තමන්ට හැර) තක්කඩියෙකු විසින් පවත්වාගෙන යන ‘කතිකා’ වෙබ් අඩවිය විසින් බුද්ධිමය මංකොල්ලයක් කර ඇත.

මහත් උජාරුවෙන් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කරන ලද නලින් ස්වාරිස් ගේ ‘ඩෙරිඩාගේ විසංයෝජන රීතිය’ නම් ලිපිය ආරම්භයේ පළ වූයේ 1997 වර්ෂයේ ප්‍රවාද 14 වන කලාපයේය. මෙම ලිපිය වනාහී සාමයික ආයතනයේ දී පවත්වන ලද දේශණයක් ඇසුරින් නැවත සිංහල භාෂාවෙන් ලියන ලද්දකි. එය නැවත ලිවුයේ කවුද යන්න ‘කතිකා’ තක්කඩියන් නැවත සොයා බැලීමක් කර නැත. එය නැවත ලිවිවේ දීප්ති කුමාර ගුණරත්න බව මේ අයට සිහිපත් කිරීමට අපටම සිදුවීම අපටම ලැජ්ජා සහගතය. මේ සදහා අදාල ලිඛිත සාක්ෂි කැමති නම් මේ තක්කඩියන් හට අපට ලබා දෙන්නට පුළුවන. එහි ඇති බොහෝ සිංහල වචන-විසංයෝජනය,සහසම්බන්ධ ප්‍රතිපක්ෂය-ලියන ලද්දේ දීප්තිය. පසුව එය සමන්ත හිත්තැටිය ද එකතු විය. මෙම දේශනය 1990 දී එම ආයතනයේ දී සංවිධානය කරන ලද්දේ ද දීප්තිය. එය මාර්ෂලු ප්‍රනාන්දු මහතාට මතක ඇතැයි අපි සිතන්නෙමු.

වඩාත් හාස්‍යජනක කාරණය වන්නේ ‘සවිචාර’ නම් තවත් වෙබ් අඩවියකද මෙම ලිපිය පළ වී ඇති අතර ඊට ‘අතුල’ නම් පුද්ලයෙකු ප්‍රතිචාර දක්වා ඇත. ප්‍රතිචාරයේ සාරාංශය මෙසේය. “පසුගිය කාලායේ ඩෙරිඩා ගැන විවිධ දේශපාලන කණ්ඩායම් යම් යම් දේ කියන්නට උත්සහ කළත් ඒවා අපට ග්‍රීක් විය. නමුත් ස්වාරිස් මහතා ඩෙරීඩාව අපට ඉතා සරල සිංහලෙන් පැහැදිලිව නිදර්ශණය කොට ඇත”.

අතුල නම් මැට්ටා නොදන්නේ මෙම ලිපිය සිංහලෙන් ලිවවේ කවුද යන්නය. දිමුතු සමන් වෙත්තසිංහ නම් හොර නාථා සරම උස්සා චණ්ඩිකම් දමන්නේ අනුන්ගේ බුද්ධිය මංකොල්ල කෑමෙන්ය. සෙස්ස පස්සට…

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඔය කියන ලිපිය කතිකා වෙබ් අඩවියෙන් දැන් ඉවත් කර ඇති බව පෙනේ. (එහෙත් ඔය කියන විදියේ ලිපියක් එහි තිබුනු බවක් නම් මට මතකය. කියවන්නට සිතා සිටිමුත් ජීවන සටන තුළ ඊට කාලය සොයා ගත නොහැකි විය.) එම නිසා එම ලිපිය 3මාන වෙබ් අඩවියේ හෝ පල කරන මෙන් ඉල්ලමි. එම ලිපිය තවමත් කතිකා වෙබ් අඩවියේ ඇත්නම් ලින්ක් එක දක්වන මෙන් ඉල්ලමි.

  2. Meaning is always lost in (wrong)translations. What one Athula (a virtual man/woman) said commenting the said article is pasted below. Don’t become another ITN. Ethical practice is more important today and Deepthi should not frustrate us.

    athula said: November 13, 2013 at 2:49 pm

    “Thanks for this reading from Nalin who is exactly the Nalin we need to read to deconstruct the other Nalin, (de Silva). Nalin Swaris has localized (brought to the local context in a language we can understand it and talk about it) deconstruction, so that he has brought it to the ordinary people very cleverly; whereas the attempts made by some political groups in reading Derrida really made it feel more Greek to us, though such attempts were still important to change the language of local politics in many ways.”

Comments are closed.