[dropcap color=”orange”]මේ[/dropcap] දවස් වල රටේ වඩාත් ආන්දෝලනයට තුඩු දී තිබෙන සිදු වීම වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමයි. වාස් ගුණවර්ධනටත් තමත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම තේරුම්ගත නොහැකි සංසිද්ධියකි. හරියට නිධානය ච්ත්‍රපටියේ විලී අබේනායක පවසන පරිදි ‘එය කලේ මා විසින් නොව ඒ මොහොතේ මා තුළ සිටි යක්ෂයෙකු විසිනි’ යැයි කියන අකාරයේ කියමනකි. මීනිමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට  අත් අඩංගුවට පත්ව ඇති වාස් ගුණවර්ධනට අනුව එය කර ඇත්තේ ඔහු විසින් නොව ඔහු තුල සිටි ඔහුත් නොදන්නා යක්ෂයෙකු විසිනි. මේ සම්බන්ධයෙන් ලංකාවේ සමාජයට ඇත්තේ ද තේරුම් ගත නොහැකි අභිරහසකි. හරියටම ඊජිප්තුවේ පිරමීඩ වල රහස ඊජිප්තුවාසීන්ටත් රහසක් වන පරිදි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාකරන අකාරය එම ක්‍රියාකාරීත්වයේ ආචරණයට හසු වූ පුද්ගලයන්ට පවා තේරුම්ගත නොහැකි අභිරහසකි. සරත් ෆොන්සේකා, ශිරාණි බණ්ඩාරනායක, හෝමාගම දිසා විසිසුරුගේ සිට වාස් ගුණවර්ධන දක්වා සියල්ලන්ම මේ ආචාරණ ක්ෂේත්‍රය තුළ තමන්ද නොදැන ආචාරණයට ලක්වන පුද්ගලයන්ය. පළාත් සභා මන්ත්‍රිවරයෙක් ගුරුවරියක් දණ ගැස්සවීම නිසා එක් රැයකින් ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ගේ සිට සාමාන්‍ය පුද්ගලයෙකු බවට පත්වද්දී  මර්වින් සිල්වා විසින් ගස්බැදි සමෘර්දි නිළධාරියාට තමන් විසින් තමන්ව ගස් බැද ගත්තා යැයි කියන්නට සිදු වන්නේ අහම්බයකින් ද? ලංකාව් දේශපාලනය තුල ඇතිව තිබෙන මේ නව තත්ත්වයන් සංජානනය කරන්නට කිසිවෙකුට නොහැකි වන්නේ මන්ද?

මීට වසර ගණනකට පෙර එනම් 1950 දශකයේ දී පොලීසියේ ජේෂ්ඨ නිළධාරියෙකු මිනී මරන්නට සම්බන්ධ වනවා යැයි යන කාරණ සිතන්නට පවා බැරි දෙයකි. නමුත් වර්ථමානයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලා මනී මරන්නනට කොන්ත්‍රාත් ගත්තායැයි චෝදනා එල්ල වද්දී,  දිසා විසිනිසුරන්ට අල්ලස් චෝදනා එල්ල වෙයි. මෙහි විශේෂත්වය වන්නේ මේ සිදුවීම් දෙකම ප්‍රථම වතාවට සිදුවීමයි. ධනවාදී සමාජ ප්‍රපංචයක් තුළ නිලබල රටාවන් ව්‍යුහගත වන අකාරය තේරුම් ගන්නට ලංකාවේ වාමාංශිකයන් ගේ සිට ලිබරල් බුද්ධිමතුන් දක්වා සියල්ලන්ටම නොහැකිව ඇත්තේ ඇයි? අපි මෙය උදාහරණ කිහිපයකින් පැහැදිලි කර ගනිමු.

පසුගිය කාලයේ මේ රට කැළඹු සිදුවීම් සම්බන්ධයෙන් ජන මාධ්‍ය වාර්ථා කිහිපයක් දෙස අපේ අවධානය යොමුකර බලමු. මේ සියලු මාධ්‍ය වාර්ථා වල අන්තර්ගතය වන්නේ තොරතුරු වාර්ථා කිරීමයි. තොරතුරු  විශ්ලේෂණය සම්බන්ධයෙන් මේ අයට කිසිම වැටහීමක් නැත. තොරතුරු වාර්ථාකරණයේ සිට තොරතුරු විශ්ලේෂණය කිරීම දක්වා සමාජ විඥාණය මාරු වන්නට නම් ඒ සම්බන්ධයෙන් න්‍යායක් අවශ්‍ය වේ. නමුත් න්‍යාය භාවිතය සම්බන්ධයෙන් ලංකාව තවමත් සිටින්නේ බොහෝ දුප්පත් ආස්ථානයකය.

වාස් ගුණවර්ධනගේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ තොරතුරු වාර්ථාව පහත පරිදිය.

වාස්ගේ මැර පොලිස් රංගනය

මේ අතරතුර ඞීන් මහතා තමන්ගේ බෑණා වන මොහොමඞ් මුෂ්ටාක් මගින් ඔහුගේ හිත මිතුරු ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ ෂියාම්ගේ අතුරුදන් වීම ගැනය. ජනපති නියෝගයෙන් පරීක්ෂණ කඩිනම් වූ බවත් ඉන් අනතුරුව තරාතිරම නොබලා වාස් ගුණවර්ධන ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත්, ප‍්‍රශ්න කිරීමත් සිදුවූ බව ෂියාම්ගේ ඥාතීහු පවසති. රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතකු වීමත්, ඇති පදමට මුදල් හදල් ඇති නිසාත් ෂියාම්ගේ පවුලට ඝාතනය වුණු ෂියාම්ගේ සිරුර හෝ ලබන්නට හැකි විය. නැතිනම් ෂියාම්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදුවන අතුරුදන් කිරීමේ ලැයිස්තුවට එක් වූ තවත් එක නමක් පමණක් වන්නට ඉඩ තිබිණි.

එයින් කියැවෙන්නේ අතුරුදන් වීමට හෝ අතුරුදන් නොවීමට නම් රාජපක්ෂ පවුලේ හිතවතකු විය යුතු බවය. මේ අතරතුර ෂියාම්ගේ භූමදානයට පැමිණි දහසකුත් මැති ඇමතිවරුන් අතර ඊට නොආ අග‍්‍රවිනිශ්චයකාරවරයා ඞීන් මහතාට දුරකථනයෙන් කතා කොට කියන්නේ සංචාරයකට ගොස් ආ බැවින් පුතණුවන්ගේ අවමගුලට සහභාගි වීමට නොහැකි වූ බවකි. එලෙසම වැරදිකරුවන්ට නීතියෙන් ගැලවෙන්නට ඉඩ නොදෙන බවකි. මේ බව පවසන්නේ ෂියාම්ගේ පවුලේ උදවියය. ඒවායේ ඇත්ත නැත්ත දන්නේද ඔවුන්ය. නීතිය කතා කරන්නත්, නීතිය කි‍්‍රයාත්මක වන්නත් රාජපක්ෂ පවුලේ හිතවතෙක්ම අඩුම තරමේ හිතවතකුගේ හිතවතෙක් හෝ විය යුතුය. ඒ අතින් ෂියාම් වාසනාවන්තය.

මේ අය සිතන පරිදි වාස් ගුණවර්ධනගේ මැර රංගනය මේ අත්අඩංගුවට ගැනීමත් සමගම අවසන් වී ඇත. එසේ අවසන් වන්නට ප්‍රධාන හේතුව වන්නේ ෂියාම් ගේ බෑණා ජනාධිපතිතුමා ගේ හිතවතෙකු වන නිසාය. ඒ නිසා ජනාධිපතිට හිතවත් නම් මිනී මරා බේරෙන්නට කිසිවෙකුට බැරිය. අනියමින් මේ අය ගොඩ නගන මතය වන්නේ අපරාදේ වාස් වැඩේ වරද්ද ගත්තේ ජනාධිපතිට හිතවත් නැති අය මැරුවා නම් වැඩේ මාට්ටු වන්නේ නැනේ කියන මතවාදය නෙවිද?. ශ්‍රී ලංකා මිරර් වෙබි අඩවියේ තොරතුරු වාර්ථාකරණය මේ අකාරයෙන් වීම ගැන අපට ගැටළුක් නැත්තේ එම වෙබි අඩවියේ සංස්කාරකවරයා තමන් ක්‍රිඩා මාධ්‍යෙව්දියෙකු බව තමන් විසින්ම පිළිගෙන ඇති අවංක අයෙකු වන නිසාය.

ජන අරගල ව්‍යාපාරය විසින් පවත්වා ගෙන යන ලංකා විව්ස් වෙබි අඩවියට අනුව මේ සිදුවීම පහත පරිදිය.

 වාස් මර්වින්ගේ ලේකම්ගෙනුත් කප්පම් අරන්

මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇමති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන්ද කප්පම් ලබා ගෙන ඇති බව පරීක්ෂණවලදී තහවුරුවී තිබේ.

මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන සිංගප්පූරු සරත්නැමැත්තා හෙරොයින් සහ ගිනි අවි ළග තබා ගැනීමේ වරදකට අත්අඩංගුවට පත්වූ අවස්ථාවකදී ඔහු මුදා හැරීම සදහා මෙලෙස කප්පම් ලබාගෙන ඇත. එමෙන්ම ඝාතනය කිරීමට නියමිත හොරොයින් ගෙන්වන්නන්ගේ ලයිස්තුවේ සිංග්පූරු සරත්නැමැත්තාගේ නමද ඇති බව පවසා වාස් ගුණවර්ධන ඔහුගෙන් කප්පම් ලබාගෙන ඇති බවද මේවන විට හෙළිදරව්වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙනුවට බස්නාහිර උතුර දිශාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පත්කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

බම්බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වු මොහොමඞ් සියාම් නමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර දිශාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින  බැවින් පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි පැවසේ.

කෙසේවුවද මෙම පත් කිරීම මේවන තෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

ජේ.ආර් ජයවර්ධන විසින් ලංකාවේ සමාජයට ලබා දුන් ධනවාදී සමාජයේ උරුමය  ලංකාව තුළ වඩාත් තහවුරු කරන්නට අපමණ වෙහෙසක් ගත්තේ චන්ද්‍රකා බණ්ඩාරනායකය. චන්ද්‍රකාගේ ලිබරල් ධනවාදයේ උරුමය තව දුරටත් විදාරණය කරමින් ඉදිරියට ගෙන ගියේ මහින්ද රාජපක්ෂ විසින් බව පවසන්නේ කුමාර් ගුණරත්නමගේ පශ්චාත්-නූතනවාදී ගෝලයා වන පුබුදු ජයගොඩය. ඔහු මෙය හදුන්වන්නේ ලිබරල් ධනවාදයේ දෙවැනි ඉණිම ලෙසයි. යථාර්ථය තුල තමන්ද ඉන්නා බවට වූ හේගලියානු පාඩම පුබුදුගේ පශ්චාත් එක්ස් න්‍යායාචාර්යවරුන් විසින් හරියට උගන්වා නැති නිසා හැම විටම පුබුදු ප්‍රශ්ණය තමන්ගෙන් එළියට ප්‍රක්ශේපණය කරයි. ඒ අනුව ලංකාවේ වර්ථමාන අර්බුදයට හේතුව ලිබරල් ධනවාදයේ දෙවැනි ඉණිමයි යැයි ඔහු සිතා සැනසෙයි. ලාංකීය සමාජයේ දෙමලා දෙවැනි ගණයේ පුරවැසියෙකු බවට පත්ව ඇත්තේ සහ දෙමළ ජාතික විමක්ති අරගලය සහ ජාතික ගැටලුව සම්බන්ධයෙන් තවමත් කුමාර් මහත්තයාට හෝ ඔහුගේ පශ්චාත්-නූතනවාදී ගෝලයාට හරියටම සංජානනය කරන්නට නොහැකි වන්නේ ලෝකය පිළිබදව ඔහුන්ගේ වැටහීම ලංකීය සමාජය තුළම භුමණය වෙමින් තිබෙන බැවැනි.

වාස් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලංකා ටූර්ත් වෙබි අඩවියේ පල වන්නේ මේ ආකාරයෙනි.

 වාස්ගේ පැටිකිරිය එළියට

කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබන DIG වාස් ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් තවත් අබිරහස් ඝාතන 08කට පමණ සම්බන්ධ වී ඇතැයි රහස් පොලිසියට සැක මතු වී තිබේ. ඒ සම්බන්ධයෙන් රහසිගත තොරතුරු ලැබෙමින් පවතින බවද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ අතර කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ දිනයේ එම පොලිස් නිලධාරීන් සමඟ ගොස් ඇතැයි කියන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීපතම පුද්ගලයකු පිළිබඳවද තොරතුරු හෙළිවී ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස් කණ්ඩායමක් පිටස්තර ප්‍රදේශයකට යවා ඇති බවත් වාර්තාවේ.

කොළඹ ප්‍රදේශයේ සමාජශාලා හිමියකුගේ ඥාතියකුට අයත් වෑන්රියක්ද මේ සඳහා පාවිච්චිකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි.

එම ඝාතන සිද්ධියට අදාළව පෑලියගොඩදී රහස් පොලිසිය භාරයට ගන්නා ලද ගිනි අවි දෙකද අධිකරණයේ අවසරය මත රජයේ රසපරීක්‍ෂකවරයා වෙත යැවීමට රහස් පොලිසිය පියවර ගෙන තිබේ. සැකකටයුතු පොලිස් කණ්ඩායමේ නිලධාරියකු සිද්ධිය වූ දිනයේ විශේෂ රාජකාරියකට පිට පළාතකට ගොස් සිටි බව හැඟවීමට ව්‍යාජ ලෙස ලිඛිත සටහන් තබා ඇතැයි කියන තොරතුරක් පිළිබඳවද රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

වාර්ගුණවර්ධනගේ බිරිඳ සහ පුතාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් දම්බන්ධයෙන්ද රන්මිනි තැන්න ප්‍රදේශයේ රජයේ ඉඩමක බලහත්කාරයෙන් ඉදිකරමින් පවතින සිවිසල් මන්ධිරයක් සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණ පවත්වමින් තිබෙන බවත් වාර්තාවේ.

ලැබෙන ආරංචිමාර්ග අනුව බොහෝ විට ඔහු තවත් උසස් පොලිසිනිලධාරියෙකුද මෙම මිනීමැරුම්වලට හවුල්වී තිබේ. ඔහු සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පැවසේ.

ජනතා විමුක්ති පෙරමුණට අනුව ලංකාවේ ප්‍රධාන ගැටලුව ධනවාදය නොව අධිරාජ්‍යවාදයයි. සිංහල බෞද්ධ මාක්ස්වාදීන් වන ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේම පංති සගයන් වූ දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් කළ අරගලයකට ත්‍රස්තවාදී ලේබලය අලවා කලකට ඉහතදී තම සටන් සගයන් මරා දැමූ හමුදා සාමාජිකයන්ටම මානෙල් මල් පලදවා ජාතිවාදයෙන් උපරිම සුරතාන්තයට පත් විය. එහි දැන් නන්දෙඩවූවාට කුමාර් මහත්තයාට පව් සමාකර ගන්නට බැරිය. ටිල්වින් තරම්ම කුමාර්ද එයට වගකිව යුතුය.ජ.වි.පෙ කාලයක පටන් දේශපාලන යැයි කියමින් කරමින් සිටිනනේ ජාතිවාදය පෝෂණය කිරීම සහ දූෂණ වංචා හෙළි කිරීම පමණි. පසුගිය කාලය පුරා ජ.වි.පෙ ක්‍රියාකාරිත්වය මනා ලෙස නිරීක්ෂණය කළ අයෙකුට මෙය හොදින් අවබෝධ කර ගන්නට පුළුවන. විනාඩි පහළවකට ජනප්‍රිය වීමේ කලාව සූත්‍රගත කරනු ලැබුවේ මේ අය විසිනි. කාලයක් මේ අය අපට කීවේ ඇයි දේශපාලනයේ දී ගහමරා ගන්නේ, ඇයි තමන්ව දාලා ගිය තමන්ගේ සගයන්ට මඩ ගහන්නේ, ඇයි මහතවරුවගේ දේශපාලනය කරන්න බැරි වගේ ප්‍රශ්ණය. ඒත් හිටි හැටියේ අන්තර්ජාලයෙන් දේශපාලනය කරන්නට තමන්නට අවශ්‍යතාවයක් නැති බව කියූ මේ අයම කාව්‍යමය භාෂාවෙන් හා වෙනන් විවිධ ක්‍රම ඔස්සේ කුමාර් ගුණරත්නම් කණ්ඩායමට අමුතු අකාරයේ මඩ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. දේශපාලනයේ දී වාංශික මහත්වරුන්ට විප්ලවය කරන්නට බැරි බවත් මඩ සහ දේශපාලන අතර සම්බන්ධතාවය අනවරතව සම්බන්ධතාවයක් වන බවත් සමහර විට ජ.වි.පෙ ඉගෙන ගන්නට ඇත්තේ අපෙනි. නමුත් ඒ අයට අනුව මේ සියල්ල ටිල්විල් සහෝදරයාට හීනේන පැමිණි විජේවීර සහෝදරයා දුන් උපදෙස්ය.

සාමාන්‍යෙයන් දිණමිණ පුවත්පතට ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට කරන්නට බැරි දේ පවා කරන්නට පුලුවන. ඒ අනුව ඊයේ වන තුරු පිරිමෙයෙකු යැයි තමන් සිතා සිටි වාස් ගුණවර්ධන හිටි හැටැයේම ගැහැණියක වී ඇති බවට වූ තොරතුර දිනමිණ වාර්ථා කරන්නේ මේ ආකාරයෙනි.

දිනමිණ හෙළි කරන වාස්ගේ මැර ක‍්‍රියා!

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන හට්පුටු තිලක් නමැත්තා ඝාතනය කිරීමේ සැලසුමක් බස්නාහිර උතුර නියෝජ්‍ය  පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සතුව තිබූ බව ආණ්ඩුවේ දිනමිණපුවත්පත වාර්තා කරයි.

එම වාර්තවේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

සිංගප්පූරු සරත් නමැත්තා සිද්ධියට අදාළව සාක්කි දෙමින් පැවසූ බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

මෙම ව්‍යාපාරිකයා මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සමීපතයකු බව පැවසෙයි.

තිලක් නැමැත්තා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධණ මහතා හමුවට ගෙන ගොස් ඇත්තේද මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන සිංගප්පූරු සරත් නැමැත්තාය.

මත්කුඩු ජාවාරම් කිරීම හා ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ක්‍රියාකරන බවට මොවුන්ට චෝදනා කර ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔවුන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ සිටින බව පවසමින් තර්ජනය කොට ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.

දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් නැමැත්තා ප්‍රකාශයක් ලබා දී පවසා ඇත්තේ තමා ඝාතනය කිරීමට සැලසුමක් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සතුව ඇති බවට සහෝදරයකුට ලද දුරකථන ඇමතුමකින් දැන ගත් බවය.

එම ඇමතුමින් ලද තොරතුරුවලට අනුව පොලිස්පතිවරයාගේ හිතවතකු බව කියන ක්‍රිෂාන්ත නැමැත්තා හමුවීමට රාජගම පිහිටි ගොඩ්ප්‍රිගේ නිවෙසට ගිය බව සඳහන් වේ.

අනතුරුව ක්‍රිෂාන්ත නොහොත් චූටා ගන අය සමඟ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයට ගිය බවත් එහිදී තමා මරා දැමීමට සැලසුමක් ඇති බවට නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත එහි සිටි පොලිස් නිලධාරියෙකු ගොනුවක් පෙන්වූ බවට සඳහන් ය.

පසුව ක්‍රිෂාන්තගේ කෝට්ටේ නිවෙසේදී නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා හමු වූ බවත් එහිදී සහනයක් අවශ්‍ය නම් චූටා සමඟ කතා කර සහනයක් ලබා ගන්න යැයි නියෝජ්‍ය පොලිස්පත්වරයා සඳහන් කළ බව පැවසේ.

මෙහිදී චූටා නැමැත්තා හමුවීමෙන් අනතුරුව ඔහු ලක්ෂ 30ක මුදලක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට දීමට අවශ්‍ය බව සඳහන් කර තිබේ.

පසුව ලක්ෂ 25දක්වා එය අඩු කර ගත් බව කියන සරත් කුමාර නැමැත්තා දාහතරලක්ෂ අසූදහසක මුදලක් ක්‍රිෂාන්තට දුන් බවත් ඉතිරි මුදල් ලබාදීමට යාමේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ක්‍රිෂාන්ත නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබූ බැවින් එම මුදල දීමෙන් වැළකුණු බවට වැඩිදුරටත් කරුණු අනාවරණය විය.

මෙම ගනුදෙනුව සිදු වන අවස්ථාවේදී තමා කිරිබත්ගොඩ ව්‍යාපාරික හට්පුටු තිලක් නැමැත්තා ඝාතනය කිරීමට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සතුව සැලස්මක් තිබූ බවට දැනගත්තේ යැයි සරත් නැමැත්තාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් ය.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසියේ රැඳවුම්භාරයේ උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික, කොස්තාපල් සහන්චන්ද්‍ර, කොස්තාපල් ප්‍රියන්ත් සංජීව හා කොස්තාපල් කැලුම් රංගන දිසානායක යන අය රඳවා සිටී.

මොවුන් අතරින් ඊයේ (17) එක් කොස්තාපල්වරයෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන රහස් පොලිසිය සිදු කරයි

දිනමිණ ඉහත අකාරයෙන් ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට පවා කරන්න බැරි වැඩ කරමින් සිටියි. වාස්ට සිදු වූ දෙයම හිටපු දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුදරට සිදු වූ නිසා ඔහු මේ දවස් වල තවත් ඊජිත්තු ජාතිකයෙකු බවට පත්ව ඇත.

ජන මාධ්‍ය කලාවට මරාගෙන මැරෙන සම්ප්‍රදාය හදුන්වා දුන් ලංකා ඊ නිවිස් වෙබි අඩවිය මේ ප්‍රවෘත්තිය වාර්ථා කරන්නේ මේ අකාරයෙනි.

වාස්ගේ කප්පම් මුදල් ගෝඨාභටත් ඛෙදුනාද? වාස්ගේ බිරිඳගේ අනියම් පෙම්වතාවත් උස්සලා මරලා-

අම්මාගේ රමණ රාජකාරියවාස්ගේ පුතාට අතේ මාට්ටු——-

(ලංකා ඊ නිව්ස් -2013.ජුනි.17, පෙ.ව.8.00) මිනීමරු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තම බිරිඳ සමග අනියම් සබඳතාවයක් පවත්වා හසුවූ තමා යටතේම සිටි පොලිස් නිලධාරියෙකු ද පැහැරගෙන මරා දමා ඇතැයි හෙලි වී තිබේ.

මොහුගේ තිරශ්චීන මිනිස් ඝාතන ගැන පරීක‍ෂකයින්ට දිනෙන් දින තව තවත් හෙළිදරව් වෙමින් තිඛෙන අතර මේවා හෙළිවන්නේ නිකම්ම ඕපා දූප කතා ලෙස නොව සාක්කි සහිතව වීම මෙහි ඇති වැදගත් කමයි. ඒ අනුව හෙළි වී ඇති මිනිස් ඝාතන අතර මොහු කොළඹ අපරාධ විමර්ශන අංශය හෙවත් සීසීඩී හි අධ්‍යක්ෂවරයාව සිටියදී පුද්ගලයින් 8 දෙනෙකු පැහැරගෙන ඇති අතර ඉන් 6 දෙනෙකුගෙන් කප්පම් ලබාගෙන ඇති අතර දෙදෙනෙක් මරා දමා අතුරුදහන් කර ඇත.

ලංකා ඊ නිවිස් කතුවරයා හැමදාත් ආශා කලේ ඔහුට හිතෙන දේ රටටම ඒත්තු ගන්වන්නටය. මීනි මරන, සොරකම් කරන අකාරය කළ යුතු නියම අකාරය පිළිබද ඔහුට ඇත්තේ විශේෂඥ ඥාණයකි. සයිකෝ ච්ත්‍රපටියේ ‘නෝමන් බේට්ස්’ විසින් මරා දමන ලද තරුණියගේ මළ සිරුර සහිත කාර් රථය මඩගොහොරුවේ ගිලි යන්න පමා වන විට ප්‍රෙක්ශකයාට ඇතිවන කම්පනය හා සමානව ඊ නිවිස් කතුවරයාට ඇති ගැටළුව වන්නේ අහුවන්නට මිනී මැරීමයි. මෙවැනි දෑ කරන්නට මීට වඩා ක්‍රම ඕනෑ තරම් ඇති බව ඔහු අපට අවිඥාණිකව යෝජනා කරයි.  ඔහුට අනුව අප ජීවත් වන්නේ ධනාවාදි සමාජයක නොවේ. ලංකාව මේ තරම් අයහපත් රටක් බවට පත්ව ඇත්තේ රජපක්ෂ පවුල් පාලනය නිසාය. ඒ නිසා මේ ශාපලත් පවුල් පාලනය අහවර වූ දාට අප ප්‍රාර්ථනා කරන යහපත් ලෝකය ඉබේ පහළ වනු ඇත.

මියගිය කෝටිපති ව්‍යාපාරික ෂියාම් ගේ පියාට අනුව ඔහුගේ අහිංසක පුතාව මරාදමා ඇත. ඔහු කුරා කුහුඹුවෙකුටවත් වරදක් කර නැති හොද මිනිසෙකි. ඒ නිසා සිය පුතාගේ මරණයට ඔහු යුක්තිය ඉල්ලා සිටියි.

මොහොමඞ් ඞීන් (ඝාතනයට ලක්වූ ෂියාම්ගේ පියා)

22 රෑ තමයි පුතා නැති වුණේ. 23 වනදා මම බම්බලපිටිය පොලීසියේ පැමිණිලි කළා. දවස් 7කට පස්සෙයි පුතාගේ දේහය ලැබුණේ. ඒ වෙනකම් පුතාගේ කාර් එක ගැනවත්, නාඳුනන මළ සිරුරක් හමුවීම ගැනවත් පොලිස් රිපෝර්ට්වලට ගිහින් තිබුණේ නෑ. ඒක මිස්ටේක් එකක්. මගේ පුතාගේ මිත‍්‍රයෙක් විදියට හිටපු ෆවුස්ඞීන් තමයි පොලීසියේ ඔය කියන අයට කොන්ත‍්‍රාත්තුව දීලා තියෙන්නේ. පුතා එදා බැඳගෙන හිටපු ලක්ෂ 25ක ඔරලෝසුව සහ කාර් එකේ තිබුණු චෙක්පත් ගැන තොරතුරක් නැහැ. ඒ වගේම පුතාගේ ගිණුමේ තිබුණු මුදලකුත් අතුරුදන්වෙලා තිබෙනවා. පොලීසියේ අය මෙහෙම කරනවා නම් අපි කවුරු ගැන විශ්වාස කරන්නද. මගේ පුතාව මෙහෙම හරි හොයාගන්න පුළුවන් වුණේ මගේ ඥාතීන්ට රටේ ඉහළ පෙළේ දැන ඇඳුනුම්කම් තිබුණු නිසයි. ඒත් එහෙම බැරි අයට යන්න තියෙන්නෙත් අපරාධ කරන මේ පොලිසියටමයි. මගේ පුතාට වුණු දේ වෙනත් දරුවෙකුට නොවෙන්න මේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ.

වාස් ගුණවර්ධන විසින් ලාංකීය සමාජය තුළ ඇති කළ ආචරණය ඉහත ආකාරයෙන් විවිධ පැතිකඩයන් ගණනාවක් ඔස්සේ විදාරණය කළ හැක. ඉහත තොරතුරු වාර්ථාවන් වල ඇත්ත නැත්ත සොයමින් පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්නට අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වූයේ ලාංකීය දේශපාලනය තුළ අප විසින් දීර්ඝ කාලීනව කළ හැදෑරීම් ඔස්සේ යම් සිදුවීමක් මගින් අචාරණයට ලක්වන ක්ෂත්‍රයන් තුල ඇති විවිධ ආකාරයේ සම්බන්ධතා සහ බල රටාවන් ක්‍රයාකරන අකාරය පිළිබද යම් තොරතුරු වාර්ථාකරණයෙන් තොර තොරතුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි.

ධනවාදී සමාජයක් සිය වර්ධනයේ උපරිම මට්මකට ලගා වූවාට පසු විසදන්නට බැරි ප්‍රශ්න ගනනාවක් සමාජ තුළ ඉතිරිකර දමයි. ධනවාදය මේ යුගයේ ක්‍රියාත්මක වන අකාරය හොදින් විශ්ලේෂණය කර බලන විට අපට පැහැදිලි වන්නේ මේ වන විටත් ධනවාදය, ධනවාදයේ පූර්ව යුගයේ පැවති සමාජ සම්බන්ධතා දක්වා ගමන් කර ඇති බවයි.

සමාජ ධූරාවලිය මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ ධනවාදී අකාරයට නොව වැඩවසම් අකාරයකටයි. සමාජ ධූරාවලිය ඉහල සිට පහළට සංවිධිතව සංවිධානය වී තිබෙනවා. අප ජීවත් වන සමාජය වැඩ වසම් සමාජයක් යැයි අප කියන්නේ ඇයි? වඩුවා වඩු වැඩ කරනවා, රියදුරා වාහන එලවනවා, ගුරුවරයා උගන්වනවා, වෙද මහත්තයා වෙදකම් කරනවා, මිනී පෙටිටි සාප්පු හිමියා මිනී පෙටිටි විකුණනවා, රජතුමා රට පාලනය කරනවා. ඔය අකාරයට තමයි සමාජය සංවිධානය වෙලා තියෙන්නේ. චීනයේ මේ වගේ සමාජයක් හදුන්වන්නේ කොන්ෆියුසියානු සමාජයක් කියලයි. යුරෝපයේ දී නම් මේ වගේ සමාජයක් හදුන්වන්නේ ෆැසිස්ටි සමාජයක් කියලයි.

ධනවාදී සමාජයක් පුද්ගලවාදියි. වැඩවසම් සමාජයක් සාමුහිකයි. ඒ නිසා තමයි පවුල් පාලනයයට ඉඩහසර විවිර වී ඇත්තේ.  සාමාන්‍යෙයන් ධනවාදී සමාජයක නම් කේන්ද්‍රය තමයි බලවත් වන්නේ. නමුත් පර්යන්තය නැති නම් ප්‍රාදේශීවය පිරිසක් බලවත් වීම තමයි දැන් සිදුවෙමින් යන්නේ. ඒ නිසා තමයි සාර්වා සුනිල්ලට ගෑනු සිය ගණනක් දූෂණයකර සාද පවත්වන්නට හැකි වන්නේ. පළාත් සභා මන්ත්‍රීවරුන්ට ගුරුවරියන්ව දණ ගස්සන්න පුලුවන් වෙන්නේ සහ ජනිධිපතිට එම ගුරුවරියට කතා කර සමාව ගන්නට සිදුවන්නේ. වැඩ වසම් සමාජ සම්බන්ධතාවයන් යළි  උත්තරාරෝපණය වීම වශයෙන් අපට මෙය හදුන්වන්න පුලුවන්. ඒ නිසා තමයි මේ යුගයේ තොරතුරු සංශ්ලේෂණය කිරීම වෙනුවට තොරුතරු විශ්ලේෂණය කිරීම වඩා වැදගත් වන බව අප පවසන්නේ. වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් ගොඩක් අය කතා කරන්නේ මනෝවිද්‍යාත්මක දේවල්. වාස්ගේ ඔලුව වැඩ කරන විදිහ සංශ්ලේෂනය කිරීම තමයි බොහෝ විට සිදු වන්නේ. ඒත් මනෝ විශ්ලේෂණය අනුව අප බලන්නට අවශ්‍ය කරන්නේ වාස්ට මේ විදිහට වැඩ කරන්නට මේ සමාජය තුල කොහොමද ඉඩක් ලැබෙන්නේ කියන එක සම්බන්ධවයි. ඒ නිසා වාස් සම්බන්ධයෙන් අමුතුවෙන් රහස් හොයන්නට අවශ්‍ය වන්නේ නැහැ. අප ජීවත් වන සමාජය වැඩ වසම් සමාජයක් යැයි අපි කියන්නේ අතීතයේ දී පැවතී, තිබී වර්ථමානයේ දී  ධනවාදය නිසා නැතිවී ගිය සාමජයක් ගැන නෙවී. ඒ වෙනුනට අප යෝජනා කරන්නේ වර්ථමානයේ සිට අතීතය ෆැන්ටසිකරණය කරන විට අතීතයේ පැවතුනා යැයි උපකල්පනය කරන පරිපූර්ණ සමාජයයි. මේ අතීතයේ පැවතුනා යැයි කියන පරිපූර්ණ වැඩ වසම් සමාජය තුළ දෙමළා කියන්නේ ඉහළ මධ්‍යම පංතියේ නිවෙස් වල මෙහෙකාර සේවය කළ අයෙක් පමණයි.

වාස් ගේ සිදුවීම ඔස්සේ යටිපෙළින් දිවෙන බලය බෙදීමට මේ කාරණාව සම්බන්ධ වන්නේ මේ ආකාරටයි.

ඉහත සමස්ථ සිදුවීමි මාලාව අවසානයේ අප විසින් ඉදිරිපත් කරන නිගමනය වන්නේ මෙයයි.

01-පුබුදු ජයගොඩට අනුව මේ සමාජයේ මහින්ද රාජපක්ෂ යනු නව ලිබරල්වාදයේ දෙවැනි ඉණිම ආරම්භකළ නායකයායි. ඒ අනුව පුබුදුගේ නිර්වචනය වන්නේ මහින්ද රාජපක්ෂ පාලනතන්ත්‍රය තුල ශුම විභජනය වඩ වඩා වා තිව්ර වන බවයි.

02- අපේ නිගමනය අනුව අප ජීවත් වන්නේ ධනවාදී සමාජමය ප්‍රතිවිරෝධතාවයන් විසදීමට බැරි වීම තුළ බිහිවන ෆැන්ටෑස්මැටික වැඩවසම් සමාජයකය . මේ සමාජය මහජනයාගේ පැත්තෙන් ඓන්ද්‍රීය සමාජයක්. (organic society ) ලංකාවේ අපි ජීවත් වන යුගය පිළිබදව අපේ න්‍යායික නිගමනය තමයි අපි ජීවත් වන්නේ නව ලිබරල්ධනවාදයේ දෙවැනි ඉණිම තුළ නෙවි නව වැඩවසම් සමාජයක්(neo -feudal society ) තුලයි කියන එක..  අපට අනුව නම් මහින්ද රජපක්ෂ බලයට එනතුරු පැවති සමාජයේ ශුම විභජනය මහින්දට පසුක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පූර්ව ශ්‍රම විභජන යුගයකට මේ ාමාහාතේ අප ගමන් කරමින් සිටින බවයි. ඒ අනුව මේ සමාජය කුල වලට අනුව ස්ථරායනය වන පුර්ව පංති තත්ත්වයන් පැවති යුගයකට දැන් ගමන් කර තිබෙනවා. එනම් මේ වන විට පංතිය වෙනුවට කුලය ප්‍රමුඛ වී තිබෙනවා. මේ කුලය කියන්නේ සාම්ප්‍රදායික සමාජ විද්‍යාත්මක අර්ථයෙන් අප දන්නා කුලය නෙවි. මේ කුලය කියන්නේ ෆැන්ටෑස්මැටික වෘත්තීමය කුලයයි. උදාහරණයක් ලෙස නීතිඥ කුලය, දොස්තර කුලය, ඉංජිනේරු කුලය, ගණකාධිකාරි කුලය, රග්බි කුලය, ක්‍රිකට් කුලය, බෙන්ස් කුලය, හමුදා කුලය… ආදී වශයෙන්  එය හදුන්වන්නට  පුලුවන්. සියලු මනුෂ්‍ය සම්බන්ධකම් ව්‍යුහගත වන්නේ මේ ෆැන්ටෑස්මැටික කුල පදනම මතයි. එමගින්  ධනවාදී සමාජයක තිබෙන පංතිමය විභේදනය අහෝසි වෙලා මේ නව කුලය බිහිව තිබෙනවා. මේ කුලයන්ට ඕනෑම පංතියක සාමාජිකයෙකුට ඇතුල් විය හැකියි. නමුත් ධනවාදී සමාජයක නම් මේ ආකාරයෙන් පංතියකින් තවත් පංතියකට මාරුවීම අතිශයින්ම දුෂ්කරයි.

ඒ අනුව අප ජීවත් වන්නේ නව ලිබරල්වාදී ධනවාදී සමාජයක නොව නව ෆැන්ටෑස්මැටික වැඩවසම් සමාජයක  බව අප න්‍යායගත කරන්නේ ඉහත සියළු කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. ඒ අනුව වාස් ගුණවර්ධන යනු මේ නව වැඩවසම් සමාජ දේශයයේ බල රටාවන් තුල ආචරණයට ලක්වන තවත් එක් මනුෂ්‍යෙයක් පමණයි. සමස්ථ සමාජයම දෛනිකව ආචරණය වෙමින් සිටින්නේ මේ නව වැඩවසම් සමාජය තුළයි. ඒ නිසා තමයි වීරයාට‍ ද්‍රෝහියාට  වන්නටත් ද්‍රෝහියාට  වීරයා වන්නටත් එක විටම හැකි වෙලා තියෙන්නේ.

ඔබේ අදහස කියන්න...

11 COMMENTS

  1. ජන මාධ්‍ය කලාවට මරාගෙන මැරෙන සම්ප්‍රදාය හදුන්වා දුන් ලංකා ඊ නිවිස් වෙබි අඩවිය – LOL hevath mardanaya balen kandava ganima

  2. ඉහත කරුණු මොන විදියට කිඋවත් ලංකාවේ ඇතිවී තියෙන මත්කුඩු මාරයට තිත තැබීමට සැලසුන් කල නිසා එමප්‍රදේශයට අරක්ගත් ප්‍රදාන කුදුරජුන් විසින් මොහුට මේදේය කලාවිය හැකිය් නේද ඇරත් ඔයකියන ආකාරයට මිනීමරා ඇත්නම් මෙය සිදුකිරීමත් ඔහුට කජ්ජකි නමුත් අමනවිදියට මිනීමැරීමට ඔහුට අවශ්ශතාවයක් නැත එහි සාක්ෂි දීඇති සියලු දෙනා කුදුඑජන්තල විනා නිකන් අයනොවේ ඕකයි අලුත් ශ්‍රී ලංකාවේ තත්වය මෙවන් දේවලින් මතට තිත තැබිය හැකිද ?

  3. ඇත්තටම මම මරුවා කියන බ්ලොග් අඩවිය බලලා මාර ආතල් එකක් ගන්න කොල්ලෙක්. ඒක නම් මරේ මරු අපිට ආය හිතන්න දෙයක් නෑ ඒක ලියන කෙනා ඔක්කොටම කෙලවලා ඉවරයි. මිනිහා කියන විදිහට ලෙනින්,මාක්ස්, විජේවීර,ටිල්වින් මේ කවුරුවත් පොරවල් නෙමෙයි. උන් ඔක්කොටම පිස්සු. ඒක ඇත්ත වෙන්න ඇති. ඒත් මට මේ ලගදි විජේවිරගේ කතාවක් හම්බ වුනා. ඒ කාතාවේදි එයා කියන්නේ දේශපාලනය වෙනුවෙන් එයා කල කැපකිරීමයි. ඒ අතින් අපි එයාට ගරු කරන්න ඕන ඔන්න මම ඒ ලින්ක් එක හැමෝටම බලා ගන්න පහතින් දානවා.
    Ru (රූ)’s video.
    කව්රු හරි මේක පටන් ගන්න එපැයි.පටන් ගන්න කාලේ දැන් වගේ නෙමේ.ඔහම අත්පුඩි ගහන්න හිටියේ නෑ .බත් වේලක් දෙන්න මිනිහෙක් හිටියේ නෑ.සත පහලොවයි කොම්පඤ වීදියේ ඉඳං නුගේගොඩට යන්න පිට කෝට්ටේ බස් එකේ 168 .කව්රුත් හිටියේ නෑ මට සත 15 ක් දෙන්න .මම බැංකු ගිණුමක් පටන් අරන් නෙමේ මේ පක්ෂය පටන් ගත්තේ .මම තනි මිනිහ.එන් එම් පෙරේරලා කොල්වින් මහත්තයල පාවල දීල සිරිමාවෝ ලඟට යනකොට මම ගිහින් කිව්වා කම්කරුවන්ට පාවල දුන්න දැන් ඉවරයි අපි දැන් අලුතින් මේ ව්‍යාපාරය පටන් ගන්න ඕන කියල.කව්රුත් හිතුවේ නෑ අපිට පුළුවන් කියල.මට උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නෑ .දැන් නම් එහෙම නෑ.වාහනේ කැඩුනොත් කොහේ හරි තැනක දුවල ඇවිල්ල ආ සහෝදරයා අපිත් මේ ජනතා විමුක්ති පෙරමුණේ අර සමිතියේ තමයි කියල ටයර් එකේ හුලන් ගියානම් ටයර් එක දාල දෙනවා.බස් එකකට නැග්ගොත් ජේවීපී කාරයෝ බුරුත්තක් ඉන්නවා.කොහේ හරි ගමකට ගියොත් ජේවීපී කාරයෝ ඉන්නවා.මේ අද .එදා එහෙම නෙමේ මම තනි මිනිහෙක් රුසියාවේ ඉඳල ඇවිල්ල පටන් ගන්නකොට.කව්රුත් හිටියේ නෑ මේක කරන්න පුළුවන් කියල.මම පිස්සෙක් කියල එලවල දැම්ම.ඒත් අපි පටන් ගත්ත නේ .අවුරුදු එකාහමාරක් ඇවිදලා ඇවිදලා හත් දෙනක් හොයා ගත්ත .ඊට පස්සේ 77 යි අවුරුදු තුනකට පස්සේ . තව අවුරුදු තුනක් ගිය තැන 25000 ක් හිරේ දාන්න සිදු වුනා.දස දහස ගානක් මරලත් දැම්ම.ඒත් නවත්තන්න බැරි උනා.ඊට පස්සේ අද දිවයින පුරා ලක්ෂ සන්ක්යාත ගණනක් බලොපොරොත්තු සහිත නිර්ධන පන්ති ව්‍යාපාරයක් ඇති කරලා තියෙනව අපි අද බලන්න.බොහම වෙහෙස මහන්සියෙන්.මේ කිරින්ද බස් ස්ටෑන්ඩ් එකේ මම රුසියාවේ ඉඳං ඇවිල්ල බස් එකට බඩු පැටෙව්වා සත දහය පහළොව අරගෙන.ඒ සල්ලි මම මේ ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන තියෙනවා .කව්රුත් දැනගෙන හිටියේ නෑ එදා මම කවුද කියල.මේ තිස්සමහාරාම බස් එකෙන් කිරින්දට යන්න එතන ගොවිපොළක් දාල ජනතා විමුක්ති පෙරමුණ ආරම්බ කරපු කාලේ.අපි එහෙම කරලා තියෙනව.අද මේ පක්ෂය මේ රටේ රාජ්‍ය බලය දිනා ගැනීමට ශක්තිමත් පක්ෂයක් ලෙස හදල තියෙනවා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න .මෙච්චර කරලා මේ පක්ෂය හදන්න පුළුවන් උනේ ඇයි .අපි අවංකව වැඩ කරලා තියෙන නිසා.අපි පඩියට කවදාවත් වැඩ කරේ නෑ.කවදාවත් මම පඩියට රස්සාවක් කරලා නෑ.මම හම්බ කරලා නෑ.පිට රට බැංකු වල මට කොටස් නෑ.ස්විස් බැංකුවේ ගිණුම දාගෙන නෑ මම ,මේ රටේ බැංකු වල මට ගිණුම නෑ.මම සල්ලි කාරයෙක් නෙමේ මම දුප්පත් මිනිහෙක් මේ හම්බන්තොට ගිරුවාපත්තුවේ ඉපදිච්ච මිනිහෙක් මං .අපේ පක්ෂයේ අනිත් නායකයෝ අරන් බලන්න,තමුන්නාන්සේලා අතරින් ආපු අය.දුප්පත් ගොවියන්ගේ කම්කරුවන්ගේ දරුවෝ ඉගෙන ගත්ත අය….

    • කතාව සම්පුර්ණ ඇත්ත.ඒ දේවල් කරල තමයි ඒයා ලංකාවේ පළමුවෙනි වතාවට සිංහල නිර්ධනීන්ගේ සිංහල බවුද්ධ මාක්ස්වාදී පක්ෂය ගොඩනැගුවේ

  4. Lankave bahutharayak bavudoyo (gamaya1)athuluva (koheda yanne malle poll)vani comments thamai denne!lankave bavuddayanta bavudda (body)ekak thibunata bavudda addayathmayak neha thiyenne (Confusious tumage) jeevana darsanaya.eka nisama thamai duken vedanaven lankave janathavata galavenna bary.mekata samaja prag dannayen nadathu vena bavudda pujakayoth
    vaga kiyanna onna.Lankave confusiouse tumage darsanya anugamanaya karana janathavage annagathaya avasanavantha ekak vevi!!!!

  5. avadiyen inna කොහෙද මනුස්සයෝ මල්ලේ පොල් කතාවක් ලියල තියෙන්නේ මම. lankaenews ගැන ලියල තියෙන වාක්‍යය උපුටා පෙන්වීම විතරයි මම කලේ. ඒක ලස්සන වාක්‍යයක්. ලියපු දේ හරියටම වදින එකක්. සඳරුවන් සහෝදරයා ගැන අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ලියන විලාසයේ නම් ප්‍රශ්නයක් තියෙනවා. එත් ඒකත් එයාගේ වැඩක්. අනික මාව බෞද්ධයෙක් හැටියට හිතා ගන්න ඔහෙට තුන් කල් ඥානය කවද්ද පහල වුනේ ? කොහෙද මන් කියල තියෙන්නේ මන් බෞද්ධයෙක් කියල. අර අවදියෙන් ඉන්න එකෙත් මගේ අන්තිම කොමෙන්ට් එකේ කියෙව්වා නම් ඔබට තේරෙයි මන් කතා කරන්නේ මේ වෙබ් අඩවියේ කොමෙන්ට් කරුවන් ගැන. ඔයා කතා කරන්නේ lankacnew කස්ටිය ගැන කියල. ලංකාවේ ඊනියා සිංහල බෞද්ධයෙක් වෙන්න මගේ කිසිම අදහසක් නැහැ. මන් දැන් කියවන බෞද්ධ literature එක මේක. පුලුවන්නම් හොයාගෙන කියවන්න. Hetubindu of Dharmakīrti. කොන්ෆියුසියස්තුමාගේ දර්ශනයට වැඩ වෙනස්. තුෂාර – විජේවීර සහෝදරයා ගැන කියන ලින්ක් එක හොඳයි. නන්දෙ සහෝදරයා – ඒ දවස් වල ජවිපෙ හිටියා දෙමල සහෝදරවරු. වතුකරයේ සහෝදරවරු කට්ටියත් ජවිපෙ හිටිය. පස්සේ සිංහල ජාතිවාදී ස්ථාවරය ගත්තට පක්ෂය ඇතුලේ ඕක වෙන විධිහකටනේ කිව්වේ .

    avadiyen inna මෙන්න සිංහලෙන් ලියන්න ලින්ක් එක. http://www.google.com/intl/si/inputtools/cloud/try/

  6. avadiyen inna මේ හේතු-බින්දු ගැන කියන පොත ටිකක් අමාරුයි තේරුම් ගන්න . ඔය ලංකාවේ ඉන්න තව එක ලිං මඩි සමාජවාදියෙක් නොවේ නම් (මේ ලින් madi කතාව පෙරටුගාමී A හා පෙරටුගාමී B {හෙවත් පෙසපේ එකේ සමහර } සහෝදරයන්ට අදාල නැත.) මේ පොත කියවා අපටත් පහදා දෙන්න . හේතු-බින්දු මම කියවන්නේ මේක හෙගෙල් කන්ට වගේම logical theory එකක් ගැන කතා කරන නිසා. බටහිර දර්ශනවාදයට අවුරුදු 2000කට කලින් ලියපු එකක්.

  7. avadiyen inna මේ හේතු-බින්දු ගැන කියන පොත ටිකක් අමාරුයි තේරුම් ගන්න . ඔය ලංකාවේ ඉන්න තව එක ලිං madi සමාජවාදියෙක් නොවේ නම් (මේ ලින් madi කතාව පෙරටුගාමී A හා පෙරටුගාමී B {හෙවත් පෙසපේ එකේ සමහර } සහෝදරයන්ට අදාල නැත.) මේ පොත කියවා අපටත් පහදා දෙන්න . හේතු-බින්දු මම කියවන්නේ මේක හෙගෙල් සහ Kant වගේම logical theory එකක් ගැන කතා කරන නිසා. බටහිර දර්ශනවාදයට අවුරුදු 2000කට කලින් ලියපු එකක්.

  8. mama punchi sarala deyak kiyannam asiyavata ithihasayak nethi una nisa thamai asiyavema kotasak una lankavata thavama kisima aythihasika venasak nethuva thiyena vidiyatama thiyenne!ehema unna nam oyath oya kivva vage lankave jeevath venava ara oyage duppath family samajekayanta rata idan mudal evanna oneth neha.anith eka thama oya uthsaha karanna batahira sistachrayata kalin thibuna darsanayanta vada batahira sistacharaya gana
    thava tikak hadaranna.mokada oyage real jeevithayata( oya pitarataka jeevathvena nisa)batahira aythihasika kriyavaliya nisa labunu bavuthika vatinakam ganavath hithala(freedom).apita lankave inna janathava hatiyata freedom neha ,apita lagama thiyena ityhasika paramadarshi modalaya thama batahira.oya eeta vada avurudu 2000 kata vada parana evva kiyava kiyava manasikava svayan vindanye yedenna . api mehe system eka venas kara gannam!

  9. ගමයෝ ඔයා කියන විදියට බටහිර දර්ශනයටත් දියුණු දර්ශනයක් ආසියාවෙ තිබුන නමි අදවෙනකොට ආසියාව ලෝකයේ පරමාදර්ශි රාජ්ය වෙලා තියෙන්න ඕන නේද ලංකාවත් ඇතුලව.හේගල් ඇතුලු බටහිර දාර්ශනිකයන්ගේ මානසික ශුමයේ උත්සාහයන් නිසා බටහිර ඇතලු බොහෝ රාජ්යන් ගොඩ නැගුණා.පෟද්ගලිකව ඔයත් පිටරට සිට භුක්ති ව්දිනවා.නමුත් කුහක සදාචාර ගැටුමක් මට නැහ.මට තියෙන්නෙ ඔබගේ නොදන්නා කම හරහා සමජයට වෙන හානිය පිලිබද පුශ්නයක්.මට තේරෙනවිදියට හේගල් ගේ දයලෙක්තිකය ඔබ කිව්වට; තර්කවිද්යාවට අයිති නැහ.තවත් එය ඉගනගන්න.පදනම වරද්ද ගත්තොත් ඔක්කොම ඉවරයි.අනිත් කාරණය ඔයා ජ.වි.පෙ කාගැනද සදහන් කරල ඒගොල්ලෝ තමයි ලංකාවෙ වැඩේ අල කෙරැවෙ.ජවිප සංකේත පුග්ධනය හරහා පිටරටවල ස්ථාවර වෙලා ‘අතීත වේදනා වෙන් උන්මාදවෙලා තමන්ම අසාර්ථක වුනු ආසියෙවෙ දර්ශන ගැන කතා කරනව!මේගොල්ලො තමයි නියම ලිංමැඩියෝ!අවසාන පුතිඑලය කුමක්වුවත්(ඔබලා පිටරටක ජිවත් වුනත්)ඔබලා ආ ගමන් මාර් ජේ වි ප ය?

  10. පොලීසිය යනු අපරාධ මඩින ක්‍රියාපද්ධතියක් වන නමුදු එම ක්‍රියාපද්ධතිය තුලද අපරාධ කරුවන් බිහිවන අවස්ථා අපට දැකිය හැකිය. පසුගියදා මිනිමැරුමක් සම්බන්ධව අත්අඩංගුවට පත්වු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිද්ධියෙන්ද අපට පිළිඹිබු වන්නේ එයයි. පසුගිය කාලවකවානුව තුල රටේ අපරාධ මැඩීමේ ක්‍රියාවලිය තුලදී නීතියට පටහැනිව දරුණු මර්ධනයක් තිබුණු බව කවුරුත් දන්නා සත්‍යයකි.

Comments are closed.