සටන් කලා ලෝකය කැළඹු ප්‍රබල චර්තයක් වූ චීන සම්භවයක් සහිත ඇමරිකානුවෙකු වූ බෲස්ලිගේ මරණයෙන් පසුගිය 20 වනදාට වසර හතලිහක් පිරෙනවා. බෲස්ලි යනු ජිට්-කුන්-ඩෝ සටන් කලාව ලොවට දායාද කළ නිර්මාපකයායි. ඔහුගේ සටන් ශෛලියේ ඇති සුව්ශේෂිතාවයන් දෙකක් අප දකිනවා

01-සටන් නොකර සටන් කිරීම ( fighting without fighting )

02-සතුරාගේ ශක්තිය සතුරාටම එරෙහිව භාවිතා කිරීම

මේ නිසා බෲස්ලි වෙනත් සටන් නළුවන්ට වඩා  කැපී පෙනෙන චරිතයක් වෙනවා. අපි ඔහු වඩාත් වැදගත් කොට සලකන්නේ දේශපාලන ව්‍යාපරයක් ලෙස ගොඩ නැගීමේ දී බෲස්ලි ගේ මෙම සටන් කලාව සම්බන්ධ සංකල්පයන් අතිශයින්ම වැදගත් වන බැවිනි. අපගේ ඉතිහාසය හදාරන්නෙකුට සහ අපේ අනාගත ක්‍රියා කලාපය මනාව නිරීක්ෂණය කරන්නෙකුට අපි බෲස්ලිට වඩාත් කැමති ඇයිද යන කාරණය පහසුවෙන් වටහා ගන්නට හැකි වනු ඇත.

උදාහරණයක් ලෙස බොහෝ දෙනා විනාශ කිරීමට නොහැකි යැයි සිතූ අපගේ අභ්‍යන්තරික දේශපාලන සතුරෙකු (පාවාදෙන්නෙකු) වූ පැනියා අප විනාශ කරණු ලැබුවේ ඔහුගේම ශක්තිය ඔහුට විරුද්ධව යොදා ගනිමිනි.

සැලකිය යුතුයි

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බෲස්ලි ගේ සටන් ශෛලියේ දේශපාලනික වටිනාකම මේ වනතුරුත් අවබෝධකර ගන්නට සමත්ව නැති බව අපට සක්සුදක් සේ පැහැදිලිය.

Bruce Lee Death True Story

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ජවිපෙ අනුගමනය කලේ හා කරන්නේ ජපන් සමුරායි සටන් ක්‍රමයේ – හරාකිරි සම්ප්‍රදාය විතරයි .

  2. පැනියා මහතා මගේ පැරනි මිතුරෙකි,ඒ වගේම x කංඩායමේ සිටි දීප්ති මත් සාමාජිකයෙකි.සංවිධානයේ අරටුව විප්ලවවාදී දේශපාලනයට අවතීර්ණ වෙන්න වෙන්න පැනියා මහතා පැයට කිලෝමීටර 1000 වේගයෙන් සංවිධානයට දෝර්හි වී ඈතට විසිවිය.ඔහුගේම ශක්තිය ධෙර්ය විසින් ඔහු විනාශ විය.එය සංවිධානය පැත්තෙන් විශාල ජයගරහණයකි.පෙ .ස.ප සහ ජ.වි.පෙ තුල විප්ලවවාදී දේශපාලනය තම ආත්මය කරගත් සගයන් ඇත්නම් තමන්ගේ සංවිධානය තුලම සිටින සතුරන්ට තත්වය තරාතිරම නෙබලා ඔවුන්ගේම ශක්තිය හරහා විනාශ වීමට ඉඩහැරීම අද දවසේ අනිවාර්ය දේශපාලන සටන් මගයි.කුමාර ගුණරත්නම් සහෝදරයාට වඩාත් හුරු, දේශපාලනය ගේම් එකක් බවට පත් නොගෙන,ඔහු නිතරම කියන (සහෝදරවරු ශරීරය ගැන විශ්වාශය නොතබා වැඩය ගැන පමණක් විශ්වාසය තබන්න )කියන උධෘත පාඨය මත වැඩකරන්න.

Comments are closed.