යහපාලනය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව තුළ මේ වන විට දේශපාලන ප්‍රවණතා දෙකක් හට ගැනී ඇත.
1.රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ප්‍රවණතාවය. මෙය නාගරික දේශපාලනය ප්‍රමුඛ කරගත් ජාතික ගැටලුවට ඉක්මන් විසදුමක් ප්‍රාර්ථනා කරන අයයි. අනෙක්  පාර්ශ්වය දැඩි අපහසුතාවයට පත් කිරීම සදහා මෙම කණ්ඩායම රැස්වීම්වලදී ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරයි.
2. අනෙක් පාර්ශ්වය නිරෑපණය කරන්නේ යහපාලනයේ ප්‍රධාන කතිකයා වූ චම්පික රණවක ප්‍රමුඛ ජාතිකවාදීන්ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව මහ ඡන්දයකට ඉක්මනින් පොළඹවා එම ඡන්දයෙන් ජාතිවාදය අවුස්සවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීමටය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කිරීම මේ සියලු බෙදීම්වල ආරම්භයයි.
දැනට සිදුවෙමින් යන මතුපිට තලයේ වටහා ගැනීමට දුෂ්කර විවිධ දේශපාලන ප්‍රවණතාවල සැබෑ අරැථ වන්නේ ඉහත ප්‍රවණතා දෙක අතර පවතින ප්‍රතිවිරෝධතාවයයි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දීප්තිලා මේ පාරවත් චන්දෙ ඉල්ලන්න අදහසක් නැද්ද…..?නැත්තන් කාල වරෙන් කියලා තව ටික කාලයක් බලන් ඉන්නවද….?

  2. ප්‍රවෘත්ති කිහිපයක් ලුහුඩින්

    1. විදෙස්ගත් මාධ්‍යවේදීන් මහා අර්බුධයක – රට හැර ගිය මාධ්‍යවේදීන්ට නැවත සිය රටට එන ලෙස මාධ්‍ය ඇමතිවරයා කියයි.

    2. විමල්ට මීට අවුරුදු නමයකට පෙර ගෙයක් තිබිල නෑ – අක්කර දහතුනක ඉඩමක සුවිශාල නිවසක්ද ව්‍යාපාර ගණනාවක් සහ කළුගල් ව්‍යාපාරයක්ද දැන් තිබේ.

    3. දයාසිරි ශ්‍රීලංනිප නායකත්වයට – ඇමතිවරායා දන්වා සිටින්නේ තමා මින් ඉදිරියට මෛත්‍රීපාලනයට දායක වන බවයි.

    4. දුම්න්ද නාගමුව චන්ද 6885ක් ලබාගෙන ජනාධිපති ලෙස තේරී පත්විය.

    5. හිරුකණ්ඩායම සමග සිටි සියලු දෙනා මානසික රෝගීන් බව රජය කියයි.

    6. සුමිත් චාමීන්ද ප්‍රතිකාර සදහා බුධ ග්‍රහලෝකයට

    7. ලංකා ඊ නිවුස් ප්‍රධාන කර්තෘ ධූරයට මාලතී කල්පනා ඇම්බ්‍රෝස් පත් කිරීමට නියමිතය.

    8. ඇමරිකාවේ ජනාධිපති ධූරය අජිත් පැරකුම් ජයසිංහට

    9. ලංකා ඩේලී වෙබ් අඩවිය තිබුණේ නැත්නම් මැතිවරණය පරදින බව සුභාෂ් ජයවර්ධන කියයි.

    10. රුවන් පර්ඩිනැන්ඩර්ස් චීන රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට අත්අඩංගුවට පත්වෙයි.

Comments are closed.