හේගලියානු දයලෙක්තිකය (Hegelian Dialectics) ලාංකික වාමාංශික දේශපාලන කතිකාවට හඳුන්වා දී දශක ගණනාවක් ගතවී ඇතත් දයලෙක්තිකය පිළිබඳ සැබෑ අවබෝධයක් වාමාංශිකයන්ට ඇති බව තවමත් පෙනෙන්නට නැත. හේගලියානු දයලෙක්තිකය එසේත් නොමැති නම් හේගලියානු යුගලය (Twosome) මඟින් කියවෙන්නේ ඒකත්වයක් (One) සාමාන්‍ය ලෙස කොටස් දෙකකට වෙන් වීම පිළිබඳව නොවේ. දයලෙක්තිකය යනු ඒකත්වයක් අභ්‍යන්තරිකව කොටස් දෙකකට වෙන්වීමයි. ඒ අනුව  ඕනෑම ඒකත්වයක අභ්‍යන්තරික පැල්මක් බිහිවන අතර පැල්ම මඟින් හටගන්නා එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ කොටස් දෙක ඒකත්වයේ අනිවාර්ය සාධක වේ.

උදාහරණයකට පැවැත්ම සහ හිස් බව (Being and Nothingness) යන ප‍්‍රපංච පිළිබඳ හේගල්ගේ විග‍්‍රහයට අනුව එමඟින් සත්භාවවාදී අංග දෙකක් පිළිබඳ සාකච්ඡුා නොකරයි. හිස් බව යනු පැවැත්මේ එහිම වූ ස්වරූපය තවත් දෘෂ්ටිකෝණයකින් දකින විට පෙනෙන දෙයයි. එනම් අපගේ පැවැත්මේ සාරය සොයා යන විට අපට හිස් බව මුණගැසෙන අතර එය පැවැත්මට අභ්‍යන්තරික සාධකයක් වේ. ඩිමොක‍්‍රටස්ගේ පරමාණුකවාදයට අනුව පරමාණුව [Atom – නැවත කොටස්වලට බෙදිය නොහැකි කුඩාම දෙය] සහ හිස් අවකාශය යනු එකිනෙකට වෙන් වූ කොටස් දෙකකි. නමුත් හේගල්ට අනුව හිස් අවකාශය යනු පරමාණුව හඳුනාගැනීමේ අභ්‍යන්තරික සාධකය වේ. පරමාණුව ඒකත්වයක් කරන දෙය හිස් අවකාශයයි.

දයලෙක්තිකය පිළිබඳ ඉහත අදහස් දශක ගණනාවක් පුරා අප සාකච්ඡුා කරන නමුත් එය බොහෝ දෙනෙකුට තේරුම්ගත නොහැකි වී ඇත්තේ ඉතා වැදගත් කරුණක් මෙහි දී මගහැරෙන නිසාවෙනි. එනම් දයලෙක්තිකය අදාළ වන්නේ සංකල්පයට (Concept) යන්නයි. දයලෙක්තික ස්වරූපය සංකල්පයේ ගුණාංගයකි. සංකල්පය තුළම එහි ප‍්‍රතිවිරුද්ධ දෙය පවතී. අප දැන් මෙය උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගනිමු. කතරගම වන්දනාවේ යන විට ඔබට පුද්ගලයෙකු මුණගැසුණේ යැයි සිතන්න. ඔහුත් සමඟ කතාබහ කළ පසු ඔහු ඉතා හොඳ පුද්ගලයෙකු බව ඔබ නිගමනය කරයි. ඒ අනුව තව තවත් මෙම පුද්ගලයාට සමීප වන  ඔබට එක්වරම ඔහු වංචාකාරයෙකු බව පෙනී යයි. දැන් ඔබට ඔහු ඉතා නරක පුද්ගලයෙකි. මෙතැන දී පුද්ගලයෙකු හමුවීම භෞතික කාරණයක් ලෙස සැලකීම අප විසින් කරන අත්වැරදීමකි. ඇත්තටම අපට හමුවන්නේ පුද්ගලයෙකු නොව සංකල්පයකි. මෙම සංකල්පය අප විසින් තේරුම් ගනු ලබන්නේ හේතුවේ මැදිහත් වීම හරහාය (ඉතා හොඳ මනුස්සයෙක්). හේතුවේ වැරදි අවබෝධය අපගේ අවබෝධය බවට පත්වේ (හොඳ මනුස්සයෙක් යන වැරදි අවබෝධය හේතුව විසින් නිර්මාණය කළ අවබෝධයයි). නමුත් හේතුව විසින් හේතුව නොවන දෙය සඟවයි (පුද්ගලයා වංචාකාරයෙක් බව). ඒ අනුව  ඕනෑම හොඳ යැයි නිගමනය කරන සංකල්පයක් තුළම එහි සැඟවුණ අභ්‍යන්තරික කොටසක් ලෙස නරක පවතී. සංකල්පයට විමර්ශකය වන බාහිර දෙය (පුද්ගලයා) වෙනස් නොවන නමුත් සංකල්පයේ අභ්‍යන්තරික පැල්ම මඟින් බිහිවන එහි ප‍්‍රතිවිරුද්ධ කොටස් දෙක නිතරම වෙනස් වේ. දයලෙක්තිකය යනු මෙම ගතිකත්වයයි.

නැවත සාරාංශ ගත කළහොත් මෙසේය. අපට හමුවන  ඕනෑම දෙයක් අප විසින් ග‍්‍රහණය කරගනු ලබන්නේ සංකල්පයක් වශයෙනි. නමුත් සියලූ‍ දේ සංකල්ප බව අපට මඟහැරේ. සංකල්පය එහිම වූ ගුණාංගයක් ලෙස අභ්‍යන්තරයෙන් එකිනෙකට වෙනස් ප‍්‍රතිවිරෝධී කොටස් දෙකකට බෙදී ඇත. නමුත් මෙම ප‍්‍රතිවිරෝධී බව අප විසින් සලකනු ලබන්නේ බාහිර වශයෙන් ඇති බෙදීමක් ලෙසය. මීළඟට සංකල්පය අපට බාහිර දෙයක් වේ. එය අප අභ්‍යන්තරයේ ඇති දෙයක් නොව අපගෙන් එළියට ගිය දෙයකි. දීප්ති සහෝදරයා පක්ෂයෙන් පිටත සංවිධාන සමඟ වැඩ කරන විට පක්ෂයේ ඇතැම් ප‍්‍රයෝගිකවාදීන් කීවේ ”අයියෝ බලන්න අරයා පක්ෂ නායකයා වෙලාත් තැන් තැන්වල කිච වෙන හැටි” කියාය. කෙසේ වෙතත් දීප්තිගේ දේශපාලනය ඉදිරියට ගමන් කරන විට දශකයකටත් වඩා  තමාගේ  ඇඳ, පුටුව, මේසය එකම තැනක තබාගෙන දුම් උරමින් වේදනාවෙන් විනෝද වන ඉහත සාමාජිකයන් වරද්දා ගත්තේ කිච වන දීප්ති යනු සංකල්පයක් පමණක් බව තේරුම් නොගැනීමෙනි. පක්ෂ කාර්යාලයට වී පිළිමයක් මෙන් සිටින නායකයෙකු ගැන සිතන පුද්ගලයන්ට සමාජ විප්ලව කළ හැකි යැයි විශ්වාස කරන මොවුන්ගේ අනුගාමිකයන් වහාම මනෝ විශ්ලේෂකයෙකු හමුවිය යුතුය. වාමාංශික දේශපාලනයට පිවිසෙන  ඕනෑම කෙනෙකුට දීප්ති සංකල්පයක් ලෙස මුණගැසීම අනිවාර්යතාවකි. දීප්ති පිළිබඳ හේතුවේ මැදිහත්වීම මඟින් ලබා දෙන අවබෝධය වන්නේ බොහෝ විට ඔහු පිළිබඳ ප‍්‍රතිවිරෝධයකි. නමුත් සංකල්පයේ ඇති මෙම මර්දනකාරී ස්වරූපය නිසාම අනෙක් අතට දීප්තිට ආශා කිරීමට ද බොහෝ දෙනාට සිදුවේ. දීප්ති ගැන එක එක කතා කියන පිස්සන් මින් පසු  හමු වූ විට මෙම තත්ත්වය සැබෑවට අත්විඳීමට ඔබට හැකි වනු ඇත.

සමාජය සහ පුද්ගලයා යන ප‍්‍රපංච දෙකෙහි දයලෙක්තික ස්වරූපය තේරුම් ගැනීම ද අවසාන වශයෙන් අපට වැදගත් වේ. සමාජය සහ පුද්ගලයා යනු එකිනෙකට වෙනස් ප‍්‍රපංච දෙකක් ලෙස සලකා සමාජ විද්‍යාව, මානව විද්‍යාව, දේශපාලන විද්‍යාව ආදිය ගොඩනැගී ඇත. නමුත් දයලෙක්තිකයට අනුව පවතින්නේ ප‍්‍රපංච දෙකක් නොව පුද්ගලයා යන ප‍්‍රපංචය පමණි. සමාජය යනු පුද්ගලයා අභ්‍යන්තරයේ ඇති දෙයකි. එය පහත පරිදි රූප සටහනකින් දැක්විය හැක.

 

 

————–

සමාජය

පුද්ගලයා                                                                                                                                                          ————–

 

 

සමාජය යනු පුද්ගලයා විසින් ගොඩනගනු ලබන ෆැන්ටසියකි. උදාහරණයකට එළියේ ඇති කහ ඉර යනු මගේ ෆැන්ටසියක් ද්‍රව්‍යකරණය වීමයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. එලියට ගොස් කිචවන දීප්ති යනු සිගරැට් හා තේ බොමින් පක්ෂ කාර්යාලයේ සිටින අවිශ්වාස කරන්නාගේ ෆැන්ටසියයි

Comments are closed.