[dropcap color=”green”]ලැ[/dropcap]කාන් ගේ මනෝ විශ්ලේෂණය ගැන සාකච්ඡා කරන විට මතුවන ප්‍රධාන සංකල්පයක් වන්නේ ආත්මමූලිකත්වය ( Subjectivity) යනු කුමක් ද යන ප්‍රශ්ණයයි. මෙය අප කතා කරන භාෂාව තුළින් තේරුම් කිරීම ඉතාම අපහසුය. මන්ද යත් එය භාෂව ගැන භාෂාවක් වන නිසාය. ආත්මමූලිකත්වය යනු ආත්මය විසින්  ලෝකය සහ තමන් අවට මිනිසුන් සිතන විදහ ගැන සිතන ආකාරයයි. උදාහරණයක් වශයෙන් අප පුද්ගලයෙකු ගෙන් මෑතදී ඇසුවේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෙතරම් කතා කළත් ගැහැණුන් ගේ කම්මුල් වලට පහර දීමෙන් විනෝදයක් ලබනවා නේද යන්නයි. අදාල පුද්ගලයා වහාම කීවේ තමා තුළ සිටින එවැන්නෙතකු ගැන තමා නොදන්නා බවයි. අප ඒ ගැන පුදුම වන්නේ නැත. කෙනෙකු ගේ අවිඥාණක ආශාව තමන්ගේ යැයි පිලිගන්නා කෙනෙකු මෙලොව නැත.

ඉදිරි කාළයේ දී අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යත්වය ගැන කතා කරන  එකස් කණ්ඩායමේ හිටපු සාමාජික සාමාජිකාවන් ගේ ආත්ම මූලිකත්වය සහ යථාර්ථය අතර පරතරය පෙන්වීමට අදහස් කරනු ලැබේ. ඊට ප්‍රථම ආත්මමූලිකත්වය කුමක්ද කියා අප වටහා ගත යුතුය. එය ක්‍රියා කරන්නේ කෙසේද කියා ද අප වටහා ගත යුතුය.

පහත සැබැදියාවට ගොස් සංවාදය( dialogue)බිදවැටී දැක්ම ( Gaze) අධිපති වු සමාජයක ස්ත්‍රියක් සහ පිරිමියෙක් තමන්ගේ ආත්මමූලිකත්වය බහිස්කරණය කරන අකාරය වටහා  ගමු.

එකී සංවාදය හොදින් අසන විට තවමත් ශිෂ්ඨාචාරයේ පදනම ආරාක්ෂා කරන්නේ ස්ත්‍රිය යන්න ඔබට අවබෝධ කර ගන්නට පුලුවන් වනු ඇත. කෙතරම් දුෂ්කර තත්ත්වයන් යටතේ වුවත් මෙකී ස්ත්‍රිය පුරුෂයා මෙන් හැසිරෙන්නේ නැත. ඇය හැකි පමණ ආචාරධාර්මික වන්නට උත්සහ කරනු දක්කට ලැබේ. මේ නිසා තමයි ඉස්ලාම් ආගමට අනුව ස්ත්‍රිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්නේ ස්ත්‍රිය තම ශිෂ්ඨාචාරයේ පදනම වන බැවිනි. ඉස්ලාම් ආගම සත්‍ය වශයෙන්ම ස්ත්‍රිය ගේ අයිතිවාසිකම් වලට තහංචි පණවනවා නොව ඔවුන් ප්‍රති ස්ත්‍රිවාදි යැයි කියන්නට පුලුවන.  ඒ නිසා බටහිර ලිබරල් ස්ත්‍රිවාදයට වඩා මේ ප්‍රති ස්ත්‍රීවාදය අතිශයින්ම ස්ත්‍රීවාදි බව කිව යුතුය.

පහත සබැදියාවේ ඇති සංවාදය අසා ඒ සම්බන්ධයෙන් ඇතිවන ගැටලු අපෙන් විමසා මනෝ විශ්ලේෂණය ඇසුරින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න යැයි අපෙන් ඉල්ලා සිටින්නේ නම් අපට එය කළ හැකිය. උදාහරණයක් වශයෙන් මේ සංවාදයේ එක්තරා තැනක මේ ස්ත්‍රිය විකල්ප පුරුෂයා ගෙන් අහනවා තම ස්වාමිපුරුෂයා ගේ ශුකාණු සහ ඔහුගේ ශුකාණු ඇගේ ශරීරය තුළදී එකට මිශ්‍රවීම නිසා ඇයට රෝගයක් වැළැදිය හැකි දැයි කියාය. එයට මෙකී පුරුෂයා දෙන සරළ පිළිතුර මෙන් අප බහුතරයකට එම පැනයට පිළිතුරු දෙන්නට පුළුවන. නමුත් ඇය ඇත්තටම  පිළිකුල් කරන්නේ පිරිමියාගේ ශුකාණු නොව තමන්ගේම විනෝදයයි.

https://www.youtube.com/watch?v=EJrune-5pEk

https://www.youtube.com/watch?v=6Zy2FiqhfeU

https://www.youtube.com/watch?v=MfYvISLR5ag

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මෙම සම්බඳතාවයන් තුනෙහි ඇති හඬපට මා මීට බොහෝ කලකට පෙර ශ්‍රවණය කොට ඇත්තෙමි. එසේම මෙම සංවාදයයේ තවත් කොටස් දෙකක් සහ ඊට අදාළ ඡායාරූපද අන්තර්ජාලයේ තිබේ. ඔබ විසින් සඳහන් නොකොට ඇති විශේෂ කාරණයක් වන්නේ මෙහි ස්ත්‍රිය ඉංග්‍රීසි ගුරුවරියක් වන විට විකල්ප පුරුෂයා වෛද්‍යවරයෙකු බවය. ඊට අදාළ සියලු විස්තර සහ මුහුණ මකා දමන ලද ඔවුනගේ ඡායාරූප ඔහු විසින්ම පල කොට තිබේ.

    දැන් මාගේ ප්‍රථම ප්‍රශ්නය යොමු කරන්නෙමි.

    ලිංගිකව බෝවන රෝග ශරීර ගත වන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි අවබෝධයක් මෙම ඉංග්‍රීසි ගුරුවරියට නොමැත. එසේ නොවුයේ නම් ශුක්‍රානු පිළිබඳව ප්‍රශ්නය ඇය විසින් නොඅසනු ඇත.

    1.එය එසේ නම් ලිංගිකව බෝවන රෝග පිළිබඳව නිසි අවබෝධයක් නොමැති මෙම ස්ත්‍රියගේ ශුක්‍රානු ප්‍රශ්නය විසින් ගම්‍යමාන වන්නේ විනෝදය ප්‍රතික්ෂේප කිරීමයි යන්න ස්ථිරවම පවසන්නේ කෙසේද ?

    2.එසේ ස්ථිරව පැවසිය නොහැකි නම් එවිට නිශ්චිතව පැවසිය හැක්කේ එවැනි ස්ත්‍රියක් විනෝදය ප්‍රතික්ෂේප කරනා ආකෘතිය ගැන පමණකි. එසේ නම් එය කුමක්ද ?

    3. ස්ත්‍රිය විනෝදය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

  2. ඇත්තටම ත්‍රිමාන එකට මොකද වෙලා තියෙන්නේ. අහන්න හිරිකිත හිතෙන මේ වගේ යූ ටියුබ් කැබලි,කියවන්න හිරිකිත හිතෙන අරුනි ශපිරෝගේ ලිපි.වෙන මොකුත් ඇත්තෙම නැද්ද.(යතාර්තය ඕකනම් කරන්න දෙයක් ඇත්තෙත් නැහැතමයි.)

  3. පිළිතුරු ලබා දිය හැකි බව පැවසුවද මා විසින් අසා ඇති කිසිඳු ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරු ලබා නොදී අරුණි ශපීරෝ ගැන අසා ඇති ප්‍රශ්නයකට පමණක් පිළිතුරු ලබා දී ඇත. මෙය 3මාන වෙබ් අඩවියේ ප්‍රධාන ලක්ෂණයක් බව මා හට මෙම වෙබ් අඩවිය හඳුන්වා දුන් මිතුරා පැවසීය. මා 3මාන වෙබ් අඩවියට ආගන්තුකයෙකි. මට ඇති දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැක්කේ 3මාන වෙබ් අඩියට මව මාගේ මිතුරා අවධාරණය කර සිටියේය. කරුණා කර මා හට උදව් කරන්න.

Comments are closed.