‘‘මාව මේ තත්ත්වයට ගෙනාවේ සුනිල් ෆොන්සේකා’’ යන සිරස්තලය යටතේ ‘රාවය’ පුවත්පතේ
පසුගිය සතියේ මින් පෙර අප නුදුටු සම්මුඛ සාකච්ඡාවක් පළ විය. 80 සහ 90 දශකවල පැවති දේශපාලනික සහ සංස්කෘතික තහංචිවලට අනුව මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් පසුගිය වසර 20 තුළ පළ විය නොහැකිය. සුනිල් ෆොන්සේකා යනු පසුගිය වසර 20ක කාලය තුළ ජීවත් වූ ජනප්රිය සංස්කෘතියේ අශ්ලීල විනෝදය ද්රව්යාත්මක කරන ප්රතිරූපයකි. පවතින සංස්කෘතියේ යටිබඩ ගැන විචාර සමූහයක් පළ කරමින් ‘රාවය’ ඊට හිමි මුද්රාව තබා ගත්තේ යම් යම් සංස්කෘතික වස්තු තමන්ටම තහනම් කර ගනිමිනි. එසේ නම් ‘රාවය’ මේ පටන් ගෙන ඇත්තේ තමන්ගේ ශුද්ධ වූ ‘නම’ නින්දාවට පත් කර ගැනීමට ද? නැත, කොහෙත්ම නැත. පවතින තත්ත්වය අප හිතනවාට වඩා සංකීර්ණය.
අප හිතනවාට වඩා ‘රාවය’ නොදැනුවත්ව අපගේ ලූබ්ධි – ආර්ථිකයේ කි්රයාකාරීත්වය වෙනස් වීම මැනැවින් හඳුනාගෙන ඇත. ‘රාවය’ පුවත්පත තමන්ගේ ප්රමිතිගත පාඨකයාගේ ආත්මය හොඳින් වටහාගෙන ඇත. ‘රාවය’ පාඨකයා ගැන දේශපාලන කියවීම් දෙකක් කළ හැකිය.
A) ‘රාවය’ පාඨකයා යනු යථාර්ථයේ දී නැති නම් අපට දෘශ්යමානය තුළ දී ඉතාම තැන්පත්, විනීත ගති සිරිත් ඇති, බුද්ධිමත්, සමාජ හිතවාදී, වාමාංශික මධ්යම පාන්තික පුද්ගලයෙකි. ‘රාවයේ’ දැක්ම සකස් වී ඇත්තේ මෙම සම්මත පුද්ගලයා ඉලක්ක කරගෙනය.
B) කුමක් හෝ හදිසි සිදුවීමක් නිසා ඉහත විනීත, තැන්පත්, බුද්ධිමත්, ලිබරල් පුද්ගලයා සමාජ විරෝධියෙක්, ස්ත්රී ¥ෂකයෙක්, ආණ්ඩුවේ උපදේශකයෙක් බවට පත් වෙයි.
මධ්යස්ථ මතධාරියකුට අනුව යථාර්ථයට විරුද්ධාභාසී පැවැත්මක් තිබිය නොහැකිය. සිදු විය හැකි දිශානතිය ඔහු සලකුණු කරනු ඇත්තේ කෙසේද? යහපත්, විනීත, බුද්ධිමත්, රැඩිකල් ප්රජාතන්ත්රවාදී වාමවාදී ‘රාවය’ පාඨකයා හිටි අඩියේ එහි කණපිට පැත්ත බවට පරිවර්තනය වී ඇත. ‘යථාර්ථය’ සමඟ වෙරි වී සිටින ඕනෑම ට්රොට්ස්කිවාදී වාමවාදියකුට අනුව පත්තරවලට වඩා වෙනස් ‘රාවය’ පත්තරයක් ශ්රී ලංකාවේ සමාජයට අවශ්ය වූයේ ඇයි? කිසිවකුට මේ දක්වා පැහැදිය නොහැකි සාධකය ‘රාවය’ නම් පුවත්පත් ආකෘතියයි. ‘රාවය’ට ආගිය බොහෝ රැුඩිකලූන්ට මේ ගැන අවබෝධයක් තිබුණේ නැත. ඔවුන්ට විස්මයට පත්වීමට සිදු වූයේ ඔවුන් නැතිව ‘රාවය’ පැවතීම ගැනය. ‘රාවයට’ කිසිවකු අවශ්ය නැත.

‘රාවය’ යනු පුවත්පතකට අමතරව වාරණ තාක්ෂණයකි. (Censorship) තමන්ගේ සැබෑ ජීවිතය තුළ සමාජ විරෝධී වැඩ කරන, සල්ලාල, නරුම, තක්කඩි, දෙබිඩි, වාම විරෝධී මධ්යම – පාන්තිකයකුට තම පැවැත්ම වනාහි දරාගත නොහැකි ක්ෂතියකි. ව්යාකූලත්වයකි. පසමිතුරුභාවයකි. ‘රාවය’ පුවත්පත යනු මෙම නරුම මධ්යම – පාන්තිකයාව සමාජ හිතවාදී, යහපත්, වාමවාදී, යහපාලන හිතෛෂී පුද්ගලයකු කරවන වාරණ ආකෘතියයි. මෙහි සරල අදහස මෙසේය. ඔබට මේ සමාජ යථාර්ථය තුළ ඔබගේ අශ්ලීල සැබෑ පැවැත්ම දිග හැරිය නොහැකිය. එය දිග හැරිය යුත්තේ යම් වාරණයකට යටත්වය. මෙසේ කළ විට ඔබගේ අශ්ලීල ආශාව සමාජ අනෙකා ඉදිරිපිට දී මැකී යයි.
යථාර්ථයේ නියම ස්වභාවය වන්නේ දෘශ්යමානයට නොපෙනෙන එහි ඇති දෙබිඩිකමයි. ඒ අනුව යථාර්ථයේ සාරය වනාහී ප්රතිවිරෝධයකි. යථාර්ථය යන්න විරුද්ධාභාසයකි. (Paradox)මේ නිසා යථාර්ථයේ අපට පළමු වරට හමු වන පුද්ගලයන්ගේ මුද්රාව අප තුළ පළමු මොහොතේ අපූර්වත්වයක් ජනිත කරයි. නමුත් යම් තීරණාත්මක සිදුවීමකට පසු මෙම අපූර්ව මිනිසාගේ ජාගර සිත අපට හෙළිදරව් වී එම පුද්ගලයාව අපට ඔක්කාරයක් බවට පරිණාමය වෙයි. මෙම පරිණාමය සරල – රේඛීය නැත. ඇත්තටම දෙවන සිදුවීමක් මඟින් අපට උගන්වන්නේ ‘පළමු මොහොතේ මුද්රාව’ කෙතරම් මරි මෝඩ පැතලි එකක්ද යන්නය. ‘රාවය’ පුවත්පත මෙතෙක් කල් කළේ තමන්ගේ වාරණ තාක්ෂණය හරහා පළමු මුද්රාවේ අපූර්වත්වය සමාජයට පෙන්වා දීමයි. නමුත් දැන් අපට තුන් වන සංසිද්ධියක් හමු වී ඇත. ‘රාවය’ පුවත්පත් වාරණ ආකෘතිය යනු අපගේ අවිඥානික ආශාවට සීමිතව ප්රකාශනය වන්නට ඉඩ දෙන දේශපාලන අවකාශයකි. ඒ අර්ථයෙන් ගත් විට සමාජයේ වැදගත් යැයි සම්මත මහත්වරු ‘රාවය’ ආරක්ෂා කරන්නේ එහි ඇති අර්ථය නිසා නොව එමඟින් සහතික කරන අශ්ලීල විනෝදය නිසාය. ‘රාවය’ පුවත්පතේ දේශපාලන – ආර්ථිකය පදනම් වූයේ අප ඉහත සාකච්ඡුා කළ ලූබ්ධි – ආර්ථිකය නිසාය. ජනප්රිය සංස්කෘතියට අප ආශා කරන්නේ මන්ද යන කාරණයටත් මෙහි දී පිළිතුරු ලැබෙයි.
ඉහත අර්ථයෙන් ගත් විට දෘශ්යමානයේ දී අපට හමුවන ‘රාවය’ අප සිතන පරිදි අපගේ සිතුවිලි පාරිශුද්ධකරණයක් කරන පුවත්පතක් නොවේ. එහි අන්තර්ගතය ඕනෑම දෙයක් විය හැකිය. නමුත් එහි සුවිශේෂය වන්නේ ආකෘතිය යි. ‘රාවයට’ අප අවිඥානිකව ආශා කරන්නේ එම පුවත්පත දෘශ්යමාන යථාර්ථය තුළ අපව නිදහස් කරන නිසා නොවේ. අප රාවයට අනුරාගික වන්නේ අපගේ අවිඥානික ආශා වැදගත් මධ්යම – පාන්තික අච්චුවකට අනුව කපා කොටා සංස්කරණය කර බාහිර යථාර්ථයට අවශ්ය තරමට ශීලාචාර කරන නිසාය. අපගේ සැබෑ අශ්ලීල ආශා එලෙසින්ම ඉදිරියට දැමුවහොත් අපගේ සායම යනවා සිකුරුය. යථාර්ථය නම් ලෝකයක් බිහි වන්නේ නැත්නම් සිදුවනු ඇත්තේ අවිඥානික ආශාව මිය යාම පමණි. දෛනිකව අප අත්විඳින පැතලි, නීරස, ඒකාකාරී, ඒකමාන යථාර්ථය තුළම එහි ප්රතිවිරුද්ධ පැත්ත ලෙස අවිඥානිකව ආශාවක් ඉදි නොකළහොත් යථාර්ථය සමඟ මිනිසා සමපාත වනු ඇත. මේ අර්ථයෙන් ගත් විට වාරණය යනු මර්දනයේ ආකෘතියකි. මර්දනය නොමැති තැන අවිඥානය නැති අතර විනෝදය ද නැත. අපගේ අශ්ලීල විනෝද වීම්වලට බාධා කරන බාහිර ලෝකයේ මිනිසුන් නොමැති නම් [වාරණය]මිය යන්නේ අපගේ ආශාවයි.
සුනිල් ෆොන්සේකා යනු පසුගිය දශක දෙකක පමණ කාලය තුළ විනීත මැද පාන්තිකයාගේ විනෝදය සොරකම් කළා යැයි අනුමාන කරන පුද්ගලයෙකි. ඒ, ඔහු පිළිබඳ ප්රථම මුද්රාවයි. පසුගිය දශක දෙක තුළ තහංචිය නොමැතිව ජීවත් වූ අප ද වර්තමානය වන විට සුනිල් ෆොන්සේකා බවට අනුවර්තනය වී ඇත. ඔහු තවදුරටත් අපගේ ලූබ්ධි ආර්ථිකය ගොඩනන් වන බාහිර බාධාවක් නොවේ. පශ්චාත්- මාක්ස්වාදීන්, විශ්වවිද්යාල ගුරුවරුන් පවා සුනිල් ෆොන්සේකලා බවට පත් වී ඇති විට ඔහු තවදුරටත් මේ සමාජයේ උත්කර්ෂවත් රහසිගත වස්තුවක් නොවේ. ඩ්රැකියුලා ආලෝකයට නිරාවරණය වූ විට දැවී යන්නාක් මෙන් ‘රාවය’ සම්මුඛ සාකච්ඡුාව මඟින් සලකුණු වන්නේ සුනිල්ගේ සංකේතීය අවසානයයි. එපමණක් නොව ‘රාවය’ මෙතෙක් ඓතිහාසිකව කරගෙන ආ ‘වාරණය’ නම් සමාජ කටයුත්ත ද අතහැර ඇත.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. තොපි අනුන්ගේ පුකවල්වට ඇගිල්ල දාල ගූවල ගද බලන්ඩ කලින් තොපේ පුකවල් හෝදගනිව්. වික්ටර් අයිවන් එක්ක හැප්පෙන්න විජේවීරටත් බැරිවුණා. තොපි මොක්කුද? පොන්න මංගල එක්ක ඇරගනිව් පුකේ.

Comments are closed.