[dropcap color=”black”]ප[/dropcap]සුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මහතා පවසා සටියේ තමාට ඒකාධිපතියෙකු යැයි මිනිසුන් කියන්නේ මන්ද කියාය. ඒ සදහා උදාහරණ වශයෙන් ඔහු කීවේ ඒකාධිපති රටවල මිනිසුන්ට නිදහසේ ආණ්ඩුව විවේචනය කළ හැකිද කියාය. බොහෝ දෙනා මහින්ද රාජපක්ෂගේ මෙම විග්‍රහය හාස්‍යෙයන් බැහැර කළමුත් ඒ කතාවේ ඇත්තක් තිබේ. චීනය,උතුරු කොරියාව,ඊජිප්තුව, සහ තවත් බොහෝ ඒකාධිපති ක්‍රමයක් සහිත රටවල මිනිසුන්ට ලංකාවේ මෙන් නිදහසේ ආණ්ඩුව විවේචනය කළ නොහැක.එසේ කළ හොත් ඒකකෝ හිරගෙට හෝ මරණයට පත් වන්නට හෝ වධයකට ලක් වන්නට සිදුවෙයි. ලංකාවේ දී  නම් හිටපු තනාපතිලාට පවා යළි ආණ්ඩුව විවේචනය කළ හැක. එසේ නම් මහින්ද රාජපක්ෂව සහ ඔහුගේ පාලනය අප සංකල්පීකරණය කළ යුත්තේ කෙසේද?

ඒකාධිපති යනු Totalitarianism යන ඉංග්‍රීසි පදයට දී ඇති පටු සිංහල අර්ථයකි. එහි වඩා නිවරදි දේශපාලන අර්ථය වන්නේ ‘සමස්තතාවාදියා’ යන්නය.  ඒ අනුව Totalitarianism යනු ‘සමස්තතාවාදයයි’. සමස්තතාවාදය යනු වැඩවසම් ක්‍රමය ඇතුලත ජලය බෙදා ගැනීමට ඇති වූ සාමූහික ප්‍රශ්ණයට විසදුම ලෙස හටගත් ‘අත්තනෝමතික පාලකයා’ ( Despotic) යන සංකල්පය නෙවේ. මිනිසුන් තැනින් තැන ඇවිද ගොස් දඩයම් යුගය පසු කළ පසු එකතැන නතර වී ආහාර පාන වගා කරන්නට විය. එය කෘෂිකර්මයයි. මේ කෘෂිකර්මය මත පදනම් වූ සාමූහික සමාජයේ ප්‍රධාන දේශපාලන ගාටළුව වූයේ ජලයයි. ජලය සාධාරණව බෙදා ගන්නේ කෙසේද? මෙම ගැටළුව විසදීමට ලැබුණු උත්තරයට අපි කියනව ‘ආසියාතික අත්තනෝමතිකත්වය’ කියල.

නමුත් නූතන ධනවාදය රජ කරන සමාජයක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටුණු විට ඒ හිදැස පියවන්නට හට ගන්නා පාලන තන්ත්‍රයට ( එනම් ධනවාදී සමාජ ක්‍රමයේ අවසාන හිර වීමෙන් ගැලවීමට යෝජනා වන විකල්ප නූතනත්වය ) අපිට කියන්න පුළුවන් ඒකාධිපතිත්වය ( සමස්තතාවාදය-කිසිදු අඩුවක් නැති සමාජය) කියල. එවැනි ඒකාධිපති පාලන තන්ත්‍ර දෙකක් යුරෝපයේ බිහිවෙලා තියෙනව

01-ෆැසිස්ට්වාදය

02-ස්ටැලින්වාදය

සමකාලීන නූතනත්වය කියන්නේ ධනවාදයට .එතකොට මේ ධනවාදය ඇතුලත අනිවාර්යෙන්ම විසදන්න බැරි ප්‍රතිවිරෝධතා හට ගන්නව. ඒක විසදන්න ලෝකයේ විවිධ කළාප වලින් විවිධ විකල්ප යෝජනා වෙනව. ලතින් ඇමරිකානු නූතනත්වය, අප්‍රිකානු නූතනත්වය, ආසියාතික නූතනත්වය. නමුත් බටහිර සුදු මිනිසාට හැර වෙනත් බලවේගයකට බැරි වෙලා තියනව ධනවාදය විද්‍යාවක් හරහා වටහා ගන්න. (මාක්ස්වාදය) ධනවාදයේ කේන්ද්‍රයට විකල්ප නැති වෙලා පරිධියට විකල්ප බිහිවෙලා තියෙන්නේ මේ ව්‍යුහාත්මක හේතුව නිසා. (රණකාමී ඉස්ලාම් ධර්මය,දේශීය පරිසරවාදය,ආසියාතික පැරණි ජීවන රටාව වශයෙන්) 1935 හේ සිට 1983 දක්වා ලංකාවේත් ධනවාදය වටහා ගන්න මාක්ස්වාදය විද්‍යාවක් වශයෙන් භාවිතා වුණා. නමුත් රෝහණ විජේවීර ප්‍රමුඛ ජ.වි.පෙ විසින් ‘මාක්ස්වාදය’ තිබූ තැනට ‘ජාතිවාදය’ ආදේශ කළා. ඉන් පසුව ගත වූ වසර තිහ කියන්නේ මාක්ස්වාදය මහජනයාට අමතක වෙන්න ගිය කාලය. දැන් මිනිස්සු ධනවාදය කියල ප්‍රපංචයක් වටහා ගන්නේ නැහැ. ඒ වෙනුවට එය වටහා ගන්නේ සිංහල සමාජය,දෙමළ සමාජය,මුස්ලිම් සමාජය කියල. මෙවැනි සමාජයක වර්ධනය මිනිසුන් වටහා ගන්නේ භෞතික සංවර්ධනය තුළින් මිනිසාගේ සම්බන්ධතා වර්ධනය වීම නෙවි. මෙවැනි සමාජයක් හරියටම අතීතයේ පැවති කෘෂිකාර්මික සමාජයක් නැවත නූතනත්වය මත අතිපිහත වීමක්. උත්තරාරෝපණය වීමක්. මේ නිසා මෙවැනි සමාජයක් පාලනය කරන කේන්ද්‍රය අත්තනෝමතික එකක්. ( Despotic) ඒ අර්ථයෙන් මහින්ද රාජපක්ෂ හරි. ඔහු ඒකාධිපතියෙක් නෙවි. ඔහු අත්තනෝමතිකයෙක්. හිතුවක්කාර පාලකයෙක්. ඔහුගේ බලය නිරපේක්ෂ බලයක්.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. ප්‍රභාකරන් මාක්ස්වාදියෙක්ද? තොපි කොටිද? මේක සිංහල රට. අද තොපි ඔහොමවත් ඉන්නෙ අපි හින්ද නැත්තං තොපිට කන්ඩ වෙන්නෙ දෙමල්ලුන්ගෙ ගූ. තොපි තොපේ තරම දැනගෙන හිටපියව්. මේක සිංහල අපේ රට. තොපි පලයව් ඕන කුන්ඩවාලියක. ඉස්සෙන්ඩ එපා. දර්ශනේ දාල කන්ඩ එපා. තියෙන පයියක් කාල අපි කියන විදිහට හිටපියව්.

  2. එතකොට බටහිර සුදුමිනිසා තවම ධනවාදය වැලඳගෙන ඉන්න හේතුව මොකද්ද ඔය කියන ආකාරයට ඔවුන් ධනවාදය විද්‍යවක් විදිහට වටහාගෙන තියෙනවනම්(මාක්වාදය).අනික බටහිර තිබුන ධනවාදයේ ස්වරූපයම ලංකාවෙ තිබුන කියල පිලිගන්න අමාරුයි නේද,කෙසේ වුවත් හොද ලිපියක්,

Comments are closed.