මිචෙල් ෆූකෝ පිළිබඳ ලංකාවේ ඇකඩමියාවට පවතින්නේ ඌනිත අදහසකි. මිචෙල් ෆූකෝ යනු සමලිංගිකයෙකි. ඔහු ගේ දර්ශනය පවා මේ නිසා පිළිකුලෙන් යුතුව ඉවත දැමීමට විෂම ලිංගික බුද්ධි(?) මතුන් කටයුතු කරයි. ජ.වි.පේ.  සහ  පෙ.ස.පෙ. මිචෙල් ෆූකෝ දන්නේත් නැත. මේ නිසා සිදුවන දේ වටහා ගැනීමට ඔවුන්ට විද්‍යාවක් නැත. එබැවින් තමන් ට හිතෙන දේ කිවීම (මනෝ විකාර) හරහා වාස්ථවික නොවන ලෙස සිදුවීම් විග්‍රහ කරයි. එසේත් නැතහොත් දේවල් සිදු නොවුනා හා සමානව සිටි.(නරුම වාදය).

 අප දන්නා තරමට ලංකාවේ 71, 88/89, L.T.T.E සංවිධානයේ නැගිටීම වැනි ලංකාවේ වැදගත් සිදුවීම් වටහා ගැනීමට කිසිවෙකු සමත් නොවී ඇත. එසේම මැයි 9 (මෙය කලු මැයි 9 ලෙස නම් කර ඇත.)  සිදුවීම පවා වටහා ගැනීමටද නොහැකි විය. එය මේ නිසා වාමාංශිකයන් ට මෙන්ම අනෙකුත් දේශපාලන කල්ලි කණ්ඩායම් වලට පවා ක්ෂතිමය අත්දැකීමකි. 

 

අපගේ දේශපාලන ආරම්භ කරන්නේ න්‍යායාත්මක කරුණු මත වේ. ජ.වි.පෙ ඇතුලු වාමාංශිකයන්ට මෙන් න්‍යාය හා භාවිතය යනු අපගේ දේශපාලනය ට දෙකක් නොව එකකි. එබැවින් අපි හදාරයි. දිගින් දිගටම හදාරයි. මේ නිසා ෆූකෝ පිළිබඳ අපගේ අවධානය යොමු වන්නේ ඔහුගේ බලය[power] පිළිබඳ දාර්ශනික දෘෂ්ටිය වෙත මිසක ඔහුගේ සම ලිංගිකත්වය දෙසට නොවේ. (අප කොහොමත් ඍජුව සමලිංගික අයිතීන් පිළිගනී.)

 

ෆූකෝ විසින් රචනා කරන ලද Power/ knowledge නැමති ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේදය වන්නේ popular justice [“Popular justice” can be roughly defined as “the exercise of justice by the people”. The institutions and practices pertaining to this form of justice vary widely across time and geographical space. The 18th and 19th centuries constitute a key historical period for the transition to popular justice in Europe.]පිළිබඳ මාවෝ වාදීන් සමඟ කරන සංවාදයකිනි. ඒ ඔස්සේ ෆූකෝ විසින් ජනප්‍රිය යුක්තිය පිළිබඳ මාවෝ වාදීන් සතු අදහස් කණ්ඩනය කරයි.

ජනප්‍රිය යුක්තිය නැතහොත් popular justice යනු ධනාත්මක සංකල්පයක් නොව ඍනාත්මක සංකල්පයක් වේ. ජනප්‍රිය යුක්තිය බාවිතා කිරීම තුළින් සර්වාත්‍රික යුක්තියක් (universal Justice)  ඉටු නොවන අතර හුදු පළිගැනීමක් පමණක් සිදු වේ. මේ නිසා ජනප්‍රිය යුක්තිය negative practice එකක් ලෙස පෙන්වා දිය හැක. එමගින් අපට ආලෝකය ලබා දෙන්නේ යයි සිතුවත් එය හුදු ෆැන්ටසියක් පමණකි. එසේ හෙයින් පළිගැනීමේ ආකෘතියක් ලෙස popular justice නිර්වචනය කල හැක. පළිගැනීම සදහා භාජනය වන්නා ෆූකෝට අනුව එක්කෝ පොදු සතුරෙකි. එසේත් නැත්තන් පෞද්ගලික සතුරෙකි. 

 

උදාහරණයක් ඔස්සේ පැහැදිලි කරන්නේ නම් සිංහල හමුදාව විසින් විමුක්ති කොටි සංවිධානය සමූලඝාතනය කරන්නේ කිසිඳු ආකාරයක නඩු විභාගයකින් තොරව වේ. සුදු කොඩි සිද්ධියෙන් මෙය වටහා ගත හැක. එවිට ජනප්‍රිය යුක්තිය ක්‍රියාවට නැගුනේ පොදු සතුරෙකු ට විරුද්ධව ය. මෙම උදාහරණයේ ඇති විශේෂත්වයක් වනුවේ ජනප්‍රිය යුක්තිය ක්‍රියාවට නැන්වීමට රාජ්‍යයේ අවසරය හිමි වීමයි. එනම් රාජ්‍ය මගින් මෙම පළිගැනීම සර්ව සාධාරණ කිරීමයි.

 

පෞද්ගලික සතුරෙකු වීම ද මෙසේ ජනප්‍රිය යුක්තියේ මානය තුළින් යුක්තිය ඉටුකර ගැනීමට යාම ප්‍රතිඵල වෙනස් නොවේ.   අසල්වැසියන් සමග ඇතිවන ආර්වුලක් විසඳා ගන්නා ආකාරය මෙහිදී උදාහරණයක් ලෙස ගත හැකිය. මුලින් එක් අයෙකු තවත් අයෙකුගේ විනෝදය තර්ජනයට ලක්කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමන්ට අහිමිවන විනෝදය යලි ලබා ගැනීමට යන්නේ නෛතික ස්වරූපයකට වඩා අනෛතික ස්වරූපයකින් ය. අන්තර්ගතය කුමක් වුවද ජනප්‍රිය ආකෘතිය තුළ තමන්ට යුක්තිය ඉටුකර ගත හැකි බවට සියලු දෙනා සිතයි.

Popular justice යනු අහිංසක  සහ ඉතා සාධාරණ ආකෘතියක් ලෙස පෙනී ගියද එය ඊට හාත් පසින්ම ප්‍රතිවිරුද්ධ ය. 

 

ජනප්‍රිය යුක්තිය යනු කුමක්ද ? ජනප්‍රිය යුක්තිය යනු මහජනතාව අතර පවතින යුක්තිය යි. එනම් යුක්තිය යනුවෙන් වටහා ගෙන ඇති ආකෘතිය වේ. මෙය ජනතාව විසින් කිසියම් දෘෂ්ටිවාදයක ට අනුකූලව තමන්ට ඇති වන යම්කිසි අයහපතක් හෝ හානියක් සදහා යුක්තිය ඉටුකර ගැනීමකි. එය මහජනයාගේ මට්ටමින් යුක්තිය ඉටුකර ගැනීමකි. මධ්‍යස්ථ ආයතනයකින් තොරව අගතියට පත් පාර්ශවය විසින්ම යුක්තිය ඉටුකර ගැනීමකි.[Direct Justice] මෙහිදී බොහෝ විට මුල්තැන ලැබෙන්නේ සාකච්ඡාවට වඩා හිංසනයට යි. කතා කිරීම හෝ හේතු විමසීම එතරම් වැදගත් දෙයක් ලෙස නොසලකයි. මෙය මිනිස් සමාජයේ ආරම්භයේ සිටම ක්‍රියාත්මක වූ ගැටලු විසදීමේ ආකාරයක් ලෙස දැක්වීම වැරදි නොවේ. මේ ඔස්සේ අනෙක් පාර්ශ්වයට තමන්ට වඩා විශාල හානියක් අත්කර දීම සිරිතකි. ෆූකෝ ප්‍රශ්න කරන්නේ මෙවැනි යුක්තියකි.

ජනප්‍රිය යුක්තිය ඉටුකරලීමේදී යොදා ගන්නේ සර්වාත්‍රික නීතීන් නොව මිනිසුන්ගේ අතීත අත්දැකීම් , ඔවුන් විඳි දුක්ගැහැට හා එමගින් ඇතිවූ තුවාල, අසාධාරණය හේතුවෙන් පීඩාවට පත්වීම වැනි සාධක ය. මෙවැනි සාධක පිළිබඳ විස්වාසය තබනවා විනා ජනතාව පොලීසිය හෝ අධිකරණය වැනි රාජ්‍ය ආයතන පිළිබඳ විස්වාසයක් නොතබයි. අධිකරණය යනු කිසිසේත් ජනප්‍රිය යුක්තියේ විකෘති ප්‍රකාශනයක් නොවේ.එය සුවිශේෂී ආකෘතියක් ද නොවන බවයි ෆූකෝ ප්‍රකාශ කරන්නේ. ජනප්‍රිය යුක්තියේ‍ ක්‍රියාවලිය අධිකරණ විරෝධී හෙවත් ප්‍රති- අපක්ෂපාතී වේ. 14 වන සියවසේ දී බදු එකතු කරන්නන්ට පහර දුන් හේතුන්ට අනුව ම අධිකරණ නිලධාරීන් ට ද පහර දෙන ලදී. සිරගෙවල් කඩා දමමින්, විනිසුරුවරුන් අධිකරණ වලින් එළියට ඇද දමා අධිකරණ වසා දමන ලදී. ෆුකෝ විසින් ඉදිරිපත් කරන ලද මෙම උදාහරණය වඩා ගැලපෙන උදාහරණය ලෙස සැලකිය හැකිය. ජනප්‍රිය යුක්තියේ කෲරත්වය කෙතරම් ද යත් ඇතැම් අවස්තාවන් වලදී මහජන යුක්තිය ක්‍රියාවට නන්වන විට පුරාණ අයිතීන් පවා ආර්ක්ෂා කරගැනීමට කටයුතු කර ඇත. ෆූකෝගේ උදාහරණයක් මගින් දක්වන්නේ නම් ඝාතනය කරන ලද සතුරා ගේ හිස මහජන ප්‍රදර්ශනය සදහා කණුවක ගසා ප්‍රදර්ශනය කිරීම පුරාන ජර්මානු චාරිත්‍ර යකි. එය මේ යුගයේ දී ද දැකිය හැක්ක කි.

ජනප්‍රිය යුක්තිය යනු අධිකාරි බලයකින් තොර වූවකි. නමුත් ජනතාව යුක්තිය ක්‍රියාවට නන්වන්නේ මුලුමනින්ම සරළ හා සම්පූර්ණ ලෙසය. මේ හේතුවෙන් අධිකරණය ජනප්‍රිය යුක්තිය සදහා ආගන්තුක වේ. නමුත් මහජනයා ජනප්‍රිය යුක්තිය වටා රොක් වන්නේ සිය ස්භාවික ඉලක්කයක් මගිනි. එය පළිගැනීමේ ඉලක්කයයි. එම ඉලක්කය සපුරා ගැනීම සදහා ජනයා එක්ව ක්‍රියා කරයි. මේ සදහා ද ෆුකෝ විසින් කදිම උදාහරණයක් ගෙන එයි.

දෙවන ලෝක යුද්ධයේදී යම් කාන්තාවක් ජර්මන් සොල්දාදුවෙකු සමග නිදී වැදී හසු වුවහොත් දඩුවම තීරණය කලේ උසාවිය තුළ නඩු ඇසීමෙන් නොව ජනතාව අතර ඇතිවන සම්මුතියක් වැනි යමක් මගිනි. එම මිනිසුන්ගේ තීන්දුව වන්නේ ප්‍රසිද්ධියේ අදාළ කාන්තාවගේ හිස මුඩු කිරීමයි. එය ජනප්‍රිය ආකෘතිය ඔස්සේ දෙනු ලබන දඩුවමයි. Malina චිත්‍රපට යේ මලීනා ට මෙන්ම Ryan’s Daughter චිත්‍රපට යේ Rosy Ryan ට හිමිවන දඩුවම වන්නේ මෙයයි. Ryan’s daughter චිත්‍රපට ය නරම්ඹන්නිය දකින්නේ Rosy ට සිදු වූ අසාධාරණයයි. නමුත් මහජනයාගේ පාර්ශවයෙන් ඇය වැරදිකාරියක් වන බැවින් දිය හැකි හොදම දඩුවම එයයි. 

 

ෆූකෝ හට මාවෝ වාදීන් විසින් විප්ලවයේ අදියරයන් කිහිපයක් දක්වයි. ඉන් පළමුවැන්න වන්නේ  කැරලි ගැසීම ගැන පිළිබඳ සාකච්ඡාව වන අතර පසුව අවසනයේ දී විප්ලවය සිදු වීම පිළිබඳ සාකච්ඡා කරයි. මෙහිදී කොල්ල කෑම වැනි ක්‍රියාවන් සිදු විය හැක. බිත්තර නොකඩා ලෝකය වෙනස් කල නොහැකිය යනුවෙන් ආප්තයක් මගින් මවෝ වාදීන් එම කොල්ලකෑම් ආදියට පක්ෂ බව ප්‍රකාශ කරයි. මේ කරුණ විවේචනය කරමින් ෆූකෝ දක්වන්නේ රාජ්‍ය උපකරණයක පැවත්ම ජනප්‍රිය යුක්තියේ පළිගැනීමේ  ආශාවක් බවට පත්කල හැකි බවයි. සන්නද්ධ අරගලයක් මගින් විප්ලවයක් සිදු කලද ජනප්‍රිය යුක්තිය ඉටු කිරීම සිදු කරයි නම් විකල්ප බලයක් බිහිවෙයි නම් එමගින් සිදු වන්නේ යුක්තියේ ක්‍රියාකාරිත්වය  යටපත් වීමයි. ජනතාව දෘෂ්ටිවාදී ව කටයුතු කරන බැවින් ඔවුන් පවතින දේ විනාශ කරමින් හැසිරීම නැවත්විය නොහැක. මෙම විකල්ප බලය මගින් පවත්නා බලයට විරුද්ධව සහ පවත්නා අධ්කරණයට විකල්පයක් නිර්මාණය කරයි. එය විනාශකාරි වේ.

ෆූකෝගේ මෙම ජනප්‍රිය යුක්තිය පිළිබඳ සංවාදය මැයි 09 වෙනිදා මෙරට දී සිදු වූ සිදු වීම වටහා ගැනීම දෙසට යොමු කරමු.

 

 අප්‍රේල් මාසයේ සිට රාපක්ෂ රෙජිමයට විරුද්ධව ජනතාව ගෝල්ෆේස් හි – ගෝඨාභය ම ලබා දුන් විරෝධතා දැක්වීමේ කලාපයේ සිට- අරගලයක් ක්‍රියාත්මක කරන ලදී. මේ සදහා මෙරට වෘත්තීය සමිති වල දායකත්වය මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාර වල මග පෙන්වීමද විය. ගෝල්ෆේස් අරගලයට ආරම්භය ගන්නේ මුහුණු පොත හරහා සංවිධානය වූ සාමාන්‍ය ජනයා මිරිහනේ පිහිටි ජනපති නිවස ඉදිරියේ උද්ගෝෂන කිරීමයි. මිරිහනේ දී සිදුවූ සිදු වීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද ? ජනතාව විසින් ජනප්‍රිය යුක්තිය practice කිරීමක් නොවේද? පොලීසියට සමාන්‍ය ජනතාව උපදෙස් දෙමින් ඔවුන් දෘෂ්ටිවාදී ලෙස කල්පනා කලේ මානුෂීය හදවතක් නිල ඇදුමට යටින් ඇති බවයි. 

 

නමුත් මිරිහනේ දී එදින රාත්‍රී යේ සිය දෘෂ්ටිවාදය ජනතාවගේ හිස මතට මහා බැටන් පොලු වර්ෂාවක් ලෙස කඩා වැටෙන ලදී. ෆූකෝ ට අනුව කියන්නේ නම් පොලීසිය හා හමුදාව යන ආයතන රාජ්‍ය මගින් පිහිටුවීමේ සැබෑ උවමනාව එදින රාත්‍රියේ දී මෙරට උද්ගෝෂනවාදී මහජනයාට අත්විදීමට හැකි වූ බවයි.

 

එතැන් සිට රට පුරාම විරෝධතා රැල්ලක් දිගින් දිගටම ගිය අතර දෙපාර්ශවයම පොදු ව්‍යුහයකට ගොණු වන්නේ මැයි 09 දින ය. එදින අගමැතිවරයා ට සහය පළ කරමින් ආධාරකරුවන් අරලියගහ මැදුරේ දී රැස්වීමක් පවත්වන ලදී. එය අවසානයේදී ආධාරකරුවන් ගෝල්ෆේස් අරගල භූමියට කඩා පැන අතට අසු වූ දෙයින් එහි සිටිය වුන්ට පහර දෙන්නට විය. ඊට ප්‍රතිප්‍රහාර එම අවස්ථාවේදී දියත් වූ අතර එතැන් පටන් පොදුජන පෙරමුණේ මැති ඇමති වරුන්ගේ නිවාස මෙන්ම දේපළ ගිණි තබමින් ඔවුන්ට පහර දෙමින් රාත්‍රිය පුරාම මහා සිදුවීම් ජාලාවක් නිර්මාණය වන්නට විය. ආධාරකරුවන් ට මග දිගට පහර දෙනු ලැබූ අතර බස් රථ ද ගිණිබත් කර දමන ලදී. මෙය ජනතාවගේ බලයේ තරම නමින් නම් කරන්නේ මෙම අරගලයෙන් පරිබාහිර ව සිට ක්ෂනික මෝචනයට ලක්වූවන් ය.

ජනතාව එක්ව ජනප්‍රිය යුක්තිය ක්‍රියාවට නැන්වීම කෙතරම් භයනක දෙයක් දැයි ඉහත ෆූකෝ විසින් මාවෝ වාදීන් අරඹයා ප්‍රකාශ කල ආකාරය ට අනුව පැහැදිලි විය යුතුය. 

පහළ පංති සදහා අයත් ජනයා – ෆුකෝට අනුව නිර්ධන පාංතික නොවූ ජනයා- විසින් යුක්තිය ඉටු කිරීමට යාම මගින් දේපළ මෙන්ම ජීවිත ද විනාශ වෙයි. තමන්ට සිදුවූ අසාධාරණය සඳහා නීතිය මත විස්වාසය තබමින් කටයුතු කරණු වෙනුවට පළිගැනීමේ ආශාවෙන් පෙලෙන ජනයා තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් නඩු ඇසීමට මහ පාර තෝරා ගන්නා ලදී. මන්ත්‍රී අතුකෝරල ට වෙඩි තබා මරා දමා මළ සිරුර සාහසික ලෙස බිම දිගේ ඇදන් ආවේ ද මොවුන්මය. නිදහසට කරුණු වැදගත් නැත. සියල්ලන් වැරදි කරුවන් බව මහජනතාව දේව හඩින් විනිශ්චය කරන ලදී. එම නිසා නඩු ඇසීම නිම වී දඩුවම් දීම පමණක් ඉතුරු වීය. 

 

ජනතාව තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ගෙවල් ගිනි තබද්දී තවත් පිරිසක් ගෙවල් මංකොල්ල කෑම සිදු කරන ලදී. මන්ත්‍රී නිවාසයන් තුළ පැවති සුඛෝපභෝගී භාණඩ තමන්ගේ නිවාස කරා අරගෙන යාමට බොහෝ අය කටයුතු කලේය. සල්ලි, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආදිය එදින ජනතාව සිය නිවාස වෙත ගෙන යමින් සිටියේය. තමන්ගේ මුදලින් සැප විදින මන්ත්‍රීවරුන් ගේ නිවාස වලින් තමන්ගේ කොටස රැගෙන යාම සිදු විය. 

 

 මධ්‍යස්ථ අස්තානයක් නියෝජනය කරනු ලබන අපක්ෂපාතී අධිකරණ යේ නීතිය තමන් විසින් ක්‍රියාවට නැන්වීම යනුම පක්ෂපාතී අයුක්ති සහගත ක්‍රියාවකි. මෙයින් කිසිවෙකුට යුක්තිය ඉටු විය නොහැක. අප මෙහිදී පැහැදිලි කිරීමට උත්සහ ගන්නේ ගෝල්ෆේස් අරගල කරුවන් හෝ මහින්ද රාජපක්ෂලා ගේ ආධාරකරුවන් නිවැරැදි බවක් නොවේ. ඊට ප්‍රතිපක්ෂව මිනිසුන් නීතිය අතට ගැනීමෙන් සිදුවන ක්‍රියාවලීන් සහ එහි විපාකයන් න්‍යායාත්මක වශයෙන් පැහැදිලි කිරීමකි. ඓතිහාසික ජයග්‍රහණය යනුවෙන් සැමරීමට ඇත්තේ මිනීමැරුම් හා මංකොල්ල කෑම්ය. මෙය නිවැරැදි ව වටහා ගැනීම අත්‍යාවශ්‍ය වේ. 

බුද්ධික.

Has me thinking about how the Internet has changed the concept of popular justice. In the 1700s, people banned together, met in groups to discuss the injustices of the state and finally rebelled against the state to make changes that brought those in power to their knees. This brought about a restructuring in France and in the US (just to name the first that pop into my head). Today, however, people are constantly streaming their ideas on the Web for the world to see. We blog, twitter, facebook about issues that bother us. There is much more mobility, but because everybody is doing it, I wonder/worry it all comes across as static. There’s definite power to be had online, but I think acquiring that power–getting the attention of the masses–may be all the more difficult now that everybody has a voice. The question is in learning how to have your voice rise to the top and be heard.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.