පහත පල වත්නේ හිරැ කන්ඩායමේ හිටපු කෙනෙකුට දීප්තිව පෙනෙන විධිහයි

දීප්ති ගැන නොදන්නා අහිංසකයකුට මෙය ලියා ඇත.

 

සහෝදරවරැනි ඔබලා වාමාංශික දේශපාලනය යන්න මීට වඩා දියුණු ආස්ථානයක සිට අර්ථකතනය කරගතයුතුව ඇතැයි සිතමි. ලංකාවේ වාමාංශික සිතීමද තවමත් ලංකාවේ දූපතේ සීමාව තුලම සිරවී තිබීම කණගාටුවට කරුණකි. මාක්ස් ප්රිකාශ කල පංති පසමිතුරුතාවය ලංකාව තුල කට්ටිවාදයට හා කල්ලිවාදයට වූනනය වී ඇත. ලිබරල්වාදියා, සමාජ ප්රවජාතන්ත්රසවාදියා හෝ දක්ෂිණාන්සිකයා කවුද යන්න පැහැදිලි කරගැනීමේ හැකියාවද නව වාමාංශය වෙතින් ගිලිහෙමින් ඇති බවකි. ජනතා විමුක්ති පෙරමුණ පිළිබදව මටද දැඩි දේශපාලන විවේචන ඇත. එම විවේචන සහිතවම මට ජ.වි.පෙ යනු ශ්රීක ලංකා පෙරටුගාමී පක්ෂයට වඩා තවමත් වාමාංශික පක්ෂයකි. මොකද ශ්රී් ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් පෙනී සිටින කණ්ඩායම තුල මා මේවන තෙක් වාමාංශික භාවිතයක් දැක නැත. ඇත්ත වශයෙන්ම එහි භාවිතය දක්ශිණාන්සික භාවිතයකි. මාක්ස්වාදය යනු භාවිතය හා බැදුනු ලෝකයේ ප්ර ථම න්යාාය බව අමතක නොකරන්න. මාක්ස් හෝ ලෙනින්ගේ ප්ර්කාශ එහෙම් මෙහෙන් පටලවා කිසිදු වාමාංශික හරයක් නොමැති මැජික් ප්ර කාශ කල පලියට කෙනෙකු මාක්ස්වාදියෙකු හෝ වාමාංශකයෙකු නොවේ. මොකද මාක්ස්වාදය යනු භාවිතය හරහා ඔප්පුවන දෙයක් බැවිනි. වර්තමානයේ ශ්රීා ලංකා පෙරටුගාමී පක්ෂයේ නායකයා වන දීප්ති කුමාර ගුණරත්න සුනාමියෙන් පසුව ‘රාවය‘ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ජාව තුළ ප්රගකාශ කර සිටියේ සුනාමියෙන් පානදුර මොරටුව වෙරළ තීරයන් තුළ සිටි කැලි කසල වැනි සංවර්ධනයට බාදාවක් වූ ජන තීරූවක් ගසාගෙන යාම යහපත් දෙයක් බවයි. දීප්ති කුමාරගේ මෙම අන්ත දක්ෂිනාන්සික අපේක්ෂාව වර්තමානයේ ඉදිරියට ගෙන යමින් සිටින්නේ වර්තමාන රජය විසිනි. ඉතින් අපටද කීමට ඇත්තේ ‘මැයි දිනයට කටුස්සොත් රතු පාටයි‘ කියාය.

Prof Neville Uditha Weerasinghe . BA , MA , PhD [Rohitha Bhashana ]

ඔබේ අදහස කියන්න...