නතා විමුක්ති පෙරමුණට අදාල පෙරටුගාමී සමාජ බලඇණිය වන්නේ විශ්ව -විද්‍යාල ශිෂ්‍යන්ය. ලංකාවේ පීඩිත සමාජ කණ්ඩායම් සංවිධානය කිරීමට විජේවීර යොද ගත්තේ විශ්ව- විද්‍යාල ශිෂ්‍ය නායකයන්වය . X කණ්ඩායමේ දේශපාලන අනෙකා වූයේ විශ්ව -විද්‍යාලයයි. නැතහොත් විශ්ව- විද්‍යාල දැනුමයි. ජනතා විමුක්ති පෙරමුණ කතා කරේ අධිපත්‍ය, බලහත්කාරය, මර්දනය, කප්පාදුව, වචන නම් X කණ්ඩායම කතා කරේ බලය, දැනුම වසඟය, වේශ- නිරූපන යන්ත්‍ර, හෙජමොනිය, ස්ත්‍රිය, අවිඥණය වැනි වචනය. (අර්ථය නොදැන)

 

78 ව්‍යස්ථාවට පසුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නීතිය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඊට පෙර රටේ බලය තිබුණේ දේශපාලන පක්ෂවලට සහ වෘත්තිය සමිතිවලටය. නමුත් 78 ව්‍යවස්ථාව මඟින් ජනයාගේ බලය නවමු ආකාරයට අර්ථකතනය කරන ලදී. එහි දේශපාලන අදහස මෙසේය. ‘මහජනයා කැමති දේ යනු රටේ අවසාන නීතියයි. දේශපාලකයන් සහ නිලධාරීන් සතු ආධිපත්‍යයික බලය ශ්‍රී ලංකාවේ සමාජයෙන් අතු ගෑවී ගියේ මහජනයාගේ නීතිය අවසාන නීතිය වූ නිසාය. මෙමඟින් සම්භාව්‍ය දේශපාලනය සහ සම්භාව්‍ය සංස්කෘතිය අහෝසි වී ගොස් එතැනට ජනප්‍රියවාදය සහ ජනප්‍රිය සංස්කෘතිය ආදේශවිය.

 

මිචෙල් ෆූකෝ X කණ්ඩායමේ දේශපාලනය සඳහා වැදගත් වුයේ ඉහත ඓතිහාසික විපර්යාසය ලංකාවේ සිදු වූ නිසාය. 78 ට පසු මිනිසුන්ව “ඉහළින්” පාලනය කිරීම වෙනුවට තමා විසින් තමාගේ බොස් බවට තමාවම පත් කර ගැනීම ආදේශ විය. එය එක්තරා අතකට පරාර්ථ පාලනයකට වඩා ස්වයං- පාලනයකි. එය මිනිසුන් අත් වින්දේ නිදහස ලෙසිනි. Face book යනු එහි පසු නුතන මුහුණුවරයි. පාලකයෙක් නැති ව්‍යුහය පාලනය වන්නේ බලය ( ‘Power’) මගිනි. එබැවින් බලය යනු නිශ්පාදන හැකියාවක් සහිත තැනකි. යම් ආතනයක ප්‍රධානියා සමග ආයතනික නොවන සම්බන්ධයක් පවත්වාගෙන යන ස්ත්‍රියක් මගින් සංකේතවත් වන්නේ ආයතනික අධිපත්‍ය නොව “බලයයි”. එබැවින් බලය යනු පුරාතන අදහසක් නොවේ. එය නුතන අදහසකි. නුතන ආයතන තුළදී අප අත්විඳින්නේ මර්දනය නොව බලයයි. මෙහි දේශපාලනික අරුත සංකිර්ණය. බලයෙහි පිටත යනු සමාජය නොව ආයතනික ව්‍යුහයේම ඇතුලතයි. උදාහරණයක් ලෙස සමකාලීන ආයතන තුළ ක්‍රියාකාරී වන මිලියන ගාණනක් වූ ජනයා තම ආයතනිත ව්‍යුහය තුළම සිටින ‘අනෙකා’ සමඟ මිස සමාජය සමඟ සම්බන්ධයකට යන්නේ නැත.

 

90 දශකය අගවන විට X කණ්ඩායමේ ප්‍රධාන සාමාජීකයන් ‘බලය’ පිළිබඳ ඉහත අදහස අවබෝධ කරගත් නිසා ඔවුන් සහ ජවිපෙ ශිෂ්‍ය – නායකයන් අතර දේශපාලනය  ‘වෙනස’ බිහි විය. නමුත් X කණ්ඩායමට වැරදුනේ ‘බලය’ පිළිබඳ කාරණයේදී නොව ‘අනෙකා’ (Other ) පිළිබඳ සාධකයේදීය. ෆූකෝට අනුව ‘බලය’ උත්පාදනය කරන්නේ ශික්ෂණයයි. ‘බලය’ මිනිස්සු විනයගත කරයි. නමුත් එපරදිම බලය විසින් මිනිසුන්ව ශෘෘංරකරණය ද කරයි. මේ දෙවැන්න X නායකයන් නොදැන සිටි සාධකයකි. බලය කතිකාවෙන් පලායන X නම් ශේෂයක් විසින් පෙරලා X සමාජීකයාව විසංධානය කරන බව ඔවුහු නොදැන සිටියහ. ෆූකෝගේ දුර්වල නිලය වුයේ ඔහුට ‘අවිඥණය’ යනුවෙන් ක්ෂෙත්‍රයක් හමු නොවීමයි. X නායකයන් ද නොදන්නේ මිනිසුන්ට අවිඥණයක් ඇති බවයි.

Sri Lanka Mirror

ඔබේ අදහස කියන්න...