මිනී මරා එයට ආගමෙන් අශිර්වාද ලබා ගනිමින් රාජ්‍ය පාලනය කළේ මහින්ද රාජපක්ෂය.
පැඞී – ෆීල්ඞ් සරත් ෆොන්සේකා තම රට තුළම අයිතීන් දිනා ගැනීමේ සටනක නිරත වූ සිවිල් සහ මිලිටරි ජනයා සමූලඝාතනය කොට මේ කාලයේ මාර සැපක් ගනිමින් සිටියි.
පාදඩයන්, හොරුන්, මංකොල්ලකාරයන් , ස්තිු දුෂකයන් මේ කාලයේ මාක්ස්වාදය ගැන ටිප්පණි, අටුවා සපයමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණෙන් සහ පෙරටුගාමී සමාජවාදීන්ගෙන් දේශපාලන හේතු නිසා ඉවත් වූ පිරිස වන්දනා බස වල නැගී සංජය බෙල්ලට්ටපූත්ත, අජිත කේසම්බල ආදී මාක්ස්වාදී  , වාමාංශික මුනිවරයන් සොයමින් වන්නියේ ඝණ කැලෑවල පවතින ආරාම කරා ගමන් කරමින් සිටිති. තමන් කලින් දැනසිටි සංකල්ප යලිත් සම්මුක වීම නිසා {නායකත්වය,විනයගත කාඩරය, නිදහස් ජීවිතය විවේචනය කිරීම, විප්ලවවාදී පක්ෂය } ඔවුහු භ‍්‍රාන්ත වී සිටිති. සමහරු යලිත් වතාවක් “අසොක මල” හැර දමා අලූත් සමන්ත භද්දියලා සොයමින් සිට්ති.
ආගමේ භාෂාවෙන් කියනවා නම් අපි යළිත් ආගම විසින් ලෞකික හේතුවට කරන විවේචනය දෙසට හැරිය යුතුය. බහුදේවවාදය විනාශ කල හැක්කේ ආගම මිථ්‍යාවක් ලෙස සැලකීමෙන් නොව එය සම්‍යක් දෘෂ්ටියක් ලෙස සැලකීමෙනි. දෘෂ්ටිවාදී විචාරයේ පළමු පියවර එයයි.

ඔබේ අදහස කියන්න...