[dropcap color=”red”]ජ[/dropcap]නශ්‍රැතියෙන් ආරම්භ වී ජන කතාවක් බවට පත් වූ ඉබ්බා ගේ පළමු කතාවට අනුව ඉබ්බා ජීවත් වූ විලෙහි ජලය හිදී යයි. ඉතින් ඉබ්බාගේ ගැලවුමට කොක්කු දෙන්නෙක් ඉදිරිපත් වෙයි. එතනින් එහාට කවුරුත් දන්න පළමු කතාව පහත පරිදිය. එය පුරාණ කාලයයි.

01-  කෝටුවක් දෙපැත්තෙන් තම කොක්කු දෙන්නා තම හොටයෙන් අල්ලා සිටින අතර ඉබ්බා කෝටුව මැදින් කටින් එල්ලී සිටියි. ජලය ඇති තවත් විලක් කරා කොක්කු දෙන්නා ඉබ්බාව රැගෙන යන විට විශාල වෙල් යායක් මැදින් ඔවුන්ට ගමන් කිරීමට සිදු වෙයි. වෙල් යායේ සෙල්ලම් කරමින් සිටි කොල්ලන් පිරිසක් ඔලොක්කුවට මෙසේ කියා කෑගසයි. අන්න ඉබ්බෙක් අහසින් යනවෝ! එවිට ඉබ්බාට කේන්ති යන අතර ඌද මෙසේ කෑගසයි. ඉතිං තොපිට මොකද යකෝ? එවිට ඉබ්බා බිමට වැටී අභාවප්‍රාප්ත වෙයි.

02-  නූතන යුගයේ දී නැවත ඉබ්බෙකුට අහසින් යාමට අවශ්‍ය වන අතර එවිට කලින් සිදු වූ කතාව දන්නා නිසා සෙල්ලම් කරමින් සිටින කොල්ලන් ඉබ්බාට නක්කලයට කෑ ගසන්නේ නැත. එවිට ඉබ්බාට මෙසේ කියවෙයි. ඇයි අද අර කොල්ලෝ මට කෑ ගහන් නැත්තේ, එවිට ඉබ්බා බිමට වැටී අභාවප්‍රාප්ත වෙයි.

03-  යථාර්ථවාදී  යුගයේ දී නැවත ඉබ්බෙකුට අහසින් යාමට සිදු වෙයි. එවිට කොකුන් ගමන් කරන්නේ ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් පැවැත්වෙන අතර තුරයි. ක්‍රීඩාංගණයේ ආලෝකය දුටු විට එක කොකෙකුට එය අදහා ගත නොහැකිව ඉබේම මෙසේ කියවෙයි. අම්මට හුඩු මාර ලස්සණයි නේ බං! අනිත් කොකා තනියෙන් ඉබ්බා බේර ගන්නට උතසහ කළත් අවසානයේ ඉබ්බා බිමට වැටී අභාවප්‍රාප්ත වෙයි.

04-  පශ්චාත්-නූතන යුගයක දී කොක්කු දෙන්නෙක් ඉබ්බෙකු රැගෙන යන අතර එය ගමන් කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුලුව පැවැත්වෙන දින දී නෙළුම් පොකුණ උඩින්ය. එදින රාත්‍රියේ සුන්දර ගිණි කෙළි වලින් අහස වර්ණවත්ව පවතින අතර එය දකින එක කොකෙකුට මෙසේ කියවෙයි. මාර බියුටි එකක් නේ! තමා අතින් සිදු වූ වරද වටහා ගන්නා කොකා වහාම ඉක්මන් වී කෝටුවේ අනිත් කොන අල්ලා ගනියි. හිත හොද ඉබ්බාට ඉබේටම මෙන් මෙසේ කියවෙයි. “Thank You machang!” එවිට යළිත් ඉබ්බා පහළට කඩා වැටෙන අතර ඔහු නතර වෙන්නේ චාල්ස් කුමාරයාගේ ඔඩොක්කුවේය. චාල්ස් කුමාරයා ඉබ්බාගෙන් තතු විමසන අතර ඉබ්බා සිදු වූ දෙය කියයි. එවිට චාල්ස් කුමාරයා මෙලෙස උපදේශයක් දෙයි. හොද වැඩක් කරපු කෙනෙකුටවත් මීට පස්සේ “Thank You” කියන්න එපා!

ඉහත ජනශ්‍රැතික කතාවට මනෝවිශ්ලේෂණ අර්ථයක් දීමට අපි උත්සහ කරමු. අවස්ථා හතරේදීම ඉබ්බා යැටෙයි. අවස්ථා හතරේදීම කොක්කුත් ඉබ්බාට උදව් කරයි. ඉබ්බාට වරදින්නේ කුමක් නිසාද?

පෙනීමට වඩා දැක්ම (Gaze) දේශපාලනිකය. ඉබ්බාට කෙළ වෙන්නේ ඌට දැක්ම ගැන අවබෝධයක් නැති නිසාය. නොදරුවෙකුට අම්මා පෙනුනාට වැඩක් නැත. නොදරුවාට අවශ්‍ය තමා දෙස මව බලා සිටිනවා ද යන්නය. දැක්ම යනු එයයි. අම්මා ඉවතට ගිය විට නොදරුවා හඩන්නේ මව නොපෙනෙන නිසා නොව මව දරුවා දෙස නොබලන නිසාය.

ඉබ්බාට තම ජීවිතයට වඩා වැදගත් වනනේ අනෙකා තමාව නරඹමින් සිටිනවාද යන්නය. සෑම විටම ඉබ්බා බ්මට වැටෙන්නේ ඉබ්බා ගේ දැක්මට ඇති සම්බන්ධය නිසාය. මිනිසුන් ජීවිත කාලයක් ජීවත් වුවත් ඔවුන් මේ දැක්ම යන්න අනුභුතිකව අති නොවිදියි. මේ ලෝකයේ සිටින්නේ ඉබ්බන් සහ කොකුන් පමණක් නෙවි. තමා දෙස බලා සිටිනවා යැයි පරිකල්පනය කරන කොල්ලන්ද මහපොළොව මත ජීවත් වෙයි. අහසින් යන ඉබ්බන්ට මෙන්ම කොක්කුන්ට ද මරණය උදාවන්නේ මහපෙළොවේ සිටින කොල්ලන් ගේ දෘෂ්ටි කෝණයට අනුව හිතන්නට යාම නිසාය.

මේ මෑතක දී කොල්ලන් ගේ දැක්ම වෙනුවෙන් ඉබ්බියක් මෙලෙස සටහන් කළාය…

මට කිසිදු දිනෙක මට වඩා වසර ගනනාවක් වැඩිමහළු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ශනයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසට ය. එපමණක් නොව මේ කියන කාලයේදී ඔහු මගේ මවගේ කුළුපග මිතුරෙකි.

මනෝවිශ්ලේෂණය ගැන කිසිදු අවබෝධයක් නැති වාමාංශිකයෙකු ඉහත වාක්‍ය තෝරා ගත්තේ පහත ගමේ ගොඩේ ආකාරයටය.

” මට කිසිදු දිනෙක මට වඩා වසර ගනනාවක් වැඩිමහළු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ශනයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසට ය.”

අප ජීවත් වන අර්ධ නාගරික හා ගැමි සමාජයේ බොළඳ ගැහැනුත් මේකම මෙන්න මේ වගේ වචනවලින් කියනවා.

“චීයියා! නාකියා! ඌ හරියට අපේ බාප්පා වගේ.”

වෙනසක් නැහැ, නේද?

සස්ස පස්සට…

ඔබේ අදහස කියන්න...