[dropcap color=”red”]අ[/dropcap]ප ජීවත් වන යුගය නව වැඩවසම් සමාජයක් (Neo-Feudal society ) බවත් එය නව ලිබරල්වාදයේ දෙවන ඉණිම නොවන බවත් අප විසින් තහවුරු කලා. මේ දින වල සීග්‍රෙයන් ලංකාව පුරාම ඩෙංගු උණ රෝගය වර්ධනය වෙමින් පවතින බැවින් ඒ පිළිබදව දැඩි උනන්දුවක් රට පුරාම ඇතිව තිබෙනවා. මේ නිසා පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව දිවයින පුරා වැටලීම් සිදු කරනු ලබනවා. මේ ආකාරයෙන් සිය නිවෙස් වල සහ ගෙවත්තේ ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හැරි පුද්ගලයන්ට එරෙහිව පසුව අධිකරණයේ නඩු පවරණු ලබන අතර එවැනි පුද්ගලයන් අධිකරණය විසින් වරදකරු යැයි තීරණය කරණු ලැබූ පසුව රුපියල් 5000 සිට 25,000 දක්වා වූ දඩ මුදලක් අය කරනු ලබනවා. බැලූ බැල්මට මෙය ඩෙංගු වසංගතය තුරන් කිරීමට රජය විසින් ගනු ලැබූ ඉතා ප්‍රශස්ත ක්‍රියා මාර්ගයක් යැයි බොහෝ අය සිතනවා. අවසන් වශයෙන් රාජ්‍ය විසින් ජනතාවට ලබා දෙන පණිවිඩය වන්නේ තමන්ගේ ආරක්ෂාව සහ අනුන්ගේ ආරක්ෂාව පෞද්ගලිකව ජනතාව විසින්ම තහවුරු කරගත යුතු බවයි. ජනතාවගේ ජීවිතය සහ මරණය පිළිබදව වූ සංකීර්ණ ප්‍රශ්ණ නිරාකරණය කරන්නට වගකීම ඇත්තේ රජයට වුවත් දැන් රජය ඒ වගකීම ජනතාව පිටම පටවා තිබෙනවා.

වසංගත රෝග බෝවීම වැලැක්වීම සහ එවැනි රෝග වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම පවතින්නේ රජයටයි. සුභසාධනවාදී රාජ්‍ය සංකල්පයට අනුව ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්ණ විසදිය යුත්තේ රජය විසිනි. ධනවාදී රාජ්‍යයක පවා ඒ වගකීම රාජ්‍ය සතු වගකීමකි. ධනවාදී රාජ්‍යක පෞද්ගලික දේපල අයිතිය තහවුරු කර ඇතත් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ වගකීම ප්‍රමුඛ වෙනවා. ඇමෙරිකාවේ නව සෞඛ්‍ය ප්‍රත්පත්තිය සම්මත  වන්නේ මෙවන් වටපිටාවක් තුළය. ඩෙංගු ප්‍රශ්නය මුලින්ම පාරිසරික ප්‍රශ්ණයක් වන අතර එය පසුව ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්ණයක් බවට පත්වෙනවා. වර්ථමානය වන විට එය නීති ප්‍රශ්ණයක් වී අවසානයේ එය දේශපාලන ආර්ථිකය හා සම්බන්ධ වන ප්‍රශ්ණයක් බවට පත්ව තිබෙවා.

ධනවාදී නගර නිර්මාණය කිරීමේ ක්‍රමවේදය අවිධිමත්ව කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශ  වල විශාල වශයෙන් ඩෙංගු උවදුරට ගොදුරු වී තිබෙනවා. විධිමත්ව ගොඩනැගිලි සහ නගර නිර්මාණය නොකිරීම මත අවිධිමත් ආකාරයෙන් ජලය බැස යාම නිසා ඩෙංගු මදුරුවන් බෝවීම සීග්‍රෙයන් වර්ධනය වී තිබෙනවා. එය ජනතාව විසින් තම ගෙවත්ත පිරිසිදුව තබා ගැනීම මගින් පමණක් සම්පූර්ණයෙන්ම නතර කළ හැකි ක්‍රියාදාමයක් වන්නේ නැහැ. ඩෙංගු කීටන් බෝවීම වැලැක්විය හැකි යැයි කියන බී.ටී.අයි බැක්ටීරියාව කියුබාවෙන් ආනයන කිරීම නතර වන්නේ වෙනත් ආර්ථික කාරණා නිසා මිස රජයට මුදල් නැති නිසා නොවේ(මේ නිසා දැන් ඔබට සහ ඔබේ දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කර ගන්නට මොර්ටීන් වේපරයිසර්,සොෆෙල් මදුරු සංවේදී ආලේපන භාවිතා කළ හැකි වෙනවා. ඒ සදහා ඔබ වියදම් කළ යුතු අමතර මුදල ඔබ වංගු ආර්ථිකයක් මගින් උපයාගත යුතු වෙනවා) . මේ වන විටත් අප මීට පෙරත් කී ආකාරයෙන් මේ නව වැඩවසම් සමාජය තුළ සමාජ බලය හිමි නව ෆැන්ටෑස්මැටික කුලයන් විසින් මෙයට විකල්ප පෞද්ගලික මට්ටමින් සොයාගෙන තියෙනවා. සමාජ බලය හිමි නීතිඥවරුන්,වෛද්‍යවරුන් ඇතැළු මේ නව කුලයේ සාමාජිකයන්නේ නිවෙස් වල ඉදිරිපස ගේට්ටුවේ මේ නිවස ඩෙංගු මදුරුවන් ගෙන් තොර නිවසක් යැයි බෝඩ් ගසා තිබෙනවා. එම සහතික අදාල පළාතේ පළාත් පාලන ආයතනය විසින් ලබාදෙනු ලබනවා . මේ සමාජ බලය හිමි නව කුලයට අයත් නොවන සාමාජිකයන් සිය දෛනික ජීවන මාර්ගයන් පසෙකලා සිය නිවසේ අහුමුලු පරීක්ෂා කරමින් ඩෙංගු මදුරුවන් සෙවිය යුතු වෙනවා. කිසිදු ආකාරයෙන් ජනතාවට පාලනය කළ නොහැකි මදුරු කීටයන් දැන හෝ නොදැන සිය නිවෙසේ හෝ ගෙවත්තේ  බෝවූ විට සාමාන්‍ය ජනතාවට අධිකරණයට ගොස් දඩ ගෙවන්නට සිදුවෙනවා. අඩුම තරමේ අප ධනවාදී සමාජයක ජීවත් වූවා නම් අඩුම තරමේ අපට සෞඛ්‍යයට ඇති අයිතිවාසිකම්වත් භුක්ති විදින්නට හැකියාව ලැබෙනවා. නමුත් අප ජීවත් වන  නව වැඩවසම් සමාජය (Neo-Feudal society ) තුළ ඒ අයිතිය හිමි වන්නේ වරප්‍රසාදලත් නව ෆැන්ටෑස්මැටික කුලයකට පමණයි.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. අපි දන්න විදිහට ලෝකයේ සමාජ ක්‍රමයක් විදිහට හොදම සමාජ ක්‍රමය තමයි කොමියුනිස්ට් සමාජ ක්‍රමය. අපි ජීවත් වන ධනවාදී සමාජයේ දී මේ වගේ දේවල් වෙනවා කියලා අපි දන්නවා. ඒත් මේ නව වැඩවසම් සමාජ ක්‍රමය කියන කාරණයෙන් අපි නොදන්න තව දෙයක් පැහැදිලි වෙනවා. උබල කරන සමාජ මෙහෙවර විශිෂ්ඨයි. කවදා හරි දවසක උබලා මේ කියන කාරණා මේ රටේ මෝඩ මිනිස්සු වටහා ගනී අපි බුද්ධිමත් අය නිසා අපිට මේක වැටහෙනවා.ඒත් ගොඩක් උන්නට මේවා තේරෙන්නෑ අපි උන්නට අනුකම්පා කරමු.

  2. “නොනිමි අරගලය” පොතේ සටහන් වන කතා සමග සසඳන විට ඉහත කී සිදුවීම ඉතා සුළු සිද්ධියකි. වංචනිකයින් සහ ස්ත්‍රී දූෂකයින් විනිසුරු අසුන් කිලිටි කරන අයුරු පැහැදිලි සාක්ෂි සහිතව එම පොතේ සටහන්ව ඇත. මේ දිනවල අධිකරණ ක්ෂේත්‍රයේ සරණය වන පෙත්සම් එම පොතට ඇවැසි ලුණු ඇඹුල් කදිමෙට සපයයි. මේ සියළු කතාන්දර පවසන්නේ මෑතක දී අවසන් වුණේ අධිකරණ ක්ෂේත්‍රයේ අඳුරුතම යුගය බවයි.

  3. දෝෂාභියෝගය ප්‍රශ්නය වෙලාවේදී ආණ්ඩුවට මතයක් ඕන වුණා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා කියාගන්න. ආණ්ඩුවටත් කලින් ඒක කියපු කට්ටියක් හිටියා. එහෙම අය වැඩක් තියෙනවද මෙහෙම සටනකට. වැඩක් නැහැ. ආණ්ඩුවේ එම ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමන වැටිලා තිබුණේ පාර්ලිමේන්තුව හරහා. ඒ ගමනට පළවෙනියෙන් සහාය ලබාදුන්නේ මේ රටේ විපක්ෂනායකවරයා. ඒක තමයි ඇත්ත තත්වය. අධිකරණයත්, අභියාචනාධිකරණයත් ලබාදුන්නු තීන්දු පිළිගන්නේ නැහැ කියලා ආණ්ඩුවටත් කලින් කිව්වේ තිස්ස අත්තනායක ලේකම්වරයා. එනිසා එකතුවිය යුත්තේ තීරණාත්මක අවස්ථාවලදී සතුරා සමග පෙළ නොගැසෙන අය සමඟ පමණක්මයි.

  4. හතුරා නගන අවලාදයට වඩා තමා සමග එකට සිටින සහෝදරයා ගොතන බොරුවේ වේදනාකාරීත්වය වැඩි බවත් හතුරාගේ අවලාද තව තවත් වර්ණ ගන්වා ඉදිරිපත් කිරීම ඉතිහාසයේ සරදමක් බවත් කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ (08) සඳහන් කළේය. ඒ මහතාගේ ප‍්‍රකාශය මෙසේය.මා සම්බන්ධයෙනුත්, මගේ පක්ෂය සම්බන්ධයෙනුත් පසු ගිය දිනවල මාධ්‍යවල පළ වුණු වාර්තා පිළිබඳව ඒ ආශ‍්‍රිතව මුළු මහත් ජාතියටත්, මගේ පක්ෂයේ සාමාජිකයන්ටත් මේ රටේ දිවි හිමියෙන් ආදරය කරන ජනතාවටත් මට තිබෙන කරුණු පැහැදිලි කිරීම කරන්න මා ඉල්ලා සිටිනවා.ගරු කථානායකතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් වරයා හැටියට මට මේ සභාවේ මෙබඳු පැහැදිලි කිරීමක් කරන්න ඉතිහාසය කිසිදු ලෙසකින් වත් අවස්ථාවක් සලසන එකක් නැහැයි කියන විශ්වාසය මට තිබුණා.නමුත් කුමන හෝ අවාසනාවකට මේ සභා ගර්භය තුළ මේ පැහැදිලි කිරීම කරන්න ඉතිහාසය විසින් අද මට බල කර තිබෙනවා.

Comments are closed.