අප විසින් අරුණි ශපීරෝ‍ විසින් ලියන ලද ලිපි මාලාව පල කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් අප ගෙන් කරුණු විමසනු ලැබුවා. ඇත්තටම මේ කාලයේ බ්ලොග් අඩවි වලට ලියන ගොඩක් අය ගේ ලිපි සමග බලන විට අරුණි ගේ ලියමන මගින් ඇය ගොඩ නගන තර්කයන් අපට යමක් හිතන්නට පෙළඹවීමක් ඇති කරයි. අප සංවිධානයට 2004 ට පෙර ස්ත්‍රීන් පැමිණියේ පුරුෂයන්ට වෛරකරමිනි. ඔවුන් බොහෝ අය අවසානයේ අප හැර ගියේ පුරුෂයෙකු සමගමය. අපට දේශපාලන අවබා්ධයක් ඇති ස්ත්‍රී පරම්පරාවක් බිහි කරන්නට බැරි විම ගැන තවමත් කණගාටුවක් ඇති අතර ඊටත් වඩා කණගාටුවට කරුණ වන්නේ අප සමග අතීතයේ සිට අපව හැර ගිය ස්ත්‍රීන්ට දේශපාලනය ගැන ඇති අනවබෝධ ගැන සිතන විටය. ඒ අතින් අරුණී අප එකග නොවුනත් මතවාදීව තමන් ගේ ස්ථාවරය නිවරදිව ලකුණු කරන්නට හැකියාවක් ඇති අයෙකු වශයෙන් ගත හැකිය. ඇය විසින් ලියන ලද ලිපි මාලාව විවේචනය කරමින් අප විසින් ලිපි මාලාවක් ලියන්නට අදහස් කළ බැවින් මුලින් ඇගේ ලිපි මාලාව කියවන්න යැයි අපි ඔබට ආරාධනා කරන්නෙමු.

පරණ ලිබරල්වාදය ගැන මෙම සටහන් වලින් ඔබ දැනටමත් කියවා ඇත. ඒ 17 වැනි සියවසේ දී ජෝන් ලොක් ඉදිරිපත් කළ ඒක පුද්ගල අයිතිය මූලික කරගත් 1776 දී ඇමෙරිකාව ලොවට දායද කළ විමධ්‍යගත අවම ආණ්ඩු ක්‍රමයකින් ද, 1850 ගණන් වල දී ෆ්‍රෙඩ්රික් බැස්ටියාට් හා එකඟ වෙන අර්ථ ශාස්ත්‍රඥයන් විසින් පෙන්වා දුන් සාර්ථක එකම ක්‍රමය වූ ධනවාදී නිදහස් වෙළඳපොලක් සහ ඉහත කියූ නිදහස් අදහස් හඳුනාගත් ජනතාවක් විසින් තම රටට අවම ආණ්ඩුවක් සහ නිදහස් වෙළඳපොලක් අගයන ආර්ථික ක්‍රමයක් අවශ්‍ය යැයි කියන්නයි.

නව ලිබරල් ධනවාදයට එරෙහි හා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාලනයට එරෙහි යැයි සටන් පාඨ එල්ලාගෙන යන බැනර් පසුගිය කාලයේ දී කොළඹ පැවති උද්ඝෝෂණ තුලින් පෙනිණ. රට නව ලිබරල් ධනවාදයට ගොදුරු වී ඇතැයි ද, ලංකාවේ පාලක දේශපාලන පක්ෂ විසින් ගෙන යන ලද මෙයින් ජනතාව ගලවා ගන්නා බවට පොරොන්දු ප්‍රකාශ කියවන්නට ලැබුණි.

අපේ දැක්ම ප්‍රකාශනය පටන් ගැන්මේ දී “මේ වන විට ශ්‍රී ලංකාව නව ලිබරල්වාදයේ ගොදුරක් බවට ද පත්ව තිබේ,” යැයි ලියා ඇත. එසේම “එහි ප්‍රතිඵලය වී ඇත්තේ, ලංකාව මේ වනවිට දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පිරිහීමකට ලක්ව තිබීමය. ඒ තුළ සියලු ජන කොටස් පීඩාවට හා වේදනාවට ලක්ව අපේක්ෂාභංගත්වයට පත්ව සිටී,” යැයි ද ලියා ඇත. ලංකාව නිදහස ලැබූ දා පටන් නව ලිබරල්වාදයේ ගොදුරක්ව සිටියි. ඒ නිසා ඉහත දෙවැනි කොටස සැබැවින්ම එහි ප්‍රතිඵලය වෙයි.

ධනවාදය කුමක්දැයි ජනතාව වටහා ගන්නට පෙර එය විකෘති කර ලේබලයක් ගැසූ මාක්ස් අනුව යමින් “ලිබරල්වාදය” කුමක්දැයි නොදන්නා ජනතාවකට දැන් හැම වැරැද්දකටම පට්ට ගහන්න “නව ලිබරල්වාදය” නම් ලේබලයක් ලැබී ඇත. “හොබ්ස් කියන සල්ලි,” ලෝස් නැතිව බෙදන අය හමුවේ පැරණි ලිබරල්වාදීන් මහත් වෙහෙස මහන්සියකින් උපයන අපේ සල්ලි වලින් සටන් වදින්නේ අපේ අයිතීන් පමණක් නොව හිතන්නට නොහැකිවන ලෙස රවටන සෙසු ලෝක ජනතාව ද අගාධයට වැටීමෙන් මුදවා ගන්නටයි.

නිදහස් වෙළඳපොල කුමක්දැයි කියා හෝ ධනවාදය කුමක්දැයි කියා නොදන්නා අය නව ලිබරල් ධනවාදය යැයි අල්ලා ගෙන සිටින්නේ මොකක් ද?

“ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදීන් කියන පරිදි, ප්‍රධාන තීරණ ගැනීම වෙළඳපොළට භාර කළ යුතුව ඇත,” යැයි රන්දොර අඩවියේ නව ලිබරල්වාදය, දේශපාලනය සහ සමාජය අමානුෂික වීම ගැන සිරි හෙට්ටිගේ ලියූ ලිපියේ සිංහල පරිවර්තනය කියයි.

මෙම වාක්‍යයේ සත්‍යයක් වටා අවුලක් ඔතා ඇත. එහි කියන සත්‍යය නම් ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වල ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් නව ලිබරල්වාදීන් බවයි. එහෙත් එහි ඇති අසත්‍යය නම් ඔවුන් ප්‍රධාන තීරණ ගැනීම වෙළඳපොලට භාර දෙනවා යන්නයි. ඔවුන් එසේ නොකරති. ඔවුන් මහා පරිමාණයෙන් රාජ්‍ය මැදිහත්වන වැඩ සටහන් වැඩියෙන් දියත් කරති. ඒ සම්බන්ධයෙන් මම රන්දොරට ලියන ලද සටහන රාවය පත්‍රය උපුටා පළකරන ලද්දේ එහි අවසානයේ වෙළඳපොලට මැදිහත් වන මේ නව ලිබරල්වාදීන්ගේ නම් ගම් ඇතිව පෙන්වන වැදගත්ම කොටස කපා දමා ය!!!!!!

සිරි හෙට්ටිගේ ලිපියේ ඊ ළඟ පරිච්ඡේදයේ “ඒ, භාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම සහ පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් බොහෝ මානව ක්‍රියාකාරීත්වයන්ට අදාළ තීරණ ගැනීම ද සම්බන්ධයෙනි. ඒ අනුව, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රවල රාජ්‍යයේ මැදිහත් වීම ස්වේච්ඡාවෙන්ම අවම කළ යුතු බව කියැවේ.” මෙය අසත්‍යයකි, නව ලිබරල්වාදීන් එසේ කියන්නේ නැත.

නව ලිබරල්වාදය යනු කුමක් ද?

නව ලිබරල්වාදය යනු ධනවාදී ආර්ථික ක්‍රමයක් අවශ්‍ය යැයි කියමින් එහෙත් තව තවත් සමාජවාදී මැදිහත්වීම් මහා පරිමාණයෙන් වැඩි කිරීමයි. නව ලිබරල්වාදියෙකුට කදිම නිදසුන ඇමෙරිකන් ජනාධිපති බරක් ඔබාමා ය.

ඒත් කවුද ලොව මුලින් ම නව ලිබරල්වාදයක් ගෙනාවේ?

ව්ලැඩමියර් ලෙනින්!!!

ඔව්, ලෙනින් සහෝදරයා තමයි!!!! 😀

1921 දී නව ආර්ථික පනත (Novaya Ekonomicheskaya Politika) ගෙනැල්ලා රාජ්‍ය ධනවාදයක් ස්ථාපිත කරන්නෙ ව්ලැඩිමියර් ලෙනින්. ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරන්න බැහැයි කියන Khozraschyot සංකල්පයට ඉඩක් දෙන්නට ඔවුනට සිද්ධ වුනා ආර්ථික බේරාගන්නට වෙනත් කිසිම විකල්පයක් නැති බව පෙනී යද්දී.

ඉතින් ලෝකය නව ලිබරල්වාදයකට යටත්ව ඉන්නේ කවදා පටන් ද?

1921 දී සිට මිසෙක මෑත දශකයන් හි දී නොවේ!!!!!

බෙදන අවුල් ඒ විදියටම බාරගෙන පටලවා ගෙන ඉන්නා අයට පැහැදිලි කිරීමක් මෙසේයි. නව ලිබරල්වාදය යනු ආර්ථික ක්‍රමයක් නෙමෙයි. එය ආණ්ඩු ක්‍රමයකි. ධනවාදය හෝ සමාජවාදය යනු ලොව පවතින ආර්ථික ක්‍රමයන් දෙකයි. එහි මැද්දක් නැත. ධනවාදය යනු පුද්ගල අයිතිය හා නිදහස් වෙළඳපොලට ඉඩ දීම වෙද්දී ඊට මැදිහත්වීම් වෙන සෑම අවස්ථාවක් ම එය සමාජවාදී ආර්ථික ක්‍රමයක් බවට පත්වෙයි. ධනවාදයෙන් යුතු “නව සමාජවාදයක්” පවත්වාගෙන යා හැකි යැයි සිතන අසාර්ථක ආණ්ඩු ක්‍රමය නව ලිබරල්වාදය බව කවුරු හරි ජවිපෙට දැනුම් දෙන්න!!!!!!!

ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව 1932 දී බිඳ වැටුනත් එය වටහා ගත් අය ලොව ස්වල්පයකි.

මාක්ස් ලියූ සමාජවාදී ආර්ථික ක්‍රමය කිසිසේත්ම වැඩ කරන්නේ නැත්තේ මන්දැයි වටහා ගත නොහැකිව සිටි සෝවියට් රුසියාව අකමැත්තෙන් වුව ද ධනවාදී ක්‍රමයට ඇබිත්තක් ඉඩ දුන් දා පටන් ලොව නව ලිබරල්වාදයක් පැවතිණ.

සෝවියට් රුසියාවට සමාජවාදී ආර්ථික ක්‍රමය වැඩ නොකරන්නේ මන්දැයි පහදා දුන්නේ ලුඩ්විග් වොන් මීසස් විසින් “සමාජවාදී සමූහාණ්ඩුවේ ආර්ථික ගණනය,” (Economic Calculation in the Socialist Commonwealth) යන ලිපියෙනි.

සමාජවාදී සමාජයක ආර්ථික ගණනයක් වෙළඳපොල ආර්ථිකය දී මෙන් කරත නොහැකි බව පෙන්වා දුන් පසුත් අද දක්වාම ඊට හැකියාවක් ඇතැයි සිතමින් සමාජවාදී ආර්ථික ක්‍රමය සහ ධනවාදී ආර්ථික ක්‍රමය යන දෙකම එකවර හසුරුවන්නට දන්නවා යැයි සිතමින් රාජ්‍ය ප්‍රතිපත්ති හදන අය බෙහෙවින් සිටිති.

එහෙත් ධනවාදය සමඟ මුසුකරගත් සමාජවාදය යනු අගාධයකට යන පාර කැපීම මිසෙක සාර්ථකත්වය සලසන්නක් බවට පත්කළ නොහැකි වූවක් බව බැස්ටියාට් විසින් 1845 දී ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සමෙන් පහදා දුන් බව බොහෝ අය වටහා නොගනිති.

arunishapiro | පෙබරවාරි 9, 2014 දින 10:55 පෙ.ව. ට | Categories: Uncategorized | URL: http://wp.me/pAMLx-3vi

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අරුණි ගේ කලින් ලිපියත් මේ ලිපියත් මදක් කරුණු විකෘති කරලා ලියල තියෙන්නේ. උදාහරණයක් වශයෙන් රුසියාවේ පවතී රජන්දුවාදී පාලනය කෙරෙන්ස්කි පෙරලා දැමුවත් තිබුනේ වැඩ වසම් ආර්ථික ක්‍රමයක්. ඒ නිසා රාජ්‍ය ධනවාදය වෙනුවට ලෙනින් නොවයා එකොනොමිචේස්කයා පොලිටීකා මගින් සුළු වෙළෙඳුන්ට හා ගොවියනට ආර්ථිකය ගොඩ නගන්න ඉඩ දුන්න. ඒ කාලේදී රුසියාවේ ගේට්ස්ල ජෝබ්ස්ල බිහි වෙන්න තිබ්බ. නමුත් ලෙනින් මැරුණට පස්සේ ස්ටාලින් ඒ වැඩ පිළිවෙල ඇත හැරලා රාජ්‍ය ධනවාදයට හැරුන. නිර්ධන පන්ති ආඥාදායකත්වය රාජ්‍ය ධනවාදයට වෙනස් කරලා නැගෙනහිර යුරෝපයත් එම සොවියෙට් අධිරාජ්‍ය යටතට ගත්ත . බිඳ වැටුනේ එය මිසක් අරුණි කියන විධිහේ සමාජවාදයක් නෙමෙයි. ාර්කස් කියපු කොමියුනිස්ට් සමයජයක් වත් මෙමෙයි. දැන් කියුබාවේ කඩ වැටෙන්නෙත් රාජ්‍ය ධනවාදය. එහි අධ්‍යාපනය ලැබීම හා නිදහස් සුකය සේවාව වගේ සමාජවාදී ලක්ෂණ තිබ්බට. Aruni das kapital එක කියව නැති බව පැහැදිලියි. ලෙනින් නව ලිබෙරල් ධනවාදයක් ගෙනේ ඒමට වැඩ රුසියානු වැඩ වසම් ක්‍රමය වෙනස් කර මුලික වෙළඳ පොළ නීති හඳුන්වා දීමයි කලේ. රුසියාවට විදුලිය දීම ගැන මොකද කියන්නේ. අපට තියෙන්නේ ස්ටලින්වාදී රාජ්‍ය ධනවාදය සහිත රජයක් හා සමාජයක් නොව මාර්ක්ස්වාදී හා ලෙනින්වාදී රජයක් හා සමාජයක් පිහිටිවිමයි.

Comments are closed.