ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටක් වන ජෝෂ් චිත්‍රපටියේ කතා තේමාව අනුව ස්වභාව ධර්මයට එපිටින් යමින් නිර්මාණය කරන ලද මෝරෙකු නිසා සමාජයක් විනාශ කරා ගමන් කරන්නේ කොහොමද කියන කාරණය තමයි නිරූපණය වන්නේ. යමක් තුළ එහි නිශේධනයත් අන්තර්ගත වනවා යැයි කියන දයලෙක්තික සම්බන්ධය නිරූපණය වන්නේ චිත්‍රපටිය අවසානයේ මේ දරුණු මෝරාව විනාශ කරන්නට පිටින් කිසිම දෙයක් කිරීමෙන් නොහැකි වන නිසා සහ අහම්බයකින් මෝරා විසින් තමන් තුළින්ම විනාශය තෝරා ගන්නා නිසයි. ඒ අනුව මේ මෝරා ගැන

එක් අයෙකු කියන්නේ ස්වභාව ධර්මයට එරෙහිව කරන ලද හානියට පළි ගන්න දුන්න දඩුවමක් විදිහට තමයි මේ චිත්‍රපටියේ ඉන්න මෝරා නිරූපණය වන්නේ  කියලා.

ඕනෑවට වඩා ලිංගික නිදහස ඇති වෙලා සමාජය අරාජක වෙලා තියෙන නිසා නැවත සමාජය පිළිවෙලක් කරන්න දෙවියන් විසින් ගත්ත උපක්‍රමයක් තමයි මේ මෝරා කියලා

තවත් අය කියන්නේ ඇමරිකාව විනාශ කරන තුන් වන ලෝකයේ රටවලින් එන මිනිස්සු තමයි මේ මෝරා කියලා

ධනවාදී වෙළෙද පොළ ක්‍රමය තුළ වෙරළ තීරය විනාශ වන නිසා ධනවාදී වෙළෙදපොළ ආර්ථිකයට විරුද්ධව එන රූපකයක් තමයි මේ මෝරා කියලා.

ඒ අනුව මෙහි පොදු රූපකය තමයි මෝරා

පරිසරවාදීන්,ලිංගික සදාචාරවාදීන්,ප්‍රජාතන්ත්‍රවාදීන්,ධනවාදයට විරුද්ධ වාමාංශිකයන්,ආගමික නායකයන්,රැඩිකල්වාදීන් ඇයි මේ මෝරාට බිය වන්නේ?

ඉතාම පැහැදිලියි මේ අය කතා කරන්නේ එක එක මෝරු ගැන හැබැයි ඒ එකම මෝරෙක්වත් සැබෑ මෝරා නෙමෙයි. මේ හැමෝම කතා කරන්නේ මාළු ලෑල්ලක ඉන්න හෝ මුහුදේ පාවෙන මෝරෙක් ගැන නෙවි. මේ මෝරා ෆැන්ටෑස්මැතික මෝරෙක්. මේ ෆැන්ටෑස්මැතික මෝරා පළිහක් වගේ යමක් වහනවා.

ඒ නිසා මේ මෝරා සමාජයේ තියෙන කටුක සත්‍යයක් පළිහක් වැනි ආකෘතියකින් වහලා දානවා. මේ වහලා දැන කටුක සත්‍ය තමයි පංති අරගලය. මේ වෙලාවේ ඡන්දයක් ලගයි.හැමෝම දගලනවා මොකක්දෝ දෙයක් වහන්න.

මිනිස් විෂය හිස් කියන එක වහන්න තමයි මේ හැමෝම උත්සහ කරන්නේ.

මේ වගේ කාලයක මීරියබැද්ද සහ කොස්ලන්දේ මිනිස්සු ගැන පළවන විවිධ කට කතා සහ මාධ්‍ය කතා වලින් වහන්න හදන සත්‍ය මොක්කද?

මීරියබැද්දේ ලැයින් කාමර වල ජීවත් වුන දෙමළ මිනිස්සු ගැනත් වෙල්ලමුල්ලි වයිකාල් වල හිටපු දෙමළ මිනිස්සු ගැන වගේම වෙයිද?

 

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මම ඔය මිරියබද්දේ කතාව කොහෙවත් share කරන්න ලියන්න ගිය නැත්තෙත් ඔය හා සමාන හේතුවකටයි.

Comments are closed.