ඉකුත් දින කිහිපය පුරා සකර්බර්ක්ගේ විපරිත අවකාශය වන ෆේස්බුක් හි ලිබරල්වාදීන්ට හා ජාතිවාදීන්ට තලූ මර මර හපා කන්න මරු චුයින්ගමයක් හමු වී තිබුණි. තමාගේ දවසේ ජීවිතයේ ඇති සියලූ දුෂ්කරතා පසෙකලා මෙම කොට්ඨාශ දෙක තමාගේ මුඛ්‍ය ප‍්‍රශ්නය බවට පත්කරගෙන තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් සහෝදරයා මුහුණ දුන් රිය අනතුරට අදාළ සිදුවීමයි. එම රිය අනතුර සිදුවන අවස්ථාවේ විජිත හේරත් සහෝදරයා මත්පැන් පානය කර තිබුණේ දැයි යන්න පරික්ෂා කිරීම සඳහා සමහර ගොන් නාම්බන් ෆේස්බුක් තුළ බැලුම් ද පුම්බා, “මෙන්න විජිත හේරත් බීල පොදු දේපළ වලට හානි කරල” යනුවෙන් කෑ ගැසීය.

මේ සම්බන්ධයෙන් වැඩිම අදහස් පලකළ ජනතා විමුක්ති පෙරමුණෙන් පසුගිය කාලයේ ඉවත් වූ විමතිකයින්ට අනුව විජිත සහෝදරයා බිමතින් සිටියා යන්න පිළිගැනීම රැඩිකල් වැඩකි.නොපිළිගැනීම කුහක කමකි. “බීල හිටිය ම මොකද ? පක්ෂ විනය කන්න ද ?අපි සංතෝෂ උනා විජිත බිව්ව කිව්වම.” වෘත්තීමය විප්ලවවාදීන් වෙන්නට එළියට ආ මෙම බොහෝ පිරිසක් අපට පසුගිය කාලයේ හමුවුයේ එක අතකින් ගංජා සුරුට්ටුවත් අනිත් අතින් අරක්කු බෝතලයත් ඇතිවය. අරක්කු ,ගංජා LSD,කොකේන් මතින් ඉතා ඉක්මනින් දිව ගිය වෘත්තීමය විප්ලවාදී ජීවිතය දැන් සිටිනා ස්ථානයන් ගැන අප හොඳින් දනිමු.

ලිබරලුන්,ජාතිවාදීන් සහ ඊනියා රැඩිකලුන් මේ සියල්ලන්ම පවසා සිටින්නේ එක දෙයකි . එහි සරල අර්ථය වන්නේ අපි ඉවරවෙලා ඉවරයි උඹලා ඔහොම ඉන්න එක අපිට දිරවන්නේ නැහැ උඹලත් අපි වගේ වෙන්න කියායි.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා පවසා සිටියේ, විජිත හේරත් සහෝදරයා එම අවස්ථාවේ මත් පැන් පානය කර නොසිටි බවයි. අනුර කුමාරගේ මෙම ප‍්‍රකාශය තව දුරටත් විදාරණය කළහොත් ඔහු පවසා සිටියේ “ඔබට පෙනෙන දේ විශ්වාස නොකරන්න, අප පවසන දේ විශ්වාස කරන්න” කියාය. අපගේ භාෂාවෙන් එය පහදන්නේ නම් අනුර කීවේ, යථාර්ථය යනු සංකල්පීය ගොඩනැංවීමක් බවයි.

එතනදී අනුර රකින්නේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් දීර්ඝ කාලයක සිට ආරක්ෂා කරගෙන සිටින පක්ෂ කාඩර්වරයා මත්පැන් පානය නොකළ යුතුය යන සදාචාරවාදී පරමාදර්ශයයි. අනෙක් අතින් අනුර ඇතුළු පක්ෂය තව දුරටත් මේ රැක ගැනීමට උත්සහා කරන්නේ, ගෝළීයකරනය හමුවේ  වේගයෙන් විපරීතකරණය වෙමින් යන සමාජයක විනයගත සමාජිකයා(මිනිසා) නැමති පරමාදර්ශයයි.

අපට මෙම සිද්ධිය හරහා සළකුණු කිරීමට අවශ්‍ය වන්නේ සදාචාරය රැකීමට අවසානයේ ඉතිරි වන්නේ වම බව පෙන්වාදීමටය. මේ ගතවන නිමේෂය තුළ සදාචාරය වෙනුවෙන් පෙනී සිටින්නේ වාමාංශිකයන් මිස, ජාතිවාදීන් හෝ ලිබරල්වාදීන් නොවේ.

එබැවින් මේ සිද්ධියේදී අපද සිටගන්නේ අනුර ඇතුළු ජ වි පෙ පැත්තේය.

ඔබේ අදහස කියන්න...