සිරිමල් විජේසිංහගේ ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ නම් කෘතිය උදෙසා මරදාන මාළිගාකන්දේ පොත් හලක, පසුගිය සිකුරාදා දිනක  සම්මන්ත්‍රණයක් පැවතුණි. ගින්දර තරම් රස්නය පැවැති කුඩා කාමරයක විශාල පිරිසක් තදබද වී සිටියහ. 90 දශකයේ ප්‍රශ්නය මෙහිදී අධිනිශ්චය විය. 90 වර්ෂයේ සිට 95 වර්ෂය දක්වා ගත වූ සර්පිලාකාර ගමන අතීතයට එකතු වීම වෙනුවට එය දැන් අනාගතයෙන් අප කරා එන සර්පිලයක් බවට පත්වී ඇත. 2009 වර්ෂයේ දී අවසන් වූ, බිහිසුණු රාජ්‍ය සංස්ථාපිතයේ කෲරත්වය සහ මිලේච්ඡත්වය දේශපාලනිකව සංවිධානය කරනු ලැබුවේ, ජනතා විමුක්ති පෙරමුණයි. උතුරු නැගෙනහිර දෙමළ තරුණ ජනයා ඉන් සමූල ඝාතනයට ලක්විය. දරාගත නොහැකි දරිද්‍රතාවයට එරෙහිව ආයුධ අතට ගත් අයව ජාතිකවාදය සමඟ පටලවා ගත් විට එන බිහිසුණු චිත්‍රය දැන් අවසන් වී ඇත. උතුරේ දුප්පත් පීඩිත දෙමළාගේ කෝපයට එරෙහිව දකුණු ලංකාවේ බිහිවූයේ, සොමි ජාතිවාදයකි. එය කෙතරම් චූන් වී ඇත්දැයි කිවහොත්,දැන් ඔවුන්ට රාජ්‍ය බලය හිමිය.

                     අනෙක් පසෙන්, එදින රාත්‍රී 7.00 ට Barefoot Garden Cafe අවන්හලේ දී ෂෙහාන් කරුණාතිලකගේ ‘Chats with the Dead’ කෘතිය එළිදැක්වුණි. එය පෙන්ගුවින් ප්‍රකාශනයකි. කෘතිය ගැන අදහස් පළ කරමින් කතුවරයා කීවේ, එහි අන්තර්ගතය 89  වර්ෂයේ අවසන් වූ ජවිපෙ කැරැල්ල බවයි. එහිදී, 80 000ක් පමණ තරුණ සිංහල ජනයා යුක්තියකින් තොරව ඝාතනය විය. ඒ සඳහා, කිසිදු හෘද සාක්ෂියක් ජවිපෙට හෝ ලංකාවේ මැද පන්තියට නැත. මියගියවුන්ට යුක්තිය ඉටු කිරීමට කළ හැකි උපකාරය ඔවුන්ගේ අවතාරවලට කතා කිරීමට ඉඩදීම බව කතුවරයා කීවේය.

                ගෙවීගිය දශක 3ක කාලය තුළ දෙවරක් ලංකාවේ තරුණ ජනයා කෲර සහ නින්දිත ලෙස රාජ්‍ය ඝාතනය කළේය. පළමු කටයුත්ත විය යුතු වන්නේ, ලේ උරා බොන වවුලෙකු බවට ත් වී ඇති ශ්‍රී ලංකාවේ පශ්චාත්-යටත් විජිත රාජ්‍ය සාරය සහ ආත්මය ගවේෂණය කිරීමයි. එසේ නැතිව, කැලණිය විශ්ව විද්‍යාලයේ cctv  කැමරා කුඩුකර 89 නැවත වරක් සංවිධානය කිරීම නොවේ. 

                පහත ඇත්තේ ඔබ යන ගමන් මාවතේ වැටී ඇති අයදුම් පත්‍රයකි.  ඔබ මිය ගිය පුද්ගලයෙකු නම් වඩාත් සුදුසුය. රාජ්‍ය සහ පක්ෂය ගොඩනැඟීම අද යුගයේ ප්‍රධාන කටයුත්තයි. දෙවරක් අප අතින් බිහි වූයේ, අවතාරය. මෙවර අපි තවත් උත්සාහයක් දරමු!

     ===============================================

ලංකාවේ මහජනයා මහා පරිමාණයෙන් රැස්වෙන ස්ථානයක් වෙතොත් එතැන ඇත්තේ විශාල අපිළිවෙලකි.  එසේම මහජනයා නිතර යන එන පොදු ස්ථාන යලි සතෙකුටවත් සිටිය නොහැකි ස්ථාන බවට පත් වේ. කතාවෙන් දරුණු දේශප්‍රේමීන් වන මෙකී ජනයා ක්‍රියා කරන්නේ ඊට සම්පුර්ණ පරස්පරවය.මීට හේතුව වන්නේ ඔවුන්  එකතරා නොදනුමකට හිමිකම් කියන පිරිසක් වීමයි. ක්‍රියාවේදී ඔවුන්ව පාලනය වන්නේ මෙම නොදැනුම හරහා මිස තේරුම් සහගත තැනකින් නොවේ. අවිඥානය යනු අදුරු ස්ථානයක සැගවී ඇති , අතිශය පෞද්ගලික දෙයක් නොව එසේ මහ පාරේදී අපට මුණගැසෙන දෙයකි. අපට එය නොපෙනෙන්නේ  ඒ  සදහා විද්‍යාවක් සහ පුහුණුවක් අපට නොමැති බැවිනි. මේ යුගයේ වඩා දේශපාලනික කාරණය වන්නේ අවිඥානයයි. අප සියලු දෙනා පවතින සමාජ ක්‍රමය වෙනුවෙන් ජීවය සපයන්නේ අවිඥානිකවය. සකර්බර්ග්ගේ විපරීත අවකාශයට වී පැය ගණන් කාලය කා දැමීමට සබුද්ධියක මනුෂ්‍යකුට හැකියාවක් නැත. සකර්බර්ග් වෙනුවෙන් දිග ලිපි ලියා පල කිරීමෙන් විනෝද වන  ජිජැක් පිළිබද විශේෂඥයන් සවිඥානික ලෝකයක සිටිය නොහැක. එකිනෙකාගේ රෝග ලක්ෂණ ඒවාට අයත් අවකාශයන් සොයා ගනිමින් ඉතා සුක්ෂම ලෙස අතිරික්ත වටිනාකම් නිපදවීමේ ක්‍රියාවලිය තුල ස්ථානගත වෙමින් තිබේ. ක්‍රමයෙන් ඉවත් වීම තවදුරටත් කල හැකි දෙයක් යැයි කිසිවෙක් විශ්වාස නොකරයි. ඒ වෙනුවට දෘෂ්ටිවාදයන් වර්ධනය කරමින් ක්‍රමය තමන්ගේ පැවැත්මට සරිලන ලෙස සකස් කර ගැනීම විප්ලවීය දේශපාලනයක් බවට පත් වී ඇත.

ජනතාව පිළිබද විශ්වාසය තබා කළහැකි සැබෑ දේශපාලනයක් නැත. එහෙත් ඔවුන්ගේ අවිඥානික ෆැන්ටසිය රග දැක්වීමෙන් දේශපාලන වාසි ලබාගත හැක. රාජ්‍ය නම් සංස්ථාපිතය ගොඩනගනු වෙනුවට මේ දක්වා ලංකාවේ පාලක පන්තිය විසින් සිදුකලේ එයයි. යටත් විජිත හාම්පුතාගෙන් ඉතුරු වූ රාජ්‍යයේ නටබුන් හැර කිසිදු රැඩිකල් ප්‍රතිසංස්කරණයක් හෝ සිදුකරීමට ඔවුන්ට නොහැකි විය. මහජනයා විසින් රට සහ සමාජය විනාශ කරන විට යන්තමින් හෝ මැදිහත්වීමක් කර එය පාලනය කල හැකි වන්නේ රාජ්‍යට පමණි. ජනතාවට සැබෑ ලෙස ආදරය කරන්නේ රාජ්‍ය මිස ඔවුන්ගේ පුද්ගලික සහකරුවන් නොවේ. රාජ්‍ය සහ පක්ෂය ගොඩනැගීමේ දර්ශනය යන මැයෙන් අප විසින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපෘතිය  මේ මොහොතේ වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබේ. රාජ්‍ය යලි ගොඩනැගීම සදහා ඉදිරි දර්ශනයක් ඇත්තේ අපට පමණකි. ඒ අප සියලු ගැටලු සදහා පිළිතුරු දන්නා නිසා නොව ගැටලුව කුමක්ද යන්න අවබෝධ කර ගැනීම සදහා වූ දේශපාලන දර්ශනයක් ගොඩනගා ඇති නිසාවෙනි.

ධනවාදයේ මේ මොහොත තුල වඩා වැදගත් දෙය වන්නේ ප්‍රශ්නය නිසි ලෙස ඇසීම මිස විසදුම් ඉදිරිපත් කිරීම නොවේ. එසේම ඕනෑම නොහැකියාවකට බාධකය ඇත්තේ තමන් තුල මිස අනෙකා තුල නොවන බව තේරුම් ගැනීමත් වැදගත් වේ. සිතියමෙන් දිශාව සොයා ගැනීමට පෙර තමන් සිටින තැන කොතනදැයි  නිශ්චිතව දැන ගත යුතුය. බොහෝ වාමාංශිකයන් තමන් සිටින තැන කොතනදැයි නොදැන විවිධ මාවත් ඔස්සේ ගමන් කර අවසානයේ හෙම්බත් වෙයි.එසේම එකම වරද යලි යලිත් සිදුකරයි.

අපගේ පාඨකයන් සහ හිතවතුන් බොහෝ දෙනක් අපත් සමග සම්බන්ධ වීමට අවස්ථාවක් සොයමින් පසුගිය කාලය පුරා අපගෙන් විමසීම් කරන ලදී. නමුත් අපට සියලු දෙනා සදහා අවස්ථාව ලබා දීමට අවශ්‍ය යලිතල පහසුකම් එකල නොතිබිණ. නමුත් මේ මොහොතේ අපට පක්ෂය වෙත නවක සාමාජිකයන් පිරිසක් බදවා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. විශේෂයෙන්ම ව්‍යුහවාදයෙන් ඇරබෙන පක්ෂයේ දේශපාලන අධ්‍යයන වැඩසටහනට සම්බන්ධ වීමට දැන් ඔබට අවස්ථාව උදාකර ඇත. ඒ සදහා පහත ආකෘති පත්‍රය පුරවා එවීම මගින් ඔබට සම්බන්ධ විය හැක. අපගේ මෙම ආරාධනාව ලංකාව තුල සහ ඉන් පිටත සිටින සියලු දෙනා වෙනුවෙනි. මේ හුදකලා දුපත වෙනුවෙන් සැබෑ ලෙස ඔබට යමක් කල හැකිනම් , ඔබට ඒ සදහා සැබෑ උනන්දුවක් ආශාවක් ඇත්නම් , මේ එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය හැකි අවස්ථාවයි.  ඔබ ඒ වෙනුවෙන් කරනු ලබන ඕනෑම සැබෑ කැපකිරීමක් වෙනුවෙන්  ඔබට හිමි  ගෞරවය  ලබා දීමත්  සහ ඔබ වෙනුවෙන් වගවීමත්  දේශපාලන පක්ෂයක් ලෙස අපගේ යුතුකමක් ලෙස සලකමු.

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

 

ඔබේ අදහස කියන්න...