Categorized | Political

යුද්ධයට උදව් කළ ඇන්තනිලාත් ආණ්ඩුව මරණවා

යුද්ධයට උදව් කළ ඇන්තනිලාත් ආණ්ඩුව මරණවා
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

2012. 02. 15 වැනි ්‍යුන පිළියන්දල දම්පේ පිහිටි දම්පේ විලේජ් හෝටලයේ සහ දෙහිවල ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරී හමුවල්‍යූ අදහස් දැක්වූ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.
 
දූෂණයයි, භීෂණයයි ආරක්‍ෂා කර ගැනීම සඳහා ආණ්ඩුව ඇන්තනී ප්‍රනාන්දු මහතා බිලි ගත්තා. ඇන්තනී ප්‍රනාන්දු යනු අවුරුදු 35 ක තරුණයෙකු වන අතර ඔහු මෙහින්ද චින්තනය පිළිගෙන මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කැපවී වැඩ කටයුතු කළ පුද්ගලයෙක්.
 
උතුරේ යුද්ධය පැවැති කාලයේ ්‍යූ ඒ යුද්ධය ඉ්‍යුරියට ක්‍රියාත්මක කිරීමට මේ ඇන්තනී ප්‍රනාන්දු මහතා ඇතුලු ඒ ජනතාව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උපරිම සහයෝගය දුන් අතර ආණ්ඩුව ඉල්ලා සිටි පරි්‍යු සියල්ල ඉවසා ගෙන, පටි තද කර ගෙන සිටියා.
 
දෙදරු පියෙකු වූ ඇන්තනී ප්‍රනාන්දු මහතා ඇතුලු ඒ ජනතාව යුද්ධයෙන් පසුව සියලු සහන ලැබෙන ඇතැයි යන විශ්වාසය ඇතිව සියල්ල ඉවසා දරා ගෙන සිටියත්, යුද්ධයෙන් පසුව ඒ බලාපොරොත්තු වූ සහන කිසිවක් ලැබුණේ නැහැ.
 
සහන වෙනුවට ක්‍රම ක්‍රමයෙන් ජීවන බර විශාල ලෙස වැඩි වීම හමුවේ ජීවිතය ගැට ගසා ගත නොහැකි වූ නිසා ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ බිරිඳ මීට දෙසතියකට පමණ ප්‍රථම මැද ර්‍පෙයුග රැකියාවකට ගියා. සිය භාර්යාව මැද පෙර ්‍යුග රැකියාවකට ගියාට පසුව ඉන්ධන මිල ද විශාල වශයෙන් වැඩි වුණා. තෙල් මිල වැඩි වීම ධීවරයෙකු වූ ඇන්තනී ප්‍රනාන්දු මහතා ඇතුලු සමස්ත ධීවර ජනතාවට විශාල පහරක් වුණා.
 
ධීවර ජනතාව ආණ්ඩුවේ සහන ප්‍රතික්‍ෂේප කරමින් තෙල් මිල අඩු කරන ලෙසට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළා. පුද්ගලික බස් රථ හිමියන් ද සහනාධාර ප්‍රතික්‍ෂේප කරමින් උද්ඝෝෂණය කළ අවස්ථාවේ ්‍යූ ඒ අය සමග සාකච්ඡා කළ ආණ්ඩුව බස් ගාස්තු වැඩි කිරීමට අවසර දුන්නත් ධීවර ජනතාවගේ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ නැහැ.
 
ධීවර ජනතාවගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව කළේ ධීවර ජනයා තෙල් මිල අඩු කරන ලෙසට බල කරමින් උද්ඝෝෂණය කරද්‍යූ ඇන්තනී ප්‍රනාන්දු මහතාට වෙඩි තබා ඝාතනය කිරීමයි. ඇන්තනී ප්‍රනාන්දුට වෙඩි තබා ඝාතනය කර ඊට පසුව පොලිසිය ඔහුගේ නිවසට යවා ආණ්ඩුව ඔහුගේ මවට රුපියල් 500,000/- ක් ්‍යූ ඔහුගේ වටිනා ජීවිතය රුපියල් 500,000 කට තක්සේරු කළා.
 
තෙල් මිල අඩු කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් ධීවර ජනතාව සමග එක්ව සටන් කළ ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ ජීවිතයේ වටිනාකම රුපියල් 500,000 ද? ආණ්ඩුව නම් ඔහුගේ මවට මුදල් ්‍යූ රටට – ජනතාවට දුන් පණිවුඩය වූයේ උඹේ ජීවිතය වටින්නේ රුපියල් 500,000 ක් පමණක් කියායි.
 
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩි නොවුණු අවස්ථාවක ආණ්ඩුව රටේ තෙල් මිල වැඩි කළේ සිය දූෂණ, වංචා සහ අක්‍රමිකතා පියවා ගැනීම සඳහායි. ආණ්ඩුවේ මේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වෙනුවෙන් ගෙවීමට සිදුව තිබෙන්නේ පොදු ජනතාවටයි. ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට මුදල් නොමැති වුණාට රුපියල් කෝටි ගණන් වියදම් කර රට පුරා විවිධ සැණකෙළි පැවැත්වීමට නම් ඕනෑ තරම් මුදල් තිබෙනවා. අනුරාධපුර පැවැති දැයට කිරුළ උත්සවය වෙනුවෙන් නාස්ති කළ රුපියල් කෝටි ගණනක මුදල ද ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි.
 
පෙට්‍රල්, භූමිතෙල් සහ ඩීසල් මිල ගණන් ආණ්ඩුව වැඩි කළේ මේ දූෂණය සහ නාස්තිය පියවා ගැනීම සඳහායි. තෙල් මිල වැඩි කිරීමත් සමග ප්‍රවාහන ගාස්තු 20% කින් වැඩි වූ අතර විදුලි බිල ඉන්ධන ගැලපුම් ගාස්තුව 25% සිට 40% දක්වා වැඩි කර තිබෙනවා.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දෙන්න එපා යැයි ද, එසේ වුණොත් සියලු භාණ්ඩ සහ සේවා මිල ගණන් ආණ්ඩුව විශාල ලෙස වැඩි කිරීමට යන බව ද පළාත් පාලන මැතිවරණයේ ්‍යූ පවා අප පැහැ්‍යුලිව කියා සිටියා. ඒ ඒ පළාත් පාලන ආයතන බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට දුන් ජනතාවට ආණ්ඩුව තෙල් මිල, ප්‍රවාහන ගාස්තු සහ විදුලි ගාස්තු වැඩි කරමින් ප්‍රතිපහරක් එල්ල කර තිබෙනවා.
 
තෙල් මිල වැඩි වීමත් සමග ප්‍රවාහන ගාස්තු සහ විදුලිය ගාස්තු වැඩි වී තිබෙන තත්ත්වය හමුවේ ඉ්‍යුරියේ ්‍යූ අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් වැඩි වන තත්ත්වය හමුවේ ද ජනතාව ජීවත් වන්නේ කෙසේද? එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ ගොඩනැගූ මධ්‍යම පන්තිය විනාශ කරන ආණ්ඩුව වැඩ කරන පන්තියේ අතට අප දුන් මුදල් කොල්ල කනවා.
 
තෙල් මිල වැඩි කරන අවස්ථාව වන විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට ගොස් සිටි නිසා රටේ උද්ගත වී සිටින හ්‍යුසි තත්ත්වය මත වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් මම ලිඛිත ඉල්ලීමක් කළා. අපේ ඒ ඉල්ලීමට අනුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවූයේ නම් ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ මරණය සිදු වන්නේ නැහැ. එසේ නම් ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි.
 
මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධූරයට පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඇප කැප වී වැඩ කළ ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ සතුව අවි ආයුධ තිබුණා යැයි ආණ්ඩුව දැන් කියා සිටිනවා.
 
වේළුපිල්ලේ ප්‍රභාකරන් පරාජය කිරීමට ආණ්ඩුවට එදා සම්පූර්ණ සහයෝගය දුන් ඇන්තනී ප්‍රනාන්දු මහතාව ආණ්ඩුව වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මට්ටමට ඇද දමා තිබෙනවා. ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ අතේ ටී-56 ස්වයංක්‍රීය ගිනි අවියක් හෝ ආර්.පී.ජී. අවියක් හෝ මැෂින් තුවක්කුවක් හෝ ස්වයංක්‍රීය පිස්තෝලයක් තිබුණාද? නැහැ…. ආණ්ඩුව කියන පරි්‍යු ඔහු ළඟ අවි ආයුධ තිබුණා නම් ඒ කුමක්ද? ඇන්තනී ප්‍රනාන්දු සතුව අවි ආයුධ තිබුණා නම් ඔහුගේ මරණයට වන්‍යුයක් ලෙස ආණ්ඩුව රුපියල් 500,000 ක් ලබා දුන්නේ ඇයි?
 
ජනතාවගේ මතයට ඇහුන්කන් නොදුන් මේ ආණ්ඩුවට එරෙහිව සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ගෙන අප දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉ්‍යුරිපිට අද 17 සවස 3.00 ට පවත්වනවා. මේ විරෝධතා ව්‍යාපාරයට එක් වන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් අප ඉල්ලා සිටින අතර යම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඊට එක්වීමට නොහැකි නම් ඒ‍යුන සිය නිවස ඉ්‍යුරිපිට කළු කොඩි ඔසවන්නැයි ද ඉල්ලා සිටිනවා.
 
තෙල් මිල වහාම අඩු කළ යුතුයි. නැති නම් මේ ආණ්ඩුව වහාම බලයෙන් පහ කළ යුතුයි. තෙල් මිල අඩු කරන්නේ නැතිනම් ඊට එරෙහිව දේශපාලන න්‍යාය පත්‍රයෙන් තොරව අප සියල්ලන් එකට ඒකරාශී විය යුතුයි. සියල්ලන් එකට ඒකරාශී වී මේ ආණ්ඩුව වහාම පළවා හැරීමට ක්‍රියා කරමු.
 
රටේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් තිබිය ්‍යූ පවා සිය ප්‍රශ්න පසෙක තබා සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය ගොඩනැගීමට හැකි අයුරින් ආධාර කිරීමට ඉ්‍යුරිපත්ව සිටින සියල්ලන්ට මම මගේ ආචාරය පුද කරනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට පහර ්‍යූ විනාශ කළේ ආණ්ඩුවේ අය නොව අපේම අය යැයි කියා ගන්නා අය වීම ඉතාම කණගාටුදායකයි. ආණ්ඩුවට විරුද්ධව මුළු රටම, සමස්ත ජනතාවම ඒකරාශී කරන මේ මොහොතේ සිරිකොත මූලස්ථානයට පහර ්‍යූ විනාශ කර අපේ කකුලෙන් අ්‍යුනවා නම් එසේ කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන අයයි.
 
එහි්‍යූ එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, කොළඹ ්‍යුස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ කැස්බෑව ප්‍රධාන සංවිධායක නිරෝෂන් පාදුක්ක, දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිනී සුනේත්‍රා රණසිංහ යන මහත්ම මහත්මීහු ද එහි්‍යූ අදහස් දැක්වූහ.

යුද්ධයට උදව් කළ ඇන්තනිලාත් ආණ්ඩුව මරණවා, 7.0 out of 7 based on 2 ratings

This post was written by:

News Editor - who has written 1291 posts on 3mana | Online news magazine.


Contact the author

2 Responses to “යුද්ධයට උදව් කළ ඇන්තනිලාත් ආණ්ඩුව මරණවා”

  1. Gunasekare says:

    News Editor – Thamun mona hethuwata muge katha ussala pennanawada?

    Examine critically and review. The last thing you want published is an unreviwed speech of a popular Capitalist Politician. Almost as if you “promote” his speech.

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)
  2. Gunasekare says:

    Kalu kodi ussala, liyum yawala me rate wada karanna be. Ewa karala kawadawath harigiyeth na. Me wage thathwayath athiwunama Janathawage Vishwasaya thiyena pakshayakwath, nayakathwayakwath na. Viplawaye mulakuru:

    “People must see clearly the futility of maintaining the fight for social goals within the framework of civil debate. When the forces of oppression come to maintain themselves in power against established law, peace is considered already broken.
    In these conditions popular discontent expresses itself in more active forms. An attitude of resistance finally crystallizes in an outbreak of fighting, provoked initially by the conduct of the authorities.”

    – Guerrilla Warfare, Ernesto “Che” Guevara

    In this context, what party or fraction has the ability or the leadership to sustain this resistance? The Leftist movement?

    Leftist Movement of SL = A houses divided against its own.

    Kan aththo asathwa.

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)

Trackbacks/Pingbacks


3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us