[dropcap color=”black”]අ[/dropcap]තීතයේ පැවති යුද්ධ වලට වඩා සමකාලීන යුද්ධය පශ්චාත්-නූතනවාදීය. පශ්චාත්-නූතන යුද්ධයක් යනු සැබෑ භූමියක සිදු නොවන නමුත් ජනමාධ්‍ය තුළ සිදුවන යුද්ධයයි. මෙවැනි යුද්ධයක  ව්ශේෂ ලක්ෂණයක් නම් අපේ පැත්තෙන් පාඩු සිදු නොවීමයි.

ජනමාධ්‍ය වල පමණක් සිදු වන එනමුත් සැබෑ ලෝකයේ සිදු නොවන යුද්ධය පශ්චාත්-නූතනය. එපමණක් නොව සැබෑ ලෝකයේ සිදුවන යුද්ධයන් අලුත් යුගයකට අවතීර්ණ වී ඇත. එය නම් නියමුවන් රහිත යානා වලින් ඉලක්ක වලට පහර දීමයි. මේ සන්දර්භය නිසා රාජ්‍යයක් නැතිව සටන් කරන නළුවන්ට තිරයෙන් ඉවත් වීමට සිදු වන අතර අනාගත යුද්ධය ජාතික රාජ්‍ය නළුවන්ට පමණක් සීමා වනු ඇත. මෙම නව යථාර්ථය නිසා උතුරේ ජාතික ගැටළුව පිළිබද දිවයින පත්තරය හෝ නලින් ද සිල්වා කියන කතා වලින් එළියට බහින්නට සිදු වනු ඇත. පහත දැක්වෙන විඩියෝවෙහි දැක්වෙන අන්තර්ගතයට අනුව අනාගත ගැටළු අප හිතනවාට වඩා වෙනත් මානයක් අත්පත් කරගෙන ඇත.

War Crimes in Afghanistan? 10 Bodies of Abducted Villagers Found Outside U.S. Special Forces Base

 

 

ඔබේ අදහස කියන්න...