“මම භික්ෂූන් වහන්සේලාට ගරු කරනවා. අද කහ සිවුරු දාගෙන කට්ටියක් බොහොම අප්සෙට් වැඩ කරනවා. මම ඒ ගොල්ලන්ව පිළිගන්නේ නෑ. හැබැයි අපේ රටට ආගමක් ඕන. මම ඒක පිළිගන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ අද කවුරුවත් ආගම් විශ්වාස නො කරන එකයි.” යැයි ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ මොහාන් රාජ් මඩවලගේ ‘මාගම් සෝලිය’ නවකථාව පිළිබඳව පසුගියදා කොළඹදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මුලසුන හෙබවූ මෙම සම්මන්ත්‍රණය අමතා ජැක්සන් ඇන්තනි, ආරියශීල වික්‍රමනායක යන මහත්වරුද අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න මහතා මෙසේද පැවසීය.

“අද අපිට අවශ්‍ය දැනුම නෙවෙයි, විශ්වාසයයි. අද කිසි කෙනෙකුට කිසි කෙනෙක් විශ්වාස නැහැ. කසාද බඳින්න ගියත්, ලව් කරන්න ගියත් ටෙලිෆෝන් තියාගෙන අහන්නෙ ‘ඔයා දැන් කොහෙද ඉන්නෙ? දැන් බස් එකෙන් බැස්සද? ඔතන තව කවුද ඉන්නෙ? ඔය ළඟ ඉන්නෙ කවුද?” කියල නෙවෙයිද? මොකක්ද ප්‍රශ්නෙ? විශ්වාස නැහැ. ඒකනේ අපි හදා ගන්න ඕන. භික්ෂූන් ඉන්න ඕන ඔන්න ඔය අර්ථයෙන් අපේ ජීවිතේ විශ්වාසය යළි ගොඩ නගන්නයි. විශ්වාස නොකරන මිනිහෙක් ඕනම ජරා වැඩක් කරනවා.”

දේශපාලනය සහ විශ්වාසය අතර ඇති සම්බන්ධය පිළිබඳව කතා කරමින් ඔහු මෙසේද පැවසීය.

“විශ්වාසය නැත්නම් දේශපාලන පක්ෂ හදන්න බැහැ. අපි මේ සේරම කරන්නෙ අනෙකා මත විශ්වාසය තියා ගෙනයි. ගේමක් ගැහුවොත් අපි සේරම ඉවරයි.”

එහිදී ඔහු කළ සම්පූර්ණ කතාව පහත සබැඳියෙන් සවන් දිය හැකිය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. බටහිර දර්ශනයට අනුව දැනුම සහ විශ්වාසය යනු දෙකක් නොව එකකි එනම්” සත්‍යය” විස්වාස කිරීමයි..According to Hegel දෙවියන් විශ්වාස කිරිම it does not mean, in point of view Theological but Gnoseological or Epistemological
    නමුත් පෙරදිග සත්භාවයන්( සත්‍යයන් )ගොඩක් පවති. සත්භාවයන්( සත්‍යයන්) ගොඩක් පවතින නිසා පෙරදිගට කුමක් හෝ විශ්වාස කල හැක (Opinion) නමුත් බටහිර එක පැවත්මක් පමණි (Episteme)
    https://www.youtube.com/watch?v=KQ_nukFfTfA&t=151s

Comments are closed.