Stéphane Mallarmé
රනිල් වික්‍රමසිංහ යනු 1977 කැබිනට්ටුවේ ලාබාලතම මෙන්ම අත්දැකීම් අඩුම වූ අමාත්‍යවරයා විය​.  නමුත් කාලයත් සමග දේශපාලන ප්‍රවාහයන්ට මුහුණ දීම මගින් ඔහු මනා පරිචයක් ලැබීය​. 
රනිල් බටහිර සංස්කෘතියේ මෙන්ම ක්‍රිස්තියානි හැදියාව ඔස්සේ හැදී වැඩුනු පුද්ගලයෙකි. එම නිසා ඔහු තුල අනෙකුත් ශ්‍රී ලාංකික දේශපාලකයන් අතර දක්නට නොමැති ශිෂ්ට බවක් තිබේ. ඔහු සංස්කෘතියුක්ත මිනිසෙකි. ඔහු වියාජ ලෙස පූජක පක්‍ෂය සරණ නොයන්නෙකි. ගැලරියට ආමන්ත්‍රණය නොකරන්නෙකි. ඔහු තුල තිබෙන ඉංග්‍රීසි දැණුම මෙන්ම බොහෝ පොත පත කියවා උකහා ගත් ඥානය නිසා ඔහු අන්තර්දෘෂ්ටියක් තිබෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.  ඔහු දිවයින් මානසිකත්වයෙන් ඉවත් වූ ලෝකය කේන්ද්‍ර කොට සිතන දේශපාලාඥයෙකි. ඔහුගේ චින්තනය ගැඹුරුය​. 
ප්‍රශස්ථ දේශපාලාඥයෙකු ලෙස  දෘෂ්ටියක් තිබුනද  රනිල් වික්‍රමසිංහ තුල ඔහුට ආවේනික දුර්වලතා මෙන්ම සීමාවන් දක්නට තිබේ. තුන්වන ලෝකයේ දේශපාලන සංස්කෘතියට රනිල් වික්‍රමසිංහ නොගැලපෙන්නේ මේ නිසාවෙනි. තවද  රනිල් තුල යම් ආකාරයක සන්නිවේදන ගැටළුවක් තිබේ. එසේම ජනතාව අතරදී ඔහු තුල තිබෙන අඩු සභානුභූතිය කැපී පෙනෙයි. ඔහු තමා කේන්ද්‍ර කොට ( self centered ) තීරණ ගන්නෙකි. අන්‍යන් ගේ හැඟීම් වටහා ගැනීමේ දුබලතාවන් තිබේ.  මේ නිසා ඔහු තුල මඳ වශයෙන් වර්ධනය වූ ඕටිස්ටික (Autism) ලක්‍ෂණ තිබෙන බව සැක කල හැකි සාධක තිබේ. සාමාන්‍ය ජනතාව රනිල් වික්‍රමසිංහව මිස්ටර් බීන් ලෙස උපමා කරන ලද්දේ මේ ඕටිස්ටික ස්වභාවයන් නිසාය​. එසේම ඔහු අන්තර්වර්තික (introverted ) චරිතයකි. මෙවැනි චරිත තුන්වන ලෝකයේ දේශපාලන පොර පිටියට නොගැලපෙන්නෝය​. 
රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධන මෙන් බලය කෙරෙහි ආශක්ත වූ චරිතයක් නොවේ. ඔහු ඉවසිලිවන්ත හා ආකර්මණ්‍ය චරිතයකි. දේශපාලන ප්‍රවාහයන් නිර්මානය කරනවාට වඩා මතුවන දේශපාලන ප්‍රවාහය ඔස්සේ පිහිනා යාම ඔහු ප්‍රිය කරයි. බලය ලැබුණු වහාම ඔහු තමාට බලයට ඒමට පාර සකසා දුන් පුද්ගලයන් අත හැර තමන් ගේ සීමාසහිත වූ මිතුරු අභ්‍යන්තර කවය උකුලට ගනියි. මේ නිසා රනිල් පාක්‍ෂිකයන් ගේම දෝෂ දර්ශනයට ලක් වෙයි. මේ තත්වය රනිල් තුල ඇත්තේ ඔහු තම පන්තිය පදනම් කොට සිතීම නිසාය​. ඔහු වඩාත්ම විශ්වාස කරන්නේ තමන් ගේ මිතුරු කවයයි. ඔවුන් අතරදී රනිල්ට  සුරක්‍ෂිතභාවයක් දැනේ. තීරණ ගැනීමේදී මේ අභ්‍යන්තර කවයට ඔහු සවන් දෙයි. මේ නිසා ඔහු ඇතැම් විට හාණිදායක තීන්දු ගනී. 
 රනිල් බොහෝ විවේචන වලට මුහුණ දුන් පුද්ගලයෙකි. රනිල් සමරිසියෙකු බවද බටලන්ද සිද්ධිය නිසා ඔහු නිර්දය කුරිරු චරිතයක් ලෙසටද ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව විවේචනය කරති. මේ කරුණු වල සත්‍ය අසත්‍යතාව අප නොදන්නෙමු.  රනිල් සමරිසියෙකු වීම වරදක් හෝ රෝගී තත්වයක් නොවේ. එය ඔහුගේ අයිතියකි. එහෙත් රනිල් ගේ ලිංගික දිශානතිය සමහරක් විට ඔහුගේ දේශපාලන තීරණ ගැනීම් වලදී ඉස්මතු වෙයි. අවිඥාණිකව  සමරිසි ආශයන් යටපත් කිරීමේ වෑයමත් එම නිසා මතුවන අවිඥාණික මානසික ගැටුම් මත ඇතැම් විට කෘර ගති ලක්‍ෂණ මතු වීමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යනය කොට තිබේ. මේ නිසා යම් ලෙසකින් බටලන්ද චෝදනා සත්‍ය නම් රනිල් තුල තිබෙන නිර්දය ස්වභාවය අවබෝධ කර ගත යුත්තේ මේ අනුසාරයෙනි.  
රනිල් වික්‍රමසිංහ යනු සර්ව සම්පූර්ණ දේශපාලාඥයෙකු නොවේ. එහෙත් නූගතුන් , මැරයන් , කුඩු කාරයන් , ස්ත්‍රී දූෂකයන් පිරුණු පාර්ලිමේන්තුවක  රනිල් වික්‍රමසිංහ යනු සුළු වශයෙන් හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව බලාපොරොත්තුවක් තැබිය හැකි පුද්ගලයෙකි. 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 
==============================================

                                              ලිපියට ටීකාවක්

 

වෛද්‍ය රුවන් ජයතුංග මහතා රනිල් වික්‍රමසිංහ පිළිබඳ  ඉදිරිපත් කරන සමහර විද්‍යාත්මක නිරික්ෂණ සත්‍යය ය. පළමුවෙන්ම කිව යුත්තේ ඔහු පිළිබඳව රුවන් ඉදිරිපත් කරන ස්වේච්ඡතාවය (Autism – ඕතිස්ම්-මෙය බාහිර අධික ආක්‍රමනයක් නිසා මොළය අධි ක්‍රියාකාරී වීමකි. ඒ නිසා  බාහිර ලෝකය සමඟ එක්වීමේ හැකියාව හීන කරන මානසික තත්වයකි) නම් අදහස සමඟ මම එකඟ වෙමි. වික්‍රමසිංහ පවුලේ ඉතිහාසය පිළිබඳ මාගේ නිරික්ෂණ අනුව මෙම රෝගය සඳහා ඔහුට ප්‍රතිකාර ඉතිහාසයක් ඇත. මේ සඳහා මනෝ විශ්ලේෂණයෙන්ද ප්‍රතිකාර ක්‍රමයක් ඇති අතර ඒ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙන්  ඖෂධ යෝජනා කරන්නේ නැත. එය කළ හැක්කේ අලුත් ප්‍රති – ක්ෂතිමය අත්දැකීමක් රෝගියාට ඇතිකර එමගින් අලුත් ආත්මයක් (Subject)  බිහි කිරීමයි. එය ඉතාම දුෂ්කර වෑයමකි.

            රනිල් සමරිසියෙක් යන්න ඔහු අසල සිටින අයගේ සහානුභූතියක් පමණි. මින් අදහස් කරන්නේ අනෙකාගේ තත්වය තමන්ට ආරෝපණය  කරගත හැකි තත්වය, එසේ නැතිනම්  අනෙකා බවට පත්වීමේ හැකියාවයි. රනිල්ගේ අනෙකා සන්නිවේදනය කරන්නේ ඔහු සම රිසියෙකු නැතහොත් සමලිංගිකයෙකු බවයි. මෙය මා පවා දීර්ඝ කාලයක් විශ්වාස කළ අදහසකි. නමුත් මනෝ විශ්ලේෂණයේ තියුණු සංකල්ප මෙම උදාහරණය වෙත ආයෝජනය කරන්නේ නම් රනිල් යනු අසාර්ථක – විෂම – ලිංගිකයෙකි.  රනිල් යනු රෝසි වැනි සංකේතීයව සුන්දර ස්ත්‍රීන් ඉදිරියේ 80 දශකයේදී කප්පාදුවට ලක් වූවෙකි. අතිශය සුන්දර ස්ත්‍රීන් ඉදිරිපිට ආසියානු පිරිමියා අශක්නුතාවයට ලක්වෙයි.  මේ හේතුව නිසා  මෙවැනි පිරිමින්  තමන්ට බාහිරින් වෙනත් ස්ත්‍රීන් දෙදෙනෙකු හෝ පිරිමින් දෙදෙනෙකු අතර පරිපූර්ණ සම්බන්ධයක් ෆැන්ටසිකරණය කරයි. මෙය පුරුෂ ෆැන්ටසියක් මිස සමලිංගික ෆැන්ටසියක් නොවේ. මේ නිසා නූතන 3some වැනි සබඳතා බිහිවෙයි. මෙමඟින් නිරූපණය වන්නේ පුරුෂ ආශාවේ අතිරික්ත විනෝදයයි.  බොහෝ දෙනා රනිල් සමලිංගික යයි කියන විට බලන්නේ ඔහුගේ අනෙකා දෙසය. නමුත් මේ අනෙකා යනු බොහෝවිට විවාහ වී බිරිඳක් සිටින තවත් අනෙකෙකුට සම්බන්ධ අයෙකි. රනිල්ගේ සබඳතා වල තුන්වෙනි පාර්ශවය පිළිබඳව බොහෝ දෙනා අන්ධය. මේ තුන්වෙනි පාර්ශවය තුළ සිටින්නේ සදාතනිකව වේදනාවෙන් වැළපෙන බිරිඳක් හෝ සැමියෙකි. අනෙක මේ තත්වය ද්විලිංගික (Bisexual)  නොවේ. මේ පසුබිම නිසා රනිල්ව අප වටහාගත යුත්තේ විපරිතයෙකු ලෙස නොව නියුරෝසිකයෙකු ලෙසය. ඔහු මලාමේ  නම් කවියා කියූ පරිදි , ජීවිතයේ  ආශාව සහ පිළිකුල නම් වූ කුළුණු දෙක මැද අතරමං වූවෙකි.

                          රනිල්ගේ මානසික ගැටළුව නිසා UNP ය හෝ ජනාධිපතිවරයා අර්බුදයට යනවා යයි සිතීම වැරදිය. එහි නිවැරදි පැත්ත මෙසේ ය. ලංකාවේ මේ මොහොතේ සහනුභූතියක් නැති පුද්ගලයෙකු අපගේ සමාජ යථාර්ථයට අවශ්‍ය ඇයි? විසදිය යුතු දේශපාලන ප්‍රශ්නය ඇත්තේ එතැනය. ජනාධිපතිවරයාට අගමැතිවරයාව තෙරුම්ගැනීමට විද්‍යාවක් නොමැති නිසා ඔහුව පෙනෙන්නේ අමු කුණුහරුපයක් ලෙසිනි. තත්වය බොහෝ UNP කාරයන්ටත්, රාජපක්ෂවාදීන්ටත් එකසේ සමානය. ඔවුන්ට අනුවද ඔහු නපුංසකය. නමුත් විද්‍යාව නැති තැනකදී අන්ධයින්ටත් ඇස් පෙනීම ගැන පුදුම විය යුතු නැත. අප සිතිය යුත්තේ රනිල්ගේ වමාංශික – අශ්ලීල පියා ගැන මිස සමලිංගිකත්වය ගැන නොවේ. වාමාංශික අවතාර ලිබරල්වාදයතුළ හොල්මන් කිරීම එවිට තේරුම් ගත හැක.

දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...