මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය බලය හිමි කරගත්තේ සංවිධිත දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීත්වය හරහා නොවේ. එ් සදහා ඔහුට උදව් කළේ ඉන්ද්‍රජාලික බලයන් තමන් සතු යැයි ප්‍රකාශ කළ විවිධ පුද්ගලයන්ය. මෙම වෙනසෙහි ප්‍රතිඵල  අපට දැන් ලැබෙමින් පවතියි.
ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ විරුද්ධාභාසය කුමක්ද?
1. එක පැත්තකින් එය රාජ්‍ය යන්ත්‍රය ‘ප්‍රාග්ධනය‘  සංකේන්ද්‍රණය කරන දේශපාලන බලයක් ලෙස උත්පාද කරවයි. මෙම ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස සමාජ ප්‍රාග්ධනය (හර පද්ධතිය, සංස්කෘතිය, අධ්‍යාපනය, පවුල…) විනාශ මුඛයට ගමන් කරයි. (ආණ්ඩුව)
2.අනෙක් පසින් එය ප්‍රාග්ධනය සමුච්චනයට ප්‍රතිවිරුද්ධ බලයක් ලෙස රාජ්‍ය යන්ත්‍රය ප්‍රතිව්‍යුහගත කරවයි. එමගින් යළිත් සමාජයේ හර පද්ධතිය සාම්ප්‍රදායික කරවයි.  සජීන් වාස් වෙනුවට මෙම යාන්ත්‍රණයට චතුර සේනාරත්න (රාජිතගේ පුතා) ඊට අදේශ කරවයි. (විපක්ෂය)
පසුගිය දශක තුන පුරාම අප දුටුවේ ඉහත ඓතිහාසික සැකසුම් දෙක අතර දෝලනයයි. එක වර්ගයක රෙජීමයක් ධනේශ්වර ආර්ථිකය ආචාර විද්‍යාත්මක (Ethics) කරන අතර අනෙක් වර්ගයේ රෙජීමයක් ධනේශ්වර ආර්ථිකය සදාචාරවත් (Moral) කරවයි. කිසිවකු ධනවාදී ආර්ථිකය තුළ ඇති ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර  මූලික ප්‍රතිවිරෝධය ගැන සාකච්ඡා කරන්නේ නැත. එබැවින් එක රෙජීමයක් දේශපාලනය ‘නැති’  නිසා විනාශ වන අතර අනෙක දේශපාලනය ‘නිසා’ විනාශ වෙයි.

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. දීප්ති ඔය මගුල් කර කර ඉන්න එතකොට ඔක්කොම හරියාවි වමට කෙලවිලා තියෙන්නේ වමේ උන්ගේ එකමුතුකමක නැති හින්ද එත බලපල්ලා දකුණේ උන් එකට එකතුවෙලා අරින විදිය වම්මු කවද මේවා තේරුම් ගනීවිද මන්ද ඔහොම යන පොඩි පොඩි ආතල් දීප්තිලට ගන්න පුළුවන් ඔච්චර තම දීප්ති පාරට බහින්න කෙළවෙන්න හරි ඔහොමන ඉදල දේසපාලනය කරන්න බහ

  2. It is too early.මඨයම පාන්තික තරුන පරපුරක් තෙරුම් ගනිමින් ඉන්නව උන්ගෙ ජීවිත හිස් කියල.මොකද උන්ට සමාජ ජීවිතයක් නැහැ. facebook වෙනි සමාජ ජාල ප්‍රසිද්ධ වෙන්න හේතුවත් මෙකයි. මේ හිස් බවට අර්ථයක් දෙන්න පුලුවන්නම් අන්න එතනයි විප්ලවය තියෙන්නෙ.

  3. nontheless i claim here presisly the state deos’t exist so useless talking about the state i think less or more this is bullshit, in other hand deepthi kumara is just some thing we can caled according to lacan’s point the unrealistic fantacy becouse there is nothin some thing sublime object that deepthi’s desire

  4. there is nothing any contradiction between labour and capitalin srilanka you are talking about absulute capitalism becouse wedont have working class here just we have paradoxical working class

Comments are closed.