[dropcap color=”red”]ප[/dropcap]සුගිය 21 වන දා පැවති රොක් සහ රෙගෙයි සංගීත ප්‍රසංගය ගැන යමක් කිව යුතුය. රොක් සහ රෙගෙයි සංකලනය වීම Tablet සහ ගංජා සංකලනය වීමකි. රොක් සංගීතය සිදු කරන්නේ නිර්වින්දනයක් ද? දේශපාලනයක් ද? ච්ත්‍රාල් සෝමපාල ගේ ඉතාම ප්‍රසිද්ධ ගීතය වන ‘නදී ගංගා තරණයේ’  ගීතය යනු ලයන්ස් බෘෘවරී සමාගම විසින් නිපදවන බියර් සදහා කරන ලද වෙළෙද දැන්වීමකි. මෑතකදී ච්ත්‍රාල් ගායනා කළ ‘මිරිගුව පරදා’ගීතය යනු සියැට් ටයර් සදහා කරන ලද වෙළෙද දැන්වීමකි. ඔහු විසින් මේ දක්වා කරන ලද සියළුම අලුත් සිංහල ගීත වෙළෙද දැන්වීම් සමාගම්  වෙනුවෙන් කරන ලද තේමා ගීතය. වෙළෙද දැන්වීමක් ගීතයක් ලෙස රසවිදිය හැකිද? පුළුවන. ච්ත්‍රාල් ගේ ගීත ඇසීමට මිනිසුන් එන්නේ ඒ නිසා විය හැක. 70 දශකයේ දී ලංකා බැංකුව ආශ්‍රිතව අමරදේව විසින් ගයන ‘ආරාධනා’ වැනි ගීත ඛණ්ඩයක් ද වෙළෙද දැන්වීමකි. නමුත් කලාකරුවා පරිපූර්ණ වශයෙන් සමාගම් වලට අවශ්‍ය ශ්‍රමිකයෙක් ලෙස හැසිරෙන්නේ ච්ත්‍රාල් ට පසුවය.

දැන් රසිකයන්ට අභියෝගයක් ඉතුරු වෙයි. ( අප මේ කතා කරන්නේ අසිහියෙන් දගලන රසිකයා ගැන නොවේ. ඔහුද රසිකයෙකි.) ගීතයක් රසවිදිනවා යනු සමාගමකට කඩේ යාමක් ද? නැතහොත් පිස් පෝච්චියක් පවා කලාකෘතියක් ලෙස බාර ගැනීමක් ද? කලාව යනු වෙළෙද පොළද? වැඩවසම් සමාජයේ දී කුලීනයා ඉදිරිපිට වාදනයන් ඉදිරිපත් කළ බීතෝවන්ලා,මොසාර්ට්ලා,මෙන්ම පශ්චාත්-නූතන යුගයේ දී ච්ත්‍රාල්ලා,කසුන්ලා, ඉන්ද්‍රචාපලා, නදීකලා සමාගම් වල නව වහලුන් ද? එම අර්ථයෙන් රොක් සංගීතය අපගේ ඉන්ද්‍රියන් වින්දනය කරනවා පමණක් නොව  ඒවා නිර්වින්දනය ද කරයි. එවිට තමන් ජීවත් වන කටුක යථාර්ථය ඉවසන්නට රසිකයන් පුරුදු වෙයි. මෙම ඉවසීම කෙතරම් දුරදිග යන්නේද යත් යම් ආදරවන්තයන් යුවලක් ගල්කිස්ස ලයන් ෆබ් එකට ගොස් සීතල බීර විදුරුවක් තොල ගා යම් පමණකට සුරා මතින් මත්ව මනුෂ්‍යත්වය ගැන දොඩමළු වන නිමේෂයක මේ තරුණ යුවල අසලට එන කැලිප්සෝ සංගීත කණ්ඩායමක් ගැන මේ යුවල කතා කරන දෑ යථාර්ථයද? “බසී බලන්න මේ අපේම ආත්මීය මිතුරන් නේද? ඇයි අපි මේ සමීපතමයන්ව සිප වැළද නොගන්නේ? අපි කොහොමද ඔවුන්ට අපේ මානුෂීය අචාරය පුද කරන්නේ? “ තවත් උදාහරණයක් කියන්නේ නම් දිනක් අප හිල්ටන් හෝටලයේ ‘තොරණ’ අවන් හලේ මධුවිත පානයෙන් පසු ඩෝප් සමනය කර ගන්නට කෝපි පානය කරමින් සිටින විට අපගේ මිතුරෙක් ඒ අසල ගීත ගයමින් සිටි ‘චාන්දනී හෙට්ටිආරච්චි’ ව පෙන්වා මෙසේ ඇසීය. “දීප්ති ඔයා කැමති නැද්ද චාන්දනී හෙට්ටිආරච්චි ගෙන් අසූව දශකයේ ජනප්‍රිය පොප් ගීතයක් අහන්න. මට ඒක ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන්”.

තමන් ගේ ආත්මීය උවමනාව වෙනුවෙන් පමණක් ගීත ගයන ගායක ගායිකාවන් යළි කවදා නම් බිහිවේද? එවන් සමාජයක් නිර්මාණය කිරීමට අප සටන් කළ යුතු නැත් ද? 2005 වසරේ දී රැඩිකල්වාදයේ ග්‍රීස් ගහ උඩට නැගි නදික ගුරුගේ මේ වන විට කව්බෝයි තොප්පි දා ගත් මැදපාන්තිකයෙකු වී ඇත. අපි සියළු දෙනා මේ ක්‍රමයට යටත් වී වෙළෙද දැන්වීම් වලට කදුළු සලන්නන් විය යුතුද? ‘ඇසේ මතුවන කදුළු බිදු ගෙන ඔබේ සිරිපා දොවන්නම්’ යනු Mineral Water වෙනුවෙන් තැනූ වානිජ ගීතයක් ද?

[media url=”http://www.youtube.com/watch?v=uuKyRfOpgdo” width=”600″ height=”400″]

 

[media url=”http://www.youtube.com/watch?v=j1IHiX1XD5A” width=”600″ height=”400″]

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ කමෙන්ට් වලින් යලි යලිත් කියවෙන්නේ එකම දෙයකි. හෙටත් රාජපක්ෂ දිනන බවයි. අද්‍යතන ශ්‍රී ලාංකිකයාට දේශපාලන විඥාණය කියා මගුලක් ගැන කතා කර පවා පලකට නැති බවයි.
    අප ගීතයක් රස විඳිමු. එහෙත් එය ධනවාදී භාවිතාවක යාන්ත්‍රණයේම කොටසක් බව පිළිගනිමු. ශ්‍රී ලංකාවෙන් තමන් විශ්වාස කරනා සංගීතය සහ මතවාදය වෙනුවෙන් මැරෙන්නට සූදානම් වික්ටර් හාරා කෙනෙක් බිහිනොවීම තිත්ත ඇත්තක් නමුත් එය පිළිගනිමු. එසේ නැතිව සුපරිශුද්ධ, වාණිජ අරමුණු වලින් විනිර්මුක්ත රොක් සංගීතයක් ගැන කතා කරන්නවුන් හුදු wannabe වර්ගයේම බව ඉහත පෝස්ටුව හරහා ෂෙයාර් වූ කමෙන්ට් වලින් යලි යලිත් පෙනී යයි. ඉහත කතාවේ හරය වනාහි චිත්‍රාල්ගේ සිංදු චාටර් යැයි කීම නොවේ. රොක් මීට් රෙගේ බලන්න යන්න එපා කීම නොවේ. මටනම් ඉන් කියැවෙන්නේ දේශපාලනිකව සවිඥාණික වෙයන් කීමයි. දීප්ති, මම වැරදි නම් නිවැරදි කරන්න. ස්තුතියි.

Comments are closed.